පාසල් කාලය කියන්නේ කොයි තරම් සුන්දර කාලයක්ද? ඉතිං ඒ මතක අපි කොහොම අමතක කරන්නද? බට්ටි මේ කියන්න යන්නේ බට්ටි 5 වසරේ ඉන්න කාලේ බට්ටිට වෙච්ච දෙයක්. ඕං හිනාවෙනවා එහෙම නෙවෙයි හොදද?
අපේ ඉස්කෝලේ තිබුනේ ලස්සන කන්දක. ඉතිං හැම පන්තියකටම යන තැන්වල පඩිපෙල් තිබුණා. ඒ දවස්වල පොඩි විවේකයක් ලැබුණ ගමන් අපි කරන්නේ පඩිපෙල් පනින එක. පඩිපෙල් පනිනවා කියන එක හැමෝම දන්නවනේ? නොදන්න අයට දැන ගන්න එක්ක කියන්නම්කෝ. පඩිපෙල පහලම එක ළමයෙක් ඉදගෙන අංක කියනවා. අනිත් ළමයි ටික එයා කියන අංක පැනගෙන පැනගෙන ඇවිත් බිමපාගලා උඩට දුවන්න ඕන. පස්සෙම බිම පාගන කෙනාට තමයි ඊලගට අංක කියන්න වෙන්නේ.
අපි ඉතිං සුපුරුදු පරිදි බුදු මැදුරට යන පඩිපෙල පනින්න එදත් දුවල ගියා. එදා නම් පඩිපෙලේ පළලට වඩා ළමයි හිටියා. හැමෝම හිටියේ හිරවෙලා. කවුරුත් කැමති වුනේ නෑ අයින් වෙන්න. හැමෝටම ඕන වුනේ එකපාර සෙල්ලම් කරන්න. මගේ කරුමෙටද මන්දා මම හිටියේ පෙලියේ අයිනෙම.එකයි කිව්වා පැන්නා. එකපාරටම මෙන්න තුනයි කිව්වා. ඒකත් පැන්නා. පැන්නා ... පැන්නා තමයි කොහේටද දෙයියනේ පැන්නේ? මගේ එහා පැත්තේ හිටිය නදී ඇවිත් එක පාරටම ඇගේ හැප්පුනා. හිතා ගන්න පුළුවන්නේ හැමෝටම මහාමේරු පර්වතේ වගේ ඉන්න නදී ඇවිත් මේ බටු ඇටයක් තරම් බට්ටිගේ ඇගේ හැපුනහම කොහොම විසිවෙන්න ඇද්ද කියලා. (හැබැයි ඕං චිත්ත රූප මවා ගනිද්දී මාව පැරෂුට් එකක් ගානට පියාඹනවා එහෙම මවා ගන්නවා නෙවෙයි හොදද?) ඒ පර්වතේ ඇගේ වැදුනා විතරයි මම විසිවෙලා ගිහින් කන්දෙන් පහලට වැටුනා. අම්මෝ නැගිටින්න හිතන්නත් කලින් මෙන්න අර පර්වතේ වැටුනේ නැතියි ජබොග් ගාලා මගේ ඇග උඩට. දැන් ඉතිං බට්ටි නැගිටින්න තියා හෙලවෙන්නවත් හිතන එක බොරු.
නදී එක පාරටම නැගිටලා ‘අයියෝ ලේ ලේ” කියලා දිව්වා. වේදනාවක් ලොකුවට දැනුනේ නැතිවන නිසා එයා එහෙම ලේ ලේ ගාගෙන දුවද්දී මම හොදටම බයවෙලා නැගිටලා බැලුවා. එයා කෑ ගහගෙන ගිය තරම් ලේ තිබුනේ නෑ. මගේ තොල පොඩ්ඩක් කෙටිලා තිබුණා. ඉස්සරහ දත් දෙකෙන් එක දතක පොඩ්ඩක් කැඩිලා තිබුණා. ඒ සලකුණ නම් තාමත් තියෙනවා. මොකද ලේනා කිරි දත අරගෙන කැකුළු දත දීලා මාස කීයද වුනේ මේක වෙද්දී. වාසනාවකට වෙන මුකුත් වෙලා තිබුනේ නෑ. කට පුරාම වැලි නිසා ළමයි ටික එක්ක ගිහින් හෝද ගෙන මම පන්තියට ගියා.
