December 19, 2011

ගමනේ විත්ති...

14 වෙනිදා 11.30 වෙනකල් වැඩ කරලා තමයි යන්න පිටත් වුනේ. ගෙදරට යද්දී හරියටම 5.30 .ගමනේ දුර එහෙනම් ඔයාලා හිතා ගන්නකෝ. ආ කලින් පෝස්ට් එකේ ලියන්න බැරි වුනානේ මං ඇයි මේ කලබලේ ගමේ ගියේ කියලා. අපේ ලොකු අම්මගේ දුව ඒ කියන්නේ මං මේ දැන් කරන ජොබ් එක මට හොයාදුන්න අක්කා එයාගේ වෙඩින් එක තිබුනා.  ඒකේ විස්තර තමයි වැඩි පුරම කියන්න තියෙන්නේ.
අලුත් අවුරැද්දට ගෙදර ගියේ නෑනේ. පුංචි ගැස්මක් හිතේ තිබුණා. කෝක වුනත් කමක් නෑ කියලා ගිය ත්‍රීවිල් එකෙන් මං බැස්සා ගෙදර ඉස්සරහම. අම්මා මගුල් ගෙදර ගිහින්. තාත්තා විතරයී ගෙදර හිටියේ. වෙනසක් නෑ. තාත්තත් එක්ක මං කතා කලා. හිතේ කිසිදෙයක් නැතුවම. මගුල් ගෙදර ඇදන් යන්න තාත්තට මොකද්ද තියෙන්නේ කියලා ඇහුවහම සුදු ෂර්ට් එකකුයී, කලිසමකුයී පෙන්නුවා. ඒ දෙක ටිකක් පරන නිසා මං බලෙන්ම ත්‍රීවිල් එකක් අරන් ගිහින් අලුතින් ෂුට් එකක් අරන් දුන්නා. සපත්තු දෙකක් අම්මා ගෙනැත් තිබුණා. බෙල්ට් එකකුත් තියෙනවා කිව්වා. ‍තව ඕන  කිව්වේ මේස් දෙකක් විතරයී. මං ඒවා අරන් දුන්නා. 

කියන්න විස්තර නම් ගොඩයී මගේ යාළුවනේ. ඒත් දවස් ගානක් මං නැතුව මෙහේ වැඩ ගොඩ වෙලා. ඒක නිසා මං අනිත් විස්තර ටික කියන්නම් ඉක්මනින්ම වෙන පෝස්ට් එකකින්. කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හැමෝටම හුගක් පිං. ඔයාලගේ වචන මට ගොඩක් වටිනවා. ආ අර කිව්ව දේවල් සේරම අරන් තඩි බෑග් එකක් උස්ස ගෙන ආවේ. ඒත් ඔයාලට දෙන්න විදියක් නෑනේ. ‍අඩුගානේ ෆොටෝ එකක්වත් දාන්න බෑ. මාමලයී මල්ලිලා ඔබලා ෆෝන් එක මොකද්ද වෙලා .ෆොටෝ ගන්න බෑ. එහෙනම් මං නවතිනවා. බනින්න එපා. මෙහෙම මේ පෝස්ට් එක කෙටිකරාට. වැඩ ගොඩයී. ඒකයී.

8 comments:

  1. ඔක්කොම වැඩ ඉවර වෙලා ඉක්මනින් එන්න අක්කේ,

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්... හොඳ දුවක්.කික්මණින් වැඩ ඉවර කරලා එන්නකෝ

    ReplyDelete
  3. නිවාඩු පාඩුවේ විස්තර කියන්නකෝ අක්කේ...

    ReplyDelete
  4. වැඩ ටිකක් අඩු උනාම ඇවිත් කියන්නකො විස්තර......

    ReplyDelete
  5. හොඳ දුවෙක්....
    නිදහසක් ලැබුනම ගමනේ විස්තර ලියන්නකෝ

    ReplyDelete
  6. විවේකය ලැබුණු ගමන් අපට කතන්දරේ ඕනමයි ඔන්න...

    ReplyDelete
  7. ඒක තමා පහුගිය ටිකේ දකින්න ලැබුනේ නැත්තේ.
    අනිත් ලිපියත් කියවලා එන්නම්.

    ReplyDelete