“තමුසෙගේ නම මොකද්ද ? ”
“ සිරිපාල රාළහාමි”
“ සිරිපාල රාළහාමි... මාර නමක්නේ අයිසේ ”
“ නෑ රාළහාමි මගේ නම සිරිපාල”
“ සිරිපාල හිගාකන්න පටන්ගෙන දැන් කොච්චර කල් ද?”
“අවුරුදු 12ක් වෙනවා රාළහාමි”
“ හ්ම්ම් ....සෑහෙන්න කාලයක්. අධි ආරක්ෂිත කලාපේ හිගා කන්න යන්න එපා කියලා අපි තමුසෙලට කොච්චර කියනවද? මොන හයියක් අරන්ද ඕයි ඒකෙම රිංගන්නේ”
කිව යුත්තක් නොමැති වූ නිසා මම ගොළු වුනි. එදින මා ඒ තුලට ඇතුල් වූයේ කැමැත්තකින් නොවේ.
“ කියනවා බලන්න තමුන්ගේ විස්තර ටිකක්”
“මම ඉපදුනේ හුගක් ඈත ගමක. කලවය ගියත් මම විවාහයක් කර ගන්න කැමති වුනේ නෑ රාළහාමි. ඒත් එන්න එන්නම වයසට යද්දී මට තේරුනා තනියම ජීවත් වෙන එක ලේස් නෑ කියලා. ඒ වෙද්දී මට අවුරුදු 55ක්. අක්කගේ දරුවන්ට කරදරයක් වෙන්න බැරි නිසා මම හිතුවා කොහේ හරියන්න. එහෙම ඔළුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන එළියට බැහැලා ආපු ගමන තමයි මේ රාළහාමි.”
“ එතකොට සිරිපාල එහෙම ආවේ තමුසෙට ඒ අය නොසලකන නිසාද?”
“අනේ නෑ. රාළහාමි උන් මට හුගක් ආදරෙයි. අක්කගේ හැම දරුවම ලොකු ලොකු තැන්වල ඉන්නවා.මම මෙහේ ඉන්නවා දැනගෙන උන් කීපපාරක්ම ආවා මාව එක්කරගෙන යන්න. ඊට පස්සේ තමයි රාළහාමි මම මේ රැවුලයි කොණ්ඩෙයි වවන්න පටන් ගත්තේ. උන්ට මාව අදුන ගන්න බැරි වෙන්න.”
“ අපිට දැන් තමුන්ව නිදහස් කරන්න අනිවාර්යයෙන්ම කෙනෙක් ඕන.”
කලයුතු කිසිවක් නොමැති තැන මම ඔහේ කල්පනා කලේ කාගේ මාර්ගයෙන් මෙතැනින් පිට වෙන්නද කියාය. තිබුනේ එකම පිහිටක් පමණි. ඒ මගේ අක්කගේ නිවසට මේ ගැන දැනුම් දීම පමණි.
“රාළහාමි අක්කගේ ගෙදර අංකේ නම් මගේ ලග තියෙනවා. උන්ට කිව්වොත් නෑවිත් ඉන්න එකක් නෑ. ලොකු මුණුබුරා මට හුගක් ආදරෙයි.”
“නම්බර් එක වැඩ කරයිද?”
“වැඩ කරනවා රාළහාමි. මම මේ ලගදීත් අර ගෙන උන්ගේ කටහඩ අහලා තිබ්බා.”
“ මොකද මනුස්සයො ඔය විදියට දුක් විදින්නේ. මැරිච්ච දවසක බල්ලෙක් බළලෙක් වගේ රජයෙන් වළලාල දාවි. එහෙම නැතුව තමන්ගේ මිනිස්සුන්ගේ කරපිටින් ඒ ගමන යනවාකෝ.”
රාළහාමිගේ අත නිවසේ අංකය තැබුවේ මෙතැනින් පිටවීමට වෙනත් ක්‍රමයක් නොවුනු නිසා පමණි. දැන් නැවතත් ගමේ යෑමට මගේ හිත කොහොමටවත් හදා ගන්නට නම් නොහැකි බව මම සක්සුදක් සේ දැන සිටියෙමි. ගමේ බොහෝ දෙනෙක් මා මෙහි සිටින තත්වය දනී. මට ගමට ගොස් ඔවුන්ට මුහුණ දීමට ශක්තියක්ද නැත.
විස්තර දැන ගත් පසුව ලොකු මුණුබුරා මා කැටුව යෑමට පැමිණෙන බව රාළහාමි පැවසුවේ සිනාමුසු මුහුණෙනි. ඔහුට සිනාසී මාද සතුටු වන බව ඇගෙව්වද මාගේ අරමුණු වූයේ ලොකු මුණුබුරාගේ මාර්ගනේ මෙතැනින්න පිටවීම පමණි.
