Loading...

September 26, 2011

පමා වුනා මා එන්නට පමා වුනා.......

22 අනිවාර්යයෙන්ම පොස්ට් එකක් දාන්න හිතා ගෙන හිටියත් නරක වෙලාව කියන්නේ එදා ඉදන් දවස් දෙක තුනක් යනකල් අපේ නෙට් වැඩ කලේ නෑ. ඒක නිසා හැමෝම මා ගැන අනුකම්පා කරලා සමාව දෙන්න. 

විසිදෙවෙනිදා කියන්නේ මගේ ජීවිතේ මං ලබපු පළවෙනි ජයග්‍රහණය උදා කර ගනිපු දවස කියලයි මං හිතන්නේ. මේ සතුට මට ලගා කර ගන්න බ්ලොග් ලෝකේ ඔයාලත් හුගක් උදව් වුනා.
අම්මගේ උපන්දිනේට මං ඒදා අම්මව පුදුම කරන්න හිත හිත හිටියේ. මේ දවස් වල හුගක් වැඩ නිසා ජොබ් එක කරන තැනින් දවසෙම නිවාඩු ගන්න ලැබුනේ නෑ.අම්මටත් ඉන්න ගෙදර නෝනා රට ගිහින් කොහේවත් යන්න එන්න වෙන්නේ නෑ කිව්වා. මට වැඩ කරන තැනින්2 න් පස්සේ යන්න කිව්වා.මම කොහොමත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නිසා ඒ වෙලාව වුනත‍් ඇති කියලා සතුටින් බාරගත්තා. 2ට යන්න ගත්තට පොත් ප්‍රදර්ශනේ ‍නිසා හොදටම පරක්කු වුනා. ඒ වෙද්දි මං කේක් එක අරගෙනත් නෑ. මොනවා කරන්නද කොච්චර පරක්කු වුනත් මං කොහොම හරි කේක් එක අරන්මයි යන්නේ කියල නම් හිතා ගෙන හිටියේ. කොහොම හරි කඩවල් හතර පහකට ගියාට පස්සේ යනතන් මගේ හිතට හරියන කේක් එකක් තිබුනා. කේක එක නම් හරි ඊට පස්සේ ඉටිපන්දම් දෙකක්.5 එකකුයි 0 එකකුයි. කඩවල් කීපයකට ගියාට පස්සේ සරසවි පොත්හලට ගිහින් ඉටිපන්දම් දෙක ගත්තා. 

ඒ වෙද්දිත් අම්මා කොල් කරනවා හෝගාලා. මොකද මෙච්චර වෙලා කරන්නේ කියලා. ගෙනිහිපු කේක් එකේ ඉටිපන්දම් දෙක ගහලා අම්මට හදන් ගිය කාඩ් එක දුන්නා. ගෙදර හිටියේ පොඩි දුවයි එයාගේ බබයි විතරයි. අපි ලස්සනට අම්මට සුභ පතද්දි අම්මා කේක් එක කැපුවා. ඒ ඇස් දෙකේ මං ඒ වෙලාවේ දැකපු සතුට මීට කලින් කවදාත් දැකලා නෑ. අම්මටත් සතුට වැඩි කමට කේක කවලා ඉවර වෙනකල් ඉටිපන්දම් නිවන්න අමකන වුනා. ඒ ගෙදර ඉන්න පුංචි පුතු පැටියා ඉටිපන්දම් දෙක නිවලා දැම්මා.අම්මා කොච්චර සතුටු වුනාද කියනව නම් හැමෝටම කෝල් කරලා කිව්වා මම කේක එකක් ගෙනාවා ජීවිතේ පලවෙනි වතාවට උපන්දිනේට කේක් එකක් කැපුව කියලා.  

මේ ලෝකේ මට වටින එකම දේ අම්මගේ සතුට.‍මං ජීවත් වෙන්නේ අම්මා නිසා.ඉදිරියටත් මගේ අම්මා හැමදාම සතුටින් තියන්න පුළුවන්නම් මට මේ ලෝකේ වෙන කිසිම දෙයක් ඕන නෑ. 

තා පොඩ්ඩෙන් අමතක වෙනවනේ මෙන්න අම්මා ඔයාලා හැමෝටම කේක දුන්නා .............




September 16, 2011

කෙසේ පිනවන්ද මා ඇගේ හදමඩල ......

