Loading...

October 27, 2011

සමාධි (පළමු කොටස)


ඈත අහස දිහා උළුවස්සට හේත්තු වෙලා බලන් හිටිය මම කලබලෙන් නැගිට්ටේ ලිපේ තියලා ආපු කේතලේ වතුර නටනවා ඇති කියලා මතක්වුන නිසා.  ඉක්මනින් කුස්සියට ගිහින් මම ගෙදර හැමොටම තේ හදන්න ගත්තා. ඒ වෙද්දිත් ගෙදර හැමෝම හොදටම නිදි.
“අම්මේ තේ හැදුවා නැගිටින්න”
“මොකද කෙල්ලෙ මේ පැන්දරම නැගිට ගෙන”
“නිකං ඇහැරැනා අම්මේ, පහුගිය ටිකේම පාඩම් කරන්න නැගිටපු නිසා දැන් පුරැද්දටම ඒ වෙලාවට ඇහැරෙනවා”
“ලොක්කියේ හාල් ටිකක්වත් ලිපට කරපන්කෝ පොල් සම්බලක්වත් හදලා පොඩි වුනාට ඉස්කෝලෙ ගෙනියන්න දෙන්න”
මම හාල් ටිකකුත් වළදට දාගෙන හොදන් එද්දී අයෙමත් ලිප නිවිලා. පොල් කොල දෙක තුනක් පත්තු කරලා ආයෙමත් යාන්තම් ලිප අවුල ගත්තා. ඇවිලෙන ගින්න දිහා බලන් හිටියේ මං මීට පස්සේ මොනවද කරන්නේ කියලා හිත හිතා. විභාගෙත් ඉවරයි.කැම්පස් යන්න ලැබුනොත් නම් හොදයි. තාත්තා කරන සිල්ලර බඩු කඩේ නිසා මුදල් අතින් ඒතරම් අගහිගයක්  ඒ හැටි දැනෙන්නේ නෑ. ඒ වුනත් හැමදාම තාත්තගෙන් කකා බිබී ඉන්න පුළුවන්ද?
“ලොක්කියේ මොනවද ඔය තරම් අහස පොළොව ගැටලන්න තරම් කල්පනා කරන්නේ”
විභාගෙ ඉවර වුන දවසේ ඉදලම මං හිටියේ හීන ලෝකෙක. අනාගතේ ගැන ලොකු බයක් හිතේ හිරවෙලා තිබුනා.
“නෑ අම්මේ මං මේ හිතුවේ රස්සාවක් හොයලා දෙන්න කියලා මාමටවත් කියන්න කියලා”
“ඒ ගමන රස්සාවල් කරන්න හිතුවේ ඉගෙන ගෙන ඉවර කරලද ලොක්කියේ”
“කවුද අම්මේ දන්නේ කැම්පස් යන්න ලැබෙයිද? නැද්ද? කියලා”
“ඉතිං ලොක්කියේ මේ ගමන බැරිනම් ආයෙම විභාගෙ කරන්න ලෑස්ති වුනානම් නේද හොද? දෙයියනේ කියලා තාත්තා අඩුපාඩු ටික බලාගන්නවනේ ලොක්කියේ”
“ඒ වුනාට අම්මේ හැම‍දාම තාත්තාට ඔය කඩ කෙරැවාව කරන්න පුළුවන්ද? දැනුත් තාත්තට නිතරම ලෙඩ.”
“අනේ මන්දා” 
අම්මා එහෙම කියලා ලොකු හුස්මක් පිටකරලා ගේ ඇතුලට යන්න ගියා. මමත් කළෙත් අරගෙන ළිද ලගට ගියේ අම්මා මොනව කිව්වත් කොහොම හරි රස්සාවක් හොයා ගන්නවා කියලා හිත හිතා.  



ප.ලි.
මගේ හිතේ තිබුනු ලොකු හීනයක්.මගේම කියලා නවකතාවක් ලියන එක. මේ ඒකේ පළවෙනි කොටස.කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හැකි උපරිමයෙන්ම සුන්දර කතාවක් ඔයාලට කියවන්න දෙන්න මං උත්සාහ කරනවා.

