September 2, 2011

නිකමට හිතට ආ දෙයක්

හුගක් දවසකින් පෝස්ට් එකක් දාන්න හිතන් හිටියත් කොහේද ඉතින් රාජකාරි කටයුතු එක්ක ඒක කර ගන්න අමාරැ වුනා.එහෙම වැඩ තිබුනා කියලා අනිත් බ්ලොග් කියවන එක නම් අතපසු කලේ නෑ  හොදද.මගේ ජීවිත කතාවේ ඉතුරැ කොටස ලියන්න ඕන වුනත් මේ වගේ කාර්ය බහුල දවස්වල හරියට ලියා ගන්න බෑ. එහෙම ලිවුවොත් වෙන්නේ කියවන්න කවුරැත් නැති වෙන එක .මට හැමදාම ඕන වුනේ කලින් පොස්ට් එක‍ට වඩා ප්‍රතිචාර  එකක් හරි වැඩි පුර ඊලග පෝස්ට් එකට ලැබිලා තියෙනවා දකින්න. මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වුනදේ හෙමින් හෙමින් ඉටු වෙනවා කියලා. හැමදාම මම ගියේ හෙමින් ගමන්. කොච්චර තැන් වල වැරදුනත් වැරැද්දුවත් මම කවදාවත් මගේ ගම නතර කරලා නෑ. 
බ්ලොග් ලෝකේ හුගක් දක්ෂයෝ මගේ ලග තනියට, හයියට හැමදාම ඉන්නවා. ඒ අය නොහිටින්න මගේ පලවෙනු පොස්ට් එකෙන්ම මම නතර වෙන්න තිබුනා. මේ පුංචි කාලයේදී මම මගේ කියලා මේ බ්ලොග් ලෝකෙ හදාගෙන ඉන්න තැන ගැන මම හුගක් සතුටු වෙනවා. බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ මගේ හිතට දැනෙන සැහැල්ලුව සත්තකින්ම වෙන කිසිම දෙයකින් මම විදලා නෑ. 
මගේ බ්ලොග් අඩවියේ දී මාව නිතරම දිරිමත් කරන අයගේ කටහඩක් අහන්න. පොටෝ එකක් දකින්න ගොඩක් අසයි. ඒත්එහෙම බැදීමක් කොහොම ඇති කරගන්න ලැබේද කියන එක මට හරි ප්‍රශ්නයක්.
ආ තව දෙයක් තියෙනවා. මේක මගේ හිතේ තියෙන පුංචිම පුංචි දුකක්. එකට එක හේතුවක් තමයි දුකා අයියා. මගේ මුලින්ම පොස්ට් එකක් කියවල ගියාට පස්සේ දුකා අයියා මේ පැත්තේ ඇවිත් ගියා කියලා කිසිම ලකුණක් නෑ. අනිත් හේතුව තමයි මාරයියා මේ පැත්තට නො‍එන එක. මගේ දැනුමේ හැටියට එයා බ්ලොග් අඩවියේ පතාක යෝදයෙක්. සමාවෙන්න මම මෙහෙම ලිව්වට. මේක මගේ කාලයක් හිතේ තිබුණ දුකක් නිසාමයි ලිව්වේ. අයියලා දෙන්නම සමහර විට මේ පැත්තේ ඇවිත් යනවා ඇති ඒත් අනේ මංදා ? 
 දිගට කියවන්න දෙයක් මම  මේ කාර්ය බහුලත්වය අඩු වුන ගමන්ම ලියනවා. හැමදාම මගේ හයියට ඔය හැමෝම මගේ ලගින් ඉන්න.

25 comments:

  1. ඔන්න එහෙනම් බට්ටියේ බ්ලොග් ලියන හැමෝම එකතු වෙන්න යනවලු. එදාට ආවොත් ඔයාව දිරිමත් කරන අයගේ කටහඩ අහන්න පොටෝ බලන්න විතරක් නෙවෙයි ඒ අයත් එක්ක එකතු වෙලා ගොඩාක් සතුටු වෙන්නත් ලැබේවි විස්තර මෙතනින්
    http://cyberfestival.blogspot.com/

    ReplyDelete
  2. ගනන් ගන්න එපා නංගි මාත් මේ බලාගෙන ඉන්නේ පරන කට්ටියට මගෙ බ්ලොග් එකට එනකල්.බය වෙන්න එපා.ටික ටික ඉස්සරහට යනකොට ඒ අය ඒවි.:))
    ඔයත් සැණකෙලියට එන්න එතකොට හරි..

