April 7, 2013

අම්මා වෙත

 
අවුරුද්දට ගමට ඇවිත්
ඔංචිලි වාරම් පදින්න
අම්මේ තව දවස් තුනයි
නැහැ විසුමක් එය ගෙවන්න

හැමදාමත් නෑදෑයෝ
සරදම් කලේ කෙට්ටු කියලා
මේ ගමනෙදී මහත් වෙලයි
ඔන්න අම්මේ මං එන්නේ

තාත්තගෙ බීමත්කමට
නෑයෝ සාද නොදුන්නට
නාඩ ඉදින් මයේ අම්මේ
මං ඉන්නවා නේද නුඹට

අයියා අක්කා නැති අඩුවක්
නොදැනෙන්නට නුඹේ හිතට
පිස්සු නට නටා ඉන්නම්
අම්මේ මම නුඹේ ලගින්

අපි තුන් දෙනා ආදරයෙන්
එන අවුරුදු සමරමුකෝ
මත්වතුරට තිත තින්න
තාත්තාට කියන්නකෝ

ආදරයත් ගෝනි ගනන්
සංතෝසෙත් ගෝනි ගොඩක්
පුරවාගෙන මං එනවා
රස්සාවට තිත තියලා

33 comments:

  1. //මේ ගමනෙදී මහත් වෙලයි
    ඔන්න අම්මේ මං එන්නේ//

    මොකක්ද රහස :D ???

    අවුරුදු නේද කියල මතක් උනෙත් කවිපද දැක්කට පස්සේ. ;)

    ReplyDelete
    Replies
    1. හේ හේ එව්වා රහස් අනේ..ඒමත් කියනවද..
      අනේ අනේ හොද වෙලාවට ඒහෙනම් මම මේ පෝසට් එක කලින් දැම්මේ...නැත්නම් ඔය අවුරුදු ඉවර වෙනකල් දන්නෙම නෑනේ..
      මෙන්න ඔයා අද එක උනාට අවුරුදු එන්න කලින් මගෙන් තෑගි...
      [im]http://www.lakwimana.com/images/gingle%20wishes.jpg[/im]

      Delete
  2. හැමදාමත් නෑදෑයෝ
    සරදම් කලේ කෙට්ටු කියලා
    මේ ගමනෙදී මහත් වෙලයි
    ඔන්න අම්මේ මං එන්නේ

    හා කනව කනව ගිහින්.ගමම කාල මහත් වෙලා එනව..))))

    සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා හැබැයි ගමේ යන්න.ඇයි අප්පා ගෝනිම කීයක් කියලා අරන් යන්නද?//ආදරයත් ගෝනි ගනන් සංතෝසෙත් ගෝනි ගනන්//හික් හික්..)))

    කොහොම හරි සංතෝසෙයි ආදරෙයි පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ අක්කියේ...සතුටින් අවුරුදු සමරලා එන්න!!!!

    ReplyDelete
    Replies
    1. දැන් මහත් වෙලා ඉන්නේ පොඩ්ඩක් විතර..ගමේ ගිහින් කාලා කාලා තව මහත් වෙන්නම්කෝ..
      අනේ මේ නගා දන්නෑනේ මුකුත්ම කටුනායක එකෙන් නැගලා මත්තලින් බැහැලා එතන ඉදන් චොපර් එකක් අරන් යන්නේ...
      දැම්ම සුභ පතන්න එපා අනේ ..අලුත් අවුරුද්දට එවනවා ආයෙම.

      Delete
  3. නියම කවිය බට්ටි..ශෝක්..සුභ අලුත් අවුරුද්දක් වෙවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටික්කා...ඔයාටත් කිරියෙන් පැණියෙන් එන අවුරුද්ද උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා... හැබැයි ඔන්න දෙපාරක් සුභ පතන්න වෙනවලු...

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හැඟීම්බරයි

    මොකක් උනත් කැහැටු ගතිය මඟ ඇරිලා මහත් උන එක හොඳයි :P

    ReplyDelete
    Replies
    1. ‍ස්තූතියි යාළු...
      හරි හරි ඉතිං ඕකට කටුස්සි වගේ හිටියා කියන්න ඕන්නෑනේ සේරටම ඇහෙන්න... :/

      Delete
  5. නියමයි. අවුරුදු කවි පටන්ගන්න කාලෙ හරි කාටත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් අයියා...ඔව් ඔව් තව ටික දවසක් යද්දි අවුරුදු සිරියෙන් සයිබරය බබලයි...

      Delete
  6. ඒක හොදයි බට්ටී...අනිව මහත් වෙලාම ගෙදර යන්න...

    ReplyDelete
    Replies
    1. ඒකනේ යාළු මේ අගල් 4යි කිලෝ 6යි වැඩි කර ගන්න වින්ද දුකක්..

      Delete
  7. Choko kala wenna ati bastiya mahath une. :P suba aluth awuruddakma wewa :)

    ReplyDelete
    Replies
    1. හෑ උයා කෝමද ඒ සහස දැන ගත්තේ ආ...? එසේම වේවා රෙපෝ...

      Delete
  8. හරි!! එහෙනම් කස්ටියම අවුරුද්දට ගමට යන්න සෙට් වෙමු ඈ!!!!
    පොඩි පරහකට තියෙන්නේ මම මහත් වෙලා නෑනේ බොල!

