දුක් විදි අතීතය
මතින් දිරියෙන් ගොඩ නගන්නනෙමි
වර්තමානය
ඒ මත ගොඩ නැගේ මගේ සුන්දර
අනාගතයම
එපා මට අත්වාරු
හැකිය දෙපයින් නැගී සිටිනට
ලබමි හිස උසවා ගතහැකි වැටුපක්
ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ,
නොහැක කිසිවෙකුට එය වලකා ලන්නට,
තබමි පියවර නිති සිහිනය මල් පල ගන්වනට...!
ඕනෑම අයෙකුට කදුළු පිසලෑමට හෝ වැටෙන කදුළු පිසදමා ගැනීමට ලේන්සුවක් දිය හැක නමුත් මතක තබා ගන්න ඇසට ඇගිල්ලෙන් ඇන කදුළු හැලීමට නොහැකි බව. එය එසේ වුවහොත් ඒ ජීවිතයට ඒ පව මැරෙන්න මොහොතක් තියාහෝ පලදෙන බව.
ඔයා හරි. අතීතයේ විඳපු කටුකත්වය වර්තමානයේත් අනාගතයේත් දියුණුවේ පාලම කරගන්න ඕනෙ. මේ අර පැලෑන් එක මොකද්ද කියන්න බෑද?
ReplyDeleteසූ..... එක රහසක්....
Deleteතියාගනිං අක්කෙ උඹේ රහස! මටත් පැලෑනක් තියනෝ කියන්නෑ. :D
Deleteසියලු පැතුම් ඉටු වේවා නංගා.... :)))
ReplyDeleteස්තූතියි අක්කියෝ
Deleteඅතීතයේ විදපු දේවල් අනාගතයට අත්දැකීමක් විදියට ගන්න එක තමා හොදම දේ යාලු..:) අනාගතයට ජය...!!!
ReplyDeleteස්තූතියි හිරූ
Deleteඋදේම කාත් එක්කද මේ තරහ වෙලා තියෙන්නෙ..:P
ReplyDelete//ඕනෑම අයෙකුට කදුළු පිසලෑමට හෝ වැටෙන කදුළු පිසදමා ගැනීමට ලේන්සුවක් දිය හැක නමුත් මතක තබා ගන්න ඇසට ඇගිල්ලෙන් ඇන කදුළු හැලීමට නොහැකි බව.// මේකනම් සහතික ඇත්ත..
ගොඩනගන අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල මගෙන් බට්ටිට සුබ පැතුම්..
නැ නෑ අක්කේ මේ නිකන් ...
Deleteස්තූතියි අක්කියේ. මගේ වගේම ඔයාගෙත් .
ජය වේවා !!!!
ReplyDeleteස්තූතියි නොදුටු....
Deleteසියලු පැතුම් ඒ අයුරින් ඉටු වේවා....!!!!
ReplyDeleteස්තූතියි හිත හොද
Deleteදන්නවද? "සෙකුව ගස".මම ඒ ගැන දන්න දේවල් ටිකක් කියන්නම්.
ReplyDeleteඑයා තමයි මේ පොළොවේ වැඩිම කාලයක් ජිවත් වෙන ගස් ජාතිය.දන්නවද? ඒ කොච්චර කාලයක්ද කියල.අවුරුදු 3000ක් හෝ ඊට වැඩි.එයාට පුළුවන්ලු ඕනම සුළි සුලන්ගකටටත්,ගංවතුර වගේම භූමිකම්පාවකට වුනත් නොසැලී හොඳින් මුහුණ දෙන්න.හේතුව එයාගේ මුල්.ඔව් එයාගේ මුල් අක්කර දෙක තුනකටත් වඩා ඇතකට විහිදිලා තියෙනවා.ඉතින් කිසිම භාදාවකට මේ ගහ සැලෙන්නේ නැහැ.එයාව පෙරලෙන්නේ නැහැ.
ඔයාගේ අරමුණත් ඒ සෙකුව ගහේ මුල් වගෙයි.මොන ප්‍රශ්නේ ආවත් නොසලෙන්න ඔය හිත හයිය වෙලා.හැමදාම සතුටින් ඉන්න.හැම දෙකටම හොඳින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න මේ සිහින මල්ලි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
නියමයි!
Deleteආඩවනේ සිහින මලයා පැහිලා තියෙන තරමක්. :D
Deleteඔන්න මට මුකුත් ඇහුනේ නැතිලු...
Deleteබට්ටිට උදේම තදවෙලාද මොකක්හරි සීන් එකකට.... නැත්තං නිකමට හිතිල ලිව්වද.....
