June 17, 2012

වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....


ඔන්න ඉතිං එකෝමත්තෙක ගමක හිටියලු දහයකට වුනත් ගහන්න පුළුවන් ගෑනු ළමයෙක්. හැබැයි ඉතිං කටින් තමයිලු.ඉතිං මේ ගෑනු ළමයට පුංචි කාලෙ ඉදලම මාරම පිස්සුවක් තිබුනලූ නර්ස් කෙනෙක් වෙන්න. කවුරු හරි ඇහුවොත් ඔයා කවුරු වෙන්නද ආස කියලා ගත් කටටම කියන්නේ නර්ස් කෙනෙක් වෙන්න ආසයි කියලලු. හේතුව ඇහුවහම කියන්නේ ලොකුම ලොකු අඩි උස සපත්තු දාගෙන ටකස් ටකස් ගාලා යන්න පුළුවන්නේ ඒක නිසා කියලලු. විකට ඇදුම් තරග වලට යද්දිත් ගෙදර බිම පෙරලී පෙරලී අඩන්නේ මට ‍නර්ස් කෙනෙක් වෙන්න ඕන කිය කියාලු. ඒත් ඉතිං නර්ස්ගෙ ඇදුමට හුගක් වියදම් වෙන නිසා මෙයාට හැමදාම විකට ඇදුම් තරගෙ වෙන්න වුනේ කපුමහත්තයෙක්මලූ. ගෙදර තියෙන දුඹුරුපාට කොට් එකයි කළු ලොකු කුඩයයි අරන් ගිහින් හැමදාම මෙයා කියන්නේ
‘‘ඇති දේවල් නැති කර කර
නැති දේවල් ඇති කර කර
අතන මෙතන ගිහින් කියන
මගුල් කපුවා මං”
හැබැයි ඉතිං විකට ඇදුම් තරගෙට ඔහොම රගපෑවට මෙයා අද තාවනතුරු හොදම යාළුවට ඇරෙන්න එකම කපුකමක්වත් කරලා නැතිලූ.:D විකට ඇදුම් තරග වලට වෙන්න බැරි වුන නර්ස් ලොකු වෙලා හරි වෙනවා කියලා හිතාගෙනලු මෙයා හිටියේ. 