මෙන්න යද්දී නදී හූ තිය තිය අඩනවා. එයාට හීරීමක්වත් නෑ. මම ලගට යද්දී තවත් හයියෙන් අඩන්න ගත්තා.
‘ මම ඔයාව තල්ලු කලේ නෑ. ඔයා තමයි මාවත් ඇදගෙන වැටුනේ. ** මාමට කියන්න එපා. අනේ මං එයාට හුගක් බයයි”
මාර වැඩේ මේ අපේ තාත්තගේ නම කිය කිය අඩන්නේ. මට තුවාල වුනාට ගෙදර ගිහින් කියයි කියලා බයේ.
‘‘ නෑ අනේ මම කියන්නෑ. ඔයා එක් හිතලා කලේ නෑනේ.” එහෙම කියලා මම එයාලග තියෙන මගේ පුටුවේ වාඩිවෙන්න හැදුවා. අහක බලන් වාඩිවෙන්න හද්දිම මෙයා පුටුව ඇදලා ගත්තා. අනේ බට්ටි පස්ස බිම ඇන ගෙන ආයෙම වැටුනා. දැන්නම් ඉතිං සාම ඉවරයි. ඇයි අනේ මේ මොන වරදක් කලාටද?
‘‘දෙනවා එදා මගෙන් කාපු පැණියි පානුයි”
මලා මෙව්වට තමයි කියනවා ඇත්තේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා. මමත් ඉතිං කට පියාගෙන හිටියේ නෑ ගත් කටටම මාත් කිව්වා
‘‘හරි එහෙනම් එදාම මගෙන් කෑව පරිප්පුයී පානුයී මටත් ආපහු ඕන”
‘‘ පරිප්පුයි පානුයි හැමෝම ගේනවනේ. පැණියි පානුයී ගේන්නේ මම විතරයි. ඇරත් ඔයා එදා මට දුන්නේ කලින් දවසේ රෑ හදපු පරිප්පු නේද?”
ඉදලා ඉවරයි මුන්දෑ පන්තිය මැද්දාවේ මගේ සායම යවනවා. දැන් ඉතිං මොක කරලා හරි මේ කට නම් වහන්න ඕන.මම ඉතිං දහ අතේ පොරෙන්නදු දුන්නා . මොන එයා නෙවෙයි අහන්නේ. එයාට ඒ කාපු ඒ පාන් කෑල්ල ඒ පැණි ටිකයි එක්කම ඉල්ලනවා. මේ ලෝකේ මනුස්සයෙක්ට තියා සක්කරයගේ පුතා වයිමටවත් කරන්න පුළුවන් වැඩක්ද අනේ ඒක?
හරි මෙහෙම වැදලා හරි යන්නෑ මම කිව්වා
‘‘හරි හරි මම ඒකම මවල හරි ගේන්නම්කෝ. ඉන්න මම ගිහිපු ගමන් තාත්තට කියනවා ඔයා තමයි මගේ දත කැඩුවේ කියලා.”
ඒ ගමන නම් නදී බය වුනා.
“ ඕනේ නෑ ඔයා වාඩි වෙන්න. හැබැයි ආයෙ මම ඔයාට කවදාවත් පැණියි පානුයි දෙන්නෑ”
ඉතිං එදා ඒ සිද්ධිය එහෙම වුනා කියලා අපි තරහා වෙලා හිටියේ නෑ. පුරුදු විදියටම ඊට පස්සෙන්දම අපි යාළුවුනා. ඒත් ඉතිං සිද්ධියට අපිට තාමත් හිනා. එයාට අපි දැනටත් විහිළුවට පැණියි පානුයි කියනවා. ඉස්සර කාලේ කරපු මේ බොලද සිද්ධි මතක් වෙද්දී හොදටම හිනා. ඔන්න යාළුවෝ අනුන්ගේ කෑම කද්දී පරිස්සමින් හොදද?