19 comments:

  1. පටන් ගැන්ම හොඳයි බට්ටියෙ...හැමෝම ලියන එකම ආකාරයේ කතා නැතුව වෙනත් විදියක් ලියන්න...ඒ වගේම ලියපුවා දෙපාරක් කියවන්න...අකුරුවල අඩුපාඩු බලන්න...පින්තූර තෝරගද්දිත් සැලකිලිමත් වෙන්න...ගමේ කෙනෙක්ට ඔයා අද පල කරපු පින්තූරෙ ගැලපෙන්නෙ නෑනේ...මෙතන ඉන්න ගෑනු ලමයගෙ අතේ කලයක් තිබ්බට නාගරීක පරිසරයක් වට පිටාවේ තියෙන්නේ

    කියලා දෙන්නෙ දිරිමත් කරන්න ...අඩු පාඩු හොයනවා නෙමේ බට්ටොයෙ..හොඳද..

    ReplyDelete
  2. කතාවක් ලියන එක නම් හොඳයි...ඔයාට ලියන්න පුළුවන් කියලා පෙනෙනවා..තව ලියන්නකො.අපිත් අදහසක් දෙන්නම්...

    ප/ලි

    හැබැයි අර පොටෝ එක තමයි වැඩේ..එයා ඔය අරන් යන්නෙ
    රා කළයක් කියලා මාරයද කොහෙද කිව්වා...අනිත් එක ඔය වගේ පොටෝ දැම්මම අපේ රස වින්දන ශක්තිය මෙව්ව වෙනවා :D

    ReplyDelete
  3. @ අක්කා (දිල්)
    අක්කා දන්නවනේ.මං හුගක් කැමතියි අඩුපාඩු පෙන්නලා දෙනවට. කතා ලියන්න හුගක් දක්ෂ නෑ. ඔයාලගේ අදහස් මේ විදියට ලැබුනොත් මට පුළුවන් වෙයි කතාව සාර්ථක කර ගන්න.
    මම පින්තූරේ අයින් කලා.ලස්සන පින්තූරයක් හොයලා හරි හදලා හරි ඉක්මනිම්ම දානවා. මම ටයිප් සෙටින් කරන්නේ පේජ්මේකර් වල නිසා යුනිකෝඩ් ගහද්දි හුගක් පැටලෙනවා. ඒ අඩු පාඩුව ඉක්මනින්ම හදා ගන්නම් අක්කියෝ.

    ReplyDelete
  4. @ ලකී
    ස්තූතියි ලකී. ඔයාලගේ උදව් නැත්නම් මං කොහොමද බ්ලොග් ලියන්නේ. බට්ටිගේ හයිය කියවන ඔයාලා තමයි.
    හේ හේ අල්ලගන්නම්කෝ අයියව.... රා කළ කිව්වට.

    ReplyDelete
  5. හුටස් කෝ පින්තූරේ..? මකලා නේද..ඒත් කතා බහෙන්ම කිව්වැකි භාණ්ඩේ මොකක්ද කියලා.. ආයේ ඉතිං අර ගස් මුට්ටිය ඉනේ තියාගෙන යන කෙලීගේ පොටෝව නේද ඔය කියන්නේ..?

    අනේ ලකී ගොයියෝ.. දැන් මේ හිත මෙව්වා වෙන කාලයක්ද ඔහේගේ.. ඔන්න අපිනං තව කමකුත් නැහැ...

    ...............................

    ආරම්භය හොඳයි වගේ..දැන්ම මොනවත්ම කියන්න යන්නේ නැහැ..කරගෙන යන්න අඩු පාඩු බලමු මගදි...

    ReplyDelete
  6. ඔබතුමියට සාර්ථකත්වය ගැන කියන්න බෑ. ඒවා කියන්නේ කියවන අපි !!! ඔබ තුමියට තියෙන්නේ ලියන එක විතරයි.

    කතාව නම් නියමයි බට්ටි නංගි. ලස්සන ආරම්භයක්. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. මම් ආසම වැඩේ තමා නවකතා කියවන එක.

    ReplyDelete
  7. හොඳ ආරම්භයක් වගේ පේනවා බට්ටි...මාත් දිගටම එන්නම්කෝ කියවන්න.

    ReplyDelete
  8. කතාවේ ආරම්භය ලස්සනයි අක්කේ.. මම එද්දී පින්තුර නෑ.. ඒනිසා ඒ ගැන කියන්න මං දන්නේ නෑ.. ලස්සනට ගලාගෙන යන කතාවක් අපිට කියවන්න දෙන්න...