ඉතිං නර්ස් පිස්සුව තියෙන මේ වෙන්ඩ නර්ස් නෝනා යනවලු දවසක් තව මිස් කෙනෙක් එක්ක අසනීප වෙලා දැඩිසත්කාර ඒකකයේ ඉන්න මිස් කෙනෙක්ව බලන්න. ඇතුලට යන්න බැරි නිසා විදුරුවෙන් බලන් ඉන්න මෙයා මෙන්න බොලේ හෙමිහිට වීදුරුවට හේත්තු වෙලා බිමින් වාඩිවෙනවලු. ඒක නිසා යාන්තම් නොවැටි බේරුනාලු. ඉතිං එදා මෙයාව එක්කර ගිය මිස් බනිස්, ක්‍රීම් සෝඩා කන්න අරන් දීලා ගෙදරටම ඇරලවලලු ගියේ.
ඉතිං එදා කාපු පරිප්පුව නිසා මෙයා හිතා ගන්නවලු ආයෙම ඉස්පිරිතාලෙකට  යන්න තියා හිතන්නෙවත් නෑ,වෙන්ඩ හිටිය නර්ස්කමත් ඕනෙම නෑ කියලා.‍ඉතිං මේ පුංචි ගෑනු ළමයා ‍ඔන් ජොබ් කරන වයසටත් එනවලූ.
ඉතිං මෙයාට එහෙම ඇවිල්ලා වැඩ කරද්දි හොදම යාළුවෙක්ගේ තාත්තෙක් කළුබෝවිල නතර වෙලා ඉන්නවා කියලා ආරංචියක් එනවලු. ඉතිං මෙයා අම්මා යද්දි අම්මා එක්ක දැන් ලෙඩා බලන්න යන්නලු හදන්නේ. ‘නෑ නෑ ඔයා එන්න ඕනෙ නෑ ඔයා ඉන්න’ කියලා කිව්වත් මේයා කියනවලූ ‘නෑ නෑ අම්මේ දැන් මට හොදට ගඩ්ස් තියෙනවා බය වෙන්න කිසිම දෙයක් නෑ’ කියලා. එහෙම කියලා අම්මා එක්ක ලෙඩා බලන්න යනවලූ.
ඉතිං කාලෙකින් දැක්ක යාළුවගෙ අම්මයි තාත්තයි තව අනිත් ලෙඩා බලන්න ආපු කට්ටියයි එක්ක හිනා වෙවී ඇද ලග හිටගෙන මෙයා කතා කර කර ඉන්නවලු. එහෙම ඉන්න කොට මෙන්න මෙයාගෙ ඇස් දෙක නිලංකාර වෙලා ඉස්පිරිතාලෙ උඩ යනවා පේනවලු. වෙන්නෑ කියලා ආව නිසා දැන් අම්මට කියා ගන්නත් බෑලූ. ඉතිං ඉස්පිරිතාලෙ පෑන් එක නිකන් උඩ යනවා වගේ පෙනවත් එක්කම එයාට මොකද්දෝ වුනාලූ. මූණට වැටිච්ච වතුර නිසා මෙයා ඇස් ඇරිලා බලද්දි නර්ස්ලා , වාට්ටුවේ හිටිය ලෙඩ්ඩු, බලන්න ආපු අය හැමෝම මෙයාව වටකරගෙනලූ. එයා අර බලන්න ආපු ලෙඩාගෙ ඇදේලූ. දැන් ඉතිං මේ ලැජ්ජාවට ඇස් ආයම පියා ගන්න හිතුනත් මෙයා යාන්තම් ඉතුරු කරන් හිටිය ගඩ්ස් ටික අරන් බස්සලූ ඇදෙන් බිමට. එහෙම බැහැලා ඉක්මනින්ම ශේප් එකේ අම්මා එක්ක එනවලු ගෙදර යන්න. එහෙම එද්දී අම්මා කියනවලූ ‘‘කිව්වනේ එන්න එපා කියලා. ‍තව පොඩ්ඩෙන් අර නර්ස් සේලයිනුත් දෙනවා.” මේන්න මෙයා ඒ ගමන කියනවනේ “අපරාදෙ අම්මේ.එහෙනම් අපි හෙටත් ගිහින් ඒ සේලයින් ටික අරන් එමු’’ කියලා.
 
ඔන්න ඉතිං මධු මාමා ඇතුළු පිරිස හූ කියන්න හිනා වෙන්න බෑලු අලී. මේ පුංචි කෙල්ල එහෙම වැටුනට මොකද අනේ සයුරි අක්කගේ ලොකුම ලොකු අයියලත් මෙහෙම වැටෙද්දී.

සැ.යු. ආ දැන් මෙයාට මෙහෙම වෙන්නේ නැතිලූ. මොකද ඩෙංගු මදුරුවෙක්ගෙ පිහිටෙන් මෙයා ඉස්පිරිතාලෙ ගෙදරවගේ කරගෙනලූ..හිකිස්....

94 comments:

  1. හොද වෙලාවට මෙයා එහෙනම් නර්ස් කෙනෙක් නොවුනේ..

    මම එකද මන්දා.....

    ReplyDelete
  2. යන්න යන්න නරකට තියෙයී නර්ස් කෙනෙක් වුනා නම් .

    ඔයා එක තමයි.ඒ කියන්නේ අද දවසෙම දිනන්නේ අධිරාජ්‍යවාදීන්‍ ද? :'(

    ReplyDelete
  3. රන්ජන් රාමනායකත් ඉස්කෝලේ යන කාලේ ලේ දෙන්න ගිහින් අන්තිමට කලන්තේ දාලා හොස්පිට්ල් එකෙන් රන්ජන් රාමනායකට ලේ පයින්ට් දෙකක් දුන්නලු :D

    ReplyDelete
    Replies
    1. රන්ජන් රාමනායක ලේ දෙන්න ආවේ නැත්නන් හොදා. අතිනුත් පාඩුයි !!!!

      Delete
    2. එච්චර බොඩිපිට් ඇගක් තියෙන එයත් වැටිලද අනේ?
      මට නම් මේ අත්මෙදි නම් ලේ දෙනන් වෙන එකක් නෑ. මේ විදියට ගියොත් නම්...