අද 2011.09.16 හරියටම තව දවස් 6කින් මගේ ජීවිතේගේ උපන් දිනේ. මගේ ජීවිතේ කියන්නේ මගේ ආදරණිය අම්මා. අම්ම තමයි මගේ පන. සැප්තැම්බර් 22 මගේ අම්මගේ රිදී ජුබිලිය. ඒ කියන්නේ අවුරැදු 50ක් ලබනවා. 
හැම මනුස්සයෙක්ම තමන්ගේ සැදෑ සමයේ නිදහසේ ඉන්නයි ආස කරන්නේ. මගේ අම්මගේ හිතෙත් ඒවගේ හීන කොච්චරනම් හිර වෙලා ඇද්ද? ඒත් නිදහසේ ඉන්න අම්ම‍ට අදටත් වරම් නෑ. පුංචි කාලෙවත් සතුටක් නොලබපු මගේ අම්මා අදටත් දුක් විදිනවා. අම්මා පුංචි කාලෙදිම අම්මගේ තාත්තා ගහකින් වැටිලා මැරැනලූ. ඊට පස්සේ අත්තම්මා ළමයි නෑයෝ වෙන අයගේ ගෙවල් වල නතර කරලා තියෙන්නේ ආර්ථීක තත්වේ එක්ක රැක ගන්න අමාරැ බව දැනුන නිසාමයිලූ. අම්මා බාප්ප කෙනෙක්ගේ ගෙදර නතර කරලා තියෙන්නේ. කොච්චර නෑයො වුනත් එයාලා අම්මව   ඉස්කොලෙ යවලා නෑ. එහේ ළමයි 4 දෙනෙක්. අම්මා තමයි ඒහැමෝ‍ගෙම වැඩ කරලා තියෙන්නේ. පුංචි කාලේ ඉදලම නොසෑ හෙන්න දුක් විදලා. එහෙම ඉන්න කොට ‍තමයි තාත්තාව මුන ගැහිලා එයා එක්ක යාළුවෙලා තියෙන්නේ. ඉන්න ගෙදරින් සතුටක් නැති නිසාම එයා සතුට හොයාගෙන තාත්තා එක්ක හොරෙන්ම ඇවිත්. ඒත් අන්තිමේදි වුනේ කබලෙන් ලිපට වැටුන එක විතරයි. 
තාත්තා අදටත් හරි හැ‍ඩකාරයි. ඉතින් ඒ දවස් වලත් හොද හැන්ඩි පාට ඉදලා තියෙනවා. තාත්තා අක්කා හම්බ වෙනකල් හොදට හිටියලූ. ටිකෙන් ටික තාත්තා නාස්තිවෙලා. ‍හදිසියෙන් බිබී හිටපු එයා හැමදාම බොන්න පටන් ගෙන. අම්මාට උයන බත් ටික කන්න ලැබෙයිද නොලැබෙයිද කියන සැකෙන් හැම දාම ජීවත් වෙන්න වුනා. අක්කට පස්සේ අයියා අයියට පස්සේ මම. අපිත් ඒ ජීවිතේට ඉ‍බේම හුරැවුනා. තාත්තා රන්ඩු වෙද්දි  අම්මා මාත් උස්සගෙන ගේ පිටිපස්සේ කැලේට හරි ලග ගෙදරකට හරි යනවලු. හරියට ඇවිද ගන්නවත් බැරිවයසේ හිටිය මං අම්මා ගිහින් හැන්ගෙන ඕන තැනක කිසිම සද්දයක් නැතුව  පැය ගනන් ඉන්නවලු. 
ඔය විදිය‍‍ට අම්මගේ ජීවිතේ පුරාම දුක විතරමයි සටහන් වුනේ. 
අම්ම‍‍ට දැන් අවුරැදු 50 ක් වෙන්න යනවා. මගේ අම්මා අදටත් ගෙදරක වලං පිගන් හොදනවා. මට පුළුවන් අම්මට කන්න අදින්න දෙන්න. ඒත් ගෙදර ගිහින් කවදාවත් අම්මට සතියකට වඩා සතුටින් ‍ඉන්න ලැබෙන්නේ නැති නිසා ගෙදර යන්නේ නැත්තේ. ම‍ගේ අම්මා තරම් ඉවසන අම්මෙක් මේ ලොකෙ කෙහේවත් නැතුව ඇති. 
අම්මටත් දැන් සැරින් සැරේ ලෙඩ. ‍මට තමයි කොල් කරලා කියන්නේ. අම්මලගට වෙලා අම්ම‍ට සලකන්න බැරි එක මට මානසික වදයක් වෙලා. අම්මට සැපක් දෙන්න ලැබෙන්නේ කවදද කියලා මං හැමදාම හීන දකිනවා. 
අම්මගේ උපන් දිනේ දවසට මට එයාව ගොඩක් සතුටු කරන්න ඕන. අම්මා ඉන්න ගෙදරට මං එදාට යනවා. මම හිතුවේ අම්මගේ අතේ අදටත් මුද්දක් නෑ මම හිතුවේ මුද්දක් අරන් දෙන්න කියලා. ඒත් හරියටම ඇගිල්ලේ සයිස් එක දන්නේ නෑ. බලන් ඇවිත් ගත්තෙත් උපන්දිනේ දවසට දෙන්න වෙන්නේ නෑ. 
අනේ මංදා මට අම්මව සතුටින් තියන්නයි ඕන. මම එදාට මොනවද කරන්නේ ?

