‘‘ඔයාට අද මහන්සි පාටයි”
“ඔව් චුට්ටක් විතර. ඒත් ඉතිං මේ පැටියා දැක්කහම ඒ සේරම අමතක වෙනවනේ”
එහෙම හුරතල් වෙවී කියන ඔහුව පපුවට තුරුළු කර ගන්නට සිතුණත් මා ආයාසයෙන් එය මැඩ පවත්වා ගත්තේ දාඩිය දමාගෙන ආ විට මා එසේ කරනවාට ඔහු අකමැති බව දන්නා නිසාය.
‘‘ මොකද රත්තරන් මේ ඇගිල්ලට වෙලා තියෙන්නේ”
‘‘ මේ චුට්ටක් විතර ඉදි කටුවට තුවාල වුණා”
‘‘ මම ඔයාට කොච්චර කියනවද රත්තරන් අපිට සින්දරෙල්ලට ඕන හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් කියලා.”
‘‘හරි පැටියෝ මේ චුට්ටක් නේ තුවාල වෙලා තියෙන්නේ. අනේ අපේ පැටියා ආසවෙයිනේ අම්මි මහපු ඇදුම් ඇදලා ඉන්න”
‘‘පණ්ඩිත ආච්චි”
උදාර එහෙම කියලා මාව කේන්ති ගස්සන්නට කොණ්ඩයට දමා තිබූ බූලයද ගලවා ගෙන ඉහල මාලයට දිව්වේ
‘‘හූ හූ අල්ලයි මගේ නැට්ට” කියා කියමින්ය.
ඔහු පොඩි එකෙකු මෙන්ය. දවල් දවසේ තනිව නිවසට වී සිටින මා ඔහු නැතුව ගෙවන හැම තප්පරයක්ම ගෙවා දමන්නේ අමාරුවෙනි. හදපුරා රැකවරණය දෙන ආදරෙය දෙන ඔහු සමග සිටින විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැත. සැබැවින්ම විටෙක ඔහු මට පියෙකි.තවත් විටෙක සැමියෙකි. බොහෝ විට අම්මෙකුගේ තුරුලෙහි නැලවෙන දරුවෙකු වැනිය.
රෑ කෑමෙන් පසු දෙදෙනාම නින්දට ගියද, නින්ද මා අහලකටවත් ආවේ නැත. ශරීරය පුරා දැනුන වේදනාව උහුලාගෙන මා උදාර මුනින්තලා වී නිදා සිටින අයුරු බලා සිටියෙමි. සැප නින්දේ සිටින ඔහුව අවදි කරන්නට මට ලෝබ සිතුනි. දරා ගෙන සිටීමට කොතෙක් උත්සාහ ගත්තද කොදු නාරටිය දිගේ පහලට ඇදීගෙන ආ වේදනාවෙන් මට උහුලා ගැනීමට නොහැකිවුනි.
‘‘ වස්තුවේ මට අමාරුයි”
හීන් හඩින් මා කෙදිරූ හඩට උදාර ගැස්සී අවදි වුනි.
‘‘ ඇයි මැණික ? මොකද මගේ මැණික ?”
“මට ටිකක් අමාරුයි”
“අපි යමු ඉක්මනට ඩොක්ටර් ලගට”
කලබලෙන් කාරය එළියට ගත් උදාර මාව වඩාගෙන ගොස් කාරයෙන් ඉන්දවා නළල සිප ගනිද්දී කොහේදෝ තිබුණු කදුළු ගොනියක් ඇස් මගේ දෙකෙන් බිමට කඩාගෙන වැටුනි.
“අනේ රත්තරන් මම මැරුනොත් ඔයා මගේ සින්දරෙල්ලව බලා ගන්නවා නේද?”
“නෑ මගේ රත්තරන් මගේ රත්තරන්ට මුකුත් වෙන්නෑ.”
වේදනාවෙන් මිරිකී සිටි මා සනසවමින් ඔහු එක අතකින් මගේ හිස අතගාන ගමන් වේගයෙන් කාරය ඉදිරියට ගෙන ගියා.
“ රත්තරන් නැගිටින්න දෙයියෝ. අපි හොස්පිටල් එක ලග ඉන්නේ”
උදාරගේ ඒ හඩ මට ඇසුනේ යාන්තමින්ය. ඇස ඇර බලන්නට උත්සාහ කලත් ඔහුගේ රූපය යාන්තමින් පෙනී බොදවී යනු මතකය.
