September 26, 2011

පමා වුනා මා එන්නට පමා වුනා.......

22 අනිවාර්යයෙන්ම පොස්ට් එකක් දාන්න හිතා ගෙන හිටියත් නරක වෙලාව කියන්නේ එදා ඉදන් දවස් දෙක තුනක් යනකල් අපේ නෙට් වැඩ කලේ නෑ. ඒක නිසා හැමෝම මා ගැන අනුකම්පා කරලා සමාව දෙන්න. 

විසිදෙවෙනිදා කියන්නේ මගේ ජීවිතේ මං ලබපු පළවෙනි ජයග්‍රහණය උදා කර ගනිපු දවස කියලයි මං හිතන්නේ. මේ සතුට මට ලගා කර ගන්න බ්ලොග් ලෝකේ ඔයාලත් හුගක් උදව් වුනා.
අම්මගේ උපන්දිනේට මං ඒදා අම්මව පුදුම කරන්න හිත හිත හිටියේ. මේ දවස් වල හුගක් වැඩ නිසා ජොබ් එක කරන තැනින් දවසෙම නිවාඩු ගන්න ලැබුනේ නෑ.අම්මටත් ඉන්න ගෙදර නෝනා රට ගිහින් කොහේවත් යන්න එන්න වෙන්නේ නෑ කිව්වා. මට වැඩ කරන තැනින්2 න් පස්සේ යන්න කිව්වා.මම කොහොමත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නිසා ඒ වෙලාව වුනත‍් ඇති කියලා සතුටින් බාරගත්තා. 2ට යන්න ගත්තට පොත් ප්‍රදර්ශනේ ‍නිසා හොදටම පරක්කු වුනා. ඒ වෙද්දි මං කේක් එක අරගෙනත් නෑ. මොනවා කරන්නද කොච්චර පරක්කු වුනත් මං කොහොම හරි කේක් එක අරන්මයි යන්නේ කියල නම් හිතා ගෙන හිටියේ. කොහොම හරි කඩවල් හතර පහකට ගියාට පස්සේ යනතන් මගේ හිතට හරියන කේක් එකක් තිබුනා. කේක එක නම් හරි ඊට පස්සේ ඉටිපන්දම් දෙකක්.5 එකකුයි 0 එකකුයි. කඩවල් කීපයකට ගියාට පස්සේ සරසවි පොත්හලට ගිහින් ඉටිපන්දම් දෙක ගත්තා. 

ඒ වෙද්දිත් අම්මා කොල් කරනවා හෝගාලා. මොකද මෙච්චර වෙලා කරන්නේ කියලා. ගෙනිහිපු කේක් එකේ ඉටිපන්දම් දෙක ගහලා අම්මට හදන් ගිය කාඩ් එක දුන්නා. ගෙදර හිටියේ පොඩි දුවයි එයාගේ බබයි විතරයි. අපි ලස්සනට අම්මට සුභ පතද්දි අම්මා කේක් එක කැපුවා. ඒ ඇස් දෙකේ මං ඒ වෙලාවේ දැකපු සතුට මීට කලින් කවදාත් දැකලා නෑ. අම්මටත් සතුට වැඩි කමට කේක කවලා ඉවර වෙනකල් ඉටිපන්දම් නිවන්න අමකන වුනා. ඒ ගෙදර ඉන්න පුංචි පුතු පැටියා ඉටිපන්දම් දෙක නිවලා දැම්මා.අම්මා කොච්චර සතුටු වුනාද කියනව නම් හැමෝටම කෝල් කරලා කිව්වා මම කේක එකක් ගෙනාවා ජීවිතේ පලවෙනි වතාවට උපන්දිනේට කේක් එකක් කැපුව කියලා.  

මේ ලෝකේ මට වටින එකම දේ අම්මගේ සතුට.‍මං ජීවත් වෙන්නේ අම්මා නිසා.ඉදිරියටත් මගේ අම්මා හැමදාම සතුටින් තියන්න පුළුවන්නම් මට මේ ලෝකේ වෙන කිසිම දෙයක් ඕන නෑ. 

තා පොඩ්ඩෙන් අමතක වෙනවනේ මෙන්න අම්මා ඔයාලා හැමෝටම කේක දුන්නා .............




27 comments:

  1. ඔයාගේ අම්මට එකයි බින්දු දෙකයි ගහපු කේක් එකකුත් කපන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා. ඒ වගේම නිදුක් නිරෝගි සුව හිතේ සතුට වගේ දේවලුත් වැඩි වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  2. හ්ම්....ඔයා එන්න පමා වුනාට අම්මව හොදට සතුටු කරලා තියෙන්නෙ. ඒකත් කොච්චර දෙයක්ද..?

    අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපිත් ප්‍රාර්තනා කලා කියන්න.

    ReplyDelete
  3. අම්ම කෙනෙක්ට මීටත් වඩා සතුටක් තියේවිද ? අම්මාගෙ හිත ඇතුලේ සතුට දෝර ගලන්න ඇති.....පුංචි තෑග්ගක් දුන්නෙ නැද්ද ? මම කිව්වේ මේ මතක තියාගන්න පුළුවන් එකක්

    ReplyDelete
  4. නියමයි නියමයි බට්ටියො...

