Loading...

August 26, 2012

බට්ටිට නඩුවක්

නඩු අංක 33 උසාවියට කැදවන්න....


පැමිණිලිකරු -    සත්තලන්
විත්තිකරු -        බට්ටි


විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..


සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..


බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...


විනිසුරුතුමා -

ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...

බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....

සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....

බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....

සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
 
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
 
සත්තලන්  -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.

විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද? 
 
බට්ටි  -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
 
සත්තලන්  -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
 
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් ‍ නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
 
බට්ටි  -
නෑ ස්වාමීනි නම්බර්  එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
 
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
 
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
 
 සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...

බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...

මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........


විනිසුරුතුමා -

සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...

බට්ටි -
හුලේ හුලේ........

විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
 
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...

August 11, 2012

දිව්ව හොදම දිවිල්ල....

හුග දවසකට පස්සෙ හිතුනා පොස්ට් එකක් ලියන්න.හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත් වැඩ වැඩිකම නිසාම ටයිප් කර ගන්න බැරිවුනා.ෂොප් එකේ මැෂින් එකට යකෙක් ගහලද මන්දා අනේ බ්ලොග් යන්න, මේල් බලන්න, බුකියට ලොග් වෙන්න මුකුත් බෑ.යන්න පුළුවන් මැෂිමට කොච්චර සිංහල දාන්න හැදුවත් දාන්න බෑ.වැඩ කරලා මහන්සිවෙලා ඇවිත් පොස්ට් එකක් ටයිප් කරන එක ලේසි නෑ. භාගයක් ටයිප් කරද්දි බෙල්ල සාක්කුවේ. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ. ඉතිං මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවා.
ඔන්න අදත් බට්ටිට හිතුනා ඉස්කෝලෙ යද්දි බට්ටිට වෙච්චි දෙයක් කියන්න. මතක් කර කර හිනා වෙන්න පුළුවන් ලස්සනම කාලේ ඒකනේ.ජනවාරි මාසේ කියන්නේ ඉතිං ඉස්කෝලෙ යද්දි බට්ටි ආසම මාසයක්. ඒ ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තියෙන්නේ ජනවාරියේ නිසා තමයි. මේ වගේ ක්‍රීඩා තියෙන කාලෙක නොද්ද වැඩ කරන්න ගිහින් බට්ටි ඇගිල්ලක් කඩා ගනිපු හැටි හැමෝටම මතක ඇතිනේ....?මේ සිද්ධිය වෙද්දි බට්ටි 8 වසරේ. තරගවලට තෝරද්දි කැමති ළමයින්ට ගමහරහා දිවීමේ තරගයටත් නම් දෙන්න කිව්වා.  ආ එහෙම නම දෙන අයට ගෙදරින් අවසර අරන් එන්න කිව්වා. තාත්තාගෙන් ලියුමක් අරන් ඇවිත් බට්ටිත් ලිස්ට් එකට නම දාගත්තා. නිවාසාන්තර තරග වලින් මුලින්ම තියෙන්නේ මේ ගමහරහා දිවීමේ තරගය තමයි.
