ඔන්න ඉතිං ටිකක් කළුවර වැටීගෙන එද්දී මගුල් ගෙදරට ආවා. අම්මගේ පැත්තේ නෑදෑයෝ හැමෝම එතන. මෙන්න ඉතිං අවුරුදු 1 ½ කින් දැක්ක බට්ටිගේ හැඩවැඩ අඩුපාඩු හැමෝම එකතුවෙලා කියවන්න ගත්තා. හුගදෙනෙක් කිව්වේ කළුවට හිටිය කෙල්ල මෙන්න බොලේ කොළඹ ගිහින් සුදුවෙලා කියලා. කෙට්ටුවෙලා කියලා දාහක් කිව්වත් මොකද සුදුවෙලා කිව්වහම ඇතිනේ. කට්ටිය එක්ක කතා කරලා ඉවර වෙලා මං සෙට්වුනේ ජනෙල් වලට කර්ටන් දාන්න. ඉස්සර ඒව වගේ නෙවෙයිනේ දැන් ඒවා ලේස් එකක් දාලා තව එකක් දාලා ඊටත් උඩින් තව එකක් දානවනේ. කොහොම හරි ඔව්ව ඔක්කෙම හිටගෙන කරන්න පුළුවන්ද? මං ඉතිං පෝරුව උඩින්ම වාඩිවෙලා කර්ටන් ටිකකේ කොකු හයිකරා. ඒකටත් පින නෑ. අපේ නැන්දා කෙනෙක් ඇවිත් කිව්වා හා හා බහින්න බහින්න ඕක උඩ නගිනන් හොද නෑ කියලා. බැහැලා ආවට වාඩි වෙන්න තිබුණේ සෙටි බෑග් එක හදපු පුටුව විතරයි. ඉතිං ඉදගත්තා ඒකෙන්. එපාර වෙන එක්කෙනෙක් ඇවිත් කියනවා අනේ අනේ දන්නැද්ද ඕකේ තනියම වාඩි වෙන්න හොද නෑ කියලා. ෂික් මේ මොන කරදරයක්ද මං ඔක්කොම රෙදි ටික අරගෙන නිවී සැනසිල්ලේ බිම ඉදගෙන වැඩේ ඉවර කලා.
ඔන්න ඉතිං මගබල බල හිටිය දවස උදාවුනා. ඇත්තම කියනව නම් මගුල් ගෙදරට සති 3කට විතර කලින් තමයී මම එදාට අදින්න ගවුමක් ගත්තේ.ඔය ගවුම 18 ගමනක් විතර ඇදලා කණ්නාඩිය ඉස්සරහ හැඩ බලබල තමයී හිටියේ ගනිපු දවසේ ඉදන්ම. ඕක මට තියෙන පුංචි පහේ රෝගයක් කියලා තමයී අපේ අයිය නම් කියන්නේ. අලුතින් ඇදුමක් ගත්තහම ඔය වගේ තමයී. ඒත් නැන්දා මගුල් දවසේ ඇහුවා කී පාරක් ගවුම ඇදලා හැඩ බැලුවද කියලා. අනේ ඉතිං එහෙම කලින් හැඩ බලන්නේ මගුල් දවසට මට මගේ හැඩ බලන්න වෙන්නේ නෑනේ අනිත් අයගේ හැඩනේ බලන්න වෙන්නේ ඒකයී. කොළඹින් ගොඩක් දෙනෙක් මගුල් ගෙදරට ගිහින් හිටියා. ඔන්න ඉතිං බට්ටි කෙල්ල හා හා පුරා කියලා පොඩි අක්කගේ වෙඩින් එකට එයාලට කියලා මේකප් එකක් දාගත්තා.(හරි හරි මං දන්නවා මේකප් කරාට උපන් කැත යවන්න බෑ කියලා නේ දැන් ඔයාලා හිතන්නේ. මං මේ බැලුවේ ඒක වෙනස් කරන්න පුළුවන්ද කියලා විතරයී.)
