January 3, 2012

මේ හොරාට නමක් දෙන්න?


2012 බට්ටි ලියන පළවෙනි පෝස්ටුව. අත්කමකින් වැඩේ පටන් ගන්න තමයී බට්ටා හිතාගෙන හිටියේ. ඒක කර ගන්න බැරුව ගියා වැඩ රාජකාරී අස්සේ. මම මේ කියන්න හදන්නේ මට ඊයේ අහන්න ලැබුණ දෙයක් ගැන.
මම දකින විදියට ‍ලොක්කේ තියෙන අමාරුම ජොබ් එක පව්ම ජොබ් එක තමයී කුණු එකතු කරන එක. ඇත්තමයී අපි කාපු බත් එකක ඉතුරු වෙච්ච කොලේ බල්ලෝ ඇදලා දාලා තියෙනවා දැක්කොත් කොයි තරන් නම් පිළිකුල් කරනවද? ඔන්න දැන් කට්ටිය කියන්න එපා අනේ අපිට නම් එහෙම නෑ කියලා. මට නම් වැඩ කරන තැනට එද්දී කලින් දවසේ කුණු එක ගෙනියන්නේ නැතුව තිබිලා බල්ලෝ ඇදලා තිබුනොත් සසර එපා  වෙනවා.
කුණු එකතු කරන අය කොච්චරට ලොකු කැප කිරීමක් ද කරන්නේ? එයාලා අපි අප්පිරිය කරන කුණු එකතු කර ගෙන යනවා. ඒ අය මේ ජොබ් එක කරන්නේ වෙන කරන්න ජොබ් එකක් නැති නිසාද? මගේ අක්ක නම් කියන්නේ එයාලා පතා ගෙන ආපු විදියලූ. ගිය ආත්මේ කරපු අකුසල් නිසාලූ ඒ වගේ ‍රස්සවක් කරන්න වෙන්නේ.
අපේ ගම් වල නම් මේ විදියට ගෙවල් වලට කුණු ගෙනියන අය එන්නේ නෑ. ගෙදරම ගිනිදීසිය කෝටු ගහලා වට කරපු එකක් ඇතුලට කුණු ටික දාලා කොම්පෝස්ට් කර ගන්නවා. තියෙන පොලිතින් වලක් කපලා වළදානවා. ඒත් ඉතිං කොළඹ කොහේද එව්වට ඉඩකඩ. මෙහේ සතියක් කුණු ගෙනියන්නේ නැතුව තිබුණොත් පාරක අඩියක් තියන්න බැරි වෙයී.
කුණු එකතු කරන්න එන අය හැම අවුරුද්දකම එනවා උදව්වක් ඉල්ල ගෙන. ඒ කියන්නේ ඉතිං සල්ලි කීයක් හරි තමයී ඒ අය බලාපොරොත්තු වෙන්නේ. ඉතිං මේ අවුරුද්දෙත් 30 වෙනිදා ආවා එහෙම කෙනෙක්. කුණු එකතු කර අයට උදව්වක් කිව්වා.මම ඉතිං දෙපාරක් හිතුවේ නෑ. දුන්නා සල්ලී. කොහොමත් ඉතිං අපි හැම පාරම දෙන දෙයක්නේ. ඕකට අමුතුවෙන් හිත හිත ඉන්න දෙයක් නෑ නේ. ඒ මිනිස්සු කරන කැප වීමට එහෙම උදව්වක් කරන එකත් ලොකු පිනක්නේ.
මෙන්න අලුත් අවුරුද්දේ 2 වෙනිදත් එනවා උදව්වක් ඉල්ල ගෙන. වෙන්න බැරි දෙයක්නේ අනේ. ඇයි මේ දෙපාරක් එකම අවුරුද්දට සල්ලි එකතු කරන්නේ. මම ඉතිං කිව්වා අපි දුන්නනේ කියලා. ඒ අපු මනුස්සයෙක් ඇහුවා කාටද කියලා. මම කිව්වා මං දන්නෑ කුණු එකතු කරන අයට උදව්වක් කරන්න කියලා එක්කෙනෙක් ඇවිත්  කිව්වා එයාට දුන්නා කියලා. අනේ ඊට පස්සේ අර මනුස්සයා හරි අසරණ විදියට කියනවා බලන්න නෝනා මේ පැත්තෙම සල්ලි කව්ද මනුස්සයෙක් කලින් ඇවිත් අරන් ගිහින්. අපි තමයී මේ පැත්තේ කුණු හැමදාම එකතු කරන් යන්නේ කියලා. ඒ මනුස්සයා හරි අසරණ විදියට දොර ඇරගෙන එළියට ගියා. අපි කලින් කෙනෙක්ට සල්ලි දුන්නත් මේ මනුසසයා ඒකට මොනා කරන්න ද කියලා මට දුක හිතුනා. මම  වැඩ කරන කෙනෙක් අතේ ඒ අයට සතුටින් මුදලක් යැව්වා.
එතකොට 30 වෙනිදා සල්ලි ගෙනියන්න ආවේ කව්ද? මේක ලොකු ප්‍රශ්නයක්. අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ වගේ පහත් අමන වැඩක් කරන්න තරම් පහත් වෙච්ච මිනිස්සුද අපේ රටේ ඉන්නේ. පාට පාට ලෝක වලට යන කෙනෙක්ද එදා ඇවිත් සල්ලී ගෙනිච්චේ. ඒ වගේ වැඩක් කරපූ කෙනෙක්ට ලබන්න තව ආත්මයක් ඉතුරු වෙයිද?

