Loading...

March 22, 2012

දරදඩු සිත



“තමුසෙගේ නම මොකද්ද ? ”
“ සිරිපාල රාළහාමි”
“ සිරිපාල රාළහාමි... මාර නමක්නේ අයිසේ ”
“ නෑ රාළහාමි මගේ නම සිරිපාල”
“ සිරිපාල හිගාකන්න පටන්ගෙන දැන් කොච්චර කල් ද?”
“අවුරුදු 12ක් වෙනවා රාළහාමි”
“ හ්ම්ම් ....සෑහෙන්න කාලයක්. අධි ආරක්ෂිත කලාපේ හිගා කන්න යන්න එපා කියලා අපි තමුසෙලට කොච්චර කියනවද? මොන හයියක් අරන්ද ඕයි ඒකෙම රිංගන්නේ”
කිව යුත්තක් නොමැති වූ නිසා මම ගොළු වුනි. එදින මා ඒ තුලට ඇතුල් වූයේ කැමැත්තකින් නොවේ.
“ කියනවා බලන්න තමුන්ගේ විස්තර ටිකක්”
“මම ඉපදුනේ හුගක් ඈත ගමක. කලවය ගියත් මම විවාහයක් කර ගන්න කැමති වුනේ නෑ රාළහාමි. ඒත් එන්න එන්නම වයසට යද්දී මට තේරුනා තනියම ජීවත් වෙන එක ලේස් නෑ කියලා. ඒ වෙද්දී මට අවුරුදු 55ක්. අක්කගේ දරුවන්ට කරදරයක් වෙන්න බැරි නිසා මම හිතුවා කොහේ හරියන්න. එහෙම ඔළුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන එළියට බැහැලා ආපු ගමන තමයි මේ රාළහාමි.”
“ එතකොට සිරිපාල එහෙම ආවේ තමුසෙට ඒ අය නොසලකන නිසාද?”
“අනේ නෑ. රාළහාමි උන් මට හුගක් ආදරෙයි. අක්කගේ හැම දරුවම ලොකු ලොකු තැන්වල ඉන්නවා.මම මෙහේ ඉන්නවා දැනගෙන උන් කීපපාරක්ම ආවා මාව එක්කරගෙන යන්න. ඊට පස්සේ තමයි රාළහාමි මම මේ රැවුලයි කොණ්ඩෙයි වවන්න පටන් ගත්තේ. උන්ට මාව අදුන ගන්න බැරි වෙන්න.”
“ අපිට දැන් තමුන්ව නිදහස් කරන්න අනිවාර්යයෙන්ම කෙනෙක් ඕන.”
කලයුතු කිසිවක් නොමැති තැන මම ඔහේ කල්පනා කලේ කාගේ මාර්ගයෙන් මෙතැනින් පිට වෙන්නද කියාය. තිබුනේ එකම පිහිටක් පමණි. ඒ මගේ අක්කගේ නිවසට මේ ගැන දැනුම් දීම පමණි.
“රාළහාමි අක්කගේ ගෙදර අංකේ නම් මගේ ලග තියෙනවා. උන්ට කිව්වොත් නෑවිත් ඉන්න එකක් නෑ. ලොකු මුණුබුරා මට හුගක් ආදරෙයි.”
“නම්බර් එක වැඩ කරයිද?”
“වැඩ කරනවා රාළහාමි. මම මේ ලගදීත් අර ගෙන උන්ගේ කටහඩ අහලා තිබ්බා.”
“ මොකද මනුස්සයො ඔය විදියට දුක් විදින්නේ. මැ‍රිච්ච දවසක බල්ලෙක් බළලෙක් වගේ රජයෙන් වළලාල දාවි. එහෙම නැතුව තමන්ගේ මිනිස්සුන්ගේ කරපිටින් ඒ ගමන යනවාකෝ.”