හිකිස්....
ReplyDelete:P
Deleteඔය කරගෙන තියෙන්නේ, අපිට හිනාවෙන්න වැඩක්. හික්.. හික්.. හැබැයි පාසල් ජීවිතේ හරි සුන්දරයි කියන්න බැරි තරමට ම මටනං දැං ඒක එපා....වෙලා තියෙන්නෙ. පානුයි පැණියි මතක් කලා කියන්ඩ!
ReplyDeleteඒ කාලේ තියෙන සුන්දරකම බොට තේරෙයි අයිවුන දවසකට.
Deleteයලිත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා.
මාර යාලුවෙක් තමා බට්ටි අක්කටත් ඉඳල තියෙන්නෙ....හිකිස්.
ReplyDeleteහරි හොද කෙල්ල. කේන්ති ගියහම වස මල්ල.
Deleteඅන්තිමට තරහ වෙලා රණ්ඬු වෙන්න ඕන කෙනා නෙමෙයිනේ රණ්ඬුව පටන් අරන් තියෙන්නේ..
ReplyDeleteඔය මට වෙන වැඩ තමයි මලයෝ. ඒ කාලේ ඉදන්ම අද වෙනකල් වෙන්නෙම ඕක තමා.
Deleteවාඩි වෙද්දි පුටු අදින සීන් එක මතක් වුනා පස්සේ පස්සේ ලොකු ලොකු පන්තිවලට යද්දි වාඩිවෙලා ඉන්න එවුන්ගේ පුටුවලින් ඇදලත් වැට්ටුවා හැබැයි කෙල්ලොන්ව හි හි කරදඬු උස් මහත් උනාම කොල්ලෝ දෙන්නෙක් සෙට් වෙලා ඉඳන් ඉන්න කෙල්ලොන්ගේ පුටු කකුල් දෙකට එකපාර පහර එල්ල කරලත් වට්ටලා තියෙනවා.....අතීතේ මතක් වුනා ඕවා කරලා පණ කඩාගෙන දුවන්න ඕනේ නැත්තම් හම්බුවෙනවා හොඳවයින්...කැඩුනු දත ගැන ටීචර්ට කිව්වනම් අලෝගන්න තිබුනා
ReplyDeleteනෑ අනේ ටීචර් ලග සුපර්ග්ලූ තිබුනේ නෑ නේ ඉතිං කිව්වත් වැඩක් නෑ.
Deleteඔයින් බේරිල තියෙනව මදැයි....//හැබැයි ඕං චිත්ත රූප මවා ගනිද්දී මාව පැරෂුට් එකක් ගානට පියාඹනවා එහෙම මවා ගන්නවා නෙවෙයි හොදද?// මෙහෙම හිතන්න එපා කිව්වත්, මටත් මැවි පෙනුනෙ බට්ටි අක්ක මේ වගේ විසිවෙනන ඇති කියල තමයි.පැණියි පානුයි කරල තියෙන්නෙත් නියම වැඩක් තමයි.එයා බයවුන පාරට පැණියි පානුයි මතක් වෙන්න ඇති නේද?හිහ්....
ReplyDeleteඔය ඉතිං එපා කියන එකමනේ කරන්නේ. මේ ළමය නම් කියලා හදන්නම බෑ.
Deleteචැහ් අපෙන් කවුරුවත් කාපුවා ඉල්ලන්නෙ නෑ නෙ
ReplyDeleteඉල්ලුවොත් දෙයි කියලා තමයි බය. :D
Deleteහප්පේ... ඔයින් ගියා මදැයි දත බඩටයවා ගන්නෙ නැතුව...
ReplyDeleteපානුයි,පැණියි රසයිද??මං ටෙස්ට් කරලාම නෑ... :O
තියෙන විසේට දත බඩට ගියා නම් අනිවා තාත්තා ඉතුරු ටික යවනවා ගෙදර ආවට පස්සේ.