22 comments:

  1. ඔයවගේ ඩයල් ඉන්නව හැමතැනම. මම මීට මාසෙකට විතර කලින් කොළඹ ඇවිල්ල පිටකොටුවෙන් කතරගම බස්එකකට නැග්ග ගෙදර එන්න. ඒ වෙලාවෙදි බස්එකේ එකම ගාලගෝට්ටියක්. පොලිසියත් ඇවිල්ල. බස්එකේ රැක් එකක ටිකට් පොතක් තිබිල කාක්කෙක් ඇවිල්ල හැමෝටම ටිකට් කඩල සල්ලිත් අරගෙන ගිහිල්ල. පොලීසිය දොස් කිව්වෙ කොන්දොස්තර අයියට. එයාලග ටිකට් මැෂින් එකක් තිබුනත් ඉස්සර ඉතුරුවෙච්ච ටිකට් පොත බස්එකේ තිබිල. අන්තිමට කොන්දොස්තර අයිය පාඩුව විදගත්ත.

    ReplyDelete
  2. ඔහොම තමා අක්කේ කොහෙත් එකයි...ජරා වැඩ කරන ජරා මිනිස්සු, මනුස්සකම නොහඳුනන මිනිස්සු නැති තැනක් තියේද?

    ReplyDelete
  3. ඔය වගේ කේස් නම් කොළඹ හෝ ගාල... උඹටත් අවුරුද්ද පටන් ගත්තු ගමන් වෙන වැඩ.. :)

    ReplyDelete
  4. බත්තරමුල්ලේ දිල් නවාතැන අරන් ඉන්න තැනට කුණු ගන්න එන්නේ බදාදට විතරයි... සුමානයක් තිස්සේ කරක් වෙවී තියාගෙනඉන්න කුණු ටික බෑග් වල දාලා කුණු දමන භාජනයකට දාලා ඒක එළියෙන් තියලා...භාජනයට උඩින් ගලකුත් තියලා තමා බදාදට ගෙදරින් යන්නේ.... නැත්තම් බල්ලෝ අදිනවනේ... අර බට්ටි කිව්වත් වගේ ඒ මිනිස්සුම ඒවා උසාගෙන යනව මිසක්....අපිට කුණු වාහනයක් ලඟින් ගියත් නහය හකුලා ගන්න වෙනවනෙ...
    හිඟාකන ගිඟන්නන්ටත් අසමජ්ජාති වැඩ කරන එවුන් ඉන්න රටක්නෙ මේක...

    ReplyDelete
  5. ගාබේජ් බෑග් කියල එකක් රුපියල් දහයක් වෙන බෑග වගයක් තියෙනව ෆුඩ් සිටි කියන ආයතන වල එයින් එකක් ගත්ත නම් ගොඩ...

    ReplyDelete
  6. අපොයි ඔහොම මුනුස්සු දැන් වැහි වැහැලා බට්ටියේ.කාට දෙන්නද එපාද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
  7. ඔය වගේ අසාධාරණකම් කරන මිනිස්සු ඕනිතරම් ඉන්නවා බට්ටියෝ... හරිම දුෂ්ඨ මිනිස්සු.. කුණු එකතු කරන ඒ මිනිස්සුත් මිනිස්සුනෙ දෙයියනේ.. පවු.. අපිට පොඩ්ඩ ඇත්තන් අප්පිරියයිනෙ..ඒ මිනිස්සු කුණුත් එක්ක හැප්පෙන්නෙ ජීවත් ව්එන්න නේ..