September 6, 2011

tks kate




September 5, 2011

මට වෙච්ච දෙයක්

මතක ඇතිනේ හැමෝටම මම ‍ඩොන්කා කන්න ගිහින් වුන අකර තැබ්බ ගැන ලිව්වා. ඇත්තම කියනව නම් මේ හැම සිද්ධියකදිම මම විහින් ඇද ගෙන නෑමම තමයි වුනේ.  මේකත් මම විහින් කර ගත්ත සැන්තෑසියක්. 



මගේ තුන්වෙනි හිනේ තමයි මගේම කියලා ස්කූටි පෙප් එකක් ගන්න එක.( ඔන්න ඉතින් දැන් කට්ටිය අහන්න එපා පලවෙනි දෙවෙනි සිහින මොනවද කියලා.) කොහේද ඉතින් තාම මට ඒක ඉෂ්ටකර ගන්න බැරිව ගියානේ. තාම ආසාව නම් අත ඇරලා නෑ.කොහොම හරි උත්සාහා කරනවා ඒ හීනේ ඉටු කර ගන්න. ඒ දවස්වල අපේ ගෙදරට මේ ජාතිය බයික් එකක් ඇවිත් නවත්තන්න දෙන්නේ නෑ පදිනවා. පුරැදු කරේ නම් හිච්චි අම්මලයි ගෙදර අයියයා. පදින්න පුළුවන් කිව්වට ඉතින් 8 ගහන්න වගේ වැඩ දාන්න බෑ. එදා හරිය‍ටම අවුරැද්දට කලින් දවසේ. ඒ කියන්නේ අප්‍රේල්  13  වෙනිදා  තාත්තගේ යාළුවෙක් ආවා මේ ජාතිය මෝටර් සයිකල් එකකින්. මමත් ඉතින් වට හතර පහක් පැදකුනු කරලා ඉල්ලන්දෝ නැද්දෝ කියලා හිත හිත ගෙට ගියා. මරැ වෙලාව කියන්නේ අම්මත් ඒ එක්කම එළවළු ටිකක් ගේන්න කඩේට යන්න කිව්වා. එළවළු ගන්න හරියටම මීටර් 400 ක් යන්න ඕන.  මම ඉතින් ‍යෝජනාව දැම්මා පයින්නම් යන්න බෑ බයික් එක දෙනවද යන්න කියලා. බයික් එක දෙන්නම් කිව්වා බේරේක් නෑ කිව්වා. මමත් පන්ඩිතයා වගේ අනේ ඒකට කමක්නෑ කියලා යතුර ඉල්ල ගත්තා. අම්මා නගිද්දිම යන්න එපා කිව්වා. අම්මා එපා කියන දේවල් මං කරන්නෙම නෑ ඒත් ඉතින් එදා නම් පයින් යන්න හිතුනෙම නෑ.  
බයික් එක ස්ටාර්ට් කරලා  එකපාරක් වැදලා මම හෙමිහිට හන්දියට ගියා. එළවළුත් ගත්තා. එන්න හරවලා නගින් නැතුව යතුර දාලා ස්ටාර්ට් කරා. නගින්න හදද්දිම පාරෙන් එහා පැත්තේ කඩේ
යාළුවෙක් හා බට්ටී කොහේද ගියේ කියලා මට කතා කරා. මාත් පාරෙන් මේ පැත්තේ ඉදන් කතා කරා. බයික් එකත් ස්ටාර්ට් එකේමයි තිබුනේ. කතා කර කර ඉදිද්දි මෙන්න බොලේ බයික් එක එක පාරටම යන් පටයන් ගත්තා. මොනවා කරන්නද අනුන්ගේ බයික් එක නිසා අත අරින්නත් බෑ. බයික් එක යනවා මාත් පස්සෙන් බයික් එකේ හැඩල් එක අල්ලන් දුවනවා. මම අල්ලන් ඉන්න විදියට තවත් රේස් වෙනවා. වෙලාවට ඉස්සරහින් තිබුන තණ කොළ පිට්ටනියේ මම බයික් එක අත ඇරියා. මුලින් මම වැටුනා මගේ ඇග උ‍ඩ බයික් එක වැටුනා.  වැටුනත් කමක් නෑ මේවගේ හන්දියක් මැද්දෑවේ වැටුනහම ඉතින් ..... 
බයික් එකට කිසිම හීරීමක්වත් නෑ. මගේ පැත්තක්ම හීරිලා. කකුලත් බිම තියන්න බැරි වුනා. අම්මා‍ට ආරංචිවෙලා ත්‍රීවිල් එකකින් ඇවිත් මාවඑක්ක ගියා ගෙදර. ඒ අවුරැද්දේ මම හිටියේ නොන්ඩි ගහගහ. 
අවුරැද්දට අපේ ගෙදර ආපු හිරැෂගෙන් තාත්තා ඇහුවා බට්ටි අක්කා කොහොමද හිරැෂ වැටුනේ කියලා. එයා රගපාන ගමන් කිව්වා බට්ටි අක්කා උඩීන් ගිහින් වැටුනා කියලා.



