22 අනිවාර්යයෙන්ම පොස්ට් එකක් දාන්න හිතා ගෙන හිටියත් නරක වෙලාව කියන්නේ එදා ඉදන් දවස් දෙක තුනක් යනකල් අපේ නෙට් වැඩ කලේ නෑ. ඒක නිසා හැමෝම මා ගැන අනුකම්පා කරලා සමාව දෙන්න.
විසිදෙවෙනිදා කියන්නේ මගේ ජීවිතේ මං ලබපු පළවෙනි ජයග්‍රහණය උදා කර ගනිපු දවස කියලයි මං හිතන්නේ. මේ සතුට මට ලගා කර ගන්න බ්ලොග් ලෝකේ ඔයාලත් හුගක් උදව් වුනා.
අම්මගේ උපන්දිනේට මං ඒදා අම්මව පුදුම කරන්න හිත හිත හිටියේ. මේ දවස් වල හුගක් වැඩ නිසා ජොබ් එක කරන තැනින් දවසෙම නිවාඩු ගන්න ලැබුනේ නෑ.අම්මටත් ඉන්න ගෙදර නෝනා රට ගිහින් කොහේවත් යන්න එන්න වෙන්නේ නෑ කිව්වා. මට වැඩ කරන තැනින්2 න් පස්සේ යන්න කිව්වා.මම කොහොමත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නිසා ඒ වෙලාව වුනත‍් ඇති කියලා සතුටින් බාරගත්තා. 2ට යන්න ගත්තට පොත් ප්‍රදර්ශනේ නිසා හොදටම පරක්කු වුනා. ඒ වෙද්දි මං කේක් එක අරගෙනත් නෑ. මොනවා කරන්නද කොච්චර පරක්කු වුනත් මං කොහොම හරි කේක් එක අරන්මයි යන්නේ කියල නම් හිතා ගෙන හිටියේ. කොහොම හරි කඩවල් හතර පහකට ගියාට පස්සේ යනතන් මගේ හිතට හරියන කේක් එකක් තිබුනා. කේක එක නම් හරි ඊට පස්සේ ඉටිපන්දම් දෙකක්.5 එකකුයි 0 එකකුයි. කඩවල් කීපයකට ගියාට පස්සේ සරසවි පොත්හලට ගිහින් ඉටිපන්දම් දෙක ගත්තා.
ඒ වෙද්දිත් අම්මා කොල් කරනවා හෝගාලා. මොකද මෙච්චර වෙලා කරන්නේ කියලා. ගෙනිහිපු කේක් එකේ ඉටිපන්දම් දෙක ගහලා අම්මට හදන් ගිය කාඩ් එක දුන්නා. ගෙදර හිටියේ පොඩි දුවයි එයාගේ බබයි විතරයි. අපි ලස්සනට අම්මට සුභ පතද්දි අම්මා කේක් එක කැපුවා. ඒ ඇස් දෙකේ මං ඒ වෙලාවේ දැකපු සතුට මීට කලින් කවදාත් දැකලා නෑ. අම්මටත් සතුට වැඩි කමට කේක කවලා ඉවර වෙනකල් ඉටිපන්දම් නිවන්න අමකන වුනා. ඒ ගෙදර ඉන්න පුංචි පුතු පැටියා ඉටිපන්දම් දෙක නිවලා දැම්මා.අම්මා කොච්චර සතුටු වුනාද කියනව නම් හැමෝටම කෝල් කරලා කිව්වා මම කේක එකක් ගෙනාවා ජීවිතේ පලවෙනි වතාවට උපන්දිනේට කේක් එකක් කැපුව කියලා.
මේ ලෝකේ මට වටින එකම දේ අම්මගේ සතුට.මං ජීවත් වෙන්නේ අම්මා නිසා.ඉදිරියටත් මගේ අම්මා හැමදාම සතුටින් තියන්න පුළුවන්නම් මට මේ ලෝකේ වෙන කිසිම දෙයක් ඕන නෑ.
තා පොඩ්ඩෙන් අමතක වෙනවනේ මෙන්න අම්මා ඔයාලා හැමෝටම කේක දුන්නා .............