රාළහාමිගේ අත නිවසේ අංකය තැබුවේ මෙතැනින් පිටවීමට වෙනත් ක්‍රමයක් නොවුනු නිසා පමණි. දැන් නැවතත් ගමේ යෑමට මගේ හිත කොහොමටවත් හදා ගන්නට නම් නොහැකි බව මම සක්සුදක් සේ දැන සිටියෙමි. ගමේ බොහෝ දෙනෙක් මා මෙහි සිටින තත්වය දනී. මට ගමට ගොස් ඔවුන්ට මුහුණ දීමට ශක්තියක්ද නැත.
විස්තර දැන ගත් පසුව ලොකු මුණුබුරා මා කැටුව යෑමට පැමිණෙන බව රාළහාමි පැවසුවේ සිනාමුසු මුහුණෙනි. ඔහුට සිනාසී මාද සතුටු වන බව ඇගෙව්වද මාගේ අරමුණු වූයේ ලොකු මුණුබුරාගේ මාර්ගනේ මෙතැනින්න පිටවීම පමණි.
පොලිසියට පැමිණි ලොකු මුණුබුරු මා වැලද ගත්තේ ඉතාම ආද‍රයෙනි. සති ගානකින් නොසේදූ ඇදුම් ඇද ජරාජීර්ණය වී ඇති මා එතරම් කඩවසම් තරුණයෙකු වැලද ගැනීම අදහා ගත නොහැකි තරම් වුණි. ඒ මොහොතේ සිට දරදඩු මගේ සිත ගැහෙන්නට පටන් ගත්තේ මටවත් විශ්වාස කල නොහැකි තරමටමය.
පොලිසියේ  සියළු ලියකියවිලි වලට අත්සන් කල ලොකු මුණුබුරා  රාළහාමිට නොසෑහෙන්න ස්තූති කර මා සමග පිටත් වුයේ බාබර් සාප්පුවක් වෙතය. ඉතාම දිගට වැවුනු මාගේ කොණ්ඩය සහ රැවුල කැපීමට ඔහුට අවශ්‍ය වුනි. ඔහු පැමිණෙන විට අලුතින් ඇදුමක්ද රැගෙන විත් තිබුණි. නමුත් ඔහු සමග යාමට  අවශ්‍ය නොවූ නිසා බාබර් සාප්පුවට ඇතුල් වීමට පෙර ඔහු මග හැරීමට වැසිකිලියට යාමට අවශ්‍ය යැයි පවසා එතැනින් පිටවුනි. ‍
වැසිකිලියට යාමට අවශ්‍යතාවයක් නොවු නිසා මා ඒ අසල තිබූ කඩයක් පිටුපස බිම වාඩි වී පැය ගනනක් ගත කලෙමි. ඒ වනවිට මුණුබුරා ගොස් ඇතැයි සිතූ නිසා මා වාඩි වී සිටි තැනින් නැගිට එළියට ආවේ නැවත මගේ සුපුරුදු ජීවිතයට ඇතුල් වීම සදහාය.
නමුත් ඒ වන විටත් ලොකු මුණුබුරා එතැන තිබූ ගසක් යටට වී මා එනතුරු මග බලමින් සිටිනු දුටු මට පුදුම සිතුනි. මෙතරම් ආදරය කරන උන් සිටියදී අනුන්ගේ ඉදුල් කන්නේ ඇයිදැයි මගේ සිත මගෙන් ප්‍රශ්න කරන්නට වුනි. ඒ ආදරය හමුවේ තව දුරටත් මට දරදඩු විය නොහැකි වුනි. එබැවින් ලොකු මුණු බුරා සිටි දෙසට මම සෙමෙන් පියවර තැබුවෙමි.
“පුතේ අපි යමු අපේ ගමට.”