    ReplyDelete
  5. @ මධුරංග
    එසේම වේවා!මම අම්මට කියන්නම් කෝ ඔයා සුභ පැතුවා කියලා.

    ReplyDelete
  6. @ නිසුපා‍ අක්කී
    මම ඉතින් ගිය වෙලාවේ ඉදන් ගිරවි වගේ ඔයාලා ගැන කියෙව්වා.ඔයා ගැන කිව්වේ ලංකාවටම එකම නමයි ඒක තියෙන්නේ මේ අක්කට කියලා. ඉතිං ඔයා සුභ පැතුවා කියන්න හරි ලේසියි.

    ReplyDelete
  7. @ දිල් අක්කියා ...
    ඔව් අක්කේ ඒ සතුට මං අම්මගේ ඇස් දෙකෙන් දැක්කා. ලොකු තෑග්ගක් ගෙනියන්න බැරි වුනත් ආදරේ පුරවපු පුංචිම දෙයක් දුන්නා.

    ReplyDelete
  8. @ සාතන්
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  9. මකරෙකුත් අම්මව මතක් කළා කියන්න

    ReplyDelete
  10. හා ජෝඩුවකුත් අම්මට නිදුක් නිරෝගී බවින් පිරි සුභ උපන්දිනයක් පහු වෙලා පැතුවා කියන්ට........ :D

    ReplyDelete
  11. අම්මට සුභ උපන්දිනයක් වෙවා.....! කියලා කිව්වා කියන්න,....
    මාරම පිනක් කරලා තින්නේ...
    මේ ආත්මෙදිම ඔයාට ඵල ලැබෙනවා සුවර්..

    ReplyDelete
  12. අම්මට මමත් සුභ පැතුවා කියන්න අක්කේ.....

    ReplyDelete
  13. බට්ටිගේ අම්මේ ඔයාට සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. බට්ටිගේ අම්මට මගෙනුත් පමා වෙලා හරි උපන්දින සුභ පැතුම්

    ReplyDelete
  16. @Chanaka Aruna Munasinghe
    අම්මා බයවෙයිද දන්නේ නෑ .

    ReplyDelete
  17. @ හා පැටික්කි
    ස්තූතියි හා පැටික්කියේ. පස්සේ දවසක කැරට් අලයක් එවන්නම්. ඔයා දන්නවද හාවගේ ගෑනු සතාට කියන නම. හා හා ලදේ.

    ReplyDelete
  18. @ රහස් පරික්ෂකයා
    ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  19. @ Dinesh
    හරි මල්ලියෝ මං කියන්නම්.

    ReplyDelete
  20. @ විසිතුරැ
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  21. @ ප්‍රාර්ථනා
    මම ඒත් බැලුවා ඔයා මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. අම්මට මං කියන්නම්කෝ.

    ReplyDelete
  22. අහ් පරක්කු උනා.. මේ දවස්වල නෙට් ඒම අඩු කරලා ගෙනාපු පොත් කියවන්න ගත්ත හින්දා...

    කොහොම උනත් අම්මාට සුභ උපන් දිනයක් වේවා..! මේ පාර වෙලාවට බැරි උනාට ලබන අවුරුද්දෙවත් අපි වෙලාවට ඇවිත් සුභ පතන්නං...

    අඩේ...යි අර නිසුපා කෙලීට විතරක් ලංකාවට එක නමයි කියලා සංතෝෂ වෙන්ට දෙන්ට ඇහැකිද..? මෙහෙම හිටියට මාත් එහෙම එකෙක් තමා... (නිකං ඉන්න බැරිවට මාත් වලියක් පොලියට ගත්තද මංදා..?)

    ReplyDelete
  23. අනේ මේක දැකලා මටත් හරිම සතුටුයි..:) ඔයාගේ අම්මට සුභ උපන් දිනයක් බට්ටි..

    ReplyDelete
  24. @ මාරයියා
    අවුරැද්දෙ නෙවෙයි ලබන මාසේ තව විශේෂ දෙයක් තියෙනවා.ඒකට නම් ඔන්න ‍පමාවෙන්න බෑ.
    අම්මෝ කා එක්ක වලි පොලියට ගත්තත් නිසුපා අක්කා එක්කනම් ගේමට යන්න එපෝ........... එහෙම වුනොත් ඉන්න හම්බවෙන් නෑ.

    ReplyDelete
  25. @ Sayuri
    ස්තූතියි සයුරි

    ReplyDelete
  26. ඔඔඔඔඔඔ අනේ සමා වෙන්න වැඩ වලට හිර වෙලා හිටියේ..... සුභම සුභ උපන් දිනක් වෙවා ඔයාගේ අමිමට.... ඇයි අක්කේ ලබන මාසේ ඔයාගේ උපන් දිනේද?

    ReplyDelete
  27. මොකද සුභ පතන්න මෙච්චර පරක්කු ? ඹයා කොහොමද දන්නේ මේ මාසේ එයාගේ උපන් දිනය කියලා ????

    ReplyDelete