    ReplyDelete
  3. " මගේ දැනුමේ හැටියට එයා බ්ලොග් අඩවියේ පතාක යෝදයෙක්"

    අනේ මේ බට්ටියේ මං එහෙමට ලොකු එකෙක් නෙවෙයි..යන්තං අඩි පහයි අගල් හතර හමාරයි..(ඔය අගල් බාගේ මට හරියට වටිනවා..නිකංම පහයි හතරයි කියනවට වඩා මං ඊට වඩා තව චුට්ටක් උසයි කියලා පෙන්නන්න තියෙන එකම සාක්කිය ඒක..:D)මං බොහෝම පුංචි පහේ එකෙක්.. (ඔය ලොකු ටෝක් දුන්නට..)

    අද මට මේක පෙන්නුවේ ඔයාගේ බ්ලොග් එක බලන අක්කා කෙනෙක්.. එතකල් මට අහු උනේ නැහැ මේක..නැත්තං මෙයිට කලියෙන් මොනවා හරි වචනයක් කියනවා...

    දන්නවනේ මට ඉස්සර තරං වෙලාව නැති අවුලක් තියෙනවා මේ දවස්වල..ඉතිං ඒකයි අළුත් බ්ලොග් අහුනොවෙන්නේ..ඒ කොහොම උනත් ඔයා මේක හොඳට ලියාගෙන යනවා..මම මුල ඉඳලම ඔක්කෝම ලිපි ටික කියෙව්වා. ඔයාටත් හොඳට කතා කියන්න පුළුවන්කම තියෙනවා.

    ඔයා ලියන විදිය දැක්කම මට බ්ලොග් එකක් ලියන ලොකු අක්කා කෙනෙක් මතක් උනා. මං හිතුවේ මේ එයාම ලියනවදෝ කියලා..


    කොහොම උනත් අපි ආවත් නැතත් ඔයා ලියන එක කරගෙන යන්න... අපිත් පුළු පුළුවන් වෙලාවකට කඩන් පාත් වෙලා ඔයාව බලන්න එන්නං.

    අනිත් අයත් එක්ක කතා බහ කරන්න ඕනනං ගූගල් බස් ගැන ටිකක් හොයලා බලන්න ඔයාට අපිව අල්ල ගන්න අමාරු වෙන්නේ නැහැ...

    එහෙනං ඔන්න මං ආවා..බ්ලොග් එකත් ෆලෝ කලා..කමෙන්ට් එහෙකුත් දැම්මා.. දැන් ඔයාට හිතෙයි මේ හෑලි ලියන්න ආවට වඩා හොදයි මේකා නාවනං කියලා නේද..:D

    ReplyDelete
  4. ඔන්න ඕකනේ ලොකු ලොකු කට්ටිය ගැනමනේ හිතන්නේ ... පුංචි මිනිස්සු නිසා තමයි ඔය යෝදයෝ බිහිවෙලා තියෙන්නේ කියල හිතාගත්තොත් හොදයි...

    ReplyDelete
  5. ඔය ඇවිත් තියෙන්නේ මාර පතාක යෝදයා...දැන් බට්ටි කෙල්ලට සතුටුද ?

    ReplyDelete
  6. නිවාඩුවට ලංකාවට ගියායින් මට ඔයාගේ කතාව මග ඇරුනා.. ඊළග කොටස දාන්න කලඉන් කොහොම හරි කලින් ලිපි ටික බලාලා එන්නම්...

    ReplyDelete
  7. හෙමින් හෙමින් යන්..

    ReplyDelete
  8. ලියන දේට කැමැති අය නිකම්ම කියවන්න එකතු වෙයි. අකැමැති අය එකතු නෙවෙයි. ඒක රුචිකත්වය පිළිබඳ ගැටඵවක්.

    ReplyDelete
  9. ඔන්න අපි යෝධයෝ නොවුනට නංගිගේ බ්ලොග් එක පිටිපස්සෙන් අපි ඉන්නවා කියවන්න.
    මාත් මාරම ආසාවක් තිබ්බා මාරයියගේ දුකා අයියගේ කමෙන්ට් එකක් ගන්න.. එක හැබෑ උනා.

    ReplyDelete
  10. මන් ආසයි බටිටි ලියන එවට......... දිගටම එනවා මන් ඔයා ලියන එවා බලන්න..... ලස්සනයි. හැබැයි මම අලුත් ‍මෙකට......... මමනමි ඉතින් තාම පොඩියි මෙකට.

