January 18, 2012

වෙන්න කලින් හිතනවා

මොනවද කල්පනා කරන්නේ?
මොකුත් නෑ අනේ මොකුත් නෑ.
එහෙනම් ඔය තරම් උඩ බලන් ඉන්නේ?
මේක පුදුම වැඩක්නේ මට උඩ බලන් ඉන්න හොද  නැද්ද?
නෑ මම ඇහුවේ මොනවද ඔය තරම් හිතනනේ කියලා.
මම මේ වෙන්න කලින් හිතනවා.
වෙන්න කලින් හිතනවා?..ඔයා හරි පුදුම කෙනෙක්නේ...
හ්ම්..........
හදටවත් යන්නද හිතන්නේ.
ඇයි අහන්නේ?
මට‍ත් එන්න.
විකාර
ඇයි බැරිද ?
ඒ මම ගියොත්නේ? ඇයි හදට යන්න මට වෙන යන්න තැනක් නෑ කියලා හිතුවද?
මොනවද ඔයාට වෙලා තියෙන්නේ?
වෙලා නෑ වෙන්න කලින් හිතනවා..
අනේ මන්දා....
එක අතරකට වෙන්න කලින් හිතන එක මාර වදයක් නේ...?
 ඔයාම හිතලා ඔයාම වදයක් කියනවා...
ඒක නෙවෙයී ඔයා මොකටද දැන් ආවේ...?
ඔයාව බලන්න ...
ඇයි ඔයා කිව්ව නේද මාව බලන්න ආයේ එන්නෑ කියලා ....
කිව්ව තමයී ඒත් එන්න හිතුනා..
වැඩක් නෑ...
ඇයි ?
ගිය අය මොකට ආයේ එනවද..?
මම ගියේ නෑ ..ඔයයී මට යන්න කිව්වේ..
මම යන්න කිව්ව තමයී..ඒත් ඔයා නෙවෙයිද එන්නෑ කිව්වේ...
මට දැන් ඔය යන්නද කියන්නේ...
කවුද එහෙම කිව්වේ....?
ඇත්තටම මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ...?
මම කිව්වනේ වෙලා නෑ..වෙන්න කලින් හිතනවා කියලා...
මම යනවා අන්න ඔයාගේ ලෝකේ මම අරන් ආවා...
මගේ ලෝකේ....?
ඔව් ...
මොකද්ද?
අඹ ගහ යට ඇති ගිහින් බලනවා....
මොකද්ද?
ගිහින් බලනවා නේද?
හා
කියන්න ගිහින් බලනවා නේද?
හා
ඇත්තම කියන්න ගිහින් බලනවා නේද?
මේ මොනවදයක්ද? හා අනේ හා අනේ හා...


(බට්ටෝ අද වැඩට යන්නැද්ද?මොකද මේ පස්ස පැත්තට ඉර පායනකන් නිදි.බෙල් එක තිබ්බේ නැද්ද?
ෂික් අක්කා මගේ හීනේ කෑවා. දැන් ඉතිං වෙච්ච පොරොන්දුව අයියෝ දැන් මොනවා කරන්නද?වෙන්න කලින් හිතලත් ඇයි මෙහෙම වුනේ..)

41 comments:

  1. හි හි ඒ කිව්වෙ මොකක්ද..හීනෙනුත් කාත් එක්ක හරි රංඩු උනාවත්ද?
    ඒ උනාට ඒක ලස්ස්නයි..ඒ හීනෙ ඉඳල තියෙන්නෙ මුරන්ඩු කෙල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. බට්ටිත් හරි මුරන්ඩු කෙල්ල. බට්ටිගේ අම්මා එහෙම කියනවා. නින්ද ගියහම විතරයී පොඩ්ඩක් හොදට හිටියේ...:D

      Delete
  2. පිස්සු බට්ටියෙක්!

    ReplyDelete
    Replies
    1. කොහොමද අනේ ඔයා හරියටම දැන ගත්තේ...

      Delete
  3. මටනම් ඔහොම උනාම පොඩ්ඩක් ඉන්න කියලා ඉතුරු ටිකත් බලන්න උත්සහා කරනවා.. සමහර වෙලාවට පේනවා . සමහර වෙලාවට පෙන්නේ නැහැ :(

    ReplyDelete
    Replies
    1. ඒ වෙද්දීත් 5.30 ත් වෙලා. තව නිදිය ගත්තොත් ඉතිං හොදට තියෙයී. ඇරත් ඉතිං ඔයාට තියෙන පින මට නෑ නේ. ආයේ ඒ හීනේ මලත් අල්ලනවා බොරු.

      Delete
  4. මට නම් හීනයක් දැකපු කාලයක් මතක නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකට මට. ඉස්සර මීට අන්තයී.ඒ දවස්වල එක දවසට හීන 7ක් විතර බලනවා. දැන් නම් ගොඩක් අඩුයී.

      Delete
  5. මතු සම්බන්දයි කියල යන්න....... හවසට ඇවිත් ඉතුරු ටික බලතහැකි නේ. :D

    ReplyDelete
  6. හික්ස්ස්... හීන බලන්න ඕනෙ එළිවෙන බව දැනගෙන බට්ටියෝ!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙන්න කලින් බලා ගන්න බැරි වු‍නානේ...:D

      Delete
  7. කලින් දවසේ රෑ මොනවහරි වැරදි දෙයක්වත් කැවුනද බට්ටිට... :)

    ReplyDelete
    Replies
    1. මේකයි ලොකු අයියේ ඊයේ රෑ කන්නෙම නැතුව නිදිය ගත්තේ. සුද්දී කොණ්ඩ මෝස්තරයක් දැම්මා මට සනීපෙට නින්ද ගියා.
      හැබෑටම නොකා නිදිය ගත්තහම මෙහෙම වෙනවනම් වැරදී දෙයක් කැවුනොත්.අපොයී දෙයියනේ ඉන්න හම්බවෙන්නෑ නේද ලොකු අයියේ. :D :D :P

      Delete
  8. ෂා...මරැ හීනෙ. මටත් ඔය වගේ හීන පේනවා දවල්ට..
    හික් හික්..

