March 12, 2012

මම වැටෙන්නේ නෑ....

 දුක් විදි අතීතය 
මතින් දිරියෙන් ගොඩ නගන්නනෙමි 
වර්තමානය
ඒ මත ගොඩ නැගේ මගේ සුන්දර
අනාගතයම

එපා මට අත්වාරු 
හැකිය දෙපයින් නැගී සිටිනට
ලබමි හිස උසවා ගතහැකි වැටුපක්
ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ,
නොහැක කිසිවෙකුට එය වලකා ලන්නට,
තබමි පියවර නිති සිහිනය මල් පල ගන්වනට...!

ඕනෑම අයෙකුට කදුළු පිසලෑමට හෝ වැටෙන කදුළු පිසදමා ගැනීමට ලේන්සුවක් දිය හැක නමුත් මතක තබා ගන්න ඇසට ඇගිල්ලෙන් ඇන කදුළු හැලීමට නොහැකි බව. එය එසේ වුවහොත් ඒ ජීවිතයට ඒ පව මැරෙන්න මොහොතක් ති‍යාහෝ පලදෙන බව. 

60 comments:

  1. ඔයා හරි. අතීතයේ විඳපු කටුකත්වය වර්තමානයේත් අනාගතයේත් දියුණුවේ පාලම කරගන්න ඕනෙ. මේ අර පැලෑන් එක මොකද්ද කියන්න බෑද?

    ReplyDelete
    Replies
    1. සූ..... එක රහසක්....

      Delete
    2. තියාගනිං අක්කෙ උඹේ රහස! මටත් පැලෑනක් තියනෝ කියන්නෑ. :D

      Delete
  2. සියලු පැතුම් ඉටු වේවා නංගා.... :)))

    ReplyDelete
  3. අතීතයේ විදපු දේවල් අනාගතයට අත්දැකීමක් විදියට ගන්න එක තමා හොදම දේ යාලු..:) අනාගතයට ජය...!!!

    ReplyDelete
  4. උදේම කාත් එක්කද මේ තරහ වෙලා තියෙන්නෙ..:P

    //ඕනෑම අයෙකුට කදුළු පිසලෑමට හෝ වැටෙන කදුළු පිසදමා ගැනීමට ලේන්සුවක් දිය හැක නමුත් මතක තබා ගන්න ඇසට ඇගිල්ලෙන් ඇන කදුළු හැලීමට නොහැකි බව.// මේකනම් සහතික ඇත්ත..

    ගොඩනගන අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල මගෙන් බට්ටිට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. නැ නෑ අක්කේ මේ නිකන් ...
      ස්තූතියි අක්කියේ. මගේ වගේම ඔයාගෙත් .

      Delete
  5. සියලු පැතුම් ඒ අයුරින් ඉටු වේවා....!!!!

    ReplyDelete
  6. දන්නවද? "සෙකුව ගස".මම ඒ ගැන දන්න දේවල් ටිකක් කියන්නම්.

    එයා තමයි මේ පොළොවේ වැඩිම කාලයක් ජිවත් වෙන ගස් ජාතිය.දන්නවද? ඒ කොච්චර කාලයක්ද කියල.අවුරුදු 3000ක් හෝ ඊට වැඩි.එයාට පුළුවන්ලු ඕනම සුළි සුලන්ගකටටත්,ගංවතුර වගේම භූමිකම්පාවකට වුනත් නොසැලී හොඳින් මුහුණ දෙන්න.හේතුව එයාගේ මුල්.ඔව් එයාගේ මුල් අක්කර දෙක තුනකටත් වඩා ඇතකට විහිදිලා තියෙනවා.ඉතින් කිසිම භාදාවකට මේ ගහ සැලෙන්නේ නැහැ.එයාව පෙරලෙන්නේ නැහැ.

    ඔයාගේ අරමුණත් ඒ සෙකුව ගහේ මුල් වගෙයි.මොන ප්‍රශ්නේ ආවත් නොසලෙන්න ඔය හිත හයිය වෙලා.හැමදාම සතුටින් ඉන්න.හැම දෙකටම හොඳින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න මේ සිහින මල්ලි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ආඩවනේ සිහින මලයා පැහිලා තියෙන තරමක්. :D

      Delete
    2. ඔන්න මට මුකුත් ඇහුනේ නැතිලු...