September 2, 2011

නිකමට හිතට ආ දෙයක්

හුගක් දවසකින් පෝස්ට් එකක් දාන්න හිතන් හිටියත් කොහේද ඉතින් රාජකාරි කටයුතු එක්ක ඒක කර ගන්න අමාරැ වුනා.එහෙම වැඩ තිබුනා කියලා අනිත් බ්ලොග් කියවන එක නම් අතපසු කලේ නෑ  හොදද.මගේ ජීවිත කතාවේ ඉතුරැ කොටස ලියන්න ඕන වුනත් මේ වගේ කාර්ය බහුල දවස්වල හරියට ලියා ගන්න බෑ. එහෙම ලිවුවොත් වෙන්නේ කියවන්න කවුරැත් නැති වෙන එක .මට හැමදාම ඕන වුනේ කලින් පොස්ට් එක‍ට වඩා ප්‍රතිචාර  එකක් හරි වැඩි පුර ඊලග පෝස්ට් එකට ලැබිලා තියෙනවා දකින්න. මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වුනදේ හෙමින් හෙමින් ඉටු වෙනවා කියලා. හැමදාම මම ගියේ හෙමින් ගමන්. කොච්චර තැන් වල වැරදුනත් වැරැද්දුවත් මම කවදාවත් මගේ ගම නතර කරලා නෑ. 
බ්ලොග් ලෝකේ හුගක් දක්ෂයෝ මගේ ලග තනියට, හයියට හැමදාම ඉන්නවා. ඒ අය නොහිටින්න මගේ පලවෙනු පොස්ට් එකෙන්ම මම නතර වෙන්න තිබුනා. මේ පුංචි කාලයේදී මම මගේ කියලා මේ බ්ලොග් ලෝකෙ හදාගෙන ඉන්න තැන ගැන මම හුගක් සතුටු වෙනවා. බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ මගේ හිතට දැනෙන සැහැල්ලුව සත්තකින්ම වෙන කිසිම දෙයකින් මම විදලා නෑ. 
මගේ බ්ලොග් අඩවියේ දී මාව නිතරම දිරිමත් කරන අයගේ කටහඩක් අහන්න. පොටෝ එකක් දකින්න ගොඩක් අසයි. ඒත්එහෙම බැදීමක් කොහොම ඇති කරගන්න ලැබේද කියන එක මට හරි ප්‍රශ්නයක්.
ආ තව දෙයක් තියෙනවා. මේක මගේ හිතේ තියෙන පුංචිම පුංචි දුකක්. එකට එක හේතුවක් තමයි දුකා අයියා. මගේ මුලින්ම පොස්ට් එකක් කියවල ගියාට පස්සේ දුකා අයියා මේ පැත්තේ ඇවිත් ගියා කියලා කිසිම ලකුණක් නෑ. අනිත් හේතුව තමයි මාරයියා මේ පැත්තට නො‍එන එක. මගේ දැනුමේ හැටියට එයා බ්ලොග් අඩවියේ පතාක යෝදයෙක්. සමාවෙන්න මම මෙහෙම ලිව්වට. මේක මගේ කාලයක් හිතේ තිබුණ දුකක් නිසාමයි ලිව්වේ. අයියලා දෙන්නම සමහර විට මේ පැත්තේ ඇවිත් යනවා ඇති ඒත් අනේ මංදා ? 
 දිගට කියවන්න දෙයක් මම  මේ කාර්ය බහුලත්වය අඩු වුන ගමන්ම ලියනවා. හැමදාම මගේ හයියට ඔය හැමෝම මගේ ලගින් ඉන්න.