August 24, 2011

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...
සිහිනෙක දැවටී ඔබ එනවා...
හිත හිරකරගමි ඔබට නොයෙන්නට..
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග...
හිරැ සදු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරැ දසුනක් වේනම්
ඔබෙ රැව ඒ තුල දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා..
කල්පිත ලෝකේ ගීපොත පෙරළා...
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබමද මා හට...
නැතිවද ඔබ මා හැර යන්නේ...
තහනම් දේසෙහි බැදි බැහි බිදදා...
කෙදිනද ඔබ මා හමුවන්නේ...

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි
පද මාලාව - දයාද අල්විස්
සංගීතය - විශාරද ගුණදාස කපුගේ...

12 comments:

  1. මේ මොකෝ මේ සින්දුවක් කොටල... මොකෑ වුනේ?...

    ReplyDelete
  2. මේ මම ආසම සින්දුවක්....මට මතකයි කාලෙකට කලින් මේ සින්දුව ඇහෙන වෙලාවට කොතැනක හිටියත් මගේ ඇස් දෙක කඳුළු වලින් පිරෙනවා... හරිම සංවේදී සින්දුවක්....පරණ උනාට මට නම් මේ සින්දුව තවමත් අගෙයි...

    ReplyDelete
    Replies
    1. අහන්න...මේ මගේ ජීවිතය මේ සින්දුව පුරා තියෙන්නේ......

      Delete
  3. ලස්සන හිතට වදින සින්දුවක්..මාත් ඕක රසවිඳිනවා..

    ReplyDelete
  4. මමත් කැමති සිංදුවක්..

    ReplyDelete
  5. @ සාතන්
    නිකන් අනේ

    ReplyDelete
  6. @ දිල් අක්කියා
    අපේ ජීවිත වලට එක එක කාලෙට සිද්ද වෙන දේවල් වලට අදාල සිංදු මුණ ගැහෙනවා සුදුසුම වෙලාවෙදී.සිංදු කියන්නේ මගේ ජීවිතයෙන් භාගයක්ම වෙලා.සිංදු නැතිවුනා නම් වෙච්ච දේවල් එක්ක මට පිස්සු වැටිලා

    ReplyDelete
  7. @ නිසුපා
    ස්තූතියි අක්කියේ ඇවිත් යන්න ආවට

    ReplyDelete
  8. @ චතුර
    හදවතට දැනෙන සිංදු රස විදින මිනිස්සු දැන් ගොඩක් අඩුයි.

    ReplyDelete
  9. අස් වහ ගත්තට වැඩක් නෑනේ ඒ රූපය හිතේ තියෙනවනම්.
    ලස්සන කවි සිතුවිල්ලක් බට්ටි නංගි.

    ReplyDelete
  10. ලස්සනයි බටිටි...............

    ReplyDelete