      Delete
  7. බට්ටිට උදේම තදවෙලාද මොකක්හරි සීන් එකකට.... නැත්තං නිකමට හිතිල ලිව්වද.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම මොකට හරි තද වෙලා රාජ් අයියෙ. මට හිතෙන්නෙම එහෙමයි. :D

      Delete
    2. හූ හූ දෙන්ම වැරදියි මම මේක දවස් ගානකට කලින් දිනපොතේ ලිව්ව එකක්. :D

      Delete
  8. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූනාමනේ.. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න ඔබ කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔබට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න.
    (මගේම අදහසක් නෙමේ.ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපි‍යෙ තිබුනේ ඔක මං ටිකක් වෙනස් කරා)
    සියලු පැතුම් ඉටු වේවා!!!!! හැමදාම සතුටින් ඉන්න අක්කේ.

    ReplyDelete
  9. මගේ ජිවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හො වේදනා වෝ.. සගවාතබා ගමී

    ReplyDelete
  10. හ්ම්ම්ම්... කාගෙවත් උදව් නැතිව තනියම නැගිටින්න පුළුවන් නම් හොඳයි අක්කා... හැබැයි අපිට කවදාහරි දවසක හැමෝවම ඕන වෙන වෙලාවක් එනවා.. පරිස්සමින්..!!!

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නෙ ශානි කීව එකමයි බට්ටී . හොහොම උනත් ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා !

      Delete
    2. ශානි
      ඔව් ඒක ඇත්ත නංගියෝ.අනේ මන්දා මේ විදියට හිතන්න දැන් මං පුරුදු වෙලා ඉවරයි.

      Delete
    3. ගිම්හානි
      ස්තූතියි යාළු..ඔයාගේ පැමිණීම ලොකු සතුටක් මට...

      Delete
    4. ගිම්හානි
      පණිවුඩය ලැබුනා. ඔයා ගිහින් බැලුවද?

      Delete
  11. හැම පැතුමක්ම හිතු අයුරින්ම ඉ‍ටු වෙන්න...
    දිව ගොස් පෙරමග ජය කෙහෙලි නංවන්න...
    ලැබ ශක්තිය වන්නට ලොව සමතෙකු හැමදින..
    පතනවා මන් ආසිරි හද පතුලෙන්ම නැග එන පද වැල් මුමුනමින...

    ReplyDelete
    Replies
    1. දේවට හුගක් පිං . ඇමුණවට පද වැල් මා නමින්. මාත් පතනවා ඔයාටත් එසේම වෙන්න කියලා...

      Delete
  12. එල එල බට්ටියෝ,,හරි දේ කරන්න ,,වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං බට්ටිට පණ්ඩිත උපදෙස් දෙන පණ්ඩිතයනේ නේද අයියේ. බට්ටි අහනවා ඉතිං එව්වා අකුරටම..

      Delete
    2. අනේ යනවා යන්න ,,මෝඩි ... කියවනවා විතරය් ..පොඩ්ඩක් අපිට සලකනවකෝ ,,අඩුම ගානේ වැඩිහිටි කමට වත් ,නිකන් රිප්ලය් එකක් දෙන්න වත් ආස හිතෙන්නේ එහෙම දැම්මහම නේ....

      Delete
    3. අයියෝ මම ඉතිං සහෝදරකමටනේ විහිළුවක් කලේ. ඕකට ‍මොකටද ඉතිං තා ගන්නේ. ඔන්න හැබැයි රිප්ලයි නොකර හිටියොත් නම් බට්ටිට හුගක් දුක හිතෙයි.

      Delete
  13. ඔයත් බට්ටි මමත් බට්ටී
    මමත් ආවා මේ පැත්තට
    උස්සාගෙන වට්ටි පෙට්ටි

    මුල ඉදන් හිමි හිමිහිට කියවන්නම් හොදේ

    ReplyDelete
    Replies
    1. මෙහෙන් ඉදගන්න
      මේ පැන් බොන්න
      නිවාගෙන නුඹෙ වෙහෙස
      හෙමින් කියවා යන්න

      Delete
    2. පොඩි වලං කඩේ හට්ටි මුට්ටි
      මී කිරි පැණි හට්ටි හට්ටි
      බඩු විකුණපු පුංචි බට්ටි කෝ

      ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි
      වලට දාලා හට්ටි මුට්ටි
      කඩේ වහලා පුංචි බට්ටි කෝ

      ඒ බට්ටිත් මේ බට්ටිත් හැර වෙනත් බට්ටියෝ සිටිත්ද??

      Delete
    3. හි හී තව බට්ටිලා ඕන තරම් ඇති නේද?අපේ පරම්පරාවේම මාව මගේ උප්පැන්නේ නමින් දන්න අය නෑ. හැමෝටම මම බට්ටි.

      Delete
    4. අයියෝ කියන්න බට්ටි මේ බට්ටි හා මං බට්ටි හැරුන කොට වෙනත් බට්ටිලා නෑ කියලා.

