ජීවිතේ හුගක් විදපු චුට්ටක් විතර විදවපු තව එක අවුරුද්දක් ගෙවිල යන්න තව තියෙන්නේ හරිම පුංචි පැය ගානක් විතරයී. බට්ටි බ්ලොග් ලෝකෙට පය තියපු 2011 බට්ටිට නම් මහහුගක් වටිනවා. හැමදාම බට්ටි හිටියේ තියෙන ටික ඇති කියලා සතුටින්.
හිතේ තිබුණ හුගක් දේවල් ඉටුනොවුනත් නොහිතපු දේවල් බට්ටිගේ ඉටුවුනා. බට්ටි හිතන් හිටියෙම නෑ ගෙදර යන්න. ඒත් බට්ටි ගියා. ඒක මට ලොකු සතුටක්.
ජීවිතේ කියන්නේ සතුට. සතුට විතරමයී.
බට්ටි අඩියෙන් අඩිය නැගිටින්න වෙර ගනිද්දී මෙහේ මං ඉන්න ගෙදර අක්කා ඒකට ලොකු හයියක් වෙනවා කියලා මම ඔයාලට කියන්නම ඕන. ලගම නෑයෙක් නොවුනත් මට ටිකක් දුරින් නෑයෝ වෙනවා. අද කාලේ හැමෝම ඕනම දෙයක් කරන්නේ මොකක් හරි වාසියකට. ඒත් මම නැවතිලා ඉන්න ගෙදරට ඇත්තම කියනව නම් අද වෙන තුරු කිසිම මුදලක් දීලා නෑ. ඒ වගේම ඒ අය මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට හැම වෙලාවෙම කියන්නේ මගේ දෙයක් කර ගන්න. කවද හරි එහේ ඉදලා රෝයල් වෙඩින් එකක් අරගෙන යන්න ඒක තමයී එයාලට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග කියලා.
අපේ සුද්දී ගැන කියන්න බැරි වුනානේ. මගේ මෙහේ ගෙදර ඉන්න හුරතලී. මගේ නංගා පැටියා. ඇත්තමයී මගේ ජීවිතේ හුගක් දුක තුනී කරන්න අපේ නංගා පැටියා හරිම දක්ෂයී. තාම P Grade ඉන්නේ.එයාගේ හුරතල් වැඩ ගැන ලියනවනම් මට ඒ වෙනුවෙන් වෙන බ්ලොග් එකක් හදන්න වෙනවා. ආ කියන්න බැරි වුනානේ එයා හොද ඉංග්රීසි මිස් කෙනෙක්. අම්මටයී මටයී අත්තම්මටයී ඉංග්රීසි උගන්නනවා. අම්මෝ ඒ වෙලාවට නම් හරිම වසයී. වැරදිලා හරි සිංහල කතා කලොත් වයී යූ ටෙල් සිංහල ? යූ ගෝ ගමේ ස්කූල් කියනවා. ඒක නම් එයාට පොඩි වරදක් කලත් අම්මා කියන දෙයක්. හැබැයී ටීචර් කොයි තරම් හොදයිද කියනව නම් සිංහල කතා කරන්න බැරි නීතිය අත්තම්මට දාලා නෑ.
වැඩ පලේදී නතර වෙලා ඉන්න තැනදී දුක හිතෙන දේවල් වෙන්නෙම නැත්තේ නෑ. එහෙම වෙනවා. ඒත් කොහොමත් ඒක ලෝක ස්වභාවය අංග සම්පූර්ණ කිසිම දෙයක් නෑ. මට දුක හිතුන වෙලාවට මම එකම කෙනෙක්ට මැසේජ් එකක් යවලා කියනවා. හැබැයී ඉතිං රිප්ලයී නම් නෑ. ඒ එයාගේ හැටි. මට මොකෝ මටත් ඕන මේ හිරවෙලා තියෙන හිත නිදහස් කර ගන්න නේ. ඕව කියද්දී බනින කෙනෙක් නැතුව එහෙම සද්ද නැතුව ඉන්න කෙනෙක් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?
බ්ලොග් එකේ යාළුවෝ හැමෝටම හුගක් පිං මා එක්ක ඉන්නවට. නම් වශයෙන් කියන්නේ නෑ. එක නමක්වත් මග ඇරුනොත් කියලා මට බයයී.
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මගේ හිතේ තියෙන පැතුම් වගේම ඔයාලා හැමෝගෙම හිතේ තියෙන හැම පැතුමක්ම 2012දී ඉටුවේවා කියලා බට්ටි හදවතින්ම ප්රාර්ථනා කරනවා.
සුභ නව වසරක් වේවා බට්ටි..තව තවත් ජයග්රහණ ලැබේවා කියලා..
ReplyDeleteවැදුනත් හිසට හෙණ
ReplyDeleteදත් ටික ඇතොත් ඇති තැන
නොතකා හෙණය ගැන
ඔබ සිනා සිය යුතුය උඩ පැන :)
ජය සහ ආයු බොහෝ වේවා!!!
ඔයාටත් සුභ නව වසරක් වේවා බට්ටි....
ReplyDeleteලබන්නාවූ නව වසර බට්ටි අක්කට කිරියෙන් සහ පැණියෙන් ඉතිරේවා...! ජීවිතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ReplyDeleteඔබටත් පවුලේ අයටත් 'සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!'
ReplyDeleteසුබ නව වසරක් වේවා බට්ටී...!!!
ReplyDeleteමේ අළුත් අවුරුද්ද අක්කට සුභ සුභ වසරක් වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා..
ReplyDeleteජීවිතය විඳවන්නෙ නැතුව, හිතූ පැතූ ලෙසම විඳ ගන්න...ජය ගන්න....ආත්ම ශක්තිය ලැබේවා..!!
ReplyDeleteවේවා වේවා...ඔය කියන හැටියක්ම වේවා..!
ReplyDeleteබට්ටිටත්, ඔයාගෙ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteලබන්නාවු නව වසර බටි නංගිටත් එයාගේ පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවායි පතන්නෙමු !!!
ReplyDeleteබට්ටි අක්කිටත් සුභම සුභ නව වසරක් වේවා,,
ReplyDeleteඅර රෝයල් වෙඩින් එකට අපිට අඩගහන්නේ නැති වෙයිද මන්දා :((
සුභ නව වසරක් බට්ටියේ...
ReplyDeleteඔයාටත් සුබ නව වසරක් බට්ටි...
ReplyDeleteබට්ටිගෙ හිතේ තියෙනෙ හැම පැතුමක්ම වසරෙදි ඉටු වෙන්නට ඔන්න මගෙනුත් සුබ පැතුම්.. :-)
ReplyDeleteකිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!! වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර වේවා!!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteබට්ටිටත් සුබම, සුබ අලුත් අවුරුද්දක් වේවා...:D
ReplyDeleteපිපෙන මල් වල පාට අරගෙන
ReplyDeleteසිතුවමක් ඇද
නුඹේ හිත මත
ගයනු මැන ගී තුටින් හැම කල....
මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා
හැමෝටම
ReplyDeleteපහන් සිලක් සේ නෙතු දැල්වේවා!
නෙළුම් විලක් සේ සුවද සැදේවා!
වසන්තයක් සේ දිවි සරු වේවා!
මේ නව වසරේ කිරි ඉතිරේවා!
එහෙනම් අලුත්න් අවුරුද්ද කුක්කු වලින් පැනි වලින් ඉතිරිලා කූබි වහන එකක් වෙවා.
ReplyDeleteමුවග සිනහා ඇදීයන්
ReplyDeleteනෙතග කදුළැලි මැකීයන්
බිදුණු හදවත් බැදීයන්
වසර බට්ටිට සුභම වීයන්..
2012ට මගෙනුත් සුභාසිරි බට්ටියේ..
සුබ නව වසරක් වේවා !
ReplyDeleteබට්ටිටත් සුබම, සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteසත් සිත් සතන් තුටු වන
ReplyDeleteදුක් දොස් දුරෙන් දුරු වන
යස සැප සියල් ලං වන
සෞභාග්යයයෙන් සපිරි
සුබ නව වසරක් වේවා!!
ආයු බෝ වේවා!!! :)
බට්ටිට බට්ටෙක් ලැබේව!!දැනටම ඉන්නවද දන්නේ නැහැ...
ReplyDelete