නැවත සිහිය එන විට උදාර මා සිටි ඇදේ වාඩිවී මගේ එක අතක් ඔහුගේ පපුවට තුරුළුකර ගෙන ඉවත බලාගෙන සිටියා. ඔහුගේ ඇස් දෙකෙන් රූරා වැටුනු කදුළු මගේ අත මතට වැටෙත්ම මට සියල්ල අවබෝධ වුණි. මා කිසිම දවසක උදාර හඩනවා දැක නැත. නමුත් අද ඔහු ඉවත බලා ගෙන කදුළු වගුරවද්දී මා ද ඇඩුවොත් එය ඔහුට දරාගැනීමට නොහැකි වනු ඇත. හැම සැප සම්පතක්ම තිබෙන අපේ කැදැල්ලට කුළුදුලේ ගේන කිරිකැටියාට හුරතලේට “සින්දරෙල්ලා” යැයි කීමට ඔහු ආස කල තරම්. කෑ ගසා අඩන්නට සිතුණි. මැසූ රෝස පාට ඇදුම් සියල්ලම දැන් මා කාට නම් අන්දන්නද? මා අවදිව සිටිනු දුටු උදාර මා බදාගෙන අඩන්නට වුණි.
“ රත්තරන් , සින්දරෙල්ලා ගියා. අනේ අපේ සින්දරෙල්ලා සිහිනය ඉවරයි මැණික”
ප.ලි. කෙටි කතාවකි. බට්ටි හා හා පුරා කියා ලියූ පළමු කෙටි කතාව. අඩු පාඩු එමට ඇති. කියවල යද්දී ඒ ගැන කියලා යන්න අමතක කරන්න එපා. බට්ටිට ඒ වචන හුගක් වටිනවා.
හ්ම්ම්ම්ම් මුල ටික කියවද්දී අග මෙහෙම වෙයි කියලා හිතාගනවත් බෑ..
ReplyDeleteඔව් අනේ ලියන් යද්දී එක පාරටම වෙනස් වුනා....
Deleteහනේ...දුක හිතෙන අවසානයක්...පව් ඒ දරු පැටිය...
ReplyDeleteකතාවනම් ලස්සනයි ගොඩාක්ම.හිතින් මවාගෙන කියවන්න පුළුවන් වුනා...
ස්තූතියි මල්ලියෝ .... හිතේ මැවුනා කියන්නේ බට්ටි දිනුම් කියන එකනේ...
Deleteඇත්තටම ලස්සනයි අක්කේ.. අවසානය මෙහෙම වෙයි කියලානම් හිතුවේ නෑ..
ReplyDeleteදරුවත් එක්ක සතුටින් ඉන්නවා කියලා අන්තිමට කිව්වොත් එක සාම්ප්‍රධායිකයිකියලා හිතුනා . ඒකයි මෙහෙම අවසානයක් දුන්නේ. ස්තූතියි මල්ලියෝ අගය කිරීමට.
Deleteහෑ... පලවෙනිඑක? එතකොට කලින් ලිවුවෙ 0 වෙනි එකද? මම නං ඒකටයි කැමති.
ReplyDeleteහෑ.. මොකද්ද ඒ 0 වෙනි එක?
Deleteලස්සන කතාවක්...බොහොම හොඳ එකක් වරදක් නෑ...
ReplyDeleteස්තූතියි යාළුවේ.
Deleteකතාව හොඳ ලස්සනට ලියලා තියනවා. අඩුපාඩු ගැන කියනවනං බොහොම පුංචි මෙව්ව ටිකක් තියනවා.
ReplyDeleteමෙහෙමයි.
"උදාර එහෙම කියලා මාව කේන්ති ගස්සන්නට කොණ්ඩයට දමා තිබූ බූලයද ගලවා ගෙන ඉහල මාලයට දිව්වේ
‘‘හූ හූ අල්ලයි මගේ නැට්ට” කියා කියමින්ය. "
"වේදනාවෙන් මිරිකී සිටි මා සනසවමින් ඔහු එක අතකින් මගේ හිස අතගාන ගමන් වේගයෙන් කාරය ඉදිරියට ගෙන ගියා. "
"නැවත සිහිය එන විට උදාර මා සිටි ඇදේ වාඩිවී මගේ එක අතක් ඔහුගේ පපුවට තුරුළුකර ගෙන ඉවත බලාගෙන සිටියා."
ලියනකොට ඔයා ලියන්නේ කතාකරන බාසාවෙන්ද නැත්තං ලියන බාසාවෙන්ද කියන එක ගැන අවධානයෙන් ඉන්න.
