July 29, 2011

මට වෙච්ච දෙයක්

හැමෝම තමන්ට වෙච්ච පොඩි පොඩි සිද්දි ලියද්දි ඔන්න මම හිතුවා මට වෙච්ච කරදරයක් ගැන ඔය ගොල්ලන්ට කියන්න කියලා. කරදරයක් කියන්නේ මේක ඇදගෙන නෑමක්.දන්නවනේ ඉතින් පුංචි කාලේ පොඩි පොඩි දගවැඩ කරනවනේ. වැඩි ඇඩ් නැතුව මං කතාව කියන්නම්කෝ. 

කාලවකවානු නම් මයේ හිතේ හරියටම ඇදිලා නෑ.ඉතින් අපේ තාත්තගේ ගේ බාප්පාගේ ගෙදරට එහා කන්ද පාමුල.  එයාලගේ ගේ ඉස්සරහ  තිබුනා ලොකු අරබක්. (කැළෑවක් ඒකට එහෙම තමයි කිව්වේ)

ඉතින් මං එහේ ඉන්න වෙලාවක අපේ අයියයි තව අයියලා ටිකකුයි ඩොන්කා (අහලා තියෙනවනේ?) කඩනවා  ගේ ඉස්සරහ ගහක තියෙන. ගල් ගහලා තමයි කැඩුවේ. මාත් ඉතිං ඩොන්කා කන්න ඉටි පෙරේති.අනේ ඉතින් එහෙම කිව්වයි කියලා හිතන්න එපා මං හැම එකක්ටම හරි පෙරේතයි කියලා. අයියත් හිටී නිසා මමත් හෙමින් පාර පැනලා ටිකක් වෙලා බලා‍ගෙන හිටියා. මාර වැඩේ කියන්නේ කඩන අයට වඩා අහුලන්න හම්බවෙන්නේ මට.මයේ මොකද ඉතින් කිසි මහන්සියක් නොවී මෙහෙම කන්න හම්බ වෙන එකක්යෑ. 


මම ඉතිං ඔහෙම ඩොන්ක ගෙඩියක් කකා හිටියා. මෙන්න බොලේ චූටි අයියා කෑ ගැහුවා බට්ටි ඔන්න දුවපන් කියලා. ආයෙ ඉතින් මමත් දෙපාරක් හිතුවෙ නෑ දිව්වා. හරියටම අඩි දෙකක්වත් ඉස්සරහට යන්න උනේ නෑ මම බුදු අම්මේ කියලා ඔලුව අල්ල ගත්තා.අර බූරැවා දුවන්න කිව්ව නිසා මාත් දිව්වා.දුවලා ගිහින් හරියටම ගලටම ඔලුව අල්ලලා. 


අම්මෝ දැන් හිනාවෙවී කිව්වට එදානම් මං හොදටම ඇඩුවා. ඔළුව පැලිලා ලේ වැක්කෙරෙන්න ගත්තා. අයියලා ටිකත් හොදටම බයවෙලා. ගල ගහපු අයියා මං ශේප්කර ගන්න ඒ අස්සේ මට ඩොන්කා කන්න දෙන්න හදනවා. එයාට ඩොන්කා මට මේ තරැ පැනලා ඉන්න වෙලාවේ. 


අපේ අයියා ගිහින් තාත්තගේ බාප්පා එක්කරගෙන ආවා. එයා දකිනකොට තමයි මගේ ඔලුව පැලුන එකේ වේදනාව වැඩි වුනේ. මොකද මං ෂුවර් එකටම දන්නවා දැන් ඉතින් අසූහාර දාහක් අහගන්න වෙනවා කියලා. ඔළුව පැලිච්ච එක බලන ගමන් සීය බනිනවා.මං හෝ ගාලා අඩනවා. ලේ ගිහිල්ල කොන්ඩේ අකට ඇලිලා. මං ඒ දවස්වල රෝසිකට් කපලා හිටියේ. ලස්සන ස්ට්‍රේට් කොන්ඩයක් තිබුනේ. කාඩ්කටු පැකට් එකක්ම ගහනවා කොන්ඩෙට. කොන්ඩ් එකට ඇලිලනේ. ඉතින් සීයා කටු ගලවනවා ගලවනවා ඉවරයක් නෑ. එයාට තවත් තදවුනා මේ සිද්ධියට. උඹට තව කොන්ඩ කටු තිබුනේ නැද්ද මේකේ ගහගන්න කියලා එයා ඒකටත් මට බනිනවා.

කොහොම හරි ලග ඉන්න දොස්තර කෙනෙක් ලගට ගිහින් අන්තිමේදී මැහැම් 4ක් දාන්න වුනා. තවමත් ඔලුවේ ඒපාර තියෙනවා. 