ඔන්න ඉතිං තරගය පවත්වන දවස උදාවුනා. ක්‍රීඩා කරද්දි අදින පුංචි සුදුපාට සායයි , නිවාසේ පාටින් ටී එකකුයි ඇදලා බට්ටි වගේම අකීකරු කොණ්ඩේ මූණට නොවැටෙන්න ටී එකේ පාටින් හෙයාර් බෑන්ඩ් එකකුත් දාලා හැඩ වෙලා තරගය පටන් ගන්න තැනට බට්ටිත් ගියා.ආ ග්ලූකෝස් එහෙම කාලා ශක්තිය අරගෙන තමයි ඉතිං බට්ටි ගියේ.එක නිවාසෙකින් 25ඒගානේ ළමයි 75ක් ගමහරහා දුවන්න ලෑස්තිවෙලායි හිටියේ.
අවුරුදු තුන හතරක් එක දිගට මේ තරගෙන් කප් එක ඉස්සුවේ එකම අක්කා කෙනෙක්. බට්ටිගේ වාසනාවට ඒ අක්කා බට්ටිට හුගාක් ආද‍රේයි.ඉතිං මේ අක්කා කලින්ම පොරොන්දු වුනා එයා එක්කම බට්ටිට දිනුම් කණුව ලගට එක්කර ගෙන එනවා කියලා.ඉතිං තරගේ පටන් ගන්න කලින් ඉදන් මම ඒ අක්කා ලගින් හෙලවුනේවත් නෑ. ඉස්කෝලෙ ඉදන් අල්ලපු ගමේ හන්දියට දුවලා ආයෙම ඉස්කොලෙට එන්නයි තිබුනේ.මේ පාරෙම තමයි බට්ටිගෙ ගෙදර තියෙන්නෙත්. ඒ අක්කා කිව්වේ මුලින්ම හෙමිල් ගිහින් පස්සෙ ලීඩ් කරමු කියලා.ඉතිං අක්කා යන විදියට බට්ටිත් අක්කා එක්කම ගියා.
ඔයා යන පාරේ තියෙනවා වෙලක් එක්ක ටිකක් විතර පාළු හරියක්. ඒ හරියෙ තියෙනවා පරණතාලෙ ගෙයක්. ඒ ගෙදරට ගමේ අය රහසින් කිව්වේ කොටි ගෙදර කියලා.ඉතිං ඔය ගෙදර ලගින් යද්දි පැන්නෙ නැතැයි එළියට මේ මේ කොටියෙක් නෙවෙයි අලිද? තඩි බල්ලෙ.බල්ලට බයවෙච්ච අක්කා පොරොන්දු අමතක කරලා පණ කඩන් දුවන්න පටන් ගත්තා. අයියෝ බට්ටිගේ දිනුම් කණුවේ හීනේ.දැන් ඉතිං භාගයක් දුර ඇවිත් නතර වෙන්න පුළුවනැයි.තනියෙම දිව්වා අක්කව අල්ල ගන්න.අක්කා පේනතෙක් මානෙකවත් නෑ.මම හන්දිය කිට්ටු කරන්න යද්දි මෙන්න බොලේ අක්කා ගිහිල්ලා ආයෙමත් එනවා.
වෙන ඕන දෙයක් කියලා බට්ටිත් දැන් තියෙන උපරිම වේගෙන දුවනවා.ආයෙම එද්දි වතුර තිබහයි ඉන්න බැරිවෙන්නම.ඉල්ල ගන්න ඒ විදියේ ෆිට් තැනකුත් නෑ.තිබහ උහුල ගන්නම බැරි තැනට ඇවිත්. දුවා ගන්න පණත් නෑ.ගෙදරින්ම වතුර බොනවා කියලා හිතන් එද්දි ගෙදරත් කවුරුත් නෑ.ගර්ර්ර්ර්ර්.....ගෙදර අයත් දුවන් ඇවිල්ලා පිට්ටනියේ මාව වැටුනොත් කියලා අල්ල ගන්න ඉස්කෝලෙට ගිහින්. පිට්ටනියේ වැටෙන්න යන්න ඉතිං මෙතන නොවැටි ඉන්න එපැයි.මේ තරගයක් හින්දා යසට තියෙන දිව ගිලෙනකල් බලන් ඉන්න පුළුවන්ද?දිනුවත් එකයි පැරදුනත් එකයි කියලා හිතලා  අපේ ගෙදරටම තිබුණ එකම ෆ්‍රිජ් එකෙන් වතුර අරන් බඩ පැලෙන්න බිව්වා. ආ කියන්න බැරි වුනානේ මේ ෆ්‍රිජ් එක ගැන ඒකෙ වතුර හරිම කූල්.ගමේ හැමේම ආසයි ඒකෙ වතුර බෙන්න. මැටි පොලොවෙ තියපු මැටි කලේක වතුර ඉතිං කොහොමත් කූල්නේ නේද?
එහෙම බඩපැලෙන්න වතුර බීලා ඇවිත් ඉස්කෝලෙ කිට්ටු වෙද්දි මෙන්න ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හරියට ජීවිතේට බට්ටි දැකලා නැති අයවගේ.මේ විදියට නම් මෙයාලා කෑගහන්නේ ෂුවර් එකට මම අන්තිමයා වෙන්න ඇති කියලමයි හිතුවේ. ඒත් පස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් එනවා පිටිපස්සෙන්.දැන්නම් ඉතිං හිතට සතුටුයි ඇයි ඉතිං අන්තිමයට කලින් කෙනා වුනත් ඇතිනේ.පුංචි ගැප් එකකින් පිටිපස්සෙන් ආපු කෙනාට කලින් බට්ටි තරගේ ඉවර කලා.හැමෝම ඇවිත් මාව වට කර ගත්තා.අන්තිමයට කලින් ඇවිත් මේ තරම් පිලි ගැනීමක්.නෑ නෑ බට්ටි තරගෙන් තුන් වෙනියා වෙලා.විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා කොහොම විශ්වාස කරන්නද සහතිකේ දෙනකල් මටවත් හරියට විශ්වාසයක් තිබුණේ නෑ.පස්සේ දුක හිතුනා වතුර බෙන්න ගිය එකට. මොකද එහෙම නොවුන නම් බට්ටි එදා තුන නෙවෙයි දෙකනේ.හැබැයි ඉතිං තාරපාරේ දුවලා කකුල්වල ගල්තැලැම්ඹු ආපු නිසා බට්ටි ආයෙම කිසිම දවසක ගමහරහා දිව්වේ නෑ.....


ප.ලි. ඊයේ පටන් ගත්තට නින්ද ගියා. උදේ තමයි ඉවර කලේ.ඔන්න මධු මාමේ පොරොන්දු කඩකලා කියලා බනිනවා එහෙම නෙවෙයි..