මිනිස්සු කියන්නෙ
හරිම පුදුම ජාතියක්. ඒ මිනිස්සුන්ගෙ හිත් කියන්නේ හිතන්නවත් අමාරු තරමටම මහම මහ
පුදුම දෙයක්. ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු එකි නෙකට කොයි තරම් වෙනස්ද? රූපෙන් ,
තරාතිරමෙන්,සිතුවිලි වලින් ඒ හැමෝම එකිනෙකට වෙනස්. කෙනෙක් එක දෙයකට හුගක්ම ආසයි
අනිත් කෙනා ඒ දේට පොඩ්ඩක්වත් ආස නෑ. හරියට මේ වගේ.අපේ තාත්තා බණ්ඩක්කා කන්න ආසම
ආසයි. හැබැයි ඒව හැදුවොත් මම එදාට කන්නෙ නෑ. එකම විදියට ලේ මස් නහර වලින් හැදුනත්
කොයිතරම් මේ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවද..?
අනිත් දේ තමයි
මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිය. එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු නොවීම. තමන්ට නැති
දේ ගැනයි හිතන්නේ. අනේ එයාට ලස්සන කාර් එකක් තියෙනවා මට නෑ නේ. ඉතිං ඉන්නෙම හිතෙන්
විදව විදවා දුකින්. එයා ලග තියෙන බයික් එකේ අගය යටපත් වෙලා නැති දේ ඇති අගේ ඉස්මතු
වෙනවා. හැබැයි මම කියන්නෙ නෑ තමන්ට නැති දෙයක් ලබා ගන්න හීන මවන එකේ වරදක් තියෙනවා
කියලා. ඉන්න තැනට වඩා තැනකට යන්න, තියෙන දේවල් වලට වඩා සැපපහසු දේවල් ලබා ගන්න
අවශ්‍යතාවක් ඇති කර ගෙන වැඩ කලොත් කවදාවත් එක බැරි වෙන්නෙත් නෑ. මොකද ලෝකය දිනලා
තියෙන්නේ අඩියෙම හිටපු මිනිස්සු. ඒත් තියෙන දේ අගයක් නැතුව නැති දේ ගැන හූල්ල
හූල්ල ඉන්න එක නම් මහම මහ මෝඩකමක්. සමහර මිනිස්සුන්ට කොයි තරම් තිබුණත් කටේ
තියෙන්නෙම නෑ. ඇහුවොත් නෑ. අරකට අච්චර යනවා මේකට මෙච්චර යනවා. අනේ අරක නෑ මේක නෑ
කියලා තමයි කියන්නේ. මම නම් තියෙද්දිත් නෑතිවාදන් කියන මිනිස්සුන්ට නම් කැමතිම නෑ.
බට්ටිට මහ හුගක් නැති වුනාට තියෙන ටික ඉහටත් උඩින් ඇති. බට්ටි කවදාවත් අනේ මගේ අතේ
සතේ නෑ කියලා අද තාවනතුරු කියලා නෑ. ඒ ආශිර්වාදෙන්ද කොහේද අද තාවනතුරු නැති වෙලත්
නෑ. ඔන්න ඔය හේතුව නිසා තමයි බට්ටිගෙ ගෙදර අය බට්ටිට මහ බැංකුව කියන්නේ. මොකද ඒකෙ
නැතිවුනත් මයෙ ලග නැතිවෙන්නෙ නෑ කියනවා ගෙදර අය කියනවා.
මිනිස්සුන්ගෙ තවත්
දෙයක් තමයි තමන් පහත් කොට සිතීම. ඒ කියන්නේ එයා තමයි වැඩ්ඩා එයා තමයි පොර කියලා
හිතලා අනේ මම එහෙම නෑ කියලා හිතින් තැවෙනවා. මේකට ලස්සන උදාහරණයක් නිතර කඩේට එන
ටියුෂන් සර් කෙනෙක් මට කිව්‍වා.
‘‘එක්තරා රටක හිටියලූ
ගල් වඩුවෙක්. ඉතිං මේ මනුස්සයා මේ විදියට ඉන්නකොට මෙයාට ඕන වුනාලු පොරක් වෙන්න.