Deleteරසයිද කියලත් අහනවා. මාරම රසයි. අම්මෝ අදටත් මම ඒකට නම් හෙනම පෙරේතයි. ටෙස් කරලා බලන්නකෝ. ආ තව කහට ජෙග්ගු තුන හතරක් බොන්න පුළුවන් පැණි දීසියක් තියෙනව නම්.
හඃ හා ...මතක වෙනකොට හිනා යන වැටිලි ගොඩක් තියෙනවා ,,මටත් අමතක නොවෙන වටිල්ලක් තියෙනවා ,,හෙහ් හී මගේ දතක් කැඩිලා ගියා 6 පන්තියේදී,එක ලොකු උනහම හදනවා කියල හිතන හිටියට දැන් නම් හිතෙනවා එහෙම තියෙන එක හොඳය කියල,කොහොම උනත් අපිට නම් කන්න ලැබුනේ බොහොම කලාතුරකින් ,,ඔක්කොම එකතුවෙලා පොර කනවා ඇරෙන්න කන්න වෙන්නේ ඔය කැන්ටිමකින් කන දෙයක් තමා(එකත් ඉන්ටවල් ඒකෙන පස්සේ ලු)..පුදුම වැඩේ කියන්නේ එහෙම පොර කාපු,අත හෝදන්නේ නැතුව කාපු අය දැන් අතින්වත් කන්නේ නැතිලු...ලොල් ,,කොහොම උනත් ආයෙත් පොර කාල කන්න තිබ්බනම් නේ...
ReplyDeleteඅයියෝ මම වගේ චුට්ටක් දත කඩාගෙන නිකම් ඉන්න එපැයි. ඒ කාලෙ මතක් වෙද්දිත් හිනා. මම නම් පුදුම විදියට මේ වගේ අඩව් අල්ලලා තියෙනවා.
Deleteඅපිත් ඉතිං ඒකාලෙ ඉදන්ම බෙදන් කනවට වඩා කලේ බදන් කන එක. ගෙදරදී කෙහොමටවත් නොකන දේවල් පුදුම වැඩේ කියන්නේ ඉස්කෝලෙදි කන්න පුළුවන් වෙනවනේ.
අපි 10 වසරේ විතර ඉන්න කොට ඉස්කොලේ අත හෝදන්න තිබුනේ එක ටැප් එකයි. ඉතිං ඕකෙන් අත හෝදගෙන එද්දී විනාඩි විස්සෙන් භාගෙකට වඩා ගිහින්. අපි නම් ඉතිං පොඩි ළමයින්ට ආදර්ශෙටත් එක්කම කාලම ගිහින් අත හේදුවා.
බට්ටිත් මාරු වැඩ නේ කරලා තියෙන්නේ ,,ඔය එන්නේ ආරේ ගතිය ......හෙහ් හී...අපි පුළුවන් නම් අවුරුදු උත්සවෙටත් දාමු පොරකා කෑම කෑම...මොකද කියන්නේ????
Deleteහේ හේ
Deleteහැබැයි ඔය විදිය තරගයක් තිබුණනම් මම කෙසේ වෙතත් ඔයා නම් ඉතුරු දත් ටිකත් කඩා ගනී මයේ හිතේ.
ආ බනිස් කෑමේ තරගෙදී පොරකාලා කන්න පුළුවන් නේ. ඒත් මට නම් සැණකෙලියට එන්න වෙන්නේ නෑ.
හම්මෝ බට්ටි දැන් දතුත් ගලවනවද??..හෙහ් ,බට්ටිට එන්න බැහැ කියල අපි දන්නවා නේ ....ඒක කියන්නත් දෙයක් ද ...
Deleteඅපෝ නෑ. මට නම් ඔය සබ්ජෙක්ට් එක තේරෙන්නේ නෑ. හැබැයි මගේ දත්නම් කාටවත් ලේසියෙන් ගලවන්න නම් දෙන්නේ නෑ. තල්ලු කරලා කැඩුවොත් ඇරෙන්න. :D
Deleteඈ ඔයා කොහොමද අනේ ඒක දන්නේ? මමවත් දන්නෑ ඇයි මම එන්නෙ නැත්තේ කියලා. හැබැයි එන්නෑ කියලා විතරයි දන්නේ. :D
මං නං දතක් බඩට යවලා ඔළුව පලං තියෙනෝ.