March 21, 2012

You can take the future


I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream

I have a dream, a fantasy
To help me through reality
And my destination makes it worth the while
Pushing through the darkness still another mile
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream

I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream
 
ප.ලි. කලින් දාපු පොස්ටුවට දාන්න හිටිය බට්ටිගේ ජීවිතේ බට්ටි මහ හුගක් ආදරය කරන සිංදුවක් තමයි මේක. පුංචි අතපසු වීමකින් කලින් පොස්ටුවට මේ සිංදුව දාන්න බැරිව ගියා. ඉතිං මට අද හිතුනා ඔයාලා එක්ක මේ සිංදු බෙදා ගන්න.
 

March 12, 2012

මම වැටෙන්නේ නෑ....

 දුක් විදි අතීතය 
මතින් දිරියෙන් ගොඩ නගන්නනෙමි 
වර්තමානය
ඒ මත ගොඩ නැගේ මගේ සුන්දර
අනාගතයම

එපා මට අත්වාරු 
හැකිය දෙපයින් නැගී සිටිනට
ලබමි හිස උසවා ගතහැකි වැටුපක්
ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ,
නොහැක කිසිවෙකුට එය වලකා ලන්නට,
තබමි පියවර නිති සිහිනය මල් පල ගන්වනට...!

ඕනෑම අයෙකුට කදුළු පිසලෑමට හෝ වැටෙන කදුළු පිසදමා ගැනීමට ලේන්සුවක් දිය හැක නමුත් මතක තබා ගන්න ඇසට ඇගිල්ලෙන් ඇන කදුළු හැලීමට නොහැකි බව. එය එසේ වුවහොත් ඒ ජීවිතයට ඒ පව මැරෙන්න මොහොතක් ති‍යාහෝ පලදෙන බව. 

March 8, 2012

සින්දරෙල්ලා සිහිනය


‘‘ඔයාට අද මහන්සි පාටයි”
“ඔව් චුට්ටක් විතර. ඒත් ඉතිං මේ පැටියා දැක්කහම ‍ඒ සේරම අමතක වෙනවනේ”
එහෙම හුරතල් වෙවී කියන ඔහුව පපුවට තුරුළු කර ගන්නට සිතුණත් මා ආයාසයෙන් එය මැඩ පවත්වා ගත්තේ දාඩිය දමාගෙන ආ විට මා එසේ කරනවාට ඔහු අකමැති බව දන්නා නිසාය.
‘‘ මොකද රත්තරන් මේ ඇගිල්ලට වෙලා තියෙන්නේ”
‘‘ මේ චුට්ටක් විතර ඉදි කටුවට තුවාල වුණා”
‘‘ මම ඔයාට කොච්චර කියනවද රත්තරන් අපිට සින්දරෙල්ලට ඕන හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් කියලා.”
‘‘හරි පැටියෝ මේ චුට්ටක් නේ තුවාල වෙලා තියෙන්නේ. අනේ අපේ පැටියා ආසවෙයිනේ අම්මි මහපු ඇදුම් ඇදලා ඉන්න”
‘‘පණ්ඩිත ආච්චි”
උදාර එහෙම කියලා මාව කේන්ති ගස්සන්නට කොණ්ඩයට දමා තිබූ බූලයද ගලවා ගෙන ඉහල මාලයට දිව්වේ
‘‘හූ හූ අල්ලයි මගේ නැට්ට” කියා කියමින්ය.
ඔහු පොඩි එකෙකු මෙන්ය. දවල් දවසේ තනිව නිවසට වී සිටින මා ඔහු නැතුව ගෙවන හැම තප්පරයක්ම ගෙවා දමන්නේ අමාරුවෙනි. හදපුරා රැකවරණය දෙන ආදරෙය දෙන ඔහු සමග සිටින විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැත. සැබැවින්ම විටෙක ඔහු මට පියෙකි.තවත් විටෙක සැමියෙකි. බොහෝ විට අම්මෙකුගේ තුරුලෙහි නැලවෙන දරුවෙකු වැනිය.
රෑ කෑමෙන් පසු දෙදෙනාම නින්දට ගියද, නින්ද මා අහලකටවත් ආවේ නැත. ශරීරය පුරා දැනුන වේදනාව උහුලාගෙන මා උදාර මුනින්තලා වී නිදා සිටින අයුරු බලා සිටියෙමි. සැප නින්දේ සිටින ඔහුව අවදි කරන්නට මට ලෝබ සිතුනි. දරා ගෙන සිටීමට කොතෙක් උත්සාහ ගත්තද කොදු නාරටිය දිගේ පහලට ඇදීගෙන ආ වේදනාවෙන් මට උහුලා ගැනීමට‍ නොහැකිවුනි.
‘‘ වස්තුවේ මට අමාරුයි”
හීන් හඩින් මා කෙදිරූ හඩට උදාර ගැස්සී අවදි වුනි.
‘‘ ඇයි මැණික ? මොකද මගේ මැණික ?”
“මට ටිකක් අමාරුයි”
“අපි යමු ඉක්මනට ඩොක්ටර් ලගට”
කලබලෙන් කාරය එළියට ගත් උදාර මාව වඩාගෙන ගොස් කාරයෙන් ඉන්දවා නළල සිප ගනිද්දී කොහේදෝ තිබුණු කදුළු ගොනියක් ඇස් මගේ දෙකෙන්  බිමට කඩාගෙන වැටුනි. 