ආයෙනම් ඉතින් ඩොන්කා කන්න යන්න හිතුවෙවත් නෑ. ඩොන්කා දකිද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.



16 comments:

  1. මහ මෝඩ කෙල්ලෙක්නෙ... දුවන්න කිව්ව ගමන් ආතබූත නැතුව දුවන්න ගිහින් අහක ඉන්න අයට බනින්නෙ... ;)

    ගල ඔලුවට එනකං දන්නෙ නෑ කියන්නෙ, ඩොංක කන්න තියෙන පෙරේත කම හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  2. ඔන්න ඉතින් ඕකනේ කියන්නේ මං එහෙම පොරේතියෙක් නෙවෙයි. ඩොන්කවලටයි තව ඉතින් ජාති 300 400කට ඇරෙන්න වැඩිය දේවල් වලට පෙරේත නෑ.

    ReplyDelete
  3. ඩොන්කා කන්න ?මොනාද ඒ?

    ReplyDelete
  4. මං දැනගත්තා කව්රැ හරි ඔය ප්‍රශ්නේ අහනවා කියලා. අනේ නදී මම නම් වෙන නමක් කියන්න දන්නේ නෑ. ලොකු ගහක තියෙන්නේ. කහපාට ගොඩි වර්ගයක්.මැංගුස් වල රස තමයි තියෙන්නේ.

    ReplyDelete
  5. දුවගෙන ගිහින් ගලටම ඔළුව අල්ලලා නෙව.හරියට නිකන් හයිය හත්තිය චෙක් කොරන්න වගේ..

    අන්න බට්ටියේ, පුළුවන් නම් නදී කෙලීට ඩොන්කා ගෙඩියක් ගිහින් දෙන්න.

    ReplyDelete
  6. ඔයාට මාර හැකියාවක්නේ තියෙන්නේ.. නැත්තන් පන්දුව රැක ගනීද ඔය තරම් හොදට හි හි..අනේ මාත් ඩොන්කා කාලා නෑ.. කොයි පැත්තෙද හැදෙන්නේ..?

    ReplyDelete
  7. අම්මෝ නදීට ඩොන්ක වල රස වැටිලා එයත් ගහක් යටට ගිගිහින් ඔළුව පලා ගත්තොත්. අම්මෝ ඒක නම් කරන්න කියන්න එපා. මමනේ දන්නේ ඔළුව පලාගෙන මන් වින්ද දුක.

    ReplyDelete
  8. කරැමෙක මහත කියන්නේ අසනි ඒතරම් දක්ෂ ලෙස කවදාවත් පන්දු රැකලා නෑ. ඩොන්කා ගාල්ලෙ නම් තියෙනවා.

    ReplyDelete
  9. සමහර පැති වල ඩොන්ක වලට කියන්නෙ චීන කොට්ටන් කියල....

    ReplyDelete
  10. ඒ නම නම් මම අදමයි ඇහුවේ සාතන්.

    ReplyDelete
  11. අද තමා මුලින්ම මේ පැත්තෙ ගොඩවැදුනෙ!! මදැයි ඩොන්ක කන්න ගිහින් වෙච්චි දෙයක්!! ඒක නෙවෙ අර රෝසි කට් කියන්නෙ මොකක්දෑ හැබෑට?

    ReplyDelete
  12. මම නම් ඩොන්කා කාලම නෑ. මොනාද බට්ටි අක්කේ ඩොන්කා කියලා කියන්නේ ?

    ReplyDelete
  13. ඩොන්කා කියන්නේ මොනවද මමත් ඕක නම් අහල නෑ, අර උඩ කමෙන්ට් එකකට දීල තියෙන රිප්ලයි එකක කහපාටයි කියලා තියෙනවා, ලාවුළුද..?

    ReplyDelete
  14. හැබෑටම මොනවද මේ ඩොංකා කියන්නේ...?

    ReplyDelete
  15. ඩොන්කා වලටමද මංදා මං නමක් දාන තියෙන්නේ වෙල්වට් ගෙඩි කියලා. අපේ තාත්තා ඒවට ඩොන්ගා වගේ නමක් කියනවා ඇහිලා තියේ. ඇඹුල්ම ඇඹුල්. පොත්ත වෙල්වට් එකක් වගේ. ඒවද ඔය?????????

    මං ආගන්තුකයි. ඒත් මුල ඉඳන් අගට සියල්ල කියෙව්වා. තව ලිපි 2ක් තියේ. ඒකති කියවලම ඉන්නම්. :) මං හිතන්නේ මට අක්කියෙක්.......

    ReplyDelete
  16. ඔව් ඔව් ඒව තමයි. ටිකක් ඇඹූල් ඒත මූන බෙරි කරගෙන කද්දි හරි රසයිනේ.

    ReplyDelete