October 31, 2012

ප්‍රශ්නයක් නැත්නම් වැඩක් නෑ........


              ඉස්කෝලේ යන කාලේ නාපු නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ  පන්තියට කිව්වේ නාහේට අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා ඉක්මනට.


        ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලු‍වා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.

       ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.

   මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා. සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.

    එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ මුල අකුර අතේ කොටා ගෙන.

     හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට අරගෙන ‍එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව  වින්ද දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත් බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක් තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.

දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ  පැටව් කියලා. අනේ නෑ අපි හරීම අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ.... 

75 comments:

  1. හික්ස්ස්.. අපරාදේ නලලේ BM කියල ගහගන්න නේ තිබ්බේ

    ReplyDelete
    Replies
    1. සුදු අයියා ඉතිං ඔය ගුටි කන්න තමයි හදන්නේ මගෙන්...හරි හරි කෝම වුනත් අද එකනේ තෑගි දීලා පස්සේ ගහනවා....මේකට ගිය සල්ලි තව ආත්ම දෙකක් වැඩ කරලවත් ගෙවා ගන්න පුළුවන් වෙයිද දන්නෑ.

      [im]http://www.musicmastersdjs.net/resources/images/blacklimo.png[/im]

      Delete
    2. හුලේ .. එදා මෙදා තුල බොග් ඉතිහාෂයේ දැවැන්තම ත්‍යාගය මීගොඩයා විෂින් දිනාගන්නා ලදී.... හුලේ හුලේ...

      දැන් ඉතින් මේක නවත්තන්නෙ කොහෙද... සැහ් දෙන එකේ පොඩි එකක් දෙන්න එපැයි

      Delete
    3. හේ හේ නෝපාකින් හරිද?

      Delete
    4. බට්ටි මේකට පෙට්‍රල් වියදමත් දෙනවා නේද....

      Delete
    5. අපුයි දෙයියනේ එපාල තව එකක්..කොයි රටේද අනේ තෑග්ග එක්ක පෙට්‍රල් දෙන්නේ..ගිනි ගන්නවා කියලා දන්නැද්ද හිරූ...

      Delete
    6. හුටා පටෝල්.. අවුලක් නෑ හිරුවෝ ,, මෙහෙ පැට්ටල් ලාබයි වතුරවලටත් වඩා

      Delete
  2. ඔන්න ඔහොමලු බට්ටිය පච්ච බට්ටී උනේ :D

    ReplyDelete
    Replies
    1. නම අනුමත නොකර සභාව විසින් කපා හැරියලූ...:D

      Delete
    2. ඔය පච්ච එකේ මැද "ච්" හැලුවනම් ඇති හික් හික්

      Delete
    3. Thanks ගිම් අක්කා බට්ටියාට තව නමක් හොයල දුන්නට..:D

      Delete
    4. නෑ නෑ මේ නම සභාව විසින් අනුමත කලේ නෑලු.ඔයාලා එද්දි සභාතොමෝ සතුටින් විසිර ගිහින්ලු..

      Delete
  3. හිකිස්!!!! ඒක මාරු වැඩේ... (මාත් මේ ප්‍රශ්නයක් හදාගන්න ට්‍රයි එකක් දෙනගමන්
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්බෝ ප.ලි. හැලුනනේ...

      ප.ලි. අත්හැදා බැලීමට නොයන්න.වගකියනු නොලැබේ.....

      Delete
  4. බට්ටිත් ලේසි පාසු නෑ හැබෑටම. නළලේ පච්චෙ හිටිය නම් පස්ස පැත්තෙත් පච්චයක් කොටා ගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඒ පච්චේ ගහගත්ත නම් මගේ දවස් ගානක් තෙල් ගාන්න වෙනවා.ඒ සර් ඒතරම්ම කොච්චි මිරිස් එකක්....

      Delete
  5. අපෙත් තිබ්බද කොහෙද ඔය පච්ච සීන් එක... ඒත් මං නං ඕවට ට්‍රයි කළේම නෑ... නිකම් තුවාල කරගන්නේ මොකටද...

    මට මතකයි අපේ කෙල්ලෙක් කොල්ලගේ නම කට්ටකින් මැණික් කටුවේ කොටාගෙන ඊට උඩින් ඔරලෝසුව බැඳගෙන ඉස්කෝලේ ආවා... ඒක නෙවෙයි මරු වැඩේ.. පච්චේ ගහලා තුවාලේ හොඳ වෙන්නත් කලින් ලවු එක හබක් උනා.... හි හි...

    ඊට පස්සේ අරකි මාසයක් විතර දැඟළුවා පච්චේ මකා ගන්න.. බැරි තැන එතන හඳුන් කූරකින් පුච්චලා.... අන්තිමට ලොකු තුවාලයක් උනා...

    මම නං පච්ච ගහගන්න ට්‍රයි කරලා තියෙන්නේ අර චුයිංගම් පච්ච විතරයි...

    ReplyDelete
    Replies
    1. අම්බෝ අපේ ඉස්කොලෙත් අපි උසස් පෙළ කරද්දි නංගිලා දෙන්නෙක් ඔය විදියට පච්ච මකන්න ගිහින් අතේ ලොකු තුවාලයක් හදා ගෙන තිබුනා.අපුයි ඒක දැකල නම් මගේ ඇගත් එක්ක හිරිවැටිනු විසිපාරක් විතර අතුල්ලද්දි නළල දන එක උහුලන්න බැරි එකේ අම්බෝ ඒ වගේ දෙයක් නම් හිතන්නවත් බෑ...

      Delete
  6. අම්මප මෙහෙමත්..කෙල්ලො..!!!......:))))
    දැන්වත් ඉන්නවද බෝ පැලේ වගේ...!

    ReplyDelete
    Replies
    1. කවුද දැන් කිව්වේ කෙල්ලෝ විතරයි කියලා.අපේ පන්තියේ දෙවර්ගෙම හිටියා..කොල්ලොත් පච්ච ගැහුවා අනේ..
      අනේ අපි ඒ දවස් වලත් දැන් වගේම අහිංසකයි අනේ...

      Delete
  7. බට්ට් ඉස්කෝලෙ යන කලේ හෙන චන්ඩියෙක් කියලයි හිතෙන්නේ....
    ඉතින් ආසම නං දැං පච්චයක් ගහගන්නත් ඇහැකිනේ.....
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මම නම් ආසනෑ...ඒ කාලේ ඉතිං පිස්සුනේ භාගෙට..චන්ඩියෙක්ම නෙවෙයි සුට්ටක් විතර චන්ඩියෙක් වෙන්න හදපු කෙනෙක්ලු....

      Delete
  8. බටු ඒ දවස්වල මම හිටියනම්.....කොම හරි ඔයාට ප්‍රශ්නයක් හදල දෙනවා යේ කවදාවත්ම මැකෙන්නේ නැති විදියට මොකද ඔබේ සැප මගේ සතුට නිසා.................

    ReplyDelete
    Replies
    1. අනේ අක්කිලා ඒමත් නංගිලාට ප්‍රශ්න හදලා දෙනවද මං අහන්නේ?නාකයිනේ අනේ ඔයා.....

      Delete
  9. පච්ච බට්ටි ! වස බට්ටි ! ලණු බට්ටි !
    හික්ස් :)
    කාඩ් ගොඩයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම නෝටි වුනත් නයිස් බට්ටි...ඔය නම් ඔයා දාගන්න...

      Delete
  10. :D අපරාදෙ කොච්චර ඇඬුවත් හොඳවයි පාරක් දෙන්න තිබ්බෙ බට්ටිටත්!
    මොකද බට්ටි තමාලු පංතියම නරක් කලේ!:p

    ReplyDelete
    Replies
    1. ආනේ කවුද කිව්වේ...අපේ විද්‍යාව මිස්වත් හම්බවුනාද ඔයාට...

      Delete
  11. මමත් ඔහොම ප්‍රශ්නයක් හදාගත්ත නලල මැද්දෙ... කරල ඉවර වුනාට පස්සෙනෙ වැඩේ තරම තේරුනේ... :)

    ReplyDelete
    Replies
    1. බලනවකෝ අයියේ මට එච්චර ට්‍රයි කරලත් බැරුව ගියානේ ඔය ප්‍රශ්නේ හදා ගන්න..

      Delete
  12. අප්පේ....බට්ටිටත් තිබ්බ ප්‍රශ්න..... අර කට නිසා මොකෙක්ද එකෙක් නහී කිව්වනේ.... ඒ වගේ තමා බට්ටිත්....හික්ස්....කොහොම වුනත් මරු කතාව.... :)

    ReplyDelete
    Replies
    1. හේ හේ ඉතිං කොහොම හරි අඩලා දිනුවනේ....ස්තූතියි යාළු....

      Delete
  13. එතකොට මේ කස්ටිය පච්ච සිරාගේ නෑදෑයෝ ද????

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නම් නෑ..මම පච්ච ගැහුවෙත් නෑ දැක්කෙත් නෑ...

      Delete
  14. හි හි :) :)

    ReplyDelete
  15. ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නැති එකත් වෙලාවක ප්‍රශ්නයක් අනේ..

      Delete
  16. Replies
    1. මොකෝ අනේ අයියෝ කියන්නේ.

      Delete
    2. අපි දැක්ක බට්ටිගේ 64 න් එකක්.හිකිස්

      Delete
    3. අම්බෝ එහෙනම් හොදනි ඉතුරු 64 ඔයා දැකලා නෑ..හොද වෙලාවට.

      Delete
  17. අදමද කොහෙද ඔහොම එකක් ඇහුවේ...පච්ච බට්ටී...ඒ නමත් නරකම නෑ. :)

    ReplyDelete
    Replies
    1. අනේ ප්ලීස් පොඩ්ඩි අක්කි ගිම් අක්කා දාපු නම නම් සභා සම්මත කරන්න එපා..

      Delete
  18. හපුයි..ඔය වගේ වැඩ අපේ ඉස්කෝලෙත් තිබුන..!මම නම් ඔව්ව කොරේ නැහැ ඕන්... පච්ච බට්ටියා..

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතිං කීකරු නංගිලා ඔහොමද අක්කලාට කතා කරන්නේ ආ....

      Delete
  19. අපේ කැලෑසියෙත් හිටියා ලස්සනට ඔය පච්චෙ ගහපු එකෙක්.....ඌ ට කිව්වෙ මෝඩයා කියල... දන්නවනේ...
    බට්ටිත් මරු ඈ
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. එපාර තම නමක්...හැබැයි මෝඩයා ගැලපෙන්නේ නම් නිපුන වගේ කෙනෙක්ටලු...

      Delete
  20. යක්ස කෙල්ලෝ ටිකක් :D

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙ විතරක් නෙවෙයි හරිද ? කොල්ලොත් ඒමයි...

      Delete
  21. ඇත්තටම එහෙම පච්චේ හිටිනවද? මටත් කරලා බලන්න හිතෙනවා...හිහි

    අනේ ඉතින් ඕකට දවස් 14 ක් තහනම් කොරන්න ඕනය

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කේ අපි නම් වග කියන්නෑ මොනවා හරි වුනොත් එහෙම.

      Delete
  22. මදැයි ඔයින් ගියා :)

    ReplyDelete
  23. ඔලුව හප්පගත්තානං හරි.. හොද ප්‍රශ්නයක් හදාගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම කරලා තියෙනවද ආගන්තුක..?

      Delete
  24. බට්ටි හරිම කට්ටයි, ප්‍රින්සිපල් ගහන්න කලින් අඬලා කැගහලා බේරුනා, අපි එක්කත් යූස් කරනවා නෙ ඔය දක්ෂ උපාය. එ උනාට බට්ටියො මට කිව්වා නම් ඔයාගෙ ඇඟ පුරාම
    "මැටි බට්ටි... මැටි බට්ටි..." කියලා පච්ච ගහනවා මං :D :D

    බට්ටිගෙ මතක සටහන් ලස්සනට කියනවා නෙ බට්ටි ඔයා.
    short & sweet post!

    ReplyDelete
    Replies
    1. ඉස්සර අඩලා දිනුවට අපි ඉතිං දැන් එහෙම නෑ නෑ නෑමයිලු...:D :D
      ස්තූතියි අක්කෝ පුංචි කාලේ තියෙන සුන්දර මතක ඒ කාලේ පීරලා අරන් එන්න මට පුරුදුකලේ අතීතයෙන් ඇහැලු මතක ලිව්ව දිල් අක්කා.ඉතිං එකින් එක දැන් ඒ සුන්දර දේවල් පීරලා හොයන් එන්න මට පුළුවන්...

      Delete
  25. වැඩි වෙනසක් නැහැ..මගේ class එකත් ඔය වගේ බට්ටි

    ReplyDelete
  26. හෆ්ෆේ මෙයත් කරලා තින වැඩ.. :)

    ReplyDelete
    Replies
    1. ආ ඔයා තරම් මම නරක නෑ හරිද?

      Delete
  27. මම ඔය නළලේ පච්චේ ගැහුවේ ස්කොලේ තුන වසරේදී, නිමාඩු කාලෙකදී තමයි කලේ. අපේ පන්තියේ හැම එකාගෙම තිබ්බා. ස්කොලෙන් නම් අවුලක් නෑ එකට හැබැයි මෝහනය කරන්න ගිහින් හය වසරේදී කැවා ගුටියක් ගිය ආත්මේ මතක් වෙන්නම.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි අනේ මෝහනය වෙලා බලන්න ගිය ආත්මේ..බැරිවේද අර ගුටියෙන් එකක් මටත් දෙන්න.

      Delete
  28. ප්‍රශ්නයක් හදා ගන්නත් මාර ආසවක්නෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ නේ.... හි හි
    ඇත්තටම පාසල් කාලෙ කියන්නෙ සුන්දර අත්දැකීමක්
    .....
    එහෙනමි වෙලාවක් තිබුණොත් අපේ පැත්තටත් ගොඩවෙන්නකෝ!...
    http://snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පාසල් කාලෙ තමයි මම හිතන්නේ හැමෝටම බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් මතක ඉතුරු වෙන කාලේ.

      Delete
  29. ඒ පාර බට්ටිත් ඇල්වතුර නිවල බොන්න පුරුදු උනාද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කෝරාල මහත්තයා මම ඇල්වතුර කූල් කරලා බොන්නේ...

      Delete
  30. මේ ලමයි කරල තියන වැඩේ බෝම නරකයි.

    දඩුවම සැර මදි

    ReplyDelete
    Replies
    1. ආනේ එතකොට මේ ළමයා ෂෝයි බබෙක්ද?

      Delete
  31. පව් ඉතින් බට්ටි අක්කා මට දුකත් හිතෙනවා.ඉස්කෝලෙ යන කාලෙ අම්බානක කෑමක්නෙ කාලා තියෙන්නෙ.අපි වගේම තමයි.අපි තාම ඔය කටු කනවා.නොකළ වැරදිවලට ඉතා අසාධාරණ ආකාරයෙන් ගුටි කනවා.බැනුම් අහනවා.නින්දා අපහාසවලට ලක් වෙනවා.චාටර් වෙනවා.බයිට් වෙනවා.මේවා කියවන කොට තව ඉස්සරහටත් මෙහෙම කටු කන්න වෙනවා නේද කියලා මතක් වෙනවා.ඒ වගේම මේ සමග බට්ටි අක්කා ගුටි ‍නොකාපු එක ගැන මගේ බලවත් සංවේගය සහ ඊර්ෂ්‍යාවත් ප්‍රකාශ කොට සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය ඉතිං ඔහොම ඊරිසියා කරනවද මං අහන්නේ..ඔයත් මහ වැස්සක් වගේ අඩන්නකෝ...

      Delete
  32. ඉස්කෝල කාලෙ කරපු ගොං වැඩ!

    ReplyDelete
    Replies
    1. ඒත් කසුන් අයියේ එහෙම එවා කරලා තිබුණ එක ගැන සමහර වෙලාවට සතුටු හිතෙනවා දැන් මතක් වෙද්දි.

      Delete