December 8, 2011

නුඹේ සිත හිස් අහසක්

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

නුවර එළි සිසිලයි
නුඹේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ...............

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ........... 


මගේ ජීවිතේට මේ සිංදුව කිසිම සම්බන්ධයක් නැති වුනත් මම පුදුමාකාර ‍විදියට මේ සිංදුවට ආසයී. කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්න පටන් ගන්නේ කොයි තරම් නම් බලාපොරොත්තු තියා ගෙනද? ඒ ආදරේ  දී මේ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නේ? කවි දහසක් වු ඒ සිත අවසානයේ හිස් අහසෙ ගොදුරක් වුනොත්? අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ. ‍ඔය කොහොම වුනත් මම මේ සිංදුවට පුදුමාකාර විදියට ආසයි.

13 comments:

  1. හ්ම්ම් මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ. ඇත්ත ආදරෙකදී ඔහොම දේවල් වෙන්නේ නැහැ විවාහයට කලින්, පිරිමි ළමයා තමන්ගේ පන වගේ ආරක්ෂා කරනවා තමන්ගේ ගෑනු ලමයව, හ්ම්ම්ම්

    ReplyDelete
  2. මාත් ආසම ආසයි මේ සිංදුවට..:D

    ReplyDelete
  3. මම මේ සිංදුව අහලා නෑනේ. ඒ උනාට මේ වගේ කතාවක් මම දැකලා නම් තියෙනවා.

    ReplyDelete
  4. මං හිතුව බට්ටිය සිංදුවක් ලියන්න හදනව කියලා.... මං මේ සින්දුව අහලා නැහැ.... දැන් නම් අළුත් සින්දු අහන්න ලැබෙන්නෙ පරක්කු වෙලා.... නෙට් එකෙන් උනත් සොයන්නෙ අර පරණ ආස සින්දුම විතරයි.... කවුද බට්ටියේ සින්දුව කියන්නෙ, ලියලා තියෙන්නෙ හෙම...?

    ReplyDelete
  5. මාත් මේ සිංදුව අහලා නෑ නෙ.මොනවා වුනත් අද සමාජයේ වෙන දෙයක් නේද මේක. අහන්න දකින්න වෙන දේවල් අනුව කිව්වෙ.

    ReplyDelete
  6. මාත් අහල ම නෑ.. කවුද කියන්නේ?

    ReplyDelete
  7. කියන්නෙ නම් ශෂිකා නිසංසලා ලිව්වේ කවුද කියලනම් දන්නේ නෑ.

    ReplyDelete
  8. මේක අළුත් සින්දුවක්ද අක්කේ.. අදයි මම ඇහුවෙත්.. කොහොම උනත් අර්ථය නම් හරිම අපූරුයි...

    ReplyDelete
  9. මේ සිංදුව අවුරුදු 3 ක් වගේ පරණයි මං මේක අහල තියෙනවා හිතට දැනෙන සින්දුවක්

    ReplyDelete
  10. මමත් මේ සිංදුව අහලා නෑනේ. කවුද කියන්නෙ?

    ReplyDelete
  11. ලස්සන සින්දුවක්...අහල නම් නැහැ...හොයල අහන්නම්...

    ReplyDelete
  12. ඇත්තටම ඇත්තටම මමත් මේ සින්දුවට අසයි..ශශිකගේ සින්දුවලට මන් කොහොමත් අසයි .. ඔයා දන්නවද බට්ටියෝ
    "මහත්තයෝ මන් දන්නවා නුඹේ කඳුලක බර.." කියන සින්දුව..එකත් ලස්සනයි..

    ReplyDelete
  13. Mage hithath his ahasak eka pirewwe oya mage ima man thama oyata adarey

    ReplyDelete