නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
නුවර එළි සිසිලයි
නුඹේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්
නුඹේ සිත හිස් අහසක් ...............
ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්
නුඹේ සිත හිස් අහසක් ...........
මගේ ජීවිතේට මේ සිංදුව කිසිම සම්බන්ධයක් නැති වුනත් මම පුදුමාකාර විදියට මේ සිංදුවට ආසයී. කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්න පටන් ගන්නේ කොයි තරම් නම් බලාපොරොත්තු තියා ගෙනද? ඒ ආදරේ දී මේ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නේ? කවි දහසක් වු ඒ සිත අවසානයේ හිස් අහසෙ ගොදුරක් වුනොත්? අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ. ඔය කොහොම වුනත් මම මේ සිංදුවට පුදුමාකාර විදියට ආසයි.
හ්ම්ම් මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ. ඇත්ත ආදරෙකදී ඔහොම දේවල් වෙන්නේ නැහැ විවාහයට කලින්, පිරිමි ළමයා තමන්ගේ පන වගේ ආරක්ෂා කරනවා තමන්ගේ ගෑනු ලමයව, හ්ම්ම්ම්
ReplyDeleteමාත් ආසම ආසයි මේ සිංදුවට..:D
ReplyDeleteමම මේ සිංදුව අහලා නෑනේ. ඒ උනාට මේ වගේ කතාවක් මම දැකලා නම් තියෙනවා.
ReplyDeleteමං හිතුව බට්ටිය සිංදුවක් ලියන්න හදනව කියලා.... මං මේ සින්දුව අහලා නැහැ.... දැන් නම් අළුත් සින්දු අහන්න ලැබෙන්නෙ පරක්කු වෙලා.... නෙට් එකෙන් උනත් සොයන්නෙ අර පරණ ආස සින්දුම විතරයි.... කවුද බට්ටියේ සින්දුව කියන්නෙ, ලියලා තියෙන්නෙ හෙම...?
ReplyDeleteමාත් මේ සිංදුව අහලා නෑ නෙ.මොනවා වුනත් අද සමාජයේ වෙන දෙයක් නේද මේක. අහන්න දකින්න වෙන දේවල් අනුව කිව්වෙ.
ReplyDeleteමාත් අහල ම නෑ.. කවුද කියන්නේ?
ReplyDeleteකියන්නෙ නම් ශෂිකා නිසංසලා ලිව්වේ කවුද කියලනම් දන්නේ නෑ.
ReplyDeleteමේක අළුත් සින්දුවක්ද අක්කේ.. අදයි මම ඇහුවෙත්.. කොහොම උනත් අර්ථය නම් හරිම අපූරුයි...
ReplyDeleteමේ සිංදුව අවුරුදු 3 ක් වගේ පරණයි මං මේක අහල තියෙනවා හිතට දැනෙන සින්දුවක්
ReplyDeleteමමත් මේ සිංදුව අහලා නෑනේ. කවුද කියන්නෙ?
ReplyDeleteලස්සන සින්දුවක්...අහල නම් නැහැ...හොයල අහන්නම්...
ReplyDeleteඇත්තටම ඇත්තටම මමත් මේ සින්දුවට අසයි..ශශිකගේ සින්දුවලට මන් කොහොමත් අසයි .. ඔයා දන්නවද බට්ටියෝ
ReplyDelete"මහත්තයෝ මන් දන්නවා නුඹේ කඳුලක බර.." කියන සින්දුව..එකත් ලස්සනයි..
Mage hithath his ahasak eka pirewwe oya mage ima man thama oyata adarey
ReplyDelete