මෙච්චර දවසක් මග බලාගෙන හිටියේ ගමේ යන්නනේ. ඔන්න ඒ දවස ආවා.
එදා 2010 මැයි 28 වෙනිදා. හරියටම වෙසක් පෝයට පස්සෙන්දා. තිබ්බ ඇදුම් දෙකතුනක් බෑග් එකට දාගෙන අම්මා එක්ක එළියට බැහැලා ආවේ හරියටම එදා තමයී. දහදුක් විදලා නොකා නොබී මහන්සියෙන් ගොඩනගා ගනිමින් හිටිය මගේ ෂොප් එකේ ඇදුම් යූරිය බෑග්වලට දාලා ඒවගේ කට ගැට ගැහුවේ ‘සාම්ප්රධායෙන් ඔබ්බට’ කියන ආදර්ශ පාටයෙන් කරගෙන ආපු මගේ පළවෙනි බිස්නස් එක පුස්කාලා යද්දෙන් කියලා හිතෙන් හිතන ගමන්. එදා එහෙම එළියට බැහැලා ආවේ ඇයි කියලා මට දැන් කියන්න බෑ. මගේ ජීවිතේ එකින් එක ඔයාලා වෙනුවෙන් ලියද්දී ඒ හැමදෙයක්ම විස්තර ඇතුව දැන ගන්න ලැබෙයී.
ජපානේ ඩිස්නිලන්තේ ගමේ පහල වුනත් යන්නේ නෑ කිව්ව මං මේ ගමන ඇගිලි ගැන ගැන ඉදලා ගමේ යනවා. සමහර විට මං වචන වෙනස් කරන කෙනෙක් වෙන්න ඇති. මං දන්නේ නෑ හිත හයිය කර ගෙන හිටිය මං ඇයි මේ යන්නේ කියලා.
කොහොම වුනත් ඒ හයිය හිත දිය වෙලා ගිහින් සිංහල අලුත් අවුරැද්දටවත් ගමේ නොගිය මං ගමේ යනවා. මගේ හදවතේ ඉන්න හැමෝටම තෑගි අරගෙන පාට පාට කොළවල හරි ලස්සනට ඔතලා ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. බට්ටි මේ ගමන යන්නේ හුගක් සතුටින්. බට්ටි දැන් හොද ස්ථාවරත්වයක ඉන්නවා. බට්ටි වැටෙන්න ඕන අඩියටම වැටුනා. ඒත් මං නැගිටිනවා. අඩියෙන් අඩිය නැගිටිනවා. කවද හරි දවසක මගේම කියලා කාර් එකක් ගේ ඉස්සරහ නවත්තන්න පුළුවන් තත්වෙකට මං එනවාමයී.
කියන්න පටන් ගත්තේ වෙන දෙයක්. ඒත් ලියන්නේ වෙන දෙයක්. මං මේ කියන්න හිටියේ අර ගමේ යන්න මට තිබුණ කෙට්ටු ප්‍රශ්නේ හිත හදා ගන්න පුළුවන් තරමින් විසදුනා කියලා. වෙනදට වඩා හොදට කෑවා. ආ රටඉදි ගෙනැත් උදේ හවස දෙකේම කෑවා. දැන් අක්කා (දිල්) කියපු මගේ තියෙන්න ඕන බරට තව අඩු කිලෝ 4යී.ලබන පාරවෙද්දී ඒ ටිකත් කොහොම හරි හදා ගන්න මහන්සි වෙනවා.
නෙට් නම් එන්න වෙන්නේ නෑ. අඩු ගානේ මගේ ෆෝන් එකට සිග්නල් තියෙද කියලත් ෂුවර් නෑ. හරි හරි ඒවා එහෙම වුනත් මං ගිහින් එන්නම්කෝ. හැමෝම සතුටින් ඉන්න. ඇවිත් ලියන්නම් විස්තර. අවුරැදු 1 ½ පස්සේ දැක්ක මගේ ගම ගැන.
බුදු සරණයී හැමෝටම !
හ්ම්ම් සතුටුයි අක්කේ, යන්න, අපි ඉපදුනු තැන අපිට කවදාවත් අමතක කරන්න බෑ, කරන්නත් හොද නැහැ, . ඔයාට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteඔය තියෙන්නෙ...එහෙනම් අවුරුදු එකහා මාරකට පස්සෙ බට්ටි නමෝ විත්තියෙන් ගමේ යන්නෙ අත පිරෙන්න උස්සාගෙන...ඔයා හොඳ දුවෙකුගේ වගකීම ඉටු කරන බට්ටියා.... අපිට ආඩම්බරයි ඉතින්.....
ReplyDeleteජය වේවා. ගමේ ගිහින් එනකොට අපිටත් මොනවා හරි ගේන්න...:)))
ReplyDelete@ වර්ණා
ReplyDeleteස්තූතියි නංගී.
@ අක්කා
අක්ක දන්නවනේ බට්ටිගේ හීන.බට්ටි හිතන විදිය හැමදේම.මං හරි වෙනස් කෙනෙක්. චුට්ටක් හරි මට ආදරේ අයට පැලෙන්න ආදරේ කරන කෙනෙක් මම. අක්කේ ඔයා ඉන්නවා නේද මේ නංගීව බලාගන්න හැමදාම ලගින්?
@ නිසුපා අක්කා
දැන්මම ඒව්වා කොල් කරලා ඕඩර් කරලා තියෙන්නේ. ගෙදර අක්කට කිතුල් හකුරැ.අත්තම්මට පැණි, තව පොඩ්ඩි අක්කට වැලිතලප, අනිත් අයට නාරං කැවුම්. ඔයාට මොනාද ඕන කියන්නකෝ.
ම්ම්ම්ම්ම්... සංතෝසයි බට්ටියෝ!!! ජය වේවා!! වගකීම්, යුතුකම් දන්න, ගුනයහපත් කෙල්ලෙක්ට ජිවිතේ කවදාහරි කිරි උතුරන්වා...:)
ReplyDeleteමටත් ඕනෙ නාරං කැවුම්...:)
ප.ලි- මටත් කියන්නකෝ මහත් වෙන්න ක්‍රමයක්..:(
" කවද හරි දවසක මගේම කියලා කාර් එකක් ගේ ඉස්සරහ නවත්තන්න පුළුවන් තත්වෙකට මං එනවාමයී.."
ReplyDeleteඅන්න ඒ ප්‍රාර්ථනාව වැඩි කාලයක් නොගිහින්ම ඉටු වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ
නංගිටත් බුදු සරණයි. බට්ටි නංගි මහත් වෙන්න ට්‍රයි එකෙ නේ. මම නම් කෙට්ටු වෙන්න ට්‍රයි කරනවා. කොහෙද ඉතින් අපේ ජොබ් එකත් එක්ක කෙට්ටු වෙන්නේ. :(
ReplyDeleteබුදු සරණයි. ගිහින් එන්න.
ReplyDeleteමේ දවස් වල අපිත් ගම රට ඇවිත් ඉන්නෙ.
henryblogwalker the Dude.
එහෙනම් ගිහින් ඇවිත් අපිට විස්තර කියන්නකෝ....රට ඉඳි නිකන්ම කනවට වඩා හොඳයි කෝලිකුට්ටු ත් එක්ක එකට කෑවම...අත්දුටුවයි...:)
ReplyDeleteබට්ටි මගෙන් සුභ පැතුම් ඔයාට..පරිස්සමෙන් ගිහින් එන්න...
ReplyDeleteජය ජය ගමේ ගිහින් එන්නකෝ,මතක ඇතුව රට ඉඳි ස්ටොක් එක අරගෙන යන්න...
ReplyDeleteපරිස්සමින් ගිහින් එන්න
ReplyDeleteගම කියන්නේ ලේසියෙන් අමතක කරන්න බැරි තැනක් බට්ටියේ,,,,
ගිහින් ඇවිත් විස්තර කියන්නකෝ....
ඇයි..මට...මට...
ReplyDeleteමට කළු දොදොල්.....
හැම හීනයක්ම එකින් එක ඉශ්ඨ වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරන්නම්කො. පරිස්සමෙන් ගිහින් එන්න
ReplyDeleteජීවිතේ ලස්සන වැටි වැටි නැගිටිනකොට තමයි බට්ටි...
ReplyDelete