    ReplyDelete
    Replies
    1. දවල් හීන බලන්නේ බලාගෙන හොදද?

      Delete
  9. අපරාදේ... බට්ටියා නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්... හීන pause කරන්න ක්‍රමයක් කාට හරි හොයා ගන්න හිතෙන්නෙ නැද්ද මන්දා...L))
    එතකොට අපරාදේ කියලා හිතන්නෙ නැතුව ආයෙම නිදා ගන්න වෙලාවට ආයෙම Play කරලා හීනෙ බලන්න පුළුවන්නෙ...දිල්ට නම් මේ දවස්වල හීනයක්වත් පේන්නෙ නෑ...හීන දකින්නත් නිදා ගන්න එපායෑ

    ReplyDelete
    Replies
    1. පුවක් ගහේ විතරක් නෙවෙයී අක්කේ ලයිට් කණුවෙත් දෙබලක් මම නැග්ගොත්. බැරිද වෙන්න මහත්තයටවත් කියලා අලුතින් මොනවා හරි හොයා ගන්න. හීන pause. නිකමට අහලා බලන්න ගියොත් වචනයක්. එහෙමද ආවෝත් හීන රෝලක්.

      Delete
  10. මටත් මදි නොකියන්න හීන පේනවා.අපේ එක යාලුවෙක් හිටියා එයා දවස් තුනක් තිස්සෙ මතු සම්බන්ද හීනයක් බැලුවා. :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ යාළුව නම් ෂුවර් එකටම ගිය ආත්මේ හීන පූජාවක්වත් දෙන්න ඇති.

      Delete
  11. ඊලග පොස්ට් ඒකෙන් හීනය resume කරන්න!:D

    ReplyDelete
    Replies
    1. මට නම් මළාට හීන resume කරන්න බෑ. හැබැයී ඉතිං ‍කතාව ගොතන්න නම් පොඩි ට්‍රයී එකක් දෙන්න පුළුවන්.

      Delete
  12. කටකාර මුරන්ඩු පිස්සු කෙල්ලෙක්, මේ බට්ටිත් එක්ක යන බට්ටට නම් බුදු සරණයි......!!

    ReplyDelete
    Replies
    1. හී හී.....
      ඔය බට්ටට නම් පිස්සු තිවිලා බෑ නේ. එහෙම වුනොත් ඉතිං ගෙදර පිස්සන් කොටුවක් වෙයී. :D

      Delete
  13. මටත් හිටපුගමන් පේනවා ත්‍රාසයජනක සිහින.. :)

    ReplyDelete
    Replies
    1. මම නම් චිත්‍රපටියක්වත් බලන්නෑ ඒවගේ. ඒවගේ එකක් පෙනුනොත් නම් මම ආයේ නිදියන් නෑ.

      Delete
  14. අහ්.....මේක හීනයක්ද....

    ReplyDelete
  15. මටත් මේ ටිකේ ඕවගේ හීන පේනවා. ඔඅයේ හිතේ මගේ සෙං කෝප වෙලා වගේ.
    අපරාදේ අඹ ගහ යට තියන දේ බලාගන්න තිබ්බා. ඒත් කොයි !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයී හිතට දුක. මගේ ලෝකය .මම තාම හිතනවා මොකක් වෙන්න ඇත්ද කියලා.

      Delete
  16. අනේ මට හීන පේන්නෙ නැතෝ... සැපට නින්ද යනෝ...

    ReplyDelete
    Replies
    1. අපෝ වැඩක් නෑ හීනයක්වත් පේන්නැද්ද? :D

      Delete
  17. මට නම් පුළුවන් හීන කන්ටිනිවු කරන්න...ඇහැරුනොත් එහෙම ආපහු නවත්තපු තැන ඉඳලා බලන්න පුළුවන්...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාගේ මොලේ ෆයිල් සේරම හදලා ඇත්තේ DVD Player එකක් විදියටද දන්නේ නෑ නේ. මට නැති වුනානේ ඔය පින

      Delete
  18. අර දිල් අක්කා කියා තියෙන විදියට හීන pause කරන්න ක්‍රමයක් හොයා ගත්ත නම් වැඩේ හරි.
    බට්ටි අක්කා ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එකටත් ඇවිත් යනවද..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පැමිණීම මට සතුටක් නංගීයෝ.මමත් අනිවර්යයෙන්ම එනවමයී.

      Delete
  19. සුන්දර හීන දැක දැක ඉද්දි අතරමගදි ඇහැරුනාම හිතට හරිම දුකයි නේද බට්ටි

    ReplyDelete
  20. ඇත්තට ඇයි මේ වෙන්න කලින් හිතන්නෙ.අපරාදෙ අක්ක තව ටිකක් පරක්කු වුනානම් මොනවද එයා තිබ්බෙ කියල බලන්න තිබුන නේද​?අක්කත් කරන වැඩ,නංගියට හීනයක්වත් බලන්න දෙන්නෙ නැති හැටි.හික්...හික්...

    ReplyDelete
  21. අපරාදේ අඹ ගහ යට තියෙන්නේ මොනවද කියල දැනගන්න කන් ඉන්න බැරිවුනානේ..

    ReplyDelete
  22. හීනයක් නේ...... දුවලා ගිහින් හැබැහින් බැලුවෙ නැද්ද අඹ ගහ යට මොනවද තියෙන්නෙ කියලා..:D

    ReplyDelete