ReplyDeleteඑහෙනම් වහාම නම වෙනස් කරන්න ඕන සොදුරු වෙනුවට වස මිනිසා කියලා. :D
Deleteඔව් ඔව් ඔය වයසෙදි කාපු බීපු දේවල් ඉල්ලනඑක සාමාන්‍ය දෙයක්. ඒවගේම තමයි ඉල්ලන්නෙත් තමං දුන්න දේ මයි. එක අතකට සාධාරණයි.
ReplyDeleteඅයියත් එහෙනම් ෂුවර් එකටම නදීගේ බොට්ටුවේ වෙන්න ඇති.
Deleteමටනම් එහෙම කියුවොත් ටොයිලට් එකට ගිහින් ගන්න කියලා කියනවා :D
ReplyDeleteඇත්ත නේන්නම් .
Deleteනදීගේ ඇඟේ හැප්පුන බට්ටිව මට මැවි මැවී පේනවා. බට්ටි උඩින් ගිහින් විසික්කා වෙන්න ඇති.
ReplyDeleteඔව් අනේ. මොනා කරන්නද?
Deleteනිකී ගියෙත් කන්දක් උඩ තිබුන ඉස්කෝලෙකටනේ. ඔය කියන පැනිල්ල අපිත් පනිනවා පොඩි කාලේ. බ්රූස් පදිනවා කියල එකකුත් කලා පඩිපෙළේ පැත්තක තියන කෑල්ලේ. දත් කඩාගන නම් නැහැ.
ReplyDeleteඅම්මෝ ඒ බොට්ටු පදින එක නම් හරිම ඩේන්ජරස් වැඩක් තමයි. මම නම් ඒකට නම් හරි බයයි.
Deleteඉස්කෝලෙ කාලේ උන ඔය වගෙ සිද්ධි මතක් කරල අදටත් ඕනි තරම් හිනා වෙන්න පුලුවන්...ජීවිතේ තිබ්බ ලස්සනම කාලෙ තමයි ඒ.
ReplyDeleteපානුයි පැණියි කියන්නෙ මගෙත් ප්‍රියතම ආහාරයක් :)
හැම කෙනෙක්ම මම හිතන්නේ ඇත්තටම ජීවිතේ විදින්නේ පාසල් කාලෙදී කියලා.
Deleteකොහොමද රස නේ?
පැණියි පානුයි... ඊයා... මට නම් කියද්දීත් අස්පට් වගේ එහෙම කෑම... මම පොඩි කාලේ සිට පැණිරස වර්ජන.... හැබැයි කටදන කෑම මොනා හරි නම් කන්න දෙයියා :))
ReplyDeleteමම නම් සීනි ඇරෙන්න අනිත් පැණි රස දෙයියා. සැරනම් කන්න ආස නෑ. වැඩිපුර සැර කෑවොත් මගේ ඔළුව කැරකෙන්න ගන්නවා.
Deleteඅයිත් කිලිමුයි,ලුණු මිලිතුයි එකට කලවම් කලල කද්දී ලතයි කියන්නෙ ඇත්තද?
Deleteදන්නෑ. අනේ මට නම් ඔව්වා අත්හදා බලන්න බෑ. මොකද මම තනිකඩයා වෙච්චි එකේ හොයා ගන්න බැරි ලෙඩක් හැදුනොත් බලා ගන්නවත් කෙනෙක් නැති වෙනවා.
Deleteමෙහෙම වැඩක් කරමු. මල්ලී කාලා හරි ගියහම මටත් කියන්න.
(අතුරු ආබාධ ගැන වගකියනු නොලැබේ.)
හි හි මටත් මතකයි ඉස්සර තරහ උනාම ඔය වගේ දෙන්න තියා හිතන්නවත් බැරි ඒවා ආපහු ඉල්ලනවා...හපෝයි :))
ReplyDