ගේ ඉස්සරහ තියෙන මාළු ටැංකිය ලග තියෙන බංකුවට වෙලා කන්ද පාමුලින් අවරට යන ඉර දිහා බලන් ඉන්න මං හරිම ආසයි. එක එක දවසට අහසේ පාට එක එක විදියයී. පාට පෙට්ටියකට කවදාවත් එකතු කරන්න බැරි තරම් අහසටම උරැම වෙච්ච පාට කොයි තරම් ඇද්ද? වළාකුළු ගොඩක් එකතුවෙලා එහෙට මෙහෙට පාවෙද්දී මට නම් හරිම ලෝබයි.මොකද ඒ සැහැල්ලුව කවදාවත් අපිට ලබා ගන්න බැරි නිසා.
හවසට ඉර තමන්ගේ රාජකාරිය ඉවරකරලා අවරට යන ලස්සන බලන් ඉදිද්දී ඔය අතරේ තව කීදෙනෙක් නම් වැඩ ඉවර වෙලා කඩිමුඩියේ තමන්ගේ නවාතැන් වලට යනවද. එහෙම යන අයගෙන් ඇහැ ඉවතට ගන්නම බැරි අය තමයි සුදු කොක්කු රෑන්. එක රංචුවකට අඩුගානේ 10ක් 12ක් වත් ඉන්නවා. පුදුමෙ කියන්නේ වෙන වෙනම රංචු වලට එක එක වෙලාවට ගියත් උන් හැමෝම යන්නේ එකම හැඩයකට. සමහර විට එහෙම කියල දෙන පංතියක්වත් තියෙනවද දන්නේ නෑ. නැත්නම් කොහොමද අනේ එච්චර ලස්සනට යන්නේ. අපිට ක්‍රීඩා උත්සව දවස් වල මාඡ්පාස්ට් එක කීපාරක් ගහ ගහද ලොකු අයියලා අක්කලා කියලා දෙන්නේ. පුංචි කාලේ අහස දිහා බලන් ඉන්න වාඩි වෙද්දිම හිතනවා අදනම් හැම කොකෙක්ම ගනිනවමයි කියලා. මොනවා කරන්නද කිසිම දැනුම් දීමක් නැතුව රංචු තුන හතරක් එකපාරටම ගියහම ගනන් කරන එක ඉබේම අමතක වෙලා යනවා.ඔය අතරෙ දකින්න ලැබෙ හොදම සිද්ධිය තමයි තමන්ගේ රංචුවට සෙට්වෙන්න බැරිවෙලා පන කඩාගෙන පියාඹන කොක්කු . එහෙම දෙයක් දැකපු දවසට නම් මම පැය ගානක් යනකල් කල්පනා කරනවා එයා රංචුවට එකතු වුනාද? පාර හොයාගන්න පුළුවන් වුනාද කියලා. හවසට අහසේ තියෙන ලස්සන අම්මෝ කියලා ඉවරයක් කරන්න බෑ. අහස දිහා බලන් ඉදිද්දි හිතට දැනෙන සතුට වචන වලට කොහොම පෙරලන්නද? ඒවා මතක් වෙද්දි නම් ගමේ තියෙන ගේ ඉස්සරහා බංකුව උඩ ඉදගෙන අහස දිහා බලන් ඉන්න ඇත් නම් කියලා හිතෙන වාර අනන්තයි.
අද කාලේ හැමෝම කාර්ය බහුල වෙලා. අහස දිහා පැය ගනන් බලන් ඉන්නවා තියා යන එන ගමන්වත් බලන්න අමතක වෙලා. නිකමට බැලුවත් කොක් රංචු නෙවෙයි අඩුගානේ තමන්ගේ කැදලි හොයාගෙන යන එක කොකෙක්වත් දකින්න ලැබෙන්නේ නෑ. කාලේවෙනස් වෙලා පරිසරය වෙනස් වෙලා. කොහොමත් ගමේ තියෙන නිස්කලංක බව ලස්සන නගරේ අහසේ නෑ. සමහර විට නගරේ අහසත් ගමේ අහස තරම්ම නැතත් බලන් ඉදිද්දි ලස්සන ඇති. ඒත් ඒ ලස්සන අපිට හොයා ගන්න බැරි අපේ වරදක් නිසාද? එහෙම නැත්නම් කාලයේ වෙනස් වීම නිසාද?
ඒකනම් ඇත්තක මගේ අක්කි..අහස දිහා ඕන තරම් බලාගෙන ඉන්න පුලුවන්.. ඒත් අපට කවදාවත් ඒකට ලං වෙන්න බෑ කියලා දුක් වෙනවට වඩා ඒක දිහා බලලා සතුටු වෙන එක කොච්චර හොදද නේද ? මටත් වාර කීයක්නම් ගමට යන්න හිතිලා තියනවද ඒත් මොනවා කරන්නද බට්ටියේ... දුක් නොවී සතුටින් ඉන්න හැමදාමත්....
ReplyDeleteගමේ නිස්කලංක බව කොහෙන්ද අනේ නගරේ..තිබුනත් බලන්න තරම් වෙලාවකුත් නෑ නෙ මිනිස්සුන්ට.තරගෙ ඒ තරමට වැඩියි
ReplyDeleteමමත් ආසම දෙයක් තමයි හවසට කොක්කු ගනං කරන එක සමහර වෙලාවට උන් සුලගත් එක්ක පොරබදමින් පාවෙමින් යන හැටි බලන් ඉන්න එපා වෙන්නෙ නෑ
ReplyDeleteඔය රංචුවක කොක්‍කු 13ක් ඉන්නව... මම බොරුනම් කියන්නෙ ගැනල බලපන්...