    ReplyDelete
    Replies
    1. හා හා යමුකෝ ය‍මුකෝ....
      ඔහොම මහත් උනේන නෑ කිය කිය ඉදලා හරියන්නේ නෑ. මම වගේ බන්ඩි පිරෙන්නම කන්න ඕනි..

      Delete
  9. බට්ටිට මේ අවුරුද්ද පසු උන හැම අවුරුද්දකට වඩා සුභ වෙයි කියා හිතෙනවා . ඔන්න අපිව අමතක කරන්න එපා ගෙදර ගියාම . මම පැයෙන් පැයට කෝල් කරනවා :D

    ReplyDelete
    Replies
    1. මමත් එක විශ්වාස කරනවා සුදු..අමතක වෙන එකක් නෑ.. කෝම හරි සුදුව නම් අමතක කරන්න ඕනි..:D අයියෝ ගමේ ගිහිල්ලවත් මට නිදහසේ ඉන්න දෙන්නෙ නැද්ද ආ..ගන්නකෝ පැයෙන් පැයට ‍එකෝට මම කියනවා '' සිංහලෙන් -ඔබ ඇමතූ අංකය හරිම කාර්ය බහුලයි කරුණාකර පස්සෙ ගන්න.. දෙමලෙන් - නිරිස්ස කාරනමාහල් සයිව සේද සිරිද නේරත්තිං පිං කියලා ඔය ටික අහද්දි උයා ආයෙ ගන්නෑ.. හූ හූ කෝමද මගේ ටිකිරි මොලේ..

      Delete
  10. ආදරණීය බට්ටි නංගීට අම්ම ඇතුළු පවුලේ සැමට සතුට පිරුණු සුබ අළුත් අවුරුද්දක් වේවා... මටත් කැවුම් අරන් එන්න...

    ReplyDelete
  11. බට්ටියට පවුලේ සැමට සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  12. .
    මිතුරියක් සේ ලෙසින් හමුවෙලා පෙර දිනක
    සොයුරියක් සේ හදින් එක්වෙලා දිවි පෙතක
    නැවුම් සිතුවිලි පුරන් ගමට යන හෙට දිනක
    පිපීයන් දිරිය මල් යනෙන යන හැම මගක

    ReplyDelete
  13. බට්ටි අක්කා මහත් වෙන්න කෑව මෙනු එක කියන්න බැරිද.?
    සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..!

    නිවාඩු පාඩු වෙලාවක මේ පැත්තෙත් ගොඩවෙලා යන්න එන්න...

    www.amila-psx.blogspot.com

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා, බට්ටි අක්කටයි පවුලේ හැමෝටමයි..

    ReplyDelete
  15. කැවුම් කොකිස් කාලා තව ටිකක් මහත් වෙන්න ඕන හොඳද
    සුබ අලුත් අවුරුද්දක් වේවා..හැම දේම සාර්ථක වේවා..බට්ටි පතන හැම සතුටම හිමි වේවා කියලා හෘදයාංගවම සුබ පතනවා..!

    ReplyDelete
  16. ^_^

    එසේම වේවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. නියමයි!

    ආදරයත් ගෝනි ගනන්
    සංතෝසෙත් ගෝනි ගොඩක්

    ඔන්න ඔය ටික තියේ නම් ඒක තමයි නියම අවුරුද්ද,
    එහෙනම් බට්ටිට ආදරේ සතුට උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  18. හෑ අක්කේ... මහත් වීමේ රහස මටත් කියලා දෙන්ටකෝ... :ඩී
    කවි පෙළ ලස්සනයි

    ReplyDelete
  19. ඇත්තටම බට්ටියේ අවුරුද්ද කියන්නනේ සතුට ඇතිවෙන දවසක්. බට්ටිගේ කවියෙත් ඒක සතුටත් අවුරුදු පැතුමත් තියෙනවා.

    ReplyDelete
  20. ලස්සන කවිය බට්ටියො.
    හැබැයි අවුරුද්දට කාලා කාලා මහත වැඩි වෙයි හොදෙ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!! බට්ටි

    ReplyDelete
  21. එහෙනම් මෙයාට මම චොකෝ ගෙන්න ඕන නෑ.. දැනටම මහත් වෙලානේ..

    සුභ අළුත් අවුරුද්දක් අක්කේ..

    ReplyDelete
  22. හරිම කලාත්මකයි!

    ReplyDelete
  23. අක්කට ලබන්නා වූ නව වසර මැක්සම මැක්සා පට්ටම පට්ට ආතල් වසරක් වේවා කියලා මං ප්‍රර්ථනා කරන්නේ ඔය කියපු ප්‍රර්ථනා ඔක්කොමත් ඉටු වෙන්න කියලා කියන ගමන් .

    ReplyDelete
  24. අනේ බට්ටි නංගියෝ ඔයා හරිම ලස්සනට ඔයාගේ ලිපි ලියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඔයා පුංචි වුනාට ලස්සනට ලියනවා. මමත් බ්ලොග් එකක් ලියනවා. ඒත් මම ආධුනිකයි බ්ලොග්කරණයට. ඒ නිසා මගේ හරියට අඩුපාඩු තියෙනවා. ඒත් මට ඒවා තේරෙන්නේ නැහැ. අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ ලිපි කියවලා මාව ධෛර්යමත් කරන්න කමෙන්ට් දාන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම මඟ බලාගෙන ඉන්නේ ඔයා එන කල්. අනේ නංගියෝ එන්නකෝ අනේ..

    ReplyDelete