      Delete
    3. මිනිහගේ ඇගට හුලන් ගහල පුම්බළලු තියෙන්නෙ...හි....හි....
      ලේ දෙන්ඩ ගිය වෙලේ හුලන් බහින්ඩ ඇති...

      Delete
    4. නැහැ නැහැ රන්ජන් රාමනායක ඒ කාලේ හරි කෙසඟයිලු. පස්සේ තමා මිනිහා ඌරු පෙති ගහලා අලියා වගේ මහත් වුණේ

      Delete
  4. එයා නර්ස් උනානම් තමා වැඩේ..
    ලෙඩ්ඩුන්ට බේත් දෙන එක පැත්තකින් තියලා එයා වැටි වැටි ඉදී... ලෙඩ්ඩුන්ට වෙන්නෙ එයාට බේත් දෙන්න..
    හොහ් හොහ් හොහ්..!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ රජෝ රජ සැප එපා රාජ ශක්තිය දෙන්න බැරිද?

      Delete
  5. නෝනා මගේ නර්ස් නෝනා ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
    නෝනා මගෙ නර්ස් නෝනා ඔයා සුරකුමරිය ඉස්පිරිතාලේ..

    ReplyDelete
  6. අම්මෝ බට්ටියේ ලොකු දෙයක් නර්ස් කෙනෙක් නොවුන එකනම් . ඒත් හෙදියකට ඕනැ කරුණාවන්ත බවනම් නො අඩුව තියනවා ඔයා ලග .

    ReplyDelete
    Replies
    1. වෙලාවකට අපසාදේ අක්කේ. ඒත් උස නෑ අනේ...

      Delete
    2. ඒ දවස් වල අපිනං ඔය බාර් එක්ස්සයිස් කියලා එකක් කලා උස යන්න.(බොන බාර් නෙවෙයි හොඳේ)

      Delete
  7. ඇත්ත තමයි හොද වෙලාවට තමයි නර්ස් කොනෙක් නොවුනේ... නැත්තම් ඉස්පිරිතාලේ සේලයින් ඉවර වෙනව මෙයාටම දීල...!

    ReplyDelete
    Replies
    1. ඇයි මම නර්ස් කෙනෙක් වුනහමි වතුර වෙනුවට සේලයින් බොනවා කියලා හිතුවද? ගර්ර්ර්ර්

      Delete
  8. හො‍හ් හොහ් හොහ්.... ලංකාවෙ ලෙඩ්ඩු පින් කරල තියනව ඒකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔය ඔය ඉතිං රාජ් අයියත් එහෙම කියනවනේ? :'(

      Delete
  9. නර්ස් කෙනෙක් වෙන්න තිබ්බෙ !

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දුකයි වෙන්න බැරි වුන එකට.ඔයාට හොද බෙහෙත් වේලක් දෙන්න තිබුණා එහෙනම්...:D

      Delete
  10. අපරාදේ දක්ෂ නර්ස් කෙනෙක් නැති උනා..........හික්ස්
    /එක්කර ගිය මිස් බනිස්, ක්‍රීම් සෝඩා කන්න අරන් දීලා ගෙදරටම/ .......... ඒක නෙමේ බට්ටි අක්කේ කොහොමෙයි වෙන්ඩ නර්ස් ක්‍රීම් සෝඩා කෑවේ?

    ReplyDelete
    Replies
    1. අනේ කන්නයි බොන්නයි කියලා දාන්න කම්පනාවට ආවේ නෑනේ....

      Delete
  11. නර්ස් කෙනෙක් වුනානම් ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒ කියන්නේ එයාලට හොදට සලකන නර්ස් කෙනෙක් ලැබෙනවනේ.

      Delete
  12. මේක උනේ බට්ටිටලු..ආ.....ඒක මම කියන්න දෙයක් නෑ නේද...හැබැයි ඔය අරහෙන් මෙහෙන් කටු ගහනකොට ලොක්ක වගේ හිටියට මටත් ඔය කලන්තෙ සීන් එක නම් තියනවා...
    අපේ අම්මව ඔපරේෂන් එකකට ඉස්පිරිතාලෙ නවත්තල බලන්න ගිය වෙලාවකත් මට ඔහොම උනා...

