Loading...

December 20, 2012

එහෙම සදක් මක්කටද ?


සිත්තරුන් සිත්තම් කරයි මේ රෑ අහස....
කළුවරට හුරු කළ තද නිල්පාට....
ඒ පින්සල් තුඩින් ලා නිල් පාට...
බින්දු තියයි ඒ තරු කැට වල පාට...


අහස පුරා විසිරුණු තරු කැට අතර...
බලා හිදිනා විට හිත නිවෙනා විටෙක...
නිවෙනා හිත යටින් ඇති ගැඹුරක අරුත...
ලියවෙලා නොවෙද අපේ ජීවිත තරු කැට අතර...


පෙම් කවි සහ තව ලස්සන වර්ණනාවන් මෙලෙස...
එක්කර ඇතත් නොදැනෙන ලෙස තරු කැට වලට...
ඒ සියළුම දේවල් නම් දැන් මට මතක නැත...
තරු නැති අහසේ පායන සද මක්කටද...


.ලි. ඔන්න එක වෙන කෙනාට අනිවාර්යයෙන්ම තෑගිත් අරන් බට්ටි එනවා හෙට..කවුරුත් සතුටින් ොයිය ගන්න.සුභ රාත්‍රියක් ේවා...

November 11, 2012

තරුපිරි අහස

බට්ටි බ්ලොග් එක ලියන්න පටන් ගත්ත දා ඉදලම ලිව්වේ කදුළු කතා.කියවන්න ආපු අයට හැමදාම වගේ යන්න වුනේ හිත රිදවගෙන.සමහරු ඒ දවස්වලම කිවුවා.අදත් හිතරිදෙන පෝස්ටුවක් කියලා. දුක අහිමිවීම විතරමයි බට්ටි ලිවුවේ. එතනින් එහාට ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. ජීවිතේ පුරාම රැදිල තිබුණ දුක ඇස්වල කදුළු පුරවගෙන බ්ලොග් පෝස්ට් කලා. 

ඒත් එක දවසක දිල් අක්කා,මගේ බ්ලොග් ලෝකේ ඉන්න සදාකාලික රැජිණ කිව්වා බට්ටියේ වෙනස් දේවල් ලියන්න කියලා.කදුළු කතා විතරක්ම ලියන්න එපා කෙල්ලේ වෙනස් දේවල් ලියන්න උත්සාහ කරන්න කියලා.ඉතිං බට්ටි හිතුවා හුගක්.අක්කා කිව්ව විදියට පුංචි කාලේ පීරලා සතුටු හිතෙන තැන් බැලුවා.ඉතිං එහෙම අවස්ථාවක් හොයන් ඇවිත් අකුරු කරන්න බට්ටි දක්ෂ නා.ඒ අත්දැකීම අකුරු කලේ සැදෑ අහස සුන්දරද කෙතරම් කියලා.අක්කගෙන් ලකුණු 100%ක් ලැබෙද්දි බට්ටිගේ බ්ලොග් ලෝකේ ඉන්න පතාක යෝයෙක් වන මාර අයියා කිව්වේ ‘‘දිල් කිව්වා වගේ මේ ලියමනනං උපරිමයට ඇවිත් තියෙනවා.. නිදහසේ මහප්‍රාණ නැතිව ඔහේ ලියන ස්ටයිල් එක..මං කවදත් ආසම රටාව..‘‘ කියලා.දෙන්නගේ සහ ඒ කාලේ මං ටා හිටිය අනිත් යාළුවන්ගේ දිරිමත් කිරීම් වලින් හිතට ලොකු ශක්තියක් ලැබුණා.ඉතිං එදා ඉදලා කදූළු පිටුවට ටිකෙන් ටික විරාම වැටුනා. ලගදී අක්ක කෙනෙක් මගේ බ්ලොග් එක කියවලා කියනවා 'බට්ටි ඔයාගේ බ්ලොග් එක කියෙව්වොත් මම තවත් මහත්වෙයි හිනාවෙලාම' කියලා.ඉතිං බට්ටිට හුගක් සතුටුයි.වෙනස් දෙයක් කරන්න පුළුවන් වුන එක ගැන.