ReplyDeleteඅනිවාර්යෙන් ම මොකට හරි තද වෙලා රාජ් අයියෙ. මට හිතෙන්නෙම එහෙමයි. :D
Deleteහූ හූ දෙන්ම වැරදියි මම මේක දවස් ගානකට කලින් දිනපොතේ ලිව්ව එකක්. :D
Deleteවානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූනාමනේ.. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න ඔබ කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔබට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න.
ReplyDelete(මගේම අදහසක් නෙමේ.ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපියෙ තිබුනේ ඔක මං ටිකක් වෙනස් කරා)
සියලු පැතුම් ඉටු වේවා!!!!! හැමදාම සතුටින් ඉන්න අක්කේ.
ස්තූතියි ශාන් ....
Deleteමගේ ජිවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
ReplyDeleteකෙලෙස හො වේදනා වෝ.. සගවාතබා ගමී
අනිවා අනිවා ......
Deleteහ්ම්ම්ම්... කාගෙවත් උදව් නැතිව තනියම නැගිටින්න පුළුවන් නම් හොඳයි අක්කා... හැබැයි අපිට කවදාහරි දවසක හැමෝවම ඕන වෙන වෙලාවක් එනවා.. පරිස්සමින්..!!!
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ ශානි කීව එකමයි බට්ටී . හොහොම උනත් ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා !
Deleteශානි
Deleteඔව් ඒක ඇත්ත නංගියෝ.අනේ මන්දා මේ විදියට හිතන්න දැන් මං පුරුදු වෙලා ඉවරයි.
ගිම්හානි
Deleteස්තූතියි යාළු..ඔයාගේ පැමිණීම ලොකු සතුටක් මට...
ගිම්හානි
Deleteපණිවුඩය ලැබුනා. ඔයා ගිහින් බැලුවද?
හැම පැතුමක්ම හිතු අයුරින්ම ඉටු වෙන්න...
ReplyDeleteදිව ගොස් පෙරමග ජය කෙහෙලි නංවන්න...
ලැබ ශක්තිය වන්නට ලොව සමතෙකු හැමදින..
පතනවා මන් ආසිරි හද පතුලෙන්ම නැග එන පද වැල් මුමුනමින...
දේවට හුගක් පිං . ඇමුණවට පද වැල් මා නමින්. මාත් පතනවා ඔයාටත් එසේම වෙන්න කියලා...
Deleteඑල එල බට්ටියෝ,,හරි දේ කරන්න ,,වරදින්නේ නෑ..
ReplyDeleteඔයා ඉතිං බට්ටිට පණ්ඩිත උපදෙස් දෙන පණ්ඩිතයනේ නේද අයියේ. බට්ටි අහනවා ඉතිං එව්වා අකුරටම..
Deleteඅනේ යනවා යන්න ,,මෝඩි ... කියවනවා විතරය් ..පොඩ්ඩක් අපිට සලකනවකෝ ,,අඩුම ගානේ වැඩිහිටි කමට වත් ,නිකන් රිප්ලය් එකක් දෙන්න වත් ආස හිතෙන්නේ එහෙම දැම්මහම නේ....
Deleteඅයියෝ මම ඉතිං සහෝදරකමටනේ විහිළුවක් කලේ. ඕකට මොකටද ඉතිං තා ගන්නේ. ඔන්න හැබැයි රිප්ලයි නොකර හිටියොත් නම් බට්ටිට හුගක් දුක හිතෙයි.
Deleteඔයත් බට්ටි මමත් බට්ටී
ReplyDeleteමමත් ආවා මේ පැත්තට
උස්සාගෙන වට්ටි පෙට්ටි
මුල ඉදන් හිමි හිමිහිට කියවන්නම් හොදේ
මෙහෙන් ඉදගන්න
Deleteමේ පැන් බොන්න
නිවාගෙන නුඹෙ වෙහෙස
හෙමින් කියවා යන්න
පොඩි වලං කඩේ හට්ටි මුට්ටි
Deleteමී කිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුණපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි
වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ
ඒ බට්ටිත් මේ බට්ටිත් හැර වෙනත් බට්ටියෝ සිටිත්ද??
හි හී තව බට්ටිලා ඕන තරම් ඇති නේද?අපේ පරම්පරාවේම මාව මගේ උප්පැන්නේ නමින් දන්න අය නෑ. හැමෝටම මම බට්ටි.
Deleteඅයියෝ කියන්න බට්ටි මේ බට්ටි හා මං බට්ටි හැරුන කොට වෙනත් බට්ටිලා නෑ කියලා.
Deleteඔය තියෙන්නෙ...ඔන්න ඔහොම ඉන්න..
ReplyDeleteඒකනේ . තෑන්ක්ස් යාළු
Deleteම්ම්ම්.. මාත් බට්ටි කිව්ව එකට එකඟයි...