"උදාර එහෙම කියා" විදියටත්
"ඉදිරියට ගෙන ගියේය." විදියටත්
"ඉවත බලාගෙන සිටියේය." විදියටත් වෙනස් උණා නං හරියටම හරි.
දෙවෙනි කාරණාව ඊළඟ පාරවත් කතාව ඉවර උණාම සැනසීමෙං හුස්මක් ගන්න පුලුවං විදියෙ එකක් ලියාපිය. :D
ඔන්න ඔච්චරයි මට පේන වැරදි. කතාව මරු.
-පණ්ඩිත විචාරක.
පණ්ඩිත විචාරකට බොහොම ස්තූතියි අඩුපාඩු පැහැදිලිව පෙන්වලා හදා ගන්න උපදෙස් දුන්නට. ඊලග එකේදී බට්ටි ඔය දේවල් හදාගෙන ලියන්නම් කෝ.
Deleteකතාව නම් හරිම ලස්සනයි අක්කේ... අන්තිම හරියට ටිකකට කලින් මම හිතුවෙ දොස්තරලට වැරදිලා රෝස පාට ඇඳුම් නිල් පාට කරන්න වෙන වැඩක් වෙලා කියලා... අනේ එහෙම නෑ... :((( බබා නෑ...
ReplyDeleteකී දෙනෙක් මේ අත්දකීම විදිනවද නංගී. ඒ අය කොයි තරම් දුක් වෙනවා ඇද්ද නේද? මම කදුළු කතා කියවන්නත් ගොඩක් ආසයි.
Deleteඅනේ......හුගක් දුක හිතෙනවා කතාවක්නේ...:( අද කාන්ත දිනය නිසාද යාලු මේක අදම දැම්මේ...:)
ReplyDeleteමොනවා උනත් ලස්සනට ලියල තියනවා..මුල කියවද්දී හිතුනේ නැනේ හුගක් දුක හිතෙන කතාවක් කියලා...:)
විශේෂයක් නෑ හිරූ නිවාඩුවක් ලැබුණ වෙලාවේ ලිව්වා දැම්මා.
Deleteස්තූතියි හිරූ....
ලස්සනයි, මේ දවස් වල ඉස්පිරිකාල වලින් අහන්න ලැබෙන කතා අනුව ඒ කැදලි වල හීන බොද වුනාම ඒ අයට කොහොම දැනෙන්නැද්ද? ඇස් වල කදුළු ඉවර වෙන්න අඩන් නෑකි නේද?
ReplyDeleteස්තූතියි. මාස ගානක් දරුවෙක් එනකල් හීන දැකලා ඒ දරුවා ඉපදෙද්දිම නැතිවෙනවා දැකලා කදුළු හලන දෙමාපියෝ කොයි තරම් ඉන්නවද නේද සොදුරු. හැබැයි තමන්ගේ කුසේ ඉන්න දරුවෝ නැති කර ගන්න වෙර දරන එහෙම කර ගන්න බැරුව ලතවෙන අයත් කොයි තරම්ද නේද? ඉතිං ලෝකේ හරිම පුදුම තැනක් කියලයි මට නම් හිතෙනනේ.
Deletemama kiyawapu hama keti kathawak ekkama baluwama kello godak asa mona widiye kollantada kiyana eka lesiyenma terum ganna puluwan me kathawet ehemai akkat lassanata a gana liyala tiyenawa....mata nam waradi penunema na kathawa galagena giya widiyata ehema mukut ahu wunet na eth ban akke hena gahanna wage iwara kale aiiii??? podi heenayak ehema daala himin sare iwara kalanam maru tawa tikak digata liyala
ReplyDeleteඅයියෝ ගැමී මේ බට්ටිගේ හිතේ තියෙන දේවල් නෙවෙයි ආනේ. වෙනම ජීවිතයකට ගිහින් ලියපු එකක්. හැබැයි ඉතිං හුගක් කෙල්ලෝ මේ වගේ ආදරෙන් ඉන්න ආසයි. කෙලේලෝ විතරක් නෙවෙයි.
Deleteදිගට ලියන්න වෙලාවක් තිබුණේ නෑ. කවියක් කරන්න හිතපු අදහසක් කෙටියක් වුනේ...
අමුතු ගතියක් තියෙනව ඒකෙ....එළ හොඳේ....:)))
ReplyDeleteස්තූතියි හොදේ.....