මගුල් ගෙදර දුවලා පැනලා මාත් වැඩ කලා. ආ වෙඩින් කේක් බෙදන්නයී Thank you card බෙදන්නයී දුන්නෙත් මට. ඔන්න මං ගැන වැරදියට හිතන්න එපා හොදද මං මුලින්ම කලේ මෙහේ ඉන්න යාළුවෝ 4 දෙනාට වෙඩින් කේක් පෙට්ටි 4යී මට Thank you card එකයී අරන් තියා ගන්න එක.
කට්ටිය කාලා බීලා ඉවර වුනහම තමයී හොදම හරිය. කොළඹින් ආපු අයයී මනමාලයගේ පැත්තේ ආපු සමහර අයයී අපේ ටික දෙනෙකුයී නටන්න පටන් ගත්තා. හොදම සිංදුවක් යද්දී තමයී නටන්න ගත්තේ. එකම එක සිංදුවයී ගියේ මෙන්න බොලේ ඊලගට වයසක අංකල් කෙනෙක් කියන්න පටන්ගත්තේ නැතැයී සැදෑසමයයී ජීවිතේ කියලා. එව්වට ඉතිං නටන්න තියා වැනෙන්නවත් පුළුවන්ද? එක සිංදුවක් ඔහොම වුනාට මොකද ඊලගට බෑන්ඩ් එක කියයී කියලා හිතුවේ. මොන වෙන එක්කෙනෙක් නැග්ගා ඒක ඊට එහා.ඊට පස්සේ ටිකක් සප්පයම් වෙච්ච මනමාලයගේ පැත්තෙන් ආපු එක්කෙනෙක් නැගලා සිංදු පෝලිමක් කිව්වා. මනමාලිටත් හොදටම කේන්ති ගිහින්. සල්ලි දීලා මං බෑන්ඩ් එකක් ගෙනාවේ එයාලගේ ගායනා හැකියාව ප්රදර්ශනය කරන්න නෙවෙයී කියලා එයා බනිනවා. එව්ව ඉතිං අපිට විතරයී ඇහුනේ. බැරිම තැන කොළඹින් ගිය කටකාර කෙල්ලෙක් ලගටම ගිහින් කිව්වා අයියෝ ඔයා ඕකෙන් පස්සෙවත් බහින්න කියලා. ඊට පස්සේ තමයී මෑන් බැස්සේ. ආයෙ ඉතිං නටන්න සිංදු 2ක 3ක් වගේ තමයී දාන්න වුනේ මොකද මංගල සභාව තියන්න ලෑස්තිකලා.
මංගල සභාවේදී ඔන්න ඉතිං බට්ටි සුපුරුදු පරිදී නා ගත්තා. ඒ කිව්වේ කේක් කෙසෙල් ගෙඩි අල්ලලා කේපි ඇල්ලුවේ මං. අන්තිමට ගෙනියපු වීදුරු ටිකේ හැප්පුනානේ අවු.35ක විතර පොඩි එකෙක් ඇවිත්. මොනවා කරන්නද? හොද වෙලාවට වැඩිය රස්නේ තිබුනේ නෑ. නැත්නම් ඉතිං ඉවරයී. ඇදුම තෙමිලා බේරුනා.එක වීදුරුවක්වත් වැටෙන්න නම් දුන්නේ නෑ.
කොයිතරම් සතුටින් හිටියත් පොඩි අක්කා අපෙන් සමුගෙන යන්න යන මොහොතේ ඇස් දෙකට ආපු කදුළු නතර කර ගන්නම බැරිවුනා. මං එයා බදා ගෙන හොදටම ඇඩුවා. අපේ අක්කටත් වඩා මට එයා ගොඩක් සමීපයී. මෙහේදී හැම වෙලාවෙම මාව බලා ගත්තේ එයා. එයා ආයේ කොළඹ එන්නේ නෑ. එයා මාව බදාගෙන කිව්වේ බට්ටියේ ඔයත් මං වගේම හොදට ඉන්න කියලා. උහුල ගන්න බැරි දුකක් වුනත් එයාගේ අනාගතේ වෙනුවෙන් කවදා වුනත් ඒ ගමන යන්න වෙන නිසා හිත හදා ගෙන මං මෙහාට වුනා.
හ්ම්ම් අපිට කේක් නැතැයි?
ReplyDeleteaparade ne lassana gawma.....