ReplyDelete@ නිසුපා අක්කා
ReplyDeleteඔව් අක්කේ මේවා තනිකරම කොන්ක්‍රීට් වනාන්තර වෙලා.
@ සාතන්
හේ හේ එහෙනම් මෙයා තමයි අර පන්තියේ ගුරා.
අනේ මටත් පුංචි කාලෙ මේ වගේ අත්දැකීමක් තියෙනවා.... ඒ දවස්වල අපේ ගෙවල් ලඟ පොල් වත්තකට කොක්කු එනවා රෑට නිදා ගන්න... ඔයා කියපු ඔක්කොම දේවල් ඒ විදියටම මාත් දැකලා තියෙනවා... කොක්කු ගනන් කෙරුවෙ මායි නංගිලයි එකතු වෙලා... සමහරදාට තුන්සීයකට වැඩිය ගනන් වෙච්චි දවසුත් තියෙනවා....
ReplyDeleteඅපි ඒ දවස්වල රෑ අහසෙ තරු ගනන් කලා... බොත්තම් තුන, හත්දින්නන් තරුවල තරු හතම ගනන් කරන්න තරඟෙට උත්සාහ කලා... වලාකුලු මවන මෝස්තර වලින් කතන්දර ගෙතුවා... ඉර බැහැගෙන යනකොට අහසෙ මැවෙන පාටවල් දිහා ලෝබකමින් බලන්හිටියා....
අනේ එහෙම කාලයක්... ඒ අතින් අපි මොනතරම් වාසනාවන්තද....
අහස කොච්චර ලස්සන උනත් අපිට පේන්නේ නෑ.. ඒ අපි එකා පස්සේ එකා දුවන නිසා..
ReplyDeleteමම් ආස ඊතලයක හිසක් ආකාරයට යනකොට. ඒක තමා ලස්සනම
ReplyDeleteහැන්දෑ අහස වගේම වැස්ස දිහා බලාගෙන ඉන්නත් මම කැමතියි....
ReplyDeleteබට්ටි ලියපු ඒවයින් මම ආසම පෝස්ටුව....ලකුණු 100% යි... ඔය තියෙනනෙ...ලියාපන් බට්ටියෙ....ජීවිතේ ලස්සනට රස විඳපු තැන් ගැන මෙන්න මේ විදියට ලියාපන්...
ReplyDeleteගමේ අහසයි නගරේ අහසයි එක උනත් ගමේ අහසේ අපි දකින ලස්සන නගරේ කිඔහෙන්ද...
@ " වළාකුළ "
ReplyDeleteසමාවෙන්න මල්ලියෝ ඔයාගේ කමෙන්ට් එකට උත්තර ලියන්න පමා වුනාට. මේ සාතන් කියන ඒවට මං කලබලෙන් කමෙන්ට් කලේ ඒකයි එහෙම වුනේ.
පරිසරය කියන්නේ අපේ ජීවිතෙන් හරියටම කොටසක් වගේ. අපි හැමදේම පරිසරය එක්ක බෙදා ගත්තෙත් හිනාවෙන්න ලේසියී.
@ Miyuru
ReplyDeleteඇත්තමයි ඒ අතීතය නම් කොහොම අමතක කරන්නද?
මම රෑ අහස දිහා බලන් ඉදලා වින්ද අත්දැකීමුත් ලියන්නයි ඉන්නේ. අහස කියන්නේ පුදුමාකාර දෙයක්.
@ දිනේෂ්
ReplyDeleteඒක ඇත්ත. මිනිස්සුන් යාන්ත්‍රික වෙලා.හැමෝම වගේ අපිත්.
@ මධු
ReplyDeleteඔව් මමත් ආසයි.
@ සයුරි
ReplyDeleteඑහෙම කරද්දි හිත හරියට භාවනා කරනවා වගේ නේද?
@ අක්කා (දිල්)
ReplyDeleteඔය ලකුනු සේරම දෙන්නෙක් අතරේ බෙදෙන්න ඕන අක්කියේ. මං නම් වශයෙන් නොකිව්වට ඔයා දන්නවා ඒ කව්ද කියලා.
දැන්හිත පුදුම සැහැල්ලුයි. අක්කියයි, අයියයි දෙන්නම නිතරම මං ගැන හොයලා බලනවට ගොඩක් පිං.
දිල් කිව්වා වගේ මේ ලියමනනං උපරිමයට ඇවිත් තියෙනවා.. නිදහසේ මහප්‍රාණ නැතිව ඔහේ ලියන ස්ටයිල් එක..මං කවදත් ආසම රටාව...
ReplyDeleteඔය කොක්කු ගනින්න යන්න එපා...
@ අයියා (මාර)
ReplyDeleteස්තූතියි අයියේ. එදා අර මං කිව්වේ ගෙදරදී පෝස්ට් එකක් ලියන ගමන් ඉන්නේ කියලා. ආයෙනම් පෝස්ට් දාද්දී කලින් සූදානම් කරන් එනවා. නැත්නම් වැඩ කරන ගමන් ලියද්දී රස කරන්න අමාරැයී.
ඒ දවස්වල ගනන් කරනකොට කොක්කු පනහ පනහ යනව දැකල තියෙන හින්දද කොහෙද මාර අයිය බයවෙලා වගේ නංගි... ;D
ReplyDelete@ මියුරැ
ReplyDeleteඔව් ඔව් අයියට හුගක් කොකුක්කු ගනින්න ගිහින් මොනාම හරි දෙයක් වෙලා තියෙනවා ඒක තමයි මේ අපිටත් එපා කියන්නේ නේද මියුරැ.