    ReplyDelete
  11. අපි ආවට අපිව ගනන් ගන්නේ නැනේ... මම පරන ලිපියකට දාපු කොමෙන්ටුවටවත් ඔයා නෑනේ පිලිතුරු දීල.... ඔය ලොකු අය්යල හොය හොයානෙ ඉන්නේ... (විහිලුවට හොඳේ )

    ReplyDelete
  12. @අම්බලම
    බොහොම ස්තූතියි මේ කරපු දැනුවත් කිරීම‍ට

    ReplyDelete
  13. @ නිසුපා අක්කි
    සැණකෙලියට එන්න නම් අසයි. අම්මටත් නිවාඩුවක් ගන්න පුළුවන් වුනෙත් අනිවාර්යයෙන්ම එනවා.

    ReplyDelete
  14. @ මාර අයියා
    මුලින්ම මාර අයියට මේ පැත්තට එන්න පාර කියපු අක්කට බොහෝම ස්තූති වන්ත වෙනවා.මොකද නැත්නම් ඉතින් මේ පැත්තට එන්නේ නෑ නොවැ.
    මම කිව්වේ ඇග ගැන නෙවෙයි මාරයියේ මගේ බ්ලොක් ලොකේ පතාකයෙක් කියන එක.හැමදාම ඇවිත් යන්න එන්න මාරයියේ.ඒක මට ලොකු හයියක්.

    ReplyDelete
  15. @ දිල් අක්කී
    ඔව් අක්කේ ගොඩක්. ඒත් ඉතින් කියනකල්ම හිටියනේ මාර අයියා එන්න නේද අක්කියේ?

    ReplyDelete
  16. @ දිනේෂ්
    සොයන්නට වෙහෙසුනත් ඔබ ගැන මා හිතට...
    කෙලෙසක සොයන්නද සැගවුණ තැන නොදැන...

    ReplyDelete
  17. @ චතුර
    ඔව් හෙමින් යන අය ගොඩක් දුර යනවලු නේද?

    ReplyDelete
  18. @``` Outsider```
    ඔව් ඒක ඇත්ත. ඒත් මං උත්සාහ කරන්නේ හැමෝගෙම රැචිකත්වයට සරිලන දේවල් ලියන කෙනෙක් වෙන්න.

    ReplyDelete
  19. @ මධුරංග
    ඔයා තව නම් නොලියපු ගොඩක් දෙනෙක් මට ශක්තියක් වෙනවා.ඒක මං හැමදාම කියනවනේ. ඒ දෙන්න ගැන විශේෂයෙන් ලිව්වේ මං ඒ ලිපි වලට වලත් ගොඩක් ආසයි.

    ReplyDelete
  20. @ පොඩි එකා
    සාදරයෙන් පිළිගන්නවා ඔයාව. හැමදාම ඉඩක් ලැබුනහමි එන්නකෝ මාත් එන්නම්කෝ ඔය පැත්තේ.මාත් තවම බ්ලොග් ලොකෙ මාස 4 ක පොඩි ළමයෙක්.

    ReplyDelete
  21. @ නදුන් උයන
    අනේ සමාවෙන්න වැඩ රාජකාරි එක්ක පිළිතුරැ ලියන්න අතපසු වෙන්න ඇති.ආයේ එහෙම වෙන්නෑ.

    ReplyDelete
  22. @ නදුන්
    එකනම් ඇත්ත කොල්ලෝ ... මතක් කරේ නැත්නම් බට්ටි රීප්ල්යි කරන්නේ ලොකු අයියලට අක්කලට විතරයි ..

    ReplyDelete
  23. @ Tanikada Jeewithe
    අනේ එහෙම නෑ. මම ඉඩක් ලැබුන ගමන් රිප්ලයි කරනවා හැමෝටම. අයියලා අක්කලා වගේම නංගිලා මල්ලිලත් ඕනනේ.

    ReplyDelete
  24. @ Tanikada Jeewithe
    සමාවෙන්න මම දැනුයි දැක්කේ ඔයාට රිප්ලයි කරලා නෑ කියලා. පුංචි අතපසු වීමක් වෙලා.

    ReplyDelete
  25. යෝදයෝ ලග ඉන්න පොඩි එවුන් නොපෙනෙන එකේ අසාදාරනයක් නෑ බට්ටියෝ ..

    ReplyDelete