    ReplyDelete
  9. ඔන්න බට්ටියේ ලිපි ඔක්කොම කියවල ඉවර කළා
    පුළුවන් වෙලාවට ඔයාගේ ජීවිත කතාවේ ඉතුරු ටිකත් ලියන්න
    ඒක කියවන්න මම ගොඩක් ආසයි

    මමනම් ටයිප් කරන්නේ මෙන්න මේකේ
    http://www.google.com/transliterate/
    පුරුදු උනාම හරිම පහසුයි, මීට වැඩිය පහසු විදිහක් තියේනම් දන්නා කවුරු හරි අපිටත් කියන්න
    මට හොඳට සිංහල ටයිප් කරන්න පුළුවන් සාමාන්‍ය සිංහල ෆොන්ට් වලින්
    ඒ වගේ ටයිප් කරපු වර්ඩ් ෆයිල් බර තොගයක් මගේ ගාව තියෙනවා
    මම බ්ලොග් ගැන දැන ගන්න කලින් මගේ ජීවිතේ ගොඩක් දේවල් වර්ඩ් ෆයිල් වල ලියල තිබ්බ මතක් වෙන මතක් වෙන වෙලාවට
    ඒත් ඒවා කෙලින්ම පොස්ට් කරන්න විදිහක් නැහැ

    ReplyDelete
  10. ඔයාට කවදාවත් වරදින්නේ නෑ බට්ටියේ... ඔයාගෙ ලගින් ඉන්න කවුරැ නැති වුනත්, මොන තරම් දුකක් ආවත් ඔයා නොසැලී තවත් දිරිම් වෙලා පොත ලියාගෙන යන්න. මටත් පුලුවන් උදව්වක් තියනවනම් කියන්න දෙපාරක් හිතන්න එපා..

    ReplyDelete
  11. ඔයාට, දිල්ට ලස්සනට කතන්දර ලියන්න පුලුවන්... ඒක ලොකු වාසනාවක්...ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න නංගි... දිගටම ලියන්න... සුභ පතනවා හදවතින්ම...

    ReplyDelete
  12. දිගටම ලියන්න.... අපි ඇවිත් කියවනවා... නංගිගේ ජීවිත කතාව ලියන එක නැවත්තුවද... ?

    ReplyDelete
  13. @ අයියා (මාර)
    හූ හූ ඔයා එද්දී මං වැඩේ ගන්ට වෙනස් කලා.මං දන්නවනේ නැත්නම් විසුමක් වෙන්නෙ නෑ කියලා.

    ReplyDelete
  14. @ මධූ
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  15. @ සයුරි
    ඔයාලා තමයි මගේ හයිය.

    ReplyDelete
  16. @ ලොකු පුතා
    ගොඩක් කාර්යබහුල ඔයා මගේ ලිපි සේරම කියවන්න වෙලාව වෙන් කර ගත්ත එකට ගොඩාක් ස්තූතියි.
    මට වෙලා තියෙන්නේ මේ යුනිකෝඩ් ඒ තරම් හුරැ නෑ. මම පෝස්ට් වර්ඩ් වල ටයිප් කරලා මේකට පේස්ට් කරනවා.

    ReplyDelete
  17. @ වළාකුළු
    ඉල්ලන්න නම් උදව් හුගක් තියෙනවා මල්ලියෝ.ඒත් ඉතිං කමක් නැද්ද මංදා?....(ඔන්න මං කියපු විදියටම දැම්මා.හූ හූ)

    ReplyDelete
  18. @ Miyuru
    ස්තූතියි ඔයාට. මම ලියන්න පුරැදු වුනේ දිල් අක්කගෙන්. පුංචිම පුංචි හැකියාවක් තිබුණා. ඉස්කෝලෙ යන කාලේ කෙටි කතා එහෙම ලියලා තියෙනවා. ඒත් ඉතිං දැන් මං යම් සාර්ථකත්වයක් ලබලා තියෙනව නම් ඒ ම‍ගේ ගුරා දිල් අක්කී නිසා.

    ReplyDelete
  19. @ පිස්සා පලාමල්ල
    ටික කාලයකට නතර කරන්න හිතුවා. මොකද මගේ ජීවිත කතාව දිගින් දිගටම ලියනවා කියන්නේ බට්ටිගේ බ්ලොග් එක කදුළු පිටුවක් කියලා ලේබල් වැටෙන එක.
    හැබැයි ලියනවා. කවද හරි මගේ හීන හැබෑ වෙන දවස වෙනකල්.

    ReplyDelete