ReplyDeleteකාගෙවත් උදව් නැතිව නැගිටින්න පුලුවන් නම් හොදයි..ඒ වගේම කාගෙවත් උදව් බලාපොරොත්තුවෙන්, අනුන්ගෙ උදව් මත යැපෙන්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නෙ නැති එක හුඟාක්ම හොදයි..:) බට්ටි අක්කා නියමයි!! අද කාලෙ හුඟාක් අය එන්නෙ අනුන්ගෙ පහනින් එළිය බලන්නනෙ අක්කෙ..
හැබැයි දවසක අනිත් අයගෙ උදව් ඕනෙම වෙන්නත් පුලුවන්.. එතකොට ඒ ගැන බලන්න පුලූවන් නෙ..
ජය වේවා!! කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා!!
ස්තූතියි හිතූ.
Delete"එපා මට අත්වාරු
ReplyDeleteහැකිය දෙපයින් නැගී සිටිනට.."
ඇත්ත අක්කේ අත්වාරු ලැබෙද්දි අපි දෙපයින් නැගිටින්න කම්මැලි වෙනවා.. මම හැමදාමත් කියනවා වගේ අක්කට ජීවිතේ ජයගන්න බැරි නෑ..
මතකනේ මලයෝ මගේ ඒම් එක මගේම කාර් එකෙන් ගෙදර ඉස්සරහට යන එක. ඔයාලගේ වචන ඒ ඒම් එකටයන ගමනට ලොකු හයියක්
Deleteතනියෙන් නැඟිටලා ඊළඟට තනියෙන් නැඟිටින උත්සහ කරන අයට උදව් කරන්න.
ReplyDeleteඔව් එක නම් ඇත්ත. අපිට දුක තේරෙන නිසා කවද හරි තැනකට ආපුවහම දුක විදින කෙනෙක්ට පිහිට වෙනවා.
Deleteතනියම නැගිටින්න..හැමෝම හොඳින් තියාගන්න..
ReplyDeleteහ්ම්... මිනිස්සු අපිව සමහර වෙලාවට හරිම අසාධාරණ විදියට මගදී අත අරිනවා. ඉතිං ඒ වෙලාවට කදුළු පුරෝගෙන යන දිහා බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැතුව යනවා
Deleteමෙන්න මම අහලා තියෙන එව්වා
ReplyDeletelife is not a bed of roses....
ඉගෙනීම කටු ඉත්තකි එහි ඵලය මල් ඉත්තකි....
ආ මග කෙටියි යා යුතු මග දුරයි විමසුම් නුවනකින් තරණය කල යුතුයි....
ජීවිතය කඩුළු පැනීමේ තරඟයක් වැනිය...(ප්‍රශ්න=කඩුළු) එකකින් වැටුනත් නැවත නැගිට අනෙකින් පැනිය යුතුය...
මුල් තුන මම අහපුවා වුනාට අන්තිම එක දැන් හිතුනු දෙයක් හි හි බලන්න ඒක කවුරු හරි කියලා තියෙන දෙයක්ද කියලා...නැත්තම් රන් අකුරින් ලියාගෙන තියාගන්න හොඳේ...
සැලෙන්න එපා බොලං අක්කේ වලං බිඳෙනවා තමයි
ඕං මම ඒක රන් අකුරින් ලියන්න කියලා යැව්වා...
Deleteනියමයි බට්ටි අක්කි...... සුබ පතනව ඔයාට....
ReplyDeleteස්තූතියි යාළු. මට හිතෙන්නේ ඔයා අලුත්?
Deleteනියමයි බට්ටි.
ReplyDelete"ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ"
අන්න ඒක හොඳ වැඩක්
හේ හේ ....ස්තූතියි යාළු.
Deleteතනියෙම හිටගත්තොත් කාටවත් අපිව වට්ටන්න ලේසි නෑ. තව කෙනෙක්ගෙ පිහිටෙන් නැගිට්ටොත් ඒ කෙනා අපෙන් ඈත් උනදාට අපිව ආයෙත් වැටෙනවා
ReplyDeleteජීවිතේ ජයගන්න බට්ටිට සුභපැතුම්!
ස්තූතියි යාළුවේ.
Deleteඔන්න මගෙනුත් බට්ටි ට සුභ පැතුම්. ඔයා ඒ පැත්තෙ ආවට මං ආවෙ දැන් නෙ :) දිගටම එනවා ආයෙ..
ReplyDeleteවෙලා තියෙන හැටියට පරන ඒවත් කියවන්නම් කෝ.
ඉඩ තියෙන වෙලාවක කියවන්නකෝ.එන්න පමා වුනාට අමනාප නෑ ඕං.
Delete