    ReplyDelete
    Replies
    1. මේක වුනේ මේ .... එයාටලූ..
      මම නම් දැනටත් නර්ස් නොවුනට ඉන්ජෙක්ෂන් නම් ගහනවා. ෂොප් එකේ මැෂින් වලට තීන්ත දාන්නේ එව්වගෙන්. ඉතිං සිස් එක පුරවන්නේ එකෙන් නිසා ලෙඩෙක් කියලා හිතන් බෙහෙත් දෙනවා...හිකිස්...

      Delete
  13. :D අනේ.. ඒ පුංචි නර්ස් තවම ආසාවෙන්ද නර්ස් කෙනෙක් වෙන්න..
    බලන්න ඉතින් ලෙඩ්ඩු කොයිතරම් වාසනාවන්තද කියලා අක්කේ.. :D

    ReplyDelete
    Replies
    1. නෑ දැන් ආස නෑ.
      ලෙඩ්ඩු කොහොමද අනේ වාසනාවන්ත වෙන්නේ?

      Delete
  14. හු....හු.... ඔය ඇද්ද... !!!
    මදැයි දූ පොඩ්ඩ නර්ස් කෙනෙක් වෙන්ඩ ගියා !

    ඉස්සර මගේ තිබ්බ හීනයක් තමයි කෝච්චියක ගාඩ් කෙනෙක් වෙන්න. අර කොල, රතු කොඩි වනන්න ! තාමත් ඒ හීනේ නම් තියෙනවා. ගෙදරින් බර බරේ දාන්නේ නැත්නම් අවුරුද්දක් දෙකක්වත් ඒ රස්සාවත් කරන්ඩ තිබ්බා !

    ප.ලි. - තාමත් නර්ස් කෙනෙක් වෙන්න හීනයක් තියෙනවා නම් පරක්කු නෑ.. ඒ හීනේ හැබෑ කරගන්න කල් තියෙනවා. මට නම් හිතෙන්නේ ඒකට දැන් තමයි කාලේ !!!
    කරනවනම් විස්තර හොයලා දෙතෑකි !!!! අපේ ගෙවල් ලඟ ලෙක්චරර් කෙනෙක් ඉන්නවා. උන්දැගෙන් විස්තර එහෙමත් ගත්තෑකි ඕන්නම්.... !!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මම මාමට මුලින්ම කිව්වනේ හූ ඔට්ටු නෑ කියලා..මෙයා නම් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි...
      ඔයා ඔය කෝච්චි ජොබ් ලැබුනොත් මාවත් එක දවසක් කෝච්චියක එක්කර ගෙන යනවද? අනේ මම කවම දාවත් ගිහින් නෑ...හී හී

      ප.ලි. අම්මෝ දැන්නම් නෑ.. මට නිදි වරන්න බෑ. ඒක ඒ කාලෙම නැතුව ගියා. ඔය සෙරෙප්පු පිස්සුව තමයි තිබුනේ..මොකද මම පුංචි කාලේ එහෙම කෙනෙක් නිතරම දකිනවා. ඒක වෙන්න ඇති.

      Delete
    2. කවමදාවත් කෝච්චියේ ගිහින් නෑ කියලා කිව්වම පුදුමත් හිතෙනවා අප්පා. අම්බෝ එක්ක යන්නම්. ඒකත් ලොකු පිනක් නෙව. හික්ස් :)

      Delete
  15. අයියු... ශුවර්ද දැන් එහෙම වෙන් නැ කියලා ආහ්.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයී....හිකිස්....

      Delete
  16. හික්ස් මාර අක්කෙක් නේ :ඩ්

    ReplyDelete
  17. හික්ස්ස්.. අපරාදේ නර්ස් වෙන්න තිබ්බෙ.. එහෙනම් අපි දන්න කියන නර්ස් කෙනෙක් ඉන්නවානෙ බ්ලොග් ලියන්න..;)

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට අනේ නොවුනේ. එහෙනම් මෙව්වා කොහොම ලියන්නද? ;)

      Delete
  18. ආ දැන් මෙයාට මෙහෙම වෙන්නේ නැතිලූ. මොකද ඩෙංගු මදුරුවෙක්ගෙ පිහිටෙන් මෙයා ඉස්පිරිතාලෙ ගෙදරවගේ කරගෙනලූ..හිකිස්....
    එහෙමනම් මෙයාට ඉක්මන්සුව පතමි,හදවතින්ම.

    ReplyDelete
    Replies
    1. එයාට ඩෙංගු හැදුනේ දැනට අවුරුදු 2කට විතර කලින්ලූ. දැන් ඉතාම නීරෝගී සුවෙන්ලූ....

      Delete
  19. හප්පේ...මේ ලියලා තියෙන්නේ කතාව. පව් අප්පා බට්ටි නගා. ලොකු අයියා ගැනත් කියල තියෙන්නේ...:)) අන්න ඒක හින්දා සෑම් දෙපාරක්ම ඒ පැත්තේ ගියාලු.....

    ඉස්සරම් මමත් හරි ආසයි නර්ස් ලට....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා කිව්වහම තමයි මට හිතුනෙ ඔන්න ඔහේ ලියල දාන්න ඕන කියලා.

      Delete
  20. හය්යෝ බට්ටියේ,මටමෙහෙ උදේ3 හවස3 දවසටදෙපාරක්,මාස3ක් තට්ටමට ඉන්ජෙක්ෂන් ගැහුවා.කොහොමද සනීපෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ එතනටම ගැහුවේ..මාර ප්‍රශ්නයක්නේ..

      Delete
  21. ඩෙංගු කීවේ ඇත්තටමද ...? බොරුවටද ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටමයි අනේ. මාසයක් වින්දා දුක. සුදු කොඩි පෙනිලා යාන්තම් බොදවෙලා ගියා....

      Delete
  22. අපූරු අරමුනක් නොවැ තිබිලා තියෙන්නේ. අඩිඋස සපත්තු.... ඈ..හිකිස්..! ජය..!

    ReplyDelete
    Replies
    1. හිපෝ හිනාවෙන කැත විතරක්....ඔයා මෙහෙම හිනාවුනා කියලා එයා ඔයා එක්ක ඔන්න තරහයිලූ....:D

      Delete
  23. හපුයි ඩෙයියනේ........අක්කො....

    ReplyDelete
  24. ලෙඩ්ඩුන්ගේ වාසනාවට වෙන්න ඇති නර්ස් සිහිනය සෑබෑ කරගන්න බැරිඋනේ.. හි හිහි..

    ReplyDelete
  25. නර්ස්ලා වුනාම නිදිමරන්න ඕන නේ. හපෝ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒක නම් ඇත්ත. පහුගිය දවස් තුන හතරක් නිදිවරලා ඔළුව උස්සගන්න බැරි තරම්ම ලෙඩ වුනා...

      Delete
  26. ඕව ඔච්චර ගනන් ගන්න ඕනි දේවල් නෙවී.. මටත් එකපාරක් පිළිස්සුම් තුවාල තිබ්බ පුද්ලගයෙක් බලන්න ගිහින් ඔය වගේ සිද්ධියක් උනා.. කොහොමහරි මට කලිං ම‍ගේ යාළුව වැටුනා.. ඒ හින්ද මාව වැටුනේ නෑ.. හැබැයි පුංචි එකා කාලේ..

    ReplyDelete
    Replies
    1. මේකනේ ප්‍රශ්නේ මේ ළමයා මේ අවුරුදු 21දීත් වැටුනලූ....

      Delete
  27. හපොයි...වැරදිලාවත් නර්ස් කෙනෙක් වුනේ නැත්තේ වෙලාවට....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මෙච්චර සොයි මං නර්ස් කෙනෙක් නූන එක හොදයි කියන්නේ..

      Delete
  28. බට්ටි දැන් ආස මොනවා කරන්ටද? කපුකම? :)

    ReplyDelete
    Replies
    1. දැන් ආස පොඩ්ඩි අක්කේ බිස්නස් වලට..කපුකම අම්මෝ මතක් කරන්න එපා..එකයි කලේ එකෙන්ම ඇති වුනා....:)

      Delete
  29. හිහි... අඩි උස සපත්තු දාන නර්ස් නෝනෙක් වෙන්න????
    පව් නේද නංගී...පොඩි කාලෙ හිතෙන දේවල්.....

    ReplyDelete
    Replies
    1. ඔව් මම පුංචි කාලේ සිංදු දාන් නටන්නෙත් ඔව්වා දාගෙන. හැබැයි දැන්නම් ආස නෑ උස සෙරපේපු වලට..

      Delete
  30. හෙදකම උතුම් රස්සාවක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. වෛද්‍යවරුවගේම ඒ අයත් ලොකු සේවයක් කරනවා...

      Delete
  31. හ්ම්...... තාමත් නර්ස් කෙනෙක් වෙන්න පරක්කු නෑ.ඒත් ඉතිං හොදට දරා ගැනීමේ ශක්තිය ඇති කර ගන්න ඕනෙ.කරගෙන යනකොට හරි යන්න ඉඩ තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ බෑ අක්කේ.. දැන්නම් ආස නෑ..

      Delete
  32. නර්ස් කෙනෙක් උනානම් මෙයට බෙහෙත් කරනවට වඩා වැඩක් දොස්ටරලට තියෙන එකක් නැහැ... හය්යෝ මෙහෙමත් ළමයෙක්...


    ජයවේව...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එක දොස්තර කෙනෙක් වෙනම දෙයිනේ????

      Delete
  33. වෙලාවට නර්ස් කෙනෙක් නොවුනෙ...
    උනා නම් එහෙම ලෙඩ්ඩුන්ට කෙසේවෙතත්...නර්ස් නොනාටනම් සාත්තු කරන්න වෙයි...
    මමත් නම් ආස නෑ..කව්රුත් මගේ ඇගට එක එක ඉන්ජෙක්ෂන් කටු ගහනවට ... ඒකට තමයි ටිකක් බය...
    එහෙම ගහන වෙලාවට දත්මිටි කාගෙන චන්ඩිය වගේ ඉන්නවා....හරියට නිකම් හයියෙන් කුබියෙක් කෑව වගේනෙ ඔව ගහපුවහම දැනෙන්නෙ...
    අනික මොන කරුමෙකටද මන්ද මම ඉංගිරිසි බෙහෙත් බොන්න කැමතිම නෑ...අඩුම තරමේ පෙනඩෝල් පෙත්තක්වත්...
    උණක් හැදිලා බෙහෙත් ගෙනාවත්,ඒ බෙහෙත් ටික බීව කියල අම්මට හොරෙන් විසික් කරන එක තමයි කරන්නෙ...
    සිංහල බෙහෙත් බොනකොටනම් එහෙම නෑ...ඕන තිත්ත කසායක් බොනවා...

    "ආ දැන් මෙයාට මෙහෙම වෙන්නේ නැතිලූ. මොකද ඩෙංගු මදුරුවෙක්ගෙ පිහිටෙන් මෙයා ඉස්පිරිතාලෙ ගෙදරවගේ කරගෙනලූ..හිකිස්...."

    බොරුවට නේද මෙහෙම කිව්වේ...

    ReplyDelete
    Replies
    1. මොකද පමාවුනේ එන්නට?දවසක් ප්‍රමාදයි? නිදහසට කාරනා ඕන ?
      නැත්නම් දඩුවමට දෙන්නේ ඉන්ජෙක්ෂන් එකක්....කුඹියෙක් කෑවට වඩා රිදෙයී...හිකිස්...

      Delete
    2. පස්වාන් දහසේ ඒවා දහසකට බුදු වෙන්න බට්ටි අක්කේ ඉන්ජෙක්ෂන් නම් එපා....
      සොරි අක්කේ මේ දවස් වල ගොඩක් වැඩ වැඩියි....බ්ලොග් ලිපි කියවන්න තරම් හිතට නිදහසකුත් නෑ...
      අනික පහු ගිය දවස් දෙකේ අපි ලොකු දානයක් දුන්න ඒ වැඩ වලට ඒ දවස් දෙක කැප කරන්න උනා....
      ගොඩක් අයගේ බ්ලොග් ලිපි මට මග ඇරිල....වෙලාව තියන හැටියට කියවල බලන්න ඕනෙ....
      ගිය පාර නම් මම එක මේ පාරනම් කීයද මන්ද....

      Delete
  34. අපොයි බට්ටි නර්ස්...මදැයි නර්ස් කෙනෙක් වුණා...

    ReplyDelete
    Replies
    1. හ්ම්..බැලුව ගියානේ..මොනා කරන්නද? නර්ස්කම උරුම නෑ මට..

      Delete
  35. අපරාදෙනෙ...
    ඔයා නර්ස් කෙනෙක් වුණානම් කියල හිතෙනව ;)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ. ඔයා විතරයි හරියටම තේරුම් ගියේ...

      Delete
  36. මමනම් මුකුත් කියන්නේ නෑලු.. උඩ කට්ටිය මට කියන්න දෙයක් ඉතුරු කරලත් නෑලු

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙයා කියන්න ගියේ මෙහෙමලූ...
      ''අපිට මේ තරම් ගඩ්ස් තියෙන නංගියෙක් ඉන්න එක කොයි තරම් ආඩම්බරයක්ද අෆ්‍ෆා" ....

      Delete
  37. පුංචිකාලෙ සිහින ගැන හිතුවොත්.. එක්කො ඕන්නැ

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයා ලොකු ජොන් වෙන්න කලින් පුංචි ජොන් කෙනෙක් වෙලා හිටියෙම නෑද?

      Delete
  38. දොස්තර හීනයක් පුංචි කාලෙ මගෙ හිතෙත් තිබුණා... ‍පේරාදෙණියෙ වෛද්ය. ප්ර දර්ශනය බැලුවම ඒ හීනය එපා උණා.... පුංචි කාලෙ දකින හීනත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ.... බට්ටි වගේ ජීවිතය ‍තේරුම් අරන් ඉස්සරහටම යන එක තමයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. පුංචි කාලෙ දී අපේ හීන එහෙ මෙහෙ වෙනවා. ස්තූතියි යාළුවේ ඇවිත් යනන් ආවට....

      Delete
  39. හැබැයි ඉතින් නර්ස් කෙනෙක් වුනානම් වාට්ටුවේ ඉන්න ඩොකාට බුදුසරණයි.. ඇයි ඉතින් මේ නර්ස් මිසී කලන්තෙ වෙන පාරයක් පාසා ගොහින් බලන්න වෙනවනේ... වාට්ටුවේ ලෙඩ්ඩු කෙසේ වෙතත් නර්ස් නෝනව ඇදකට දාලා සේලයින් එකක් එහෙම දාල තමා තියන්න වෙන්නෙ.. ලොල්ස්...
    හැබැයි හිතු කිව්ව වගේ නර්ස් කෙනෙක් උනා නම් තවත් බ්ලොග් ලියන නර්ස් කෙනෙක් සයිබරේට එකතු වෙනවා.. අපරාදේ නර්ස් නොවුනේ...

    ReplyDelete
  40. අපරාදේ හීනෙ..නර්ස් නෝනා කෙනෙක් උනා නම් කොච්චර ලොකු සේවයක් කරන්න තිබුනද..ඒ උනත් පුංචි කාලේ අපේ තියන හීන ලොකු වෙද්දි වෙනස් වෙනවනෙ..නේද යාළු...

    ReplyDelete
  41. හප්පොච්චියේ මදෑ නර්ස් නෝන වෙන්න ඉඳලා වෙච්ච වැඩේ :D

    ReplyDelete
  42. හොදටි හිටීවි මෙයා නර්ස් නෝනා කෙනෙක් උනානම් ...

    ReplyDelete
  43. මොනාද..නංගියෝ...උ.පෙලට ගෙම්බෙක්වත් කැපුවෙනැද්ද හැබෑවටම...!!!
    හැබැයි ඉතිං..අර..ඉස්පිරිතාලවල තියෙන ආවේනික සුවඳ...සෝක්..නේ ඒකට තමයි සූ..ගාලා කලන්තෙයන්නෙ..!

    ReplyDelete
  44. //හැබැයි ඉතිං විකට ඇදුම් තරගෙට ඔහොම රගපෑවට මෙයා අද තාවනතුරු හොදම යාළුවට ඇරෙන්න එකම කපුකමක්වත් කරලා නැතිලූ.:D //

    කාට කලත් යාළුවන්ට නම් කපුකම් කරන්න යන්න එපා අක්කේ.... කලොත් යාළුකමත් ඉවරයි අනෙ අම්මො මම කාලා තියෙන පරිප්පු හැටියට ආයෙ නම් ඔව්වා කරන්නැ...

    නර්ස්ලව මතක් වෙනකොට මගේ ඇඟ දිගේ කරන්ට් එකක් ගිහිල්ලා මයිල් කෙලින් වෙලා කොණ්ඩේ කූරු කූරු ඉස්සෙනවා....

    මට කරන තරමක් කෙනෙහිලිකම් කරලා තියෙන්නේ නර්ස්ලා.ලස්සනම ලස්සන චූටි නර්ස් අක්කලා දෙන්නෙක් දෙවතාවකදි සහ අවසන් වතාවේදි ගෝරිල්ලෙක් වගේ ඇඟක් තියෙන හයේ හතරේ නර්ස් අයියා කෙනෙක්(ඇටෙන්ඩන්ට් කෙනෙක්ද මන්දා මාව කෑවනම් ඊට සැපයි)

    එව්වා මෙහෙම කියන්න බෑ පෝස්ට් එකක් දාන්ටෝන....

    ට්‍රයි කරලා පශූ වෛද්‍ය කෙනෙක් ගාව හරි නර්ස් කෙනෙක් වෙන්න බලන්න අක්කේ....(විහිළුවට ඈ) ආසයි නම් තාමත් පරක්කු නෑ

    ReplyDelete
  45. හොද වෙලාවට අක්කේ ඔයා නර්ස් කෙනෙක් නොවුනේ..නැත්නම් දොස්තරලට හැමදාම ඉන්න වෙන්නේ ඔයාට සේලයින් දිදී තමා..:)
    නැ නැ එක ටික දවසක් යද්දී පුරුදු වෙනවා...
    හැබැයි මෙච්චර ඉස්පිරිතාල වල රවුන් ගහන මාත් මේ ලගකදී කරාපිටියේ ඉස්පිරිතාලේ නැවතිලා හිටිය නැන්දව බලන්න ගිහින් එතන කලන්තේ දැම්මා අන්තිමට නැන්දා හිටිය ඇදේ වාඩි වෙලා තමා නොවැටී බේරුනේ...ලැජ්ජාවේ පන යනෝ එතන වැටුනා නම්...:)
    අනිත්මට චෝකෝ එකක් ඉක්මනට කාලා ඇගට හයිය අරන් තමා ගෙදර ආවේ....:)

    ReplyDelete
  46. හනේ ඔයත් මම වගේම එක්කෙනෙක්නේ බල්න් යනකොට නම විතරක් නෙවෙයි එක වගේ හි හී. මටත් ඔය ඉස්පිරිතාල වලටයි මළගෙවල් වලටයි යන්න බැරි ලෙඩක් තියෙනවා.එක පාරක් අපේ අක්කට බබා ලැබෙන්න ඉන්නකොට එයා එක්ක මම ඉස්පිරිතාලෙ ගිහිල්ලා අපෙ අක්කට ඉන්ජක්ශන් එක ගහද්දි මම කලන්තෙ දාලා වැටුනා. එතන ඉන්න අය කිව්වා අපෙ අක්කා මරු එක්කෙනෙක් තනියට එක්කන් ඇවිල්ලා ඉන්නේ කියලා.අපේ ආච්චිගේ මිනිය ගෙදර තියෙනකන් මම දහ දොලොස් පාරක් කලන්තෙ දාලා වැටුනා. මළගෙදරට ඇවිල්ල හිටපු අය හිතුවේ ආච්චී මැරුන දුක මට තමා වැඩිම කියලා. ඒත් ළඟම අය දන්නවා මම ඒ වැටුනේ අර මල් වඩම් වලින් එන අමුතු ගඳ දරා ගන්න බැරුව කියලා හි හි

    ReplyDelete
  47. අනේ දෙයියනේ... කියලා සිතුනි මට......

    ReplyDelete
  48. යාන්තන් නර්ස් කෙනෙක් වෙන්න හිතුනා මදෑ.දොස්තර කෙනෙක් වෙන්න හිතුනනන් එහෙම.ඉස් ඉස්සල්ල ඇවිත් මෙහෙම කියන එක හොඳද මන්දා.

    ReplyDelete
  49. බට්ටි නර්ස් උනානම් බට්ටි ලඟට එන ලෙඩ්ඩුන් හැමෝටම වගෙ අන්තිමට කියලා අරින්න වෙන්නෙ 'නිවන් සුව ලැබේවා' කියලා :D

    ReplyDelete