December 20, 2012

එහෙම සදක් මක්කටද ?


සිත්තරුන් සිත්තම් කරයි මේ රෑ අහස....
කළුවරට හුරු කළ තද නිල්පාට....
ඒ පින්සල් තුඩින් ලා නිල් පාට...
බින්දු තියයි ඒ තරු කැට වල පාට...


අහස පුරා විසිරුණු තරු කැට අතර...
බලා හිදිනා විට හිත නිවෙනා විටෙක...
නිවෙනා හිත යටින් ඇති ගැඹුරක අරුත...
ලියවෙලා නොවෙද අපේ ජීවිත තරු කැට අතර...


පෙම් කවි සහ තව ලස්සන වර්ණනාවන් මෙලෙස...
එක්කර ඇතත් නොදැනෙන ලෙස තරු කැට වලට...
ඒ සියළුම දේවල් නම් දැන් මට මතක නැත...
තරු නැති අහසේ පායන සද මක්කටද...


.ලි. ඔන්න එක වෙන කෙනාට අනිවාර්යයෙන්ම තෑගිත් අරන් බට්ටි එනවා හෙට..කවුරුත් සතුටින් ොයිය ගන්න.සුභ රාත්‍රියක් ේවා...

31 comments:

  1. හ්ම්ම්!!! ලස්සන වවන ටිකක් ලස්සනට ගෙත්තම් කරලා... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩි..ඔන්න නාඩි තමයි එක..සමාවෙන්න පොරොන්දු දුන්නට ඊයේ තෑගි ගන්න පෝලිමේ ගිහින් එද්දි රෑ වුනා..මේ කාලෙට වෙන මොනවා කියලා දෙන්නද? ඔන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව නාඩිට තෑගි ගොඩක්ම ගෙනාවා..

      [im]http://messages.365greetings.com/wp-content/uploads/2012/07/Christmas_Gift_Basket.jpg[/im]
      (තෑගි ඉතිං හැමදාම වගේ සදගෙන් තමයි..)

      Delete
    2. නාඩි ඔයා කන්නෙ නැති ජාතියක් තියෙනව නම් පුළුවන් නම් මේ ෆාතිමාට දෙනවාද? එයා මාව කන්න හදනවා එයාට එක දෙන්න කියලා. ඒකයි..

      Delete
  2. නියමයි බට්ටි කවිය..'තරු නැති අහසේ පායන සද මක්කටද...' ඒක නම් ඇත්ත.

    ReplyDelete
  3. //තරු නැති අහසේ පායන සද මක්කටද// මේකනම් පට්ටම අදහස බට්ටියෝ.....ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්...

    ReplyDelete
  4. හුටා මේකෙ කොමෙන්ට් මොඩරේට් කරලනේ :'( මං හිතුවෙ මං එක කියල.
    //තරු නැති අහසේ පායන සද මක්කටද...//

    තරු නැති අහසට තමයි සඳ වටින්නෙ

    ReplyDelete
  5. ඔය අහස් ගෙඩිය මක්කටෙයි බට්ටියෝ.. තරුත් නැති හදත් නැති වලා නැති අහසක් කවදා දකින්නද???

    ReplyDelete
  6. බට්ටි අක්කිට ලියවෙන කවි :)

    ReplyDelete
  7. වලා අතරේ සැඟවුන සඳ
    විමසයි පාළුව තනිකම නිබඳ

    ReplyDelete
  8. හ්ම්..මාත් මේ තරු බලමින් ඉන්නෙ..!!!

    ReplyDelete
  9. බට්ටි,
    මිනිසුසුන්ට දොයිය ගන්න කියන්න එපා. හැම තිස්සෙම ඇහැ ඇරගෙන ඉන්න කියන්න. අද ඉන්න උන් අපිට රටත් නැති කරල, අපිත් නැති කරල දානව දොයිය ගත්තොත්.
    සුභ දවසක්

    ReplyDelete
  10. ර‍ට මවා දුන්නත් මං හිස් අහසේ
    සැවොම සොයන්නේ සද මැයි අහසේ
    පීදී එළිය දුන්නට මං ‍හොර රහසේ
    ඔබ පමනයි මං ගැන කීවේ මෙලෙසේ...

    ReplyDelete
  11. මේ දවස්වල හැමෝම ඉන්නෙ අහස දිහා බලාගෙනනේ.

    ReplyDelete
  12. අපූරු කවියක්... ලස්සනයි...

    ReplyDelete
  13. බස්ටියාගේ කවි..
    ලස්සනයි බට්ටියෝ..
    ලෝක විනාසේ උනෙත් නෑ අප්පා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  14. තරුත් එක්ක පායනකොට තමා හඳ ලස්සන මටත් හිතෙන්නේ .
    …මේ දවස් වල තරු පෙනිලද ඉන්නේ බට්ටීට ?

    ReplyDelete
  15. එහෙම සදක් තමයි ඕනේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. බට්ටිටම ගැලපෙන ලිපියක්.මොකද මේ දවස්වල බස්රේඩියෝ එක පැත්තට එන්නැත්තේ.පිවිසෙන්න මගේ අලුත් බ්ලොග් අඩවියට. http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  17. තරුත් එක්ක පායන කොට සද ලස්සනයි.....
    ඒත් තරු නැති කොටත් සද තිබුනොත් හොදයි නේද.....

    ReplyDelete
  18. තරු නැති අහසේ පායන සද මක්කටද හැබෑටම...??

    ReplyDelete
  19. අපොයි බට්ටි කෙල්ලට මොකද මේ අහසම මතක් වෙලා තියෙන්නෙ..... බය වෙලාද ඉන්නෙ

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  20. ලස්සනයි කවිය බට්ටියෝ .. :)

    ReplyDelete
  21. නියම කවිය බට්ටියෝ....!

    ReplyDelete
  22. සම්පූර්ණ ඇත්ත රැයේ අසිරි බලන්න සඳ විතරක් මදි තරුත් ඕනේ

    ReplyDelete
  23. lassanai...
    Tharu nathi sada...
    Welawakata meloo rahak na..
    Thawath welawakata harima shanthai..

    ReplyDelete
  24. හඳ කිව්වම මම නම් ආසම 'පැණි හඳ' ට බට්ටි ආස මොන හඳට ද ? හික් හික් හික්:)

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    නෙක පුන් සඳින් දුරු වෙයි ලොව ගනඳුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය ගරු

    මේ කවිය පාඩං කරන් හිටු. අනික් දවසෙ ඇහුවම මතක නෑ කිව්වොත් ටොකු දෙන්නෙ චුට්ටං බට්ටි ට !!

    ReplyDelete
  25. හරිම ලස්සනයි නගා

    ReplyDelete
  26. මධුරංග, 2 small corrections...

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගනඅඳුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

    ReplyDelete