ReplyDeleteoyata oaya thiyenawai kiyana roogaya matat thiyenawa. alut edumak gattama keepa wathawak edala balanwamai. eeta amatharawa masekata wathawakwat thiyena adum tika ekin eka edala balana asawakut mata thiyenawa. :)
වෙඩින් එකක් දවසට අපිට කොයිතරම්නම් වැඩ තියෙනවද.. මම අපේ අක්කගේ වෙඩින් එක හරියට දැක්කේ වීඩියෝ එකෙන්...
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ ඇත්තම කියලා තියෙනවා. 18 පාරක් ඇන්දලු... ඔය ලෙඩේ තව ගොඩක් අයට තියෙනවා කියන්නෙ. බට්ටි යන දවසට නම් හැමෝම හිනාවෙයි මම හිතන්නෙ, හි හි...
ReplyDeleteකොහොමත් ඉතින් පෝරුවේ උඩ නගින්නෙ නැතුව කර්ටන්ස් දාන්න බට්ටිය උසයෑ...පෝරුවේ උඩ ඉඳලත් තව පත්තර කොලයක් උඩට නගින්න වෙයි.... ඇත්තටම බඳින්න කලින් පෝරුව උඩට නගින්න හොඳ නැද්ද ?? මලා...දිල්ගෙ හොඳම යාලුවගේ වෙඩිම දවසට කලින්දා රෑ පෝරුව උඩට නැගලා බැලුවනෙ...හික්ස්
ReplyDeleteඔයාටත් ඉතින් යන්නම වෙනවා
ReplyDeleteමටත් අපේ සුදු අක්ක කසාද බැඳලා යන දවසේ දුක හිතුනා
ReplyDeleteඑතකොට මම හිටියේ 7 වසරේද කොහෙද
හ්ම්ම්..පෝරුව උඩ නගින්න ලැබෙන්නේ ඉතින් එහෙමත් දවසක තමයි :)කවදාවත් පාගන්න තියා හිතන්නෙවත් නැති "හාල්" පාගන්නත් පුළුවන් එදාට විතරයි :)
ReplyDeleteමමත් ඉතින් ගමනක් යන්න අලුත් ඇදුමක් ගත්තොත් හත් අට පාරක්වත් ඇඳල බලල ඉවරයි ගමන යන්න කලින්..
ReplyDeleteඅනික අර මනමාලි ගෙදරින් යද්දි ඇඬෙන ලෙඩේ මටත් තියනවා..
මමනම් පොඩි කාලෙ පෝරුවක් උඩ නැගල තියෙනව. වෙඩින් එකට පස්සෙ කෙල්ලො දෙන්නෙක් එක්ක පෝරුව උඩ නැටුව. අපේ ලොකු අම්මගෙ වෙඩින් එකේදි. මම එතකොට 3 නැත්නම් 4 වසරෙ..
ReplyDelete@ වර්ණා
ReplyDeleteදෙන්නම් තව අවුරැදුගානකින් පස්සේ මගේ කේක්. හැබැයි ඉතිං එතකන් ඉවසන්න වෙනවා ඕන්න.
@ isimbuwa
ස්තුතියි මේ පැත්තේ ආවට. මං හිතන්නේ ඔයා අදයී ආවේ.
@Dinesh
ඒක නම් ඇත්ත. අන්තිමේදී ෆොටෝ වීඩියෝ ටිකෙන් තමයී මගුල් ගෙදර හැඩ බලන්න වෙන්නේ.
@ Shaggy
ඒක හොදයී හැම මගුල් ගෙදරම අන්තිමේ අඩන එක මගේ එකේදී වෙනස් වෙන කොට කාටද ආඩම්බර. හැබැයී ඉතිං ඒක එහෙම වෙන්නෑ කියල නම් 100% ෂුවර්
@ අක්කා
මුන්දෑ මාව හරියට දැකලවත් නැතුව තව පත්තර පිටුත් තියන්න කියනවනේ හැබෑට.
ඔව් අනේ කලින් නගින්න හොද නෑ කියලා මාත් එදා තමයී දැන ගත්තේ.
@ සජීව විජේවීර
ඒක නම් ඇත්ත. හැබැයී ඉන්න පුළුවන් කාලයක් ඉන්නවා.