Deleteඅපේ පුංචම්මලාගේත් පලවෙනිම ළමයා නැති උනා. එතකොට නම් මම් පොඩි එකා !
ReplyDeleteමේ කතාව කියවගෙන යනකොට මට ඒ ළමයව මතක් උනා.
අපෙත් නෑයෝ වෙන කෙනෙක්ගේ පවුලේ හැමෝටම මේකට මූණ දෙන්න වෙලා තියෙනවා. ඒකනම් හරිම දුකක්.
Deleteලස්සනයි අක්කෙ... හැබැයි දුකයි... බබා නෑනෙ...:(
ReplyDeleteදුක් වෙන්න එපා කෙල්ලේ . ජීවිතේ කියන්නේ අස්ථිර දෙයක්නේ.
Deleteඅනේ හරිම දුකයි බට්ටි අක්කේ :(
ReplyDeleteඔය පින්තුරේ අද ගුගල් එකේ තිබිලා මමත් ආසාවට දවල් සේව් කරගත්තා. මේක දැක්කමයි මට එක මතක් උනේ .. බලන්නකෝ එකෙත් හැටි :)
හේ හේ එහෙනම් අපි දෙන්නම එකම චොයිස් තියෙන දෙන්නෙක් නේද?
Deleteඑකනේ :)
Deleteඇත්තටම කථාව ලස්සනයි. අවසානයේ මෙහෙම වෙයි කියලා මුලදි නම් පොඩ්ඩක්වත් හිතුනෙ නෑ.
ReplyDeleteඊළඟ කෙටි කතාවත් ඉක්මනටම ලියමු :)))
ස්තූතියි. පුංචි අදහසක් තියෙනවා .වෙනස්ම විදියේ ඒ අදහසට ඉක්මනින් පන දෙන්නම්කෝ.
Deleteදුකයි...හැබැයි ලස්සනයි....
ReplyDeleteඒත් දුකයි :(
ඔයත් අපේ අක්කා වගේ මම මේක ලියලා පෝස්ට් කරන්න කලින් එයාට මේල් කලා. එයා කියවලා එවලා තිබුණේ මෙන්න මෙහෙම
Delete"Yes.good nice story. But I don’t like the end of the story. Be positive."
කතාව කියෙව්වා . ලස්සනට ගලාගෙන ඇවිත් දුකෙන් ඉවර කරලා .ජීවිතේ ඔහොම තමයි නේද ? සමහර අවස්ථාවල බලාපොරොත්තු කඩ වෙනවා .
ReplyDeleteස්තූතියි ගිම්හානි. ජීවිතේ අපි නොහිතන වෙලාවට අපේ හීන කොයි තරම් බිදෙනවද නේද?
Deleteකතාවනම් ලස්සනග් නගේ..
ReplyDeleteඒත් පොඩි පුරස්නයක් අච්චර වේදනාව තිබුනානම් නින්ද ගියේ කොහොමද? නැත්නම් සිහි නැති වුනාද??
ස්තූතියි අක්කේ.
Deleteඔය ඇහුවේ පුරස්නයක් උදේ පාන්දරම. අපි මෙහෙම හිතමු සිහිය නැතිවෙන්න ඔන්න මෙන්න යන නින්දක් කියලා.
දුක හිතෙන අවසානයක් සමගින් කෙටිකතාකාරියකගේ ඇරඹුම....... එල
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවට.
Deleteලස්සනයි..පොල්ලෙන් ගැහුවා වගේ දුක් සීන් එකකින් නේ ඉවර කරලා තියෙන්නේ...
ReplyDeleteජීවිතේ දුකයි ගලන්නේ කදුළු මල් තමයි අප්පා....:D
Deleteලස්සනයි කතාව බට්ටි. හැබැයි දුකයිනේ. ඉතින් මම මගේ සුපුරුදු විදිහට එයාලට ඊළඟ අවුරුද්දේ ලස්සන බබෙක් ලැබෙන්න ඇති කියල හිත හදාගත්තා.
ReplyDeleteඔන්න ඔහොම හිතන්න එපැයි. එයා ධනාත්මක චින්තන පොත්වත් කියවනවද අනේ?
Deleteකෝ මේ ලින්කුව වැඩ කරන්නෑනේ කෙල්ලේ...
ReplyDeleteඅයියෝ..... :O :( අනේ එකනේ... මාත් හිතුවා මුල කියවද්දි ලස්සන අවසානයක් ඇති කියලා.. :(
ReplyDelete