පළුදු වූ සිතක්
ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කෙරුණි,
වැඩිම ආදරය නම් ලංසුව
වැටෙන තුරු
අයිතිකරු එය සුරැකුවා
අලෙවි වුනි විශ්වාස කල නොහැකි තරම්
ලංසුවකට
ඒ පළුදු වූ සිත,
මිලට ගත් කෙනා
ඔපදමා ගන්නෙමියි කියා
රැගෙන ගියා ඒ පළුදු වූ සිත
නමුත් ඔපදමනු වෙනුවට
තැලුනි ඔහු අතින්
ඒ සිත තව තවත්
ඉතිං තව කුමකටද
පළුදු වී ඉරි තැළුනු සිතක්
යළිත් වෙන්දේසි කර .................
ප.ලි. සිතුවිල්ලක් පමණි. ආ එහෙමත් නැත්නම් අද දවසට හරියන්න කියනව නම් පට්ටපල් බොරුවක් පමණි. :D :D
හිහි....
ReplyDeleteහ්ම්ම් :(
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි බොර වුනාම ජලේ පැහැය නෑ
Deleteපර වුනාම මලේ සුවද නෑ
බිදුණු පෙමක නැවුම් රසේ නෑ
සිතක් බිදුණු පසු කොතෙක් කලත් ඔසු
Deleteපලක් නොවේ All in one
ඊලග පාර වෙන්දේසියට දාන්න ඉස්සර ටෙන්ඩර් ඩොක් එකට දාන්න ටෙස්ටිං පීරියඩ් එකක්...
ReplyDeleteටෙස්ට් කරල බඩු ගන්නව නම් කරදර නෑ...නැත්තං මුලදි වගේ නෙමේ පස්සෙ ලෙඩ දෙන්න ගත්තම...
අයියෝ මම ඔය ටෙන්ඩර් ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ.
Deleteමමත් ලන්සුවක් තියන්නද? :-)
ReplyDeleteඔන්න ඉතිං ඒගමන නම් එන පොට හොදනෑ...
Deleteහ්ම්ම්..ඒ හිත දෙපාරම අයිති කරන් තියෙන්නෙ ව්‍යාපාරික පරමාර්ථයෙන්ද එතකොට..
ReplyDeleteඒක තමයි නේ අක්කේ. කූට ව්‍යාපාරික කුමන්ත්‍රණයක් වෙන්න ඇති ඒකත්
Deleteහ්ම්ම් ...
ReplyDeleteඇයි අනේ...හ්ම්ම් කියන්නේ
Deleteතැලුන හිත් තවත් තලන අය තමයි ගොඩක් ඉන්නෙ. කලාතුරකින් තැලුන හිත් හොඳ කරන අයත් ඉන්නවා.අනේ මංදා...අදහස කවියක් විදිහට ඉදිරිපත් කරලා තියන විදිහ නම් හරි ලස්සනයි බට්ටි... :)
ReplyDeleteමාර වැඩේ ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණේ. තාව පොඩ්ඩෙන් නඩුවක් පයිල් වෙනවා
Deleteමමනම් මේ සිතුවිල්ලක් පමණි කියන කෑල්ලට රැවටෙන්නේ නෑ.. ඒත් කවියේ අවසානයේ හැටියට එහෙම වෙනවනම් හොදයි කියලා හිතෙනවා.. කොහොම උනත් කව්ය ලස්සනයි අක්කේ..
ReplyDeleteගුටි ගුටි. පලියක් දානවද මලයෝ සිරා සිද්ධියක් නම්
Deleteහරි හරි එහෙම හිතමු
ReplyDeleteආන්න හරි එහෙම තමයි හිතන්න ඕන
Deleteහික්ස්ස්.. ඔය සිතුවිල්ලක් පමණි කියලා දැම්මාට වැඩක් නෑ හෆ්ෆා මෙයාලා එක්ක බෑ..:D ඒ නිසා මම දැන් දැන් ලියන එව්වට එහෙම දාන්නෙ නෑ..
ReplyDeleteලස්සනයි අක්කෙ.
ඒක තමයි අනේ මෙයාලා අලිම නාකයි නේද නංගී.
Deleteඔව්ව පළුදු වුනත් වුනේ නෑ වගේ ඉන්න එක තමා හොඳ... :)
ReplyDeleteඒකත් ඇත්ත තමයි. ඔන්න අපිනම් එහෙම වුනත් කියන්නෑ
Deleteපලුද්ද කාලෙත් එක්ක ටිකක් හරි හරියාවි නංගි.ඊට පස්සෙ හරියට තැලුනු හිත සුවපත් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගත්තානම් හරි.
ReplyDeleteඅපොයි දෙයියනේ අක්කත් මේක සීරියස් අරන්නේ.මේ කවිය ඇතුලේ බට්ටි නෑ අක්කියෝ.
Deleteබට්ටිගේ හිතනම් වෙන්දේසි කරන්නෑ මලත්.
කවිය නම් ලස්සනයි නංගියෝ.. ඕක අදහසකට විතරක්ම සීමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බට්ටි..
ReplyDeleteස්තූතියි අක්කියෝ. මේක මේ එළිවෙන ජාමේ නින්දනොයා ඉදිද්දි නිකමට ඔළුවට ආව සිතුවිල්ලක් විතරමයි
Deleteගැඹුරු අදහසක්.....
ReplyDeleteම්ම්ම්...
ReplyDeleteboruwak nemei, eka pattapal aththak, ekaparak weradunata passe ethanin ehata hema dayakma waradinawa.
ReplyDelete