එහෙමත් නැත්නම් වැඩ්ඩෙක් වෙන්න. එයාට පෙනුනලු සල්ලි තියෙන මිනිස්සු තමයි පොරවල් කියලා.ඉතිං
මේ මනුස්සයා මහන්සි වෙලා මහන්සිවෙලා සල්ලි එකතු කරාලූ. එහෙම එකතු කරලා ලොකුම ලොකු
සල්ලිකාරයෙක් වුනාලු. ඉතිං ඔය විදියට සල්ලිකාරයෙක් වගේ ඉන්න කොට ඒ රටේ රාජ්‍ය
සේවකයො යද්දි මෙයාට කොයිතරම් සල්ලි තිබුණත් ඒ අයට ඔළුව නමලා ආචාර කරන්න වුනාලු.
ඉතිං මෙයා හිතුවලූ සල්ලිකාරයෙක් වෙලා වැඩක් නෑ රජතුමාගේ සේවකයෙක් වෙන්න ඕන එයාල
තමයි පොරවල් කියලා. ඒගමන සේවකයෙක් වෙලා දක්ෂතා පෙන්වලා තනතුරුවලින් ඉහලටම ගියාලු.
මෙයා දැන් ගමන් බිමන් යන්නෙත් දෝලාවෙන්ලූ. ඔහොම දවසක් යද්දි දොලාවෙ ආවරණයෙන් ඇතුලට
ඉර එළිය ඇවිත් මූණට වැටෙනවලූ. ඉතිං මෙයා පහත් වෙවී එහෙ මෙහෙ වෙවී ඉර එළියට මුවා
වුනාලූ. ඒ ගමන මේ මනුස්සයට හිතුනලූ ඉර තමයි වැඩ්ඩා කියලා. එහෙම හිතලා ඉර වුනාලු.(දැන්
ඉතිං අහනවා නෙවෙයි කොහොමද මිනිහා ඉර වුනේ කියලා. මේක කතාවක් අලී. මොකද ඔය පුරස්නෙ
මාත් අහලා එයා කිව්වෙත් ඕක. :D) දැන් ඉතිං මෙහෙම ඉර වෙලා ඉන්න කොට
එක දවසක් කළු වළාකුලක් ඇවිත් මෙයාව වැහුනලූ. ඒ ගමන හිතුවලූ අනේ ඉර නෙවෙයි වැඩ්ඩා
කළු වළාකුල තමයි කියලා. එහෙම හිතලා වුනාලූ කළු වළාකුලක්. එහෙම වෙලා ඉන්නකොට මෙයාට
නිකන් දැනෙනවලු තමන්ව කවුරු හරි තල්ලු කරනවා වගේ. ඒ ගමන් බැලුවලු කවුද ඒ කියලා. බැලින්නම්
සුළගලූ. ඉතිං හිතුවලූ කළු වළාකුල නෙවෙයි වැඩ්ඩා සුළග තමයි කියලා සුළග වුනාලු. සුළග
වෙලා ඉන්නකොට එයාව මහ ලොකු දෙයක හැප්පිලා විසිවෙනවා වගේ දැනුලාලූ. ඒ ගමන හොයල
බැලුවලු ඇයි කියලා. බලද්දි ඒක ලොකුම ලොකු කළු ගලක්ලූ. හරි කළු ගල තමයි වැඩ්ඩා
කියලා මෙයා කළු ගලක් වුනාලු. ඔය විදියට කළු ගල වෙලා ඉන්නකොට එයාට දැනුනලූ තමන්ව ටික ටික අඩු වෙනවා පුංචි වෙනවා කියලා.
හොයලා බැලුවලූ මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්නෙ ගල් වඩුවෙක් ගල ටිකටික කඩන නිසා
කියලා මෙයා දැන ගත්තලූ. ඒක දැන ගෙන ගල් වඩුව තමයි වැඩ්ඩා කියලා ගල් වඩුවෙක්
වුනාලූ. ඉතිං මෙයා වටේ කැරකිලා ආයෙම ආවෙ හිටිය තැනටමයි. එතකොට තමයිලු තේරුනේ බලන්
යද්දි එයාත් වැඩ්ඩෙක් තමයි කියලා”
ඉතිං බලන් යද්දි
අපිත් ඒ ඒ පැතිවලින් පොරවල් නෙවෙයිද?