“අනේ රත්තරන් මම මැරුනොත් ඔයා මගේ සින්දරෙල්ලව බලා ගන්නවා නේද?”
“නෑ මගේ රත්තරන් මගේ රත්තරන්ට මුකුත් වෙන්නෑ.”
වේදනාවෙන් මිරිකී සිටි මා සනසවමින් ඔහු එක අතකින් මගේ හිස අතගාන ගමන් වේගයෙන් කාරය ඉදිරියට ගෙන ගියා.
“ රත්තරන් නැගිටින්න දෙයියෝ. අපි හොස්පිටල් එක ලග ඉන්නේ”
උදාරගේ ඒ හඩ මට ඇසුනේ යාන්තමින්ය. ඇස ඇර බලන්නට උත්සාහ කලත් ඔහුගේ රූපය යාන්තමින් පෙනී බොදවී යනු මතකය.
නැවත සිහිය එන විට උදාර මා සිටි ඇදේ වාඩිවී මගේ එක අතක් ඔහුගේ පපුවට තුරුළුකර ගෙන ඉවත බලාගෙන සිටි‍යා. ඔහුගේ ඇස් දෙකෙන් රූරා වැටුනු කදුළු මගේ අත මතට වැටෙත්ම මට සියල්ල අවබෝධ වුණි. මා කිසිම දවසක උදාර හඩනවා දැක නැත. නමුත් අද ඔහු ඉවත බලා ගෙන කදුළු වගුරවද්දී මා ද ඇඩුවොත් එය ඔහුට දරාගැනීමට නොහැකි වනු ඇත.  හැම සැප සම්පතක්ම තිබෙන අපේ කැදැල්ලට කුළුදුලේ ගේන කිරිකැටියාට හුරතලේට “සින්දරෙල්ලා” යැයි කීමට ඔහු ආස කල තරම්. කෑ ගසා අඩන්නට සිතුණි. මැසූ රෝස පාට ඇදුම් සියල්ලම දැන් මා කාට නම් අන්දන්නද? මා අවදිව සිටිනු දුටු උදාර මා බදාගෙන අඩන්නට වුණි.
“ රත්තරන් , සින්දරෙල්ලා ගියා. අනේ අපේ සින්දරෙල්ලා සිහිනය ඉවරයි මැණික”
ප.ලි. කෙටි කතාවකි. බට්ටි හා හා පුරා කියා ලියූ පළමු කෙටි කතාව. අඩු පාඩු එමට ඇති. කියවල යද්දී ඒ ගැන කියලා යන්න අමතක කරන්න එපා. බට්ටිට ඒ වචන හුගක් වටිනවා.

March 5, 2012

දත කඩා ගත්තෙමි ...