පොලිසියට පැමිණි ලොකු මුණුබුරු මා වැලද ගත්තේ ඉතාම ආදරයෙනි. සති ගානකින් නොසේදූ ඇදුම් ඇද ජරාජීර්ණය වී ඇති මා එතරම් කඩවසම් තරුණයෙකු වැලද ගැනීම අදහා ගත නොහැකි තරම් වුණි. ඒ මොහොතේ සිට දරදඩු මගේ සිත ගැහෙන්නට පටන් ගත්තේ මටවත් විශ්වාස කල නොහැකි තරමටමය.
පොලිසියේ සියළු ලියකියවිලි වලට අත්සන් කල ලොකු මුණුබුරා රාළහාමිට නොසෑහෙන්න ස්තූති කර මා සමග පිටත් වුයේ බාබර් සාප්පුවක් වෙතය. ඉතාම දිගට වැවුනු මාගේ කොණ්ඩය සහ රැවුල කැපීමට ඔහුට අවශ්‍ය වුනි. ඔහු පැමිණෙන විට අලුතින් ඇදුමක්ද රැගෙන විත් තිබුණි. නමුත් ඔහු සමග යාමට අවශ්‍ය නොවූ නිසා බාබර් සාප්පුවට ඇතුල් වීමට පෙර ඔහු මග හැරීමට වැසිකිලියට යාමට අවශ්‍ය යැයි පවසා එතැනින් පිටවුනි.
වැසිකිලියට යාමට අවශ්‍යතාවයක් නොවු නිසා මා ඒ අසල තිබූ කඩයක් පිටුපස බිම වාඩි වී පැය ගනනක් ගත කලෙමි. ඒ වනවිට මුණුබුරා ගොස් ඇතැයි සිතූ නිසා මා වාඩි වී සිටි තැනින් නැගිට එළියට ආවේ නැවත මගේ සුපුරුදු ජීවිතයට ඇතුල් වීම සදහාය.
නමුත් ඒ වන විටත් ලොකු මුණුබුරා එතැන තිබූ ගසක් යටට වී මා එනතුරු මග බලමින් සිටිනු දුටු මට පුදුම සිතුනි. මෙතරම් ආදරය කරන උන් සිටියදී අනුන්ගේ ඉදුල් කන්නේ ඇයිදැයි මගේ සිත මගෙන් ප්‍රශ්න කරන්නට වුනි. ඒ ආදරය හමුවේ තව දුරටත් මට දරදඩු විය නොහැකි වුනි. එබැවින් ලොකු මුණු බුරා සිටි දෙසට මම සෙමෙන් පියවර තැබුවෙමි.
“පුතේ අපි යමු අපේ ගමට.”
අපුරු අදහසක් යාලුවා...මේ වගේ වැඩිහිටි අයට සලකන කොල්ලො කෙල්ලො මොන තරම් පිංවන්තද?
ReplyDeleteමේ කාලේ එහෙම අය හොයාගන්න එක තමා අමාරු.:(
ස්තූතියි යාළුවේ.
Deleteලස්සන නිර්මාණයක්.
ReplyDeleteමුල් ටික කියවනකොට මට මතක් උනේ වෙන කතාවක්.
ඔන්න සිරිපාල කියලා පොලිස් රාලහාමි කෙනෙක් උන්නලු. දවසක් පොලිසිය බොහොම අමාරුවෙන් හොරෙක් ඇල්ලුවලු. හොරාව අරන් ආවෙ සිරිපාල රාලහාමි ලඟටලු.
"තමුසෙගෙ නම මොකක්ද?" කියල රාලහාමි ඇහුවලු.
"සිරිපාල, රාලහාමි" කියල හොරා බයේ ගැහි ගැහී කීවලු.
එතකොට රාලහාමි අහනවලු "ඈ යකෝ, උඹ සිරිපාල රාලහාමි නම් මම කවුද "කියලා.
ස්තූතියි යාළුවේ.
Deleteඔයාගේ කමෙන්ටුව කියවලා මට හොදටම හිනා ගියා. :D
බොහොම සංවේදී කතාවක් සහෝදරී.අද සමාජයේ මෙහෙම නොසලකන දරු මුණුබුරන්ගෙන් ඈත්වෙලා හිටියත් සලකන අයගෙන් ඈත්වෙලා ඉන්න සිතීමම නොලැබීම ලෙස සලකන්න පුළුවන්. ගොඩක් ලස්සන වැදගත් නිර්මාණයක්
ReplyDeleteහුගක් ස්තූතියි අගය කිරීමට යාළු. අනාගතේ තව නිර්මාණ කරන්න ඒ වචන ලොකු ශක්තියක්.