ප.ලි. පොස්ටුවක්
ලියන්න හිතන් හිටියට ඒක කරගන්න බැරි තරමට පන්තියේ වැඩ තිබ්බා. ඒකයි පමාවුනේ. ඔන්න
20 වෙනිදා බට්ටි කිව්ව හීනෙ හැබෑ වුනා. ඒ
තමයි බට්ටිට ලැප් ටොප් එකක් ලැබුනා. බට්ටිට ඉන්නෙ එක අක්කෙකුයි එක අයියෙකුයි.
අක්කා ඉන්නෙ මැලේසියාවෙ. ඉතිං බට්ටිගෙ අක්කා තමයි හීනෙ හැබෑකලේ. තාත්තා අක්කා අත
ඇරලා කොළඹට ඇවිත් ජපානෙ ඩිස්නිලන්තෙ පහල වුනත් ගෙදර අයෙම යන්නෑ කිව්ව මගේ හිත
වෙනස් කරලා ගෙදර අය එක්ක එකතු කරන්න ඉන්න ගෙදර අක්කා හුගක් මහන්සි ගත්තා. නිතරම
කිව්වෙ ගෙදර අයගෙ මොනව වරද තිබුණත් ඒ අය නැතුව අපිට ජීවිතයක් නෑ බට්ටො කියලා. ඒ මග
පෙන්වීමෙන් බට්ටිගෙ සිතුවිලි වෙනස් කරගත්තා. තාත්තා අක්කා ගෙදර හැමෝම එක්ක
එකතුවුනා. ඉතිං මට ලැබුණ ලැප් ටොප් එක ලැබුණෙත් ඉන්න ගෙදර අක්කා මාව නිවැරදි ට්‍රැක්
එකට දාපු නිසා. ඉතිං අවුරුද්දකට විතර කලින් දැකපු හීනෙ එළිය කල මගේම අක්කට ස්තූති
කියන්න මගේ ලග වචන නෑ.මට වගේම අම්මටත්. මේලෝකෙ මගේ හීන එළිවෙද්දි මට වඩා සතුටු
වෙන්නෙ අම්මා. ඉතිං අක්කා ලැප් ටොප් හීනෙ
එළි කරද්දී මගේ ජීවිතේට මහ හුගක් සමීපකෙනෙක්
ඩොන්ගල් එකක් අරන් දුන්නා.ඒ වගේම ලැප් එක් අඩුපාඩු හදලා පන්තියෙ වැඩයි අනිත් වැඩයි කර ගන්න පුළුවන් විදියට සෝෆ්ට් වෙයා දාලා ලැප් එක පාටිෂන් කරල දුන්නෙත් හෘදයාංගම හිතවතෙක්. ඉතිං එයාලට හැමෝටම මහ හුගක් පිං.දැන් ඉතිං බට්ටි හරිම
සතුටින්.
මේ සතුට සමරන්නම ඕනනේ. දුකේදි සැපේදි ලගින් ඉන්න මගේ යාළුවො ටික එක්ක ඇරෙන්න වෙන කා එක්ක සතුට සමරන්නද? මෙන්න බට්ටිගෙන් හැමෝටම අද කේක්. මමත් පොඩි කෑල්ලක් කපා ගත්තා. කට්ටිය තා නෑනේ...
චොකලට් හැමතැනම ගාගනිපු අය අත් පිහිදාගෙනම යන්න.:D :D
කතාව නම් එලය.100% සත්තයි.අපේ එක බඩ වැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ උනත් අපිට වඩා ගොඩක් වෙනස්.මේ ලෝකේ හැම මනුෂයෙක්ම එකිනෙකට වෙනස්,එහෙම වෙන එකත් හොදයි.නැත්නම් හැමෝම එකම විදියට හිතන්න පතන්න ගත්තහම,මේ ලෝකේ දියුණු වෙන එකකුත් නෑ.හිතවත්කම් බැදීම් තුල කිසිම රසවත් බවක් තියන එකකුත් නෑ.අර අසීමිත ආශාව ,ලද දෙයින් සතුටු නොවීම,ඔය දේ නැතුවමත් බෑ.ගානකට තියෙන්න ඕනේ.ආශාවන් තුල තමයි මිනිස්සු දියුණු වෙන්නෙත්.බයිසිකලයක් නැති කෙනෙක් අමාරුවෙන් බයිසිකලයක් ගන්නවා,ඊට පස්සේ බයික් එකක්,කාර් එකක්,වෑන් එකක් ඔය වගේ ටිකෙන් ටික ඒ මනුස්සය දියුණු වෙනවා ,ඒ ඉතින් ආශාව නිසානේ.ඕක වැඩි උනාම ඉතින්,ඉරිසියාව,තණ්හාව,ෛවරය දක්වාම යනවනෙ,අන්තිමට විනාශය තමයි.