පාසල් කාලය කියන්නේ කොයි තරම් සුන්දර කාලයක්ද? ඉතිං ඒ මතක අපි කොහොම අමතක කරන්නද? බට්ටි මේ කියන්න යන්නේ බට්ටි 5 වසරේ ඉන්න කාලේ බට්ටිට වෙච්ච දෙයක්. ඕං හිනාවෙනවා එහෙම නෙවෙයි හොදද?
අපේ ඉස්කෝලේ තිබුනේ ලස්සන කන්දක. ඉතිං හැම පන්තියකටම යන තැන්වල පඩිපෙල් තිබුණා. ඒ දවස්වල පොඩි විවේකයක් ලැබුණ ගමන් අපි කරන්නේ පඩිපෙල් පනින එක. පඩිපෙල් පනිනවා කියන එක හැමෝම දන්නවනේ? නොදන්න අයට දැන ගන්න එක්ක කියන්නම්කෝ. පඩිපෙල පහලම එක ළමයෙක් ඉදගෙන අංක කියනවා. අනිත් ළමයි ටික එයා කියන අංක පැනගෙන පැනගෙන ඇවිත් බිමපාගලා උඩට දුවන්න ඕන. පස්සෙම බිම පාගන කෙනාට තමයි ඊලගට අංක කියන්න වෙන්නේ.
අපි ඉතිං සුපුරුදු පරිදි බුදු මැදුරට යන පඩිපෙල පනින්න එදත් දුවල ගියා. එදා නම් පඩිපෙලේ පළලට වඩා ළමයි හිටියා. හැමෝම හිටියේ හිරවෙලා. කවුරුත් කැමති වුනේ නෑ අයින් වෙන්න. හැමෝටම ඕන වුනේ එකපාර සෙල්ලම් කරන්න. මගේ කරුමෙටද මන්දා මම හිටියේ පෙලියේ අයිනෙම.එකයි කිව්වා පැන්නා. එකපාරටම මෙන්න තුනයි කිව්වා. ඒකත් පැන්නා. පැන්නා ... පැන්නා තමයි කොහේටද දෙයියනේ පැන්නේ? මගේ එහා පැත්තේ හිටිය නදී ඇවිත් එක පාරටම ඇගේ හැප්පුනා. හිතා ගන්න පුළුවන්නේ හැමෝටම මහාමේරු පර්වතේ වගේ ඉන්න නදී ඇවිත් මේ බටු ඇටයක් තරම් බට්ටිගේ ඇගේ හැපුනහම කොහොම විසිවෙන්න ඇද්ද කියලා. (හැබැයි ඕං චිත්ත රූප මවා ගනිද්දී මාව පැරෂුට් එකක් ගානට පියාඹනවා එහෙම මවා ගන්නවා නෙවෙයි හොදද?) ඒ පර්වතේ ඇගේ වැදුනා විතරයි මම විසිවෙලා ගිහින් කන්දෙන් පහලට වැටුනා. අම්මෝ නැගිටින්න හිතන්නත් කලින් මෙන්න අර පර්වතේ වැටුනේ නැතියි ජබොග් ගාලා මගේ ඇග උඩට. දැන් ඉතිං බට්ටි ‍නැගිටින්න තියා හෙලවෙන්නවත් හිතන එක බොරු.
නදී එක පාරටම නැගිටලා ‘අයියෝ ලේ ලේ” කියලා දිව්වා. ‍වේදනාවක් ලොකුවට දැනුනේ නැතිවන නිසා එයා එහෙම ලේ ලේ ගාගෙන දුවද්දී මම හොදටම බයවෙලා නැගිටලා බැලුවා. එයා කෑ ගහගෙන ගිය තරම් ලේ තිබුනේ නෑ. මගේ තොල පොඩ්ඩක් කෙටිලා තිබුණා. ඉස්සරහ දත් දෙකෙන් එක දතක පොඩ්ඩක් කැඩිලා තිබුණා. ඒ සලකුණ නම් තාමත් තියෙනවා. මොකද ලේනා කිරි දත අරගෙන කැකුළු දත දීලා මාස කීයද වුනේ මේක වෙද්දී. වාසනාවකට වෙන මුකුත් වෙලා තිබුනේ නෑ. කට පුරාම වැලි නිසා ළමයි ටික එක්ක ගිහින් හෝද ගෙන මම පන්තියට ගියා.
මෙන්න යද්දී නදී හූ තිය තිය අඩනවා. එයාට හීරීමක්වත් නෑ. මම ලගට යද්දී තවත් හයියෙන් අඩන්න ගත්තා.