    ReplyDelete
  8. @amila chathuranga

    කාරනාව හරියට තේරුම් අරගෙන හැඩයි.... :Pමේ කියන්නෙ කුණු ගැන කතාවක්ද ? කුණු ගෙනියන අයටත් විදින හොරු ගැන කතාවක්ද ?

    ReplyDelete
  9. හපොයි අද කාලෙ අහන්න ලැබෙන ඒවා... ඌ කුනු ගොඩකම මැරිල ඉදියි.....

    ReplyDelete
  10. "කුණු බදු හොරු" කියලවත් නම දාමු...

    ReplyDelete
  11. මේ ලෝකේ එක එක විදියෙ මිනිස්සු.. ඔහොම තමා..

    අත්තං දාන්න ආවොතින් අත්තං බට්ටි කියල රෙජිස්ටර් කරනව හොඳේ.

    ReplyDelete
  12. ඔය වගේ අයනම් අනන්තයි අක්කේ.. ඒකනේ දැං පාරේ බස් එකට නගින හිගන මනුස්සයෙක්ට උනත් කවුරුවත් කීයක් හරි දෙන්න අදි මදි කරන්නේ.. ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා හොයා ගන්න බෑ..

    ReplyDelete
  13. හපොයි..කුණු ගැන නම් කතා කරලා වැඩක් නෑ...ඒ රස්සාව කරන අය ගැනත් ඇත්තටම කණගාටුයි..අපේ පැත්තෙ නම් කූණු එකතු කරන්න ආවාම ඒ අයට හැකි පමණීන් උදව් කරන එක තමයි කරන්නෙ..

    ප.ලි.

    මම බලාගන හිටියෙ අලුත් අවුරුද්දෙ බට්ටි දාන ඉස්සෙල්ලම පොස්ට් එක වෙන්න..සික් අපරාදෙ..අර තෑග්ග..:D

    ReplyDelete
  14. අනේ මේ වගේ හොරුන්ට කියන්න නමක්වත් මටනම් හිතාගන්න බැහැ...මම එක පාරක් පත්තරේක දැක්කා, කොහේ හරි කානිවල් එකක වෑන් එකක් ඇවිත් එනවුන්ස් කරාලු පොඩි ළමයෙක්ගේ ඔපරේෂන් එකක් කරන්න සල්ලි එකතු කරන්න කඩවල් වලට තව ටිකකින් එනවා කියලා. එයාලා සල්ලි එකතු කරන්න යනකොට වෙන කට්ටියක් ඊට කලින් ගිහින් සල්ලි ඉල්ලගෙන ගිහින්ලු.

    ReplyDelete
  15. සුවර් එකටම පාට පාට ලෝකේ බලන්න යන්න වෙන්ටෑ ඔය හොරකම කරේ..

    ReplyDelete
  16. මොනා කියන්නද කියල හිතා ගන්න බැහැ බට්ටි....ලංකාවෙන් ඇහුනොත් ඇහෙන්නෙම ඔය වගේ කතාවක් සික්.....මට නම් ලංකාවට එන්නම හිතෙන්නෙ නැහැ ඔය වගේ මිනිස්සු ගැන ඇහෙද්දි....නගර සභාවෙන් නෙවීද කුනු ගෙනියන වැඩේ කරන්නෙ?

    ReplyDelete
  17. මමනම් ඔතනදි බනින්නෙ බට්ටිටම තමා හැමදාම කුනු ගෙනියන මිනිහව අඳුනන්නේ නැති එකට හික් හික්

    ReplyDelete
  18. බට්ටි අවුරුද්දට වැඩ අල්ලලා වගේ...
    ඒ වගේ වැරදි නොවෙන විදිහට වැඩ කරන්න අපිත් හුරු වෙන්න ඕනේ
    නැත්නම් මේ ලෝකේ ජිවත් වෙන්න අමාරුයි

    @ වින්චැට්කිරිල්ලි.
    එහෙම කියන්න එපා නංගි, හැම තැනම හැම රටේම වැරදි තියෙනවා
    වැරදි ටිකක් දැක්ක ගමන් තියෙන හොඳ ඔක්කොම අමතක කරන එකනම් හොඳ වැඩක් නෙමෙයි ඕං...

    ReplyDelete
  19. අනේ මන්ද ඉතින් හොරකම් කරන්නෙත් මිනිස්සු නැති බැරිකම නිසා..පිනට යමක් කියල ඉල්ලන්නෙත් නැති බැරී කම නිසා.. :(

    ReplyDelete
  20. @ වින්චැට්...හැම තිස්සෙම ලංකාවට නක්කලේ දාන්න එපා නංගී..ලංකාව සුන්දර රටක් නේ...

    ReplyDelete