      Delete
  14. ඔය තියෙන්නෙ...ඔන්න ඔහොම ඉන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනේ . තෑන්ක්ස් යාළු

      Delete
  15. ම්ම්ම්.. මාත් බට්ටි කිව්ව එකට එකඟයි...
    කාගෙවත් උදව් නැතිව නැගිටින්න පුලුවන් නම් හොදයි..ඒ වගේම කාගෙවත් උදව් බලාපොරොත්තුවෙන්, අනුන්ගෙ උදව් මත යැපෙන්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නෙ නැති එක හුඟාක්ම හොදයි..:) බට්ටි අක්කා නියමයි!! අද කාලෙ හුඟාක් අය එන්නෙ අනුන්ගෙ පහනින් එළිය බලන්නනෙ අක්කෙ..

    හැබැයි දවසක අනිත් අයගෙ උදව් ඕනෙම වෙන්නත් පුලුවන්.. එතකොට ඒ ගැන බලන්න පුලූවන් නෙ..

    ජය වේවා!! කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා!!

    ReplyDelete
  16. "එපා මට අත්වාරු
    හැකිය දෙපයින් නැගී සිටිනට.."

    ඇත්ත අක්කේ අත්වාරු ලැබෙද්දි අපි දෙපයින් නැගිටින්න කම්මැලි වෙනවා.. මම හැමදාමත් කියනවා වගේ අක්කට ජීවිතේ ජයගන්න බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. මතකනේ මලයෝ මගේ ඒම් එක මගේම කාර් එකෙන් ගෙදර ඉස්සරහට යන එක. ඔයාලගේ වචන ඒ ඒම් එකටයන ගමනට ලොකු හයියක්

      Delete
  17. තනියෙන් නැඟිටලා ඊළඟට තනියෙන් නැඟිටින උත්සහ කරන අයට උදව් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් එක නම් ඇත්ත. අපිට දුක තේරෙන නිසා කවද හරි තැනකට ආපුවහම දුක විදින කෙනෙක්ට පිහිට වෙනවා.

      Delete
  18. තනියම නැගිටින්න..හැමෝම හොඳින් තියාගන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්... මිනිස්සු අපිව සමහර වෙලාවට හරිම අසාධාරණ විදියට මගදී අත අරිනවා. ඉතිං ඒ වෙලාවට කදුළු පුරෝගෙන යන දිහා බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැතුව යනවා

      Delete
  19. මෙන්න මම අහලා තියෙන එව්වා

    life is not a bed of roses....
    ඉගෙනීම කටු ඉත්තකි එහි ඵලය මල් ඉත්තකි....
    ආ මග කෙටියි යා යුතු මග දුරයි විමසුම් නුවනකින් තරණය කල යුතුයි....


    ජීවිතය කඩුළු පැනීමේ තරඟයක් වැනිය...(ප්‍රශ්න=කඩුළු) එකකින් වැටුනත් නැවත නැගිට අනෙකින් පැනිය යුතුය...

    මුල් තුන මම අහපුවා වුනාට අන්තිම එක දැන් හිතුනු දෙයක් හි හි බලන්න ඒක කවුරු හරි කියලා තියෙන දෙයක්ද කියලා...නැත්තම් රන් අකුරින් ලියාගෙන තියාගන්න හොඳේ...

    සැලෙන්න එපා බොලං අක්කේ වලං බිඳෙනවා තමයි

    ReplyDelete
    Replies
    1. ඕං මම ඒක රන් අකුරින් ලියන්න කියලා යැව්වා...

      Delete
  20. නියමයි බට්ටි අක්කි...... සුබ පතනව ඔයාට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු. මට හිතෙන්නේ ඔයා අලුත්?

      Delete
  21. නියමයි බට්ටි.
    "ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ"
    අන්න ඒක හොඳ වැඩක්

    ReplyDelete
    Replies
    1. හේ හේ ....ස්තූතියි යාළු.

      Delete
  22. තනියෙම හිටගත්තොත් කාටවත් අපිව වට්ටන්න ලේසි නෑ. තව කෙනෙක්ගෙ පිහිටෙන් නැගිට්ටොත් ඒ කෙනා අපෙන් ඈත් උනදාට අපිව ආයෙත් වැටෙනවා

    ජීවිතේ ජයගන්න බට්ටිට සුභපැතුම්!

    ReplyDelete
  23. ඔන්න මගෙනුත් බට්ටි ට සුභ පැතුම්. ඔයා ඒ පැත්තෙ ආවට මං ආවෙ දැන් නෙ :) දිගටම එනවා ආයෙ..
    …වෙලා තියෙන හැටියට පරන ඒවත් කියවන්නම් කෝ.

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවක කියවන්නකෝ.එන්න පමා වුනාට අමනාප නෑ ඕං.

      Delete