April 1, 2012

පළුදු වූ සිත

පළුදු වූ සිතක්
ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කෙරුණි,
වැඩිම ආදරය නම් ලංසුව
වැටෙන තුරු 
අයිතිකරු එය සුරැකුවා
අලෙවි වුනි විශ්වාස කල නොහැකි තරම්
ලංසුවකට 
ඒ පළුදු වූ සිත,
මිලට ගත් කෙනා 
ඔපදමා ගන්නෙමියි කියා
රැගෙන ගියා ඒ පළුදු වූ සිත
නමුත් ඔපදමනු වෙනුවට
තැලුනි ඔහු අතින් 
ඒ සිත තව තවත්
ඉතිං තව කුමකටද 
පළුදු වී ඉරි තැළුනු සිතක් 
යළිත් වෙන්දේසි කර .................


ප.ලි. සිතුවිල්ලක් පමණි. ආ ‍එහෙමත් නැත්නම් අද දවසට හරියන්න කියනව නම් පට්ටපල් බොරුවක් පමණි. :D :D

28 comments:

  1. හිහි....
    හ්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි බොර වුනාම ජලේ පැහැය නෑ
      පර වුනාම මලේ සුවද නෑ
      බිදුණු පෙමක නැවුම් රසේ නෑ

      Delete
    2. සිතක් බිදුණු පසු කොතෙක් කලත් ඔසු
      පලක් නොවේ All in one

      Delete
  2. ඊලග පාර වෙන්දේසියට දාන්න ඉස්සර ටෙන්ඩර් ඩොක් එකට දාන්න ටෙස්ටිං පීරියඩ් එකක්...
    ටෙස්ට් කරල බඩු ගන්නව නම් කරදර නෑ...නැත්තං මුලදි වගේ නෙමේ පස්සෙ ලෙඩ දෙන්න ගත්තම...

    ReplyDelete
    Replies
    1. අයියෝ මම ඔය ටෙන්ඩර් ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ.

      Delete
  3. මමත් ලන්සුවක් තියන්නද? :-)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ඒගමන නම් එන පොට හොදනෑ...

      Delete
  4. හ්ම්ම්..ඒ හිත දෙපාරම අයිති කරන් තියෙන්නෙ ව්‍යාපාරික පරමාර්ථයෙන්ද එතකොට..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේ අක්කේ. කූට ව්‍යාපාරික කුමන්ත්‍රණයක් වෙන්න ඇති ඒකත්

      Delete
  5. Replies
    1. ඇයි අනේ...හ්ම්ම් කියන්නේ

      Delete
  6. තැලුන හිත් තවත් තලන අය තමයි ගොඩක් ඉන්නෙ. කලාතුරකින් තැලුන හිත් හොඳ කරන අයත් ඉන්නවා.අනේ මංදා...අදහස කවියක් විදිහට ඉදිරිපත් කරලා තියන විදිහ නම් හරි ලස්සනයි බට්ටි... :)

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණේ. තාව පොඩ්ඩෙන් නඩුවක් පයිල් වෙනවා

      Delete
  7. මමනම් මේ සිතුවිල්ලක් පමණි කියන කෑල්ලට රැවටෙන්නේ නෑ.. ඒත් කවියේ අවසානයේ හැටියට එහෙම වෙනවනම් හොදයි කියලා හිතෙනවා.. කොහොම උනත් කව්ය ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ගුටි ගුටි. පලියක් දානවද මලයෝ සිරා සිද්ධියක් නම්

      Delete
  8. හරි හරි එහෙම හිතමු

    ReplyDelete
    Replies
    1. ආන්න හරි එහෙම තමයි හිතන්න ඕන

      Delete
  9. හික්ස්ස්.. ඔය සිතුවිල්ලක් පමණි කියලා දැම්මාට වැඩක් නෑ හෆ්ෆා මෙයාලා එක්ක බෑ..:D ඒ නිසා මම දැන් දැන් ලියන එව්වට එහෙම දාන්නෙ නෑ..

    ලස්සනයි අක්කෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අනේ මෙයාලා අලිම නාකයි නේද නංගී.

      Delete
  10. ඔව්ව පළුදු වුනත් වුනේ නෑ වගේ ඉන්න එක තමා හොඳ... :)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. ඔන්න අපිනම් එහෙම වුනත් කියන්නෑ

      Delete
  11. පලුද්ද කාලෙත් එක්ක ටිකක් හරි හරියාවි නංගි.ඊට පස්සෙ හරියට තැලුනු හිත සුවපත් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගත්තානම් හරි.

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ අක්කත් මේක සීරියස් අරන්නේ.මේ කවිය ඇතුලේ බට්ටි නෑ අක්කියෝ.
      බට්ටිගේ හිතනම් වෙන්දේසි කරන්නෑ මලත්.

      Delete
  12. කවිය නම් ලස්සනයි නංගියෝ.. ඕක අදහසකට විතරක්ම සීමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බට්ටි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ. මේක මේ එළිවෙන ජාමේ නින්දනොයා ඉදිද්දි නිකමට ඔළුවට ආව සිතුවිල්ලක් විතරමයි

      Delete
  13. ගැඹුරු අදහසක්.....

    ReplyDelete
  14. boruwak nemei, eka pattapal aththak, ekaparak weradunata passe ethanin ehata hema dayakma waradinawa.

    ReplyDelete