‘ මම ඔයාව තල්ලු කලේ නෑ. ඔයා තමයි මාවත් ඇදගෙන වැටුනේ. ** මාමට කියන්න එපා. අනේ මං එයාට හුගක් බයයි”
මාර වැඩේ මේ අපේ තාත්තගේ නම කිය කිය අඩන්නේ. මට තුවාල වුනාට ගෙදර ගිහින් කියයි කියලා බයේ.
‘‘ නෑ අනේ මම කියන්නෑ. ඔයා එක් හිතලා කලේ නෑනේ.” එහෙම කියලා මම එයාලග තියෙන මගේ පුටුවේ වාඩිවෙන්න හැදුවා. අහක බලන් වාඩිවෙන්න හද්දිම මෙයා පුටුව ඇදලා ගත්තා. අනේ බට්ටි පස්ස බිම ඇන ගෙන ආයෙම වැටුනා. දැන්නම් ඉතිං සාම ඉවරයි. ඇයි අනේ මේ මොන වරදක් කලාටද?
‘‘දෙනවා එදා මගෙන් කාපු පැණියි පානුයි”
මලා මෙව්වට තමයි කියනවා ඇත්තේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා. මමත් ඉතිං කට පියාගෙන හිටියේ නෑ ගත් කටටම මාත් කිව්වා
‘‘හරි එහෙනම් එදාම මගෙන් කෑව පරිප්පුයී පානුයී මටත් ආපහු ඕන”
‘‘ පරිප්පුයි පානුයි හැමෝම ගේනවනේ. පැණියි පානුයී ගේන්නේ මම විතරයි. ඇරත් ඔයා එදා මට දුන්නේ කලින් දවසේ රෑ හදපු පරිප්පු නේද?”
ඉදලා ඉවරයි මුන්දෑ පන්තිය මැද්දාවේ මගේ සායම යවනවා. දැන් ඉතිං මොක කරලා හරි මේ කට නම් වහන්න ඕන.මම ඉතිං දහ අතේ පොරෙන්නදු දුන්නා . මොන එයා නෙවෙයි අහන්නේ. එයාට ඒ කාපු ඒ පාන් කෑල්ල ඒ පැණි ටිකයි එක්කම ඉල්ලනවා. මේ ලෝකේ මනුස්සයෙක්ට තියා සක්කරයගේ පුතා වයිමටවත් කරන්න පුළුවන් වැඩක්ද අනේ ඒක?
හරි මෙහෙම වැදලා හරි යන්නෑ මම කිව්වා
‘‘හරි හරි  මම ඒකම මවල හරි ගේන්නම්කෝ. ඉන්න මම ගිහිපු ගමන් තාත්තට කියනවා ඔයා තමයි මගේ දත කැඩුවේ කියලා.”
ඒ ගමන නම් නදී බය වුනා.
“ ඕනේ නෑ ඔයා වාඩි වෙන්න. හැබැයි ආයෙ මම ඔයාට කවදාවත් පැණියි පානුයි දෙන්නෑ”
ඉතිං එදා ඒ සිද්ධිය එහෙම වුනා කියලා අපි තරහා වෙලා හිටියේ නෑ. පුරුදු විදියටම ඊට පස්සෙන්දම අපි යාළුවුනා. ඒත් ඉතිං සිද්ධියට අපිට තාමත් හිනා. එයාට අපි දැනටත් විහිළුවට පැණියි පානුයි කියනවා. ඉස්සර කාලේ කරපු මේ බොලද සිද්ධි මතක් වෙද්දී හොදටම හිනා. ඔන්න යාළුවෝ අනුන්ගේ කෑම කද්දී පරිස්සමින් හොදද?

March 1, 2012

උඹ දැන් යල් පැනලා


ඉස්සර උඹ නැතුව මිනිස්සු
සතුට රදව ගත්තේ නැති තරම්,
එත් දැන් උඹ මදී උන්ට,
හැරෙන හැරෙන පැත්තට
කොහොම ගන්නද උඹෙන්,
24න් 32න් සෑහෙන උන් නෑ දැන්,
ෆිල්ම් රෝල උඹ දැන් යල් පැනලා
දැන් ඉතිං MICRO SD
ඕන පැත්තකට ඕන තරමක්,
හිතේ හැටියට ගන්න පුළුවන් එයින්
හැබැයි ඉතිං ඒකටත්
උඹේ සෙතේම වෙයි කවදහරි,
තව එකෙක් ආදාට .....!

ප.ලි. අසනීපවෙලා ඊයේ බට්ටි විවේක සුවෙන් ගෙදර ඉදිද්දී උණ විකාරෙන් ලිව්ව නිසදැසක් වගේ එකක්. :D