Deleteගොඩාක් දුක හිතෙන කතාවක් අක්කේ :(
ReplyDeleteඑහෙම තමයි වර්ණා සමහර ජීවිතවල දුක පිරිලා....
Deleteහිතට වැදෙන හොද නිර්මාණයක් බට්ටි.ඇත්තටම එහෙම මුණුබුරෙක් ලබන්න සිරිපාල ගොඩක් පින් කරලා.එහෙම මුණුබුරාලත් අද කාලෙ හරි අඩුයි.
ReplyDeleteස්තූතියි අක්කියෝ......
Deleteතාත්විකයි, ඒත් එහෙම මුණුබුරෙක් සැබෑ ලෝකෙ...........????
ReplyDeleteස්තුතියි යාළු. මෙහෙම අයත් ඉන්නවා.
Deleteරටක් වටින මුණුබුරෙක්, හැබැයි ඔය වගේ අය නම් හරිම අඩුයි සමාජයේ!
ReplyDeleteකලාතුරකින් හරි මෙහෙම කෙනෙක් ලබන අය කොයි තරම් වාසනාවන්තද නේද?
Deleteලස්සන නිමාණයක්. කලාතුරකින් ඉන්නව මෙහෙම අය වැඩිහීටියන්ට සලකන..
ReplyDeleteස්තූතියි අක්කියෝ...
Deleteකතාව ඇත්තටම ලස්සනයි.. ඇත්තටම ඇයි ඉතින් මේ මනුස්සයා ළමයි එහෙම සලකද්දිත් ගෙදර නොයා හිටියේ..
ReplyDeleteස්තූතියි මල්ලියෝ අගය කිරීමට. කෙටි කතා රචනයේ පරතෙරටම වගේ ගිය ඔයා වගේ කෙනෙක් එහෙම කිව්වහම හුගක් සතුටුයි.
Deleteමෙහෙම මුණුබුරෝ ඉන්නවනම් ෂෝයිනේ අප්පා....හිතට වැදෙන්න ලියලා තියෙනවා මරු ඈ...මට මේක කියවද්දි මතක් වුනේ මාසෙකට අසූදාහකට එහා හොයන හිඟන්නෝ ඉන්නවා කියලා කියවපු එකක්
ReplyDeleteස්තූතියි ගැමී.
Deleteමොනවා මාසෙට අසූදාහක්. මලා. කෙයි ඒරියා එකේද අප්පා ඒ තරම් සල්ලි හම්බ වෙන්නේ.
ගොඩක් ලස්සන කතාවක් බට්ටියෝ !
ReplyDeleteමේ කතව මම් අපේ වැඩපොලේ කට්ටියට ෂෙයාර් කලාට කමක් නෑ නේ ?
ස්තූතියි මධුරංග
Deleteඅයියෝ ෂෙයාර් කරන්න ඕක මගෙන් අහන්නත් දෙයක්ද.
වෙනස් මගක් ගත් කතාවක්.
ReplyDeleteඅලුත් විදියේ වෙනස් විදියේ දෙයක් ලියන්න හිත හිත ඉද්දී නිකම්ම මේක ලියවුනා.
Deleteවෙන්ස්ම අදහසක් අක්කෙ... හොද මුණුබුරෙක්...
ReplyDeleteස්තූතියි හිතූ
Deleteමෙහෙම අය ඉන්නවා නම් ඉතින් හොදයි.
ReplyDeleteමෙහෙම අය ඉන්නවා.
Deleteකෝ කෙල්ලේ බ්ලොග් එක. මට ලින්කුව දාන්නකෝ.
:) ලස්සන කතාවක් වගේම ලස්සන අවසානයක්.. :) :)
ReplyDeleteස්තූතියි සිතූ.....
Deleteනියමයි වෙනසක් කරල තියෙනව.....
ReplyDeleteස්තූතියි හිතහොද....
Deleteහරිම ලස්සන වෙනස් කථාවක්.. උපරිමයි..
ReplyDeleteස්තූතියි ප්‍රාර්ථනා. ඒ වචන ටික මට ලොකු ශක්තියක්.
Deleteමේ වගේ මුනුබුරාලා වාසනාවන්...හොඳ නිර්මාණයක්.
ReplyDeleteස්තූතියි සයුරි අක්කේ.....
Deleteහැන්ගිච්ච ජිවිත වල ඔයවගේ නොදන්නා කතා කොච්චාරණං ඇද්ද.ඒත් මේක වෙනස් සිතිවිල්ලක්.කතාව මුල කොටස කියවද්දී දැනුනට වඩා වෙනස් විදිහට ඉවරකරලා.ලස්සනම ලස්සනයි.