@ ලොකු පුතා
කොහොම වුනත් බැදලා යනවා කියන්නේ අපෙන් දුරස් වෙනවා කියන එක තමයී.ඒක ලොකු දුකක්.
@සයුරි
ඔව් සයූ.හැම කෙල්ලෙක්ම හීන මවනවා නේ ඔය මොහොත උදා කරගන්නනේ.
@ සිත්රූ සිහින
මම නම් ඔය මගුල් ගෙදරකදී ඇඩුවමද කොහේද? හිතුවේ නැති තරම් ඇඩුනා.
@ සමනල් පැටියා
හානේ.. ඔන්න අපිනම් දන්නෑ. අපිට මොකෝ....හික්..
පෝරුවට කලින්ම නැග්ගහම සහකාරියක් නැතුව යන්නෙ නෑ නේද?
ReplyDeleteඅනේ මන්ද මාත් පොඩි කාලෙ ඉඳන් කීප වතාවක් පෝරුවල් වලට නැගල තියනවා..මගුල් ගෙවල් වල ගිහින්......
ReplyDeleteකවදද ඔයාගේ එක?
ReplyDeleteඉතින් ඇත්තටම ඔයා ඇඩුවද?ඔයාගේ එක පැමිණෙනතුරු බල සිටිමි
ReplyDeleteවෙඩින් කේක් කෙලි ටික දැන් නම් පුස් කාලත් ඇති මහිතේ. අපටත් කේක් කන්න මේ බට්ටියා කවදැයි බඳින්නේ ?
ReplyDelete@ සමනල් පැටියා
ReplyDeleteඑහෙම වෙන්නැතුව ඇති අනේ. මේ කට්ටියගේ මතනේ
@ වින්චැට්කිරිල්ලි
සමහර පෝරැ හරි ලස්සනයීනේ. එව්වා දැක්කහම ඉතිං නගින්න හිතෙනවානේ.
@ sAm (සෑම්)
මදැයී. ආපු පළවෙනි දවසෙම දාපු ප්රශ්නේ. මගේ එකද හරියටම තව අවුරැදු 5ක් විතර පහුවෙලා.
@ අසරණයා
ඒ කියන්නේ අපිව ෂුවර් නෑ නේ. මගේ එකට තව හුගක් කල් බලන් ඉන්න වෙනවා හැබැයී.
@ මධුරංග
බට්ටිගේ හීන හැමදාම මධු කියවනවනේ. එව්ව පිළිවෙලක් වෙච්ච දවසකට බට්ටි පිළිවෙලක් වෙනවා. අනිවාර්යයෙන්ම එදාට කේක දෙනවමයී.
මට ඉතිං අත්දැකීමක් තියෙන්නේ මනමාලයාගේ කකුල් හෝදලා විතරයි ඒකත් අපේ මාමාගෙයි නැන්දගෙයි වෙඩිං එකේ ඒ අවස්ථාවත් හම්බුනේ කුසපත් ඇදීමක් කරලා හි හි කරපු හොරේ මමනේ දන්නේ කොහොම හරි මුද්ද ගත්තට පස්සේ කොල්ලා මිසිං ඇදපු ඇදුමුත් නෑ(වෙලාවට ගෙදර වෙඩිම තිබ්බේ) කාටද පුළුවන් අප්පා කාස්ටක අව්වේ ෆුල් කිට් ගහං ඉන්න හැබැයි ඒකෙන් මේකෙන් වෙඩිමෙ මම හිටියේ එක ෆොටෝ එකක විතරයි.
ReplyDeleteහැබැයි ඉතිං වෙඩිමේ හැමෝම හෙනට ඇඩුවා මට ඉතිං මොකෑ මට මුද්ද හම්බුනානේ මට තාමත් ප්රශ්නේ ඇයි අඩන්නේ කියන එක??? මනමාල මාමානම් ෆුල් හැපියේ හිටියේ
@ ගැමියාගේ පත් ඉරුව
ReplyDelete:D
ඒක තමයි. මම බය වුනා හොඳටම..
ReplyDeleteහේ හේ
ReplyDeleteඔය වගේ එව්වටත් බයවෙනවද අනේ