ReplyDeleteලැප්ටොප් සිහිනය සබැ උණු එකනම් ගොඩක් සතුටු දායක ආරංචියක්. දැන් ඉතින් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් පොස්ටු ලියවෙයිනේ.ඕක ඉතින් මගෙත් සිහිනයක්,මගේම කියල ලැපක් ගන්න පෙරුම් පුරමින් ඉන්නෙ.
ගෙදර අයත් එක්ක ආයිත් යාලු උන එකනම් ඊටත් වඩා සතුටු දායක ආරංචියක්...මට නම් කාත් එක්ක තරහ උනත් අපේ අම්මත් එක්ක තරහ වෙන්න නම් බෑ...අම්ම තමයි මගේ මුළු ලෝකෙම.අම්මටත් එහෙම තමයි.
අනවශ්‍ය විදියට කාගෙවත් හැකියාවන් ගැන කියව කියව ඉන්නවට වඩා තමන් තුල තියන හැකියාවන් අවදි කර ගන්නයි,දියුණු කර ගන්නයි තමයි වැඩ කරන්න ඕනේ.හැමෝම තුල හැකියාවන් තියනවා.කවුරුත් නිකමෝ නෙවෙයිනේ.හැබැයි අනිත් අයගේ හැකියාවන් අගය කරන්නත් පුරුදු වෙන්න ඕනෙ.ඉරිසියා නොකර..
කේක් එක දැක්කහමනම් ඔක්කොම කන්න හිතුන,ඇයි අඩේ මේක චෝකලට් එකක්නේ.පව්නෙ අනිත් අයටත් තියන්න ඕන නිසා ඔන්න කැල්ලක් කෑවා.හලිම ලසයි හොදේ...
කේක් කාල මම ලේන්සු දෙකක්ම ගත්ත...ලේන්සු හලිම ලත්තනයි..චෝකලට් පිහදලා ලස්සන ලේන්සු කැත කරන්න හිතෙන නෑ...එක නිසා ඇගිලි වල ගැවුන ඒවත් බඩටම දාගත්ත.අපරාදෙනේ මෙච්චර රස කේක් එකකින් චුට්ටක් හරි අහක දාන එක.....
ඒක ඇත්ත මල්ලි. මම හැම මාසෙම මනස සගරාව කියවනවා. ඒක තියෙනවා ඔය ගැන විස්තර හුගක්.
Deleteලැප් එක ලැබුණත් 9.30 වෙද්දි නින්ද යන දරුණු ලෙඩක් තියෙනවා. ඒක තමයි අවුල.:D මගෙත් පන අම්මා තමයි.
හොද වෙලාවට ඉතුරු කලේ නැත්නම් අනිත් අයට මට ආයෙම හදන්න වෙනවා. ලේන්සු තියද්දිම මම නිකමට හිතුවා අතේ ගාගත්තත් මේකෙ නම්පිහිදාගන්න එකක් නෑ ඒවත් බඩටම දාගනී කියලා.
අප්පේ චොකලට් කන්න මං හරි පෙරෙතයි....මෙ කෙක්ගෙඩිය දැකල කටට කෙලත් ඉනුව බට්ටියේ..ඇත්ත අපි වටා ඉන්න බොහො පුද්ගලයන්ගේ තියෙන අපේ නැති දෙවල් වලට හුල්ල හුල්ල ඉන්නැතුව ...අපි ගාව තියෙන සම්පත් වලින් හැකියාවෙන් හොඳ දෙයක් කරන්න උත්සහ ගත්තොත් දවසක් අපිත් වැඩ්ඩො වෙවී..එහේම හිතල හැමොම වැඩකලොත් අප වටා තියෙන සමජයත් වැඩදායක තැනක් වෙවී...
ReplyDeleteහ්ම් ලගදිම තව ලොකු පාටියක් එනව අයියේ. එදාට බඩ පැලෙන්නම දෙනවා කේක්....
Deleteබට්ටිගෙ දේවල් කියන්න කලින් අනිත් අයට කියල දීපු ටිකනම් ගොඩක් වටිනවා.බට්ටි වුණාට කථාවනම් ලොක්කි වගේ..හැමදාම සතුටින් ඉන්න ජය වේවා..
ReplyDeleteස්තූතියි යාළුවේ.
Deleteමේ කතාව එක එක ස්වරූපවලින් තියෙනවා මට මතකයි මාත් මේක කියෙව්වා ජනකතා සහ සුරඟන කතා කියන පොතක... ඒ කතාවෙන් දීපු උපදේසේ මාර වටිනවා ඉස්සර කාලේ ඉතින් ඔය ජනකතා නිසානේ මිනිස්සු හරි වැරැද්ද තේරුම්ගත්තේ දැන් එව්වා අහන්න නෑ හැබැයි....
ReplyDeleteකේක් එකනම් පට්ට ඈ මගේ ප්‍රියතම ආහාරය චොකලට්... චොකලට් එකක් මේ දෑතට අහුවුනොත් ඒක කෝමහරි බඩට තමා ආයේ කාටවත් හිතන්නවත් හම්බුවෙන්නේ නෑ එකපාරයි දෙන්නේ කෑවේ නැත්තම් සොරි...
ලේන්සු මොකටද හලේ හොඳම හරිය ඇඟිල්ලෙනේ අක්කෝ.... මටත් මාර ආසාවක් තියෙනවා තනියෙම ටික කාලයක් කොහෙට හරි වෙලා ඉන්න... ජය වේවා ජය වේවා දැන් කස්ටිය සන්තෝසෙන් ඉන්නවා ඇති නේ ඔහොම යං
මමත් ඉතිං මේවගේ කෑමක් බෙදන් කෑවමද මන්දා? :D අපි නම් හොද ළමයි ඒකයි කෑම කාලා ඇදුමේ අත පිහින්නෑ.
Deleteපෝස්ට් එක නම් එල...
ReplyDeleteඔය ගල්වඩුවගෙ කතාව මම මුලින්ම කියෙව්වෙ 91 - 92 විතර... ජයලත් මනෝරත්නයන් ලියපු ගල් වඩුරාල ළමා නාට්‍ය පොතේ තමා ඕක තිබුනෙ :) (පොඩි වෙනසකට තියෙන්නෙ ඒකෙ සල්ලිකාරයෙක්, රාජ්‍ය සේවකයෙක් වෙන්නෙ නෑ.. කෙලින්ම ගල් වඩුවගෙන් ඉරට මාරු වෙන්නෙ)
චොකලට් කේක් එක ඉවරයි හරි.. මං චොකලට් සහ බටර් කේක් කන්න ගත්තහම ඉවර වෙනකම් කනව :)
ස්තූතියි අයියේ. ඔය විස්තරේ මම දැනන් හිටියේ නෑ.
Deleteඅලේ විනාසයි දැන් අනිත් අය මා එක්ක තා වෙයි.
ගල්වඩුවාගේ සීන් ඒක කලින් අහල තිබ්බේ නෑ අක්කේ,ඒක හොඳ කතාවක් ඔන්න මම මීටරේට දාගත්ත :)
ReplyDeleteලැපක් ලැබුන ඒක ගැන සතුටුය්, සුබපැතුම්!!
ස්තූතියි මල්ලියෝ....
Deleteමමත් ඔය කියන කතාව කියවල තියනව. හබැයි වඩුව සේවකය වෙන step එක නං තිබ්බෙ නෑ!
ReplyDeleteඔය ටික ටයිප් කරාට පස්සෙ තමා සාතන්ගෙ කමෙන්ට් එක දැක්කෙ.. මගෙ අත්දැකීමත් එ්කම තමා! :D
ඔබේ සතුට ගැන ගොඩක් සතුටුයි! :)
වෙන කෙනෙක්ගෙ සතුට ගැන හිතලා තව කෙනෙක් සතුටු වෙන්නෙ අද හුගක් අඩුවෙන්. ස්තූතියි ඔයාට...
Deleteහ්හ්ම්ම් බට්ටි දන්න දේවල්......... ලැප් එකටනම් අය්ය කලින්ම සුභපැතුවනේ... බට්ටි ජීවිතේ දකින විදිය හුඟක් අගේ කරනවා ... මං දන්නවා බට්ටි කවද හරි හොඳ තැනකට එනවා කියලා... එදාට බට්ටි මැඩම් දිහා බලල අපි කාට කාටත් සතුටුවෙන් පුලුවන්...
ReplyDeleteබට්ටිට සුභ පැතුම්... කේක් එක මරු ඤ්ම් ඤ්ම් ඤ්ම්
බට්ටි මැඩම් කෙනෙක් වෙන්න කලින් සුදු අයියත් ලොක්කෙක් වෙලා තියෙයි.
Deleteඅයියෝ මේ ළමයට කොච්චර කියනවද සද්දෙ ඇහෙන්න කෑම කන්න එපා කියලා. කෝ අහන එකක්ය.
I know I know you are the best.... :)
ReplyDeleteඔව් මම වගේම ඔයත්....
Deleteමම ඔය වැඩේ නතර කොලා ස්කොලේ යන කාලෙම.මම වැඩ්ඩෙක් උනේ ඉන් පස්සේ හික්...! ජය..! ප/ලි විස්තර අහන්නෙපා. නතර කෙරුවයි කීවේ මොකක්ද කියලා. ඒක වඩුවා ඉර උනා වගෙ කතාවක්.තේරෙන අයත් ඇති,නොතේරුන අය තේරුන අයගෙන් අහ ගත්තට වරදක් නෑ.!
ReplyDeleteඅහන්න එපා කිව්වට කොහොම නාහ ඉන්නද?
Delete"දන්න කෙනෙක් හනික ඇවිත් පහදා මෙය කියන්නේ"
හොද ලියවිල්ලක්.. :)
ReplyDeleteස්තූතියි යාළු
Deleteබට්ටි වුනත් ලොකු දෙයක් කියලා දුන්නා..ජිවිතේට එක් කරපු ඒ පණිවිඩයනම් ගොඩක් වටිනවා..ඔන්න බට්ටිගේ සතුට වෙනුවෙන් මමත් කේක් කෑල්ලක් කෑවා...නැතුව බෑනේ නේද..?
ReplyDeleteස්තූතියි සතුට බෙදා ගන්න ආවට...
Deleteහොඳ කතාවක් නංගී..ශෝයී අක්කියෙකුත් ඉන්නේ ඔයාට අනේ...ඔන්න අපින් කේක් කනවා....
ReplyDeleteස්තූතියි අක්කියෝ. හා හා කන්න කන්න.
Deleteම්ම්ම්... හොද කතාවක්!!! ඇත්ත..ඔය ආත්ම විශ්වාසය අඩුකම මටත් තියෙනවා..:( ඒක හදාගන්න මම සෑහෙන්න ටර්යි කරනවා.. හොද ලිපියක් බට්ටි අක්කෙ!!
ReplyDeleteආ... අලුත් ලැප් එක නිසා හෙන සතුටින් ව්අගේ!! ;) නියමයි!! ජය වේවා!!
ස්තූතියි නංගියෝ...
Deleteඅම්මෝ ලැප් එකට කලින් අතුරු කතා වැඩි නිසාම ලැප් ලැබුණ එකට තියෙන සතුට මහ හුගක් වැඩී...
ආව් අප්ප සෝයි කටාව.....^_^
ReplyDeleteඔයාගෙ අනාගටේට සුබ පටනව අක්කියෝ........කේක් සසා..........යි....හැබැයි තිං අයිසිං හැමටැනම ගාගෙනනෙ මං....^_^
හොද ළමයා...ස්තූතියි නංගියෝ...
Deleteඋඹේ කටෙත් කේක්.. මගේ කටෙත් කේක්...
ReplyDeleteහොහ් හොහ් හොහ්... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එකනෙ රජත් දන්නවා දැන් කාලෙ සීනි නෙවෙයි කන්නෙ කේක් කියලා.
Deleteස්තූතියි දේවයන් වහන්ස....
මුලින්ම ලියලා තියෙන කතාවනම් ඇත්ත. වඩුවගේ කතාව මම අදයි ඇහුවේ.
ReplyDeleteලැප්ටොප් එකක් ලැබුන ප්‍රීතියට මගෙනුත් සුභ පැතුම්. බට්ටිගේ අනාගතේට ඒක ගොඩක්ම වටීවි.
:)
ස්තූතියි යාළුවේ....
Deleteබට්ටිගේ කේක් එක මරු ආ...! ඕනෙම දෙයක් ගැන හීන දැක්කොත් කවද හරි දවසක අපිට ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙනවා. ඒක අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. ලැප් එකේ ෆොටෝවකුත් දාන්නනේ තිබ්බේ.
ReplyDeleteස්තූතියි සතුට බෙදා ගන්න කේක් කෑවට.
Deleteඑන පොස්ටුවේ ලැප් එකේ පොටෝවක් දාන්නම්කෝ...
අක්කා සතුටින් නම් මමත් සතුටින්.. දැන් එහෙනම් වෙනදට වැඩිය එක වෙන තරගෙට හොදට ලෑස්ති වෙන්න වේවි එහෙනම්.. :)
ReplyDeleteඅනිවා. ඉතාලියයි ඇමෙරිකාවයි පරාද කරන්න තමා මග බලන් ඉන්නෙ. හැබැයි මට නින්ද යනවනේ රෑ වෙද්දිම.:)
Deleteඅනිවාර්‍යයෙන්ම තමන් ගැන තම පමනට,ආත්මවිශ්වාසය තිබිය යුතුයි....
ReplyDeleteනැත්නම් ජීවිතය ජය ගන්න අමාරුයි...!
මොකක්ද....? ලැපේ වර්ගය.. ඒගැනත් ආඩම්බරේට කියල දාන්න.
Samsung එකක්.4GB Ram තියෙනවා.හ්ම් ලොකුම විස්තරයක් නම් දන්නෑ වෙන.
Deleteමමනම් හීනියට වගේ අහලා තිබුනා ඒත් මතකේ අලුත් උනා.. හප්පුච්චියේ කතාවට වඩා ප.ලි දිගයිද මංදා....
ReplyDeleteඒක තමයි. පොස්ටු දෙකක් නේද බැලින්නම්..:D
Deleteඒ කියන්නේ අපේ චුට්ටන් බට්ටිත් පොරක් !!!
ReplyDeleteඅපට නම් තාමත් අර ඉස්සර හිටපු බට්ටි දුවම තමයි !!! නේද බට්ටි දූ ??
අනේ නෑ මාමි..බට්ටි දූව තාම බට්ටිම තමා...
Deleteනියමයි නියමයි. මටත් හරිම සතුටුයි මේක අහලා...බට්ටියා කියපු කතාවත් නියමයි. ගොඩක් දෙනෙක්ට කියලා දෙන්න ඕන කතාවක් තමයි ඒක...
ReplyDeleteහපෝ කපාගත්තේ "පොඩි" කේක් කැල්ලක් කියලා සුවර් ද? :) යන්තම් මටත් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා.
අම්මෝ කපා ගත්තෙ පොඩි කෑල්ලක් නෙවෙයිද මන්දා? සිකුරාදා මේක කාලා සෙනසුරාදා මට බුදු සරණයි. පන්ති යන්නත් බැරි වුනා..
Deleteඅතෘප්තිය මිනිසාගේ පරිහානියට ප්‍රදානතම හෙතුවයි....
ReplyDeleteඒකනෙ හුගක් නැතුවට තියෙන ටික ඇති කියලා ඉන්න මිනිස්සු කැමති නෑනේ..
Deleteසුභම වේවා.. කේක් වලට ලුනු වැඩි වගේ.. ඔයාද හැදුවේ..
ReplyDeleteමම තමයි හැදුවෙ. මාර වැඩේ ලුණු දැම්මෙම නෑ. දැනුයි මතක් වුනේ...
Deleteතමන්ටම කියලා ලැප් එකක් ලැබුණම දැනෙන සතුට නංගිට වගේම මටත් හරියටම අවුරුද්දකට කලින් මටත් දැනුණා. ඒ නිසා ඒ ගැන මම දන්නවා. කොහොම උණත් උත්සහයයි උනන්දුවයි තියෙනකල් වරදින්නෙ නැහැ නංගෝ! සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි අයියේ.ඔය වචන මට ලොකු ශක්තියක්.
Deleteකොහොමටත් මගෙ අදහස ලද දෙයින් සතුටුවෙන කෙනාට හිත් අමාරුකම් අඩුයි. කාටවත් ඉරිසියාකරා කියලා ඒ දෙවල් අපට ලැබෙන්නෙ නෑ අපෙ තියන දෙවල් වලින් අපි වැඩක් කරගන්නකොට අපි වැඩ්ඩෙඔ තමයි.
ReplyDeleteමම ආසාවෙන් කියවපු ලිපියක්
ලැපක් ලැබුන සතුටට දීපු කේක් කෑල්ල කෑවා තව එකක් ගත්තා පොඩි උන්ට ..කමක් නෑනෙ ?
ස්තූතියි ලොකූ..
Deleteකාරිනෑ කාරි නෑ අපි නොකෑවත් පොඩි අයට නොදී කොහොමද?
ලැප් ටොප් එක ගත්ත එක ගැනනම් ගොඩාක් සතුටුයි . ඔයා කිය කියනේ හිටියේ ගන්න ඕන කියලත් .
ReplyDeleteඋනන්දු උනොත් අපිට බොහෝ ආස කරන දේවල් ලබා ගත හැකියි . උනන්දුව වගේම කැප වීමත් තියෙන්නේ ඕන.
ඔන්න එහෙනම් හිත හොදින් දුන්න කේක් කෑල්ල්ලකුත් කෑවා .
ගත්තෙ නෑ අක්කියෝ මගේ අක්කා එව්වා. ස්තූතියි අක්කියෝ ඇවිත් ගියාට වගේම කේක් කෑවට...
Deleteමං අන්තිම අක්කේ... කේක් තියා දැන්නම් අර මල් මල් ලේන්සුවත් නැති හැඩයි. :(
ReplyDeleteකමක් නෑ අපි උත්සාහය අතාරින්නෑ..
කතාව නියමයි.සයුරි අක්කා කිවුවා වගේ ගොඩක් දෙනෙක්ට කියලාදෙන්න ඕනෙ කතාවක් තමා.
නෑ නෑ අපේ යාළුවො හැමෝටම කන්න ඉතුරු කරලා තියෙන්නේ.
Deleteපිස්සි.. ඕක ගැන කණ පිරෙන්නම අහලා තියෙන්නෙ මම...
ReplyDeleteනොහැක්කක් නොමැත මගෙ නංගි...උත්සහාය විතරයි ඕනි.
මොකද්ද දැන් කණ පිරෙන්නම අහලා තියෙන්නේ.මොකද ඔයාගෙ කණ පිරෙනකන් උදේ ඉදන් රෑ වෙනකල් මම කොච්චර කියවනවද මගේ අක්කියෝ. මගේ ජීවිතේට ඔයා ලොකු හයියක් මගේ අක්කියෝ..
Deleteහිමිට හවසට කියවන්නම් අක්කේ
ReplyDeleteකියවන්න එන්නම් කියල යද්දි ඔබා මාමා මතක් වුනා...හ්ම්...
Deleteහයියෝ...... මම පරක්කුයි මට කේක් නෑ..... ඉහි ඉහි
ReplyDeleteබට්ටිත් දැන් ටොප් ලැප් හිමිකාරියෙක් වෙලා නේ ,,අනේ තරහ වෙන්න එපා බටු කෙල්ලේ..මම වැඩ වලට හිර වෙලා ඉන්නේ ..කොටින්ම යාලුවෙක් ගේ උපන්දිනෙකට වත් සුභ පතන්න බැරි උන දවස් සෑහෙන තිබ්බ පහුගිය මාස දෙක තුනේ..ඉතින් පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්නම් හොඳේ...
ReplyDeleteෂා මරුනේ...සුබ පැතුම්.....
ReplyDeleteමන්දා බට්ටි මේවා බලලා මට මොනවා වෙයිද කියලා.අතේ සතේ නැතුව රස්තියාදු ගහද්දි කෙනෙක් කිව්වා වැදගතෙක් වෙන්න කියලා.වැදගත් කියන රස්සාවකටත් ආවා.ඒත් ආයෙත් දවසක අර කෙනාම කිව්වා මම කවදාවත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියලා.මටත් ඔය මිනිහගෙ ලෙඩේ
ReplyDelete