ReplyDeleteතවත් කෙටි කතාවක් ලියමු.හුඟාක් ලස්සනයි...
හ්ම්ම්. ඉක්මනින් ලියන්නම් ඉඩ ලැබුණු ගමන්ම. හැබැයි ඉතිං දන්නවනේ මේ දවස්වල කර මුලට වැඩ කියලා.
Deleteකථාව නම් හරිම ලස්සනයි බට්ටි.මේ විදිහට වැඩිහිටියන්ට සලකන අය තාමත් අපේ සමාජයේ ඉන්නවා
ReplyDeleteස්තූතියි Chams.සමහර මිනිස්සු වචන වලින් විස්තර කරන්න බැරි තරම්ම ආදරණීයයී.
Deleteලස්සන කතාව. හොඳ මුනුබුරෙක්. මේ වගේ අය අදටත් නැත්තේ නැහැ.
ReplyDeleteස්තූතියි යාළුවේ....
Deleteබට්ටියෝ මට වැඩ වැහි වැහැල,ඒකය් මේ එන්න බැරි උනේ..මේ මාරු කතාව නේ,,සමහර වෙලාවට සමහර තැන වලදී අපි පරක්කු වෙනවා වැඩි ද මන්ද .,,පස්සේ තමා තේරෙන්නේ,එත් ඉන්න තැන ගැන සතුටු වෙන්න නම් හොඳ මානසික ශක්තියක් තියෙන්න ඕන .නැතිම දේ තමා ලද දෙයින් සතුටු වෙන එක ....
ReplyDeleteමටත් ඔය සෙතේමයි අයියේ. කමෙන්ට් වලට උත්තර ලියන්නත් යන්තම් අදයි වෙලාවක් ලැබුනේ. යාළුවන්ගේ පොස්ටු හුගක් මග ඇරුනා. අපිට ඉතිං ජොබ් එක බේර ගත්තොත්නේ අයියේ නෙට් එන්න ලැබෙන්නේ :D
Deleteඒකනේ බට්ටි 'හුගක් නැතුවට තියෙන ටික ඇති කියලා හිත හදාගෙන සතුටින් ඉන්න මහන්සි ගන්න කෙනෙක් වුනේ'
තමන්ගේ තාත්තාට සලකන්නේ නැති දරුවෝ ඉද්දි මේවගේ මුනුබුරෙක් ලබන්න පිං කරන්න ඕනේ.
ReplyDeleteඒක නම් අත්ත මහළුමඩම් අපේ ලංකාවෙත් කොයි තරම් නම් තියෙනවාද?හ්ම්ම්....
Deleteලස්සනම ලස්සන කතාවක්.... හරිම සංවේදී... මහ මඟ හිඟා කන කොයිතරම් නම් අසරණ මිනිස්සු ඉන්නවද? කැමැත්තෙන් ආපු අයයැ.. කවුරුවත් එයාලගේ කතාව අහන්නේ නෑනේ..
ReplyDeleteස්තූතියි ශානි.....
Deleteඒකනේ මමත් කල්පනා කලේ ඇයි මෙච්චර ආදරේ කරන අය ඉන්නකොට හිගාකන්න ඇවිත් තියෙන්නෙ කියල. හොද වෙලාවට කතාව මෙහෙම අහවර කලේ නැත්තන් හරිම දුකයි
ReplyDeleteසමහර වෙලාවට මිනිස්සුන්ට නරක කාලේ ආවහම හුගක් දේවල් මග ඇරෙනවා යාළු.මට නම් හිතුනෙම ගෙදර නොයවා ඉන්නමයි. ඒත් ඉතිං කලින් එකත් දුක නිසා මේක මෙහෙම ඉවර කලා.
Deleteයන්තම් කදුළු එන්න කලියෙන් අහවර කරපු එකම ඇති...ලස්සනයි බට්ටියෙ...
ReplyDeleteඅන්න නියම කතාවක්. මට මිස්වෙලානේ.
ReplyDeleteහැබෑම ලස්සනයි නොවැ කතාව!. දිගටම ලියන්න..
ReplyDeleteකතාව මුලින්ම කියවගෙන එනකොට අවසානය හිතුනෙ වෙන දෙයක්...
ReplyDeleteඒත් එක වෙනස් මගකට හරවලා..
ඒ අතින් බලනකොට ඔයාගෙ හැකියාව උසස් නගා..
ඇත්තටම මේ වගේ අය තවමත් ඉන්නවත් ඇති...සමාජ්යටම පාඩමක්..!