July 29, 2011

මට වෙච්ච දෙයක්

හැමෝම තමන්ට වෙච්ච පොඩි පොඩි සිද්දි ලියද්දි ඔන්න මම හිතුවා මට වෙච්ච කරදරයක් ගැන ඔය ගොල්ලන්ට කියන්න කියලා. කරදරයක් කියන්නේ මේක ඇදගෙන නෑමක්.දන්නවනේ ඉතින් පුංචි කාලේ පොඩි පොඩි දගවැඩ කරනවනේ. වැඩි ඇඩ් නැතුව මං කතාව කියන්නම්කෝ. 

කාලවකවානු නම් මයේ හිතේ හරියටම ඇදිලා නෑ.ඉතින් අපේ තාත්තගේ ගේ බාප්පාගේ ගෙදරට එහා කන්ද පාමුල.  එයාලගේ ගේ ඉස්සරහ  තිබුනා ලොකු අරබක්. (කැළෑවක් ඒකට එහෙම තමයි කිව්වේ)

ඉතින් මං එහේ ඉන්න වෙලාවක අපේ අයියයි තව අයියලා ටිකකුයි ඩොන්කා (අහලා තියෙනවනේ?) කඩනවා  ගේ ඉස්සරහ ගහක තියෙන. ගල් ගහලා තමයි කැඩුවේ. මාත් ඉතිං ඩොන්කා කන්න ඉටි පෙරේති.අනේ ඉතින් එහෙම කිව්වයි කියලා හිතන්න එපා මං හැම එකක්ටම හරි පෙරේතයි කියලා. අයියත් හිටී නිසා මමත් හෙමින් පාර පැනලා ටිකක් වෙලා බලා‍ගෙන හිටියා. මාර වැඩේ කියන්නේ කඩන අයට වඩා අහුලන්න හම්බවෙන්නේ මට.මයේ මොකද ඉතින් කිසි මහන්සියක් නොවී මෙහෙම කන්න හම්බ වෙන එකක්යෑ. 


මම ඉතිං ඔහෙම ඩොන්ක ගෙඩියක් කකා හිටියා. මෙන්න බොලේ චූටි අයියා කෑ ගැහුවා බට්ටි ඔන්න දුවපන් කියලා. ආයෙ ඉතින් මමත් දෙපාරක් හිතුවෙ නෑ දිව්වා. හරියටම අඩි දෙකක්වත් ඉස්සරහට යන්න උනේ නෑ මම බුදු අම්මේ කියලා ඔලුව අල්ල ගත්තා.අර බූරැවා දුවන්න කිව්ව නිසා මාත් දිව්වා.දුවලා ගිහින් හරියටම ගලටම ඔලුව අල්ලලා. 


අම්මෝ දැන් හිනාවෙවී කිව්වට එදානම් මං හොදටම ඇඩුවා. ඔළුව පැලිලා ලේ වැක්කෙරෙන්න ගත්තා. අයියලා ටිකත් හොදටම බයවෙලා. ගල ගහපු අයියා මං ශේප්කර ගන්න ඒ අස්සේ මට ඩොන්කා කන්න දෙන්න හදනවා. එයාට ඩොන්කා මට මේ තරැ පැනලා ඉන්න වෙලාවේ. 


අපේ අයියා ගිහින් තාත්තගේ බාප්පා එක්කරගෙන ආවා. එයා දකිනකොට තමයි මගේ ඔලුව පැලුන එකේ වේදනාව වැඩි වුනේ. මොකද මං ෂුවර් එකටම දන්නවා දැන් ඉතින් අසූහාර දාහක් අහගන්න වෙනවා කියලා. ඔළුව පැලිච්ච එක බලන ගමන් සීය බනිනවා.මං හෝ ගාලා අඩනවා. ලේ ගිහිල්ල කොන්ඩේ අකට ඇලිලා. මං ඒ දවස්වල රෝසිකට් කපලා හිටියේ. ලස්සන ස්ට්‍රේට් කොන්ඩයක් තිබුනේ. කාඩ්කටු පැකට් එකක්ම ගහනවා කොන්ඩෙට. කොන්ඩ් එකට ඇලිලනේ. ඉතින් සීයා කටු ගලවනවා ගලවනවා ඉවරයක් නෑ. එයාට තවත් තදවුනා මේ සිද්ධියට. උඹට තව කොන්ඩ කටු තිබුනේ නැද්ද මේකේ ගහගන්න කියලා එයා ඒකටත් මට බනිනවා.

කොහොම හරි ලග ඉන්න දොස්තර කෙනෙක් ලගට ගිහින් අන්තිමේදී මැහැම් 4ක් දාන්න වුනා. තවමත් ඔලුවේ ඒපාර තියෙනවා. 



ආයෙනම් ඉතින් ඩොන්කා කන්න යන්න හිතුවෙවත් නෑ. ඩොන්කා දකිද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.



July 22, 2011

ඔබ

නුඹ .........

මල් සුවද

සුවද කළ මගෙ ලොවම

නුඹ .......

හිරැ එළිය

එකළු කළ මගෙ ලොවම

සද එළිය

නුඹ ......

පහන් කළ මගෙ ලොවම

සරා සද

නුඹ .......

අදුරැ වළාවක සැගව ගිය

July 5, 2011

ආදරය ඔබට ආදරය කරනවා නම්
ඊට කිසිවෙකු ආදරය නොකල තරම් ආදරය කරන්න
ආදරය ඔබට ආදාරය නොකරනවා නම්
ඊට ආදරය කරන්න එපා .......................................
ආදරය මත්ද්‍රව්‍යකි ....................................
වරක් එය ගතහොත් අත්හැරිය නොහැකි වේ ................................
අත හැරිය හොත් ඔබ ගිලන් වෙයි ..........................
එයින් මිදුනොත් ඔබ විනාශ වෙයි ......................................