ඉතිං හදිසියේම මේක මතක් වුනේ මේ නිසා.එදා මම රාත්‍රි අහසත් ලියන්න තීරණය කලා.ඒත් අද වෙනකල් ඒක ලියා ගන්න බැරි වුනා.ඉතිං හිතුවා අද ඒකට හොදම දවස කියලා. හැබැයි වෙනස් විදියකට.අකුරු වෙනුවට පින්තූරයෙන් බට්ටි දැකපු තරුපිරි අහසේ සුන්දරත්වය කියවන්න මගේ යාළුවනේ.......

October 31, 2012

ප්‍රශ්නයක් නැත්නම් වැඩක් නෑ........


              ඉස්කෝලේ යන කාලේ නාපු නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ  පන්තියට කිව්වේ නාහේට අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා ඉක්මනට.


        ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලු‍වා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.

       ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.

   මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා. සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.

    එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ මුල අකුර අතේ කොටා ගෙන.

     හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට අරගෙන ‍එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව  වින්ද දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත් බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක් තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.

දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ  පැටව් කියලා. අනේ නෑ අපි හරීම අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ.... 

October 5, 2012

ඉල්ලන් කනවා වගේද ඉල්ලගෙන නෑම


ඊයෙ කියන්නේ ඉතිං මාරම දවසක් තමයි. හැබෑටම ඒම නෑමක් නම් බට්ටිගේ ජීවිතේ‍ට නාලා නෑ. කවුද අප්පා හිතුවේ ඉරිදට නාගන්න හිටිය නෑම ඊයෙම නාගන්න වෙයි කියලා.
හරි ඉතිං දැන් ඔයාලා බලනවා ඇති බට්ටි මේ මොන නෑමක් ගැන කියනවද කියලා.මෙන්න මේකයි වුනේ. අපේ ගිම් අක්කයි ප්‍රියන්ත අයියයි දෙන්නා කරන නිශාන්තය තියෙනවානේ. ඔන්න ඉතිං එන ඉරිදාට ඕනි සිංදුව බට්ටි ඊයෙම ඉල්ලුවා. අම්බෝ ඒ පෝරමේ පුරවද්දි සිංදුව කියන කෙනාගෙ නමට ''බට්ටි '' කියලා දාලා ඉල්ලන කෙනාගෙ නමට ''කවීෂ කවිරාජ් "කියලා දාලා තියෙන්නේ.(සිතමින්..කවීෂ නම් අම්බෝ බ්ලොග් කියවන කෙනෙක් නම් වෙන්න එපා.ඒ ගමන නෑවා මදිවට නඩුත් කියන්නයි වෙන්නේ)  අනේ ඉතිං මං බට්ටි මේම ලියපු එක හිතක් පපුවක් නැතුවම ගිම් අක්කා අත ඇරියේ නැතැයි සෙනග මැද්දෙම. අනේ ඒමත් කරනවද මං අහන්නේ නංගි‍ලාට. ඒ මදිවට ප්‍රියන්ත අයියත් ඇවිත් ස්ක්‍රින් ෂොට් දාන්නත් හදනවා. අපුයි දෙයියනේ මටමයි වෙන්නේ. දැන් ඉතිං අනිවාර්යයෙන් ඉරිදට ගෘප් චැට් එකේදී නාන්න වෙන නෑම ගැන හිතලා කට තියන් ඉන්න බැරුව මූණුපොතේ වෝල් එකේ දැම්මා මෙන්න මෙහෙම..

ඇද ගෙන නෑව මුත් ඉද හිට හෝ දිනක 

මෙහෙමත් අනේ නාගන්නට බැරිය මට 

ඉරිදට වෙන්නෙ හොද නෑමක් නා ගන්න 

ප්‍රියා අයියා හා ගිම් අක්කා එනවා මා නාවන්න.....

මේක දාලා හැරෙන්නත් වුනේ නෑ.ඔන්න බාල්දිත් උස්සගෙන මයෙ අක්කලා දෙන්න ආවනේ මාව නාවන්න. ඔන්න එහෙනම් මෙතැන් සිට රසී අක්කා බට්ටි නාවපු හැටි ඔයාලට ඒ විදියටම බලා ගන්න පුළුවන්ලූ.හේ හේ කවුරුත් හිනා වෙනවා එහෙම නෙවෙයි.


රසී පෙරේරා   - 

බැට්ටියෝ......

නෑවා නොනෑවා දෝ බට්ටිව බෑ හදුනන්න

බට්ටි ආවොතින් ගද නම් බෑ ඉවස්සන්න 

බට්ටිව නාවලා අජරාමර පින අත්කර ගන්න

ප්‍රියා සමග ගිම්හට ලොකූ සමග රසීත් ඉන්නවා ඔන්න ...


බට්ටි කෙල්ල  -

අක්කා කියන්නේ ඇයිදෝ මුසාවා

අම්මා තිව් නමෙත් සුවදක් වැහෙනවා

ඔය විදියට කිව්වොත් අනේ මුසාවා

බට්ටි ඇවිත් මගේ අක්කා නාවනවා


රසී පෙරේරා   - 

සුගන්දි කියල නම් තිබ්බේ අම්මා 

ඉපදුන දවසේ ඉදලා ගද නෑ නිම්මා 

එකයි බට්ටියේ ඒ නම තිබ්බේ අම්මා 

බට්ටිව නාවලා කරගමි අපි පින් මා ............


බට්ටි කෙල්ල  -

මෙමට ගැලපෙන නමයි මයෙ අම්මා තිබ්බේ

එබැවින් සූ කැපුවත් නැත මා කණකට ගන්නේ

මේ හතර දෙනා ආවොත් මා නාවන්න

අම්මප ඔබනවා මම නම් ‍ළිදේ සැම .......


රසී පෙරේරා   - 

ඒකම තමයි අපි සැම පුන පුන කිවේ

අම්මා තමයි අපි හට ඒ බව කිවේ

ගදම තමයි නුඹ ඉපදුන දා සිට ආවේ 

නාන අපිව නාවන්නට ඇයි ආවේ ......


සැමදා නාන අපි නාවා බට්ටියේ කිමද පලේ

නොනා ඉන්න නුඹ නෑවොත් තමයි පලේ

අක්කලා සමග වාදේටගොස් වැටෙයි වලේ

බට්ටිගේ ලිදේ වතුරත් නෑ නොවේද බොලේ ...........


බට්ටි කෙල්ල  -

අක්කා එක්ක නැත මා වාදෙට එන්නේ

එනමුත් නොමැත පසු බහින්න හිත් දෙන්නේ

‍කොහොම වුනත් මට හෙමිහිට වැටහෙන්නේ

ඉරිදට කලින් නාගන්නටයි මට වෙන්නේ


රසී පෙරේරා   - 

ෂැම්පු සමග උණු වතුරත් අපි පදමට අර ගත්තේ

බට්ටි ඇවිත් හොද හැටියට ගද යන්නට නා ගත්තේ

ඉරිදට නාවන්න දැන් නම් නෑ අපේ සිත ගත්තේ 

නංගියේ බට්ටි සැමදා යන්න නුඹමින්පසු ළිද පැත්තේ.............


ආ මේ අතරේ අපේ ලොකුත් (සුනේත්‍රා ලියනගේ) මැද්දට පැන පැන රසී අක්කට වතුර ඇදලා දුන්නලූ..... හිකිස්....


බට්ටි කෙල්ල  -

ලොතු උයා අනේ පැත්තට වී ඉන්න 

වතුර බාල්දිත් දැන් මෙහි විසිවෙනවා

අක්කියෝ හොදින් මෙය නම් දැන් අහගන්න

කණේ කැක්කුමත් වැඩි වුනි මගේ ඔන්න


රසී අක්කේ ඇයි මේලෙස කරන්නේ

හීල්පොල් කටුවකින් නොවෙදෝ නාවන්නේ

හෝස් එකක් ඇයි නුඹ අරගෙන ආවේ

තියෙන කෙස් ටිකත් දැන්මගේ ගැල වෙන්නේ


රසී පෙරේරා   - 

බට්ටි මගේ චුටි කොටු කුමාරි 

හිල්පොල්කටු මොකටද නුබ වැහැරී

හෝස් එකින් නෑවොත් නුඹ හිල් වේවි

එකයි ලණුවේ බැදලා ඔබ ඔබ ගත්තේ..........


බට්ටි කෙල්ල -

නෑවත් අනේ ලොකු සතුටකි මටඇත්තේ

මයෙ අක්කලා නොවැ මා නාවා ගත්තේ

දැන්නම් අනේ මට යන්නට සිදු වන්නේ

ගෙදර ගිහින් යළි නාන්න මම එන්නේ


ඔන්න ඔහොමලු බට්ටි නෑවේ.අනේ ඉතිං බට්ටි නම් කවි ලියන්න දන්නෙ නෑ. ඒත් මයෙ රසී අක්කා නම් කවි ලියන්න හුගාක් දක්ෂයී. ඉතිං අක්කගෙ කවි බලා ගන්න ආසාවට මම දන්න විදියට පදයක් දෙකක් ලිව්වා. ඉතිං රසී අක්කා මං වෙනුවෙන් මහන්සිවෙලා කවි 
ලිව්වට බට්ටිට අක්කට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි මේ 
පොස්ට් එක. 

ඔන්න ඉතිං දැන් කවිකාරයෝ ටික බාල්දි එහෙම උස්ස ගෙන එනවා එහෙම නෙවෙයි මාව නාවන්න. එහෙම ‍කලොත් ඉතිං බට්ටිට නිව්මෝනියාව හැදිලා තමයි නතර වෙන්නේ...  :D 

September 22, 2012

“මගේ හද‍වතේ දෙවියන් නුඹ වෙයි මතු ගමනේ...”


දස මස මා කුස හොවාන...දුක් ඉසිලූ අම්මා...
සිරුරේ දිව් රතු රුධිරය...කිරි කර පෙව් අම්මා...
ඒ සෙනෙහස නොව කිසිවෙක්...ලොවෙ නම් මට අම්මා...
සංසාරෙම පුරුදු පරිදි... නුඹමයි මගේ අම්මා...

ආදරයේ කිසි අඩුවක් කිසි දින නැත පෙන්නා...

පුංචි කදුළකටත් මගෙ කදුළු සලන අම්මා...
මේ සෙනෙහස නුඹ කොතැනින් නම් ගෙන එම්මා...
ඉතින් සදා සෙවන නුඹයි මගෙ ආදර අම්මා...

මෙත් කරුණා මුදිතා ගුණ නුඹෙනුයි මම උගනේ...
දොහොත් නගා වදිමි නුඹට “ගෙදර බුදුන්‍ ලෙසිනේ”....

මගේ සුදු අම්මාට... සුභ උපන්දිනයක් වේවා...


අද මගේ අම්මා පනගේ උපන් දිනේ..ගිය අවුරුද්දේ අම්මගේ උපන් දිනේ වෙනුවෙන් පෝස්ටු දෙකක්ම ලිව්වා. (එකක් මේක ,අනික මේක ) මේ පොස්ටු දෙකම ලියද්දි හිතුවෙ අම්මගේ 51 වෙනි උපන් දින පොස්ටුවෙන් එයා දැන් සතුටින් ඉන්න කෙනෙක් කියලා ඔයාලා හැමෝටම කියන්න පුළුවන් වෙයි කියලා.ඒත් බට්ටිට ඒ වාසනාව නෑ.ඒ හීනේ එන්න එන්නම දවසින් දවස ඈතට යනවා.අල්ල ගන්නත් බැරි තරම්ම දුරට.කවදා කොහොම ඒ හීනෙ එළිවෙයිද කියලා හිතා ගන්න බැරි තරමටම බට්ටිගේ හිත අසරණවෙලා.
අද අවුරුදු 51ක් එකක්. හ්ම්...ඒත් ජීවිතේට අවුරුද්ද අවුරුද්ද එකතු වෙද්දි ඒ හිතේ සතුට එකින් එක ‍වැඩි ‍නොවෙන තරමට මේ ලෝකේ කුරුරි වෙලා. ඒත් ඒ යකඩ හිත කවම දාවත් ලෝකෙට කිසිම දෙයක් පෙන්නන්නේ නෑ. ඒ තරම්ම ඒ හිත ශක්තිමත්. කියා ගන්න බැරි තරමටම ඒ හිත සවිමත්. වෙලාවකට මට මේ ලෝකෙටම කෑ ගහල බනින්න හිතෙනවා. වෙලාවකට මට මේ ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඩන්න හිතෙනවා. ඇයි දෙයියනේ දුක තියෙන මිනිස්සුන්ගේ හිත් වලට විතරක් හැමදාම දුකම එකතු කරන්නේ කියලා. 

ඉතිං තවත් මේ පොස්ටුව ලියන්න බෑ මගේ යාළුවනේ.තව ලිව්වොත් හිතේ හිරවෙච්ච සේරම මේකෙ අත ඇරෙනවා.ඒම ලියලා මේක කදුළු පොස්ටුවක් කරන්න බෑ.

ලෝකෙ ඉන්න සුන්දරම , ශක්තිමත්ම යකඩ හිතක් තියෙන ඇගේ හිතට සතුට ලං කරන්න පුළුවන් වුන දවසක බට්ටි දෝර ගලන සතුටින් ලියන්නම්. මේ පොස්ටුවේ මීට වඩා දෙයක් අමුණ ගන්න බැරි වුන එකට මට සමා වෙන්න මගේ යාළුවනේ....


August 26, 2012

බට්ටිට නඩුවක්

නඩු අංක 33 උසාවියට කැදවන්න....


පැමිණිලිකරු -    සත්තලන්
විත්තිකරු -        බට්ටි


විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..


සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..


බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...


විනිසුරුතුමා -

ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...

බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....

සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....

බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....

සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
 
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
 
සත්තලන්  -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.

විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද? 
 
බට්ටි  -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
 
සත්තලන්  -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
 
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් ‍ නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
 
බට්ටි  -
නෑ ස්වාමීනි නම්බර්  එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
 
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
 
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
 
 සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...

බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...

මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........


විනිසුරුතුමා -

සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...

බට්ටි -
හුලේ හුලේ........

විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
 
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...

August 11, 2012

දිව්ව හොදම දිවිල්ල....

හුග දවසකට පස්සෙ හිතුනා පොස්ට් එකක් ලියන්න.හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත් වැඩ වැඩිකම නිසාම ටයිප් කර ගන්න බැරිවුනා.ෂොප් එකේ මැෂින් එකට යකෙක් ගහලද මන්දා අනේ බ්ලොග් යන්න, මේල් බලන්න, බුකියට ලොග් වෙන්න මුකුත් බෑ.යන්න පුළුවන් මැෂිමට කොච්චර සිංහල දාන්න හැදුවත් දාන්න බෑ.වැඩ කරලා මහන්සිවෙලා ඇවිත් පොස්ට් එකක් ටයිප් කරන එක ලේසි නෑ. භාගයක් ටයිප් කරද්දි බෙල්ල සාක්කුවේ. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ. ඉතිං මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවා.
ඔන්න අදත් බට්ටිට හිතුනා ඉස්කෝලෙ යද්දි බට්ටිට වෙච්චි දෙයක් කියන්න. මතක් කර කර හිනා වෙන්න පුළුවන් ලස්සනම කාලේ ඒකනේ.ජනවාරි මාසේ කියන්නේ ඉතිං ඉස්කෝලෙ යද්දි බට්ටි ආසම මාසයක්. ඒ ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තියෙන්නේ ජනවාරියේ නිසා තමයි. මේ වගේ ක්‍රීඩා තියෙන කාලෙක නොද්ද වැඩ කරන්න ගිහින් බට්ටි ඇගිල්ලක් කඩා ගනිපු හැටි හැමෝටම මතක ඇතිනේ....?මේ සිද්ධිය වෙද්දි බට්ටි 8 වසරේ. තරගවලට තෝරද්දි කැමති ළමයින්ට ගමහරහා දිවීමේ තරගයටත් නම් දෙන්න කිව්වා.  ආ එහෙම නම දෙන අයට ගෙදරින් අවසර අරන් එන්න කිව්වා. තාත්තාගෙන් ලියුමක් අරන් ඇවිත් බට්ටිත් ලිස්ට් එකට නම දාගත්තා. නිවාසාන්තර තරග වලින් මුලින්ම තියෙන්නේ මේ ගමහරහා දිවීමේ තරගය තමයි.
ඔන්න ඉතිං තරගය පවත්වන දවස උදාවුනා. ක්‍රීඩා කරද්දි අදින පුංචි සුදුපාට සායයි , නිවාසේ පාටින් ටී එකකුයි ඇදලා බට්ටි වගේම අකීකරු කොණ්ඩේ මූණට නොවැටෙන්න ටී එකේ පාටින් හෙයාර් බෑන්ඩ් එකකුත් දාලා හැඩ වෙලා තරගය පටන් ගන්න තැනට බට්ටිත් ගියා.ආ ග්ලූකෝස් එහෙම කාලා ශක්තිය අරගෙන තමයි ඉතිං බට්ටි ගියේ.එක නිවාසෙකින් 25ඒගානේ ළමයි 75ක් ගමහරහා දුවන්න ලෑස්තිවෙලායි හිටියේ.
අවුරුදු තුන හතරක් එක දිගට මේ තරගෙන් කප් එක ඉස්සුවේ එකම අක්කා කෙනෙක්. බට්ටිගේ වාසනාවට ඒ අක්කා බට්ටිට හුගාක් ආද‍රේයි.ඉතිං මේ අක්කා කලින්ම පොරොන්දු වුනා එයා එක්කම බට්ටිට දිනුම් කණුව ලගට එක්කර ගෙන එනවා කියලා.ඉතිං තරගේ පටන් ගන්න කලින් ඉදන් මම ඒ අක්කා ලගින් හෙලවුනේවත් නෑ. ඉස්කෝලෙ ඉදන් අල්ලපු ගමේ හන්දියට දුවලා ආයෙම ඉස්කොලෙට එන්නයි තිබුනේ.මේ පාරෙම තමයි බට්ටිගෙ ගෙදර තියෙන්නෙත්. ඒ අක්කා කිව්වේ මුලින්ම හෙමිල් ගිහින් පස්සෙ ලීඩ් කරමු කියලා.ඉතිං අක්කා යන විදියට බට්ටිත් අක්කා එක්කම ගියා.
ඔයා යන පාරේ තියෙනවා වෙලක් එක්ක ටිකක් විතර පාළු හරියක්. ඒ හරියෙ තියෙනවා පරණතාලෙ ගෙයක්. ඒ ගෙදරට ගමේ අය රහසින් කිව්වේ කොටි ගෙදර කියලා.ඉතිං ඔය ගෙදර ලගින් යද්දි පැන්නෙ නැතැයි එළියට මේ මේ කොටියෙක් නෙවෙයි අලිද? තඩි බල්ලෙ.බල්ලට බයවෙච්ච අක්කා පොරොන්දු අමතක කරලා පණ කඩන් දුවන්න පටන් ගත්තා. අයියෝ බට්ටිගේ දිනුම් කණුවේ හීනේ.දැන් ඉතිං භාගයක් දුර ඇවිත් නතර වෙන්න පුළුවනැයි.තනියෙම දිව්වා අක්කව අල්ල ගන්න.අක්කා පේනතෙක් මානෙකවත් නෑ.මම හන්දිය කිට්ටු කරන්න යද්දි මෙන්න බොලේ අක්කා ගිහිල්ලා ආයෙමත් එනවා.
වෙන ඕන දෙයක් කියලා බට්ටිත් දැන් තියෙන උපරිම වේගෙන දුවනවා.ආයෙම එද්දි වතුර තිබහයි ඉන්න බැරිවෙන්නම.ඉල්ල ගන්න ඒ විදියේ ෆිට් තැනකුත් නෑ.තිබහ උහුල ගන්නම බැරි තැනට ඇවිත්. දුවා ගන්න පණත් නෑ.ගෙදරින්ම වතුර බොනවා කියලා හිතන් එද්දි ගෙදරත් කවුරුත් නෑ.ගර්ර්ර්ර්ර්.....ගෙදර අයත් දුවන් ඇවිල්ලා පිට්ටනියේ මාව වැටුනොත් කියලා අල්ල ගන්න ඉස්කෝලෙට ගිහින්. පිට්ටනියේ වැටෙන්න යන්න ඉතිං මෙතන නොවැටි ඉන්න එපැයි.මේ තරගයක් හින්දා යසට තියෙන දිව ගිලෙනකල් බලන් ඉන්න පුළුවන්ද?දිනුවත් එකයි පැරදුනත් එකයි කියලා හිතලා  අපේ ගෙදරටම තිබුණ එකම ෆ්‍රිජ් එකෙන් වතුර අරන් බඩ පැලෙන්න බිව්වා. ආ කියන්න බැරි වුනානේ මේ ෆ්‍රිජ් එක ගැන ඒකෙ වතුර හරිම කූල්.ගමේ හැමේම ආසයි ඒකෙ වතුර බෙන්න. මැටි පොලොවෙ තියපු මැටි කලේක වතුර ඉතිං කොහොමත් කූල්නේ නේද?
එහෙම බඩපැලෙන්න වතුර බීලා ඇවිත් ඉස්කෝලෙ කිට්ටු වෙද්දි මෙන්න ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හරියට ජීවිතේට බට්ටි දැකලා නැති අයවගේ.මේ විදියට නම් මෙයාලා කෑගහන්නේ ෂුවර් එකට මම අන්තිමයා වෙන්න ඇති කියලමයි හිතුවේ. ඒත් පස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් එනවා පිටිපස්සෙන්.දැන්නම් ඉතිං හිතට සතුටුයි ඇයි ඉතිං අන්තිමයට කලින් කෙනා වුනත් ඇතිනේ.පුංචි ගැප් එකකින් පිටිපස්සෙන් ආපු කෙනාට කලින් බට්ටි තරගේ ඉවර කලා.හැමෝම ඇවිත් මාව වට කර ගත්තා.අන්තිමයට කලින් ඇවිත් මේ තරම් පිලි ගැනීමක්.නෑ නෑ බට්ටි තරගෙන් තුන් වෙනියා වෙලා.විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා කොහොම විශ්වාස කරන්නද සහතිකේ දෙනකල් මටවත් හරියට විශ්වාසයක් තිබුණේ නෑ.පස්සේ දුක හිතුනා වතුර බෙන්න ගිය එකට. මොකද එහෙම නොවුන නම් බට්ටි එදා තුන නෙවෙයි දෙකනේ.හැබැයි ඉතිං තාරපාරේ දුවලා කකුල්වල ගල්තැලැම්ඹු ආපු නිසා බට්ටි ආයෙම කිසිම දවසක ගමහරහා දිව්වේ නෑ.....


ප.ලි. ඊයේ පටන් ගත්තට නින්ද ගියා. උදේ තමයි ඉවර කලේ.ඔන්න මධු මාමේ පොරොන්දු කඩකලා කියලා බනිනවා එහෙම නෙවෙයි..



July 30, 2012

ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ?



හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන් අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට.  ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔ‍ක්කොම අක්කිලත් දැන් ‍බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්. 

මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ? හේ හේ තව අයත් වැටිලනේ. ‍ ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර ළිදේ වැටුන අනිත් අය ගැන.....:P 

ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ. මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ, බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.  

කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින් අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්.... 

ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ. ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි  කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත් බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක් නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි තුන් දෙනා මෙයාව බේර ගෙන.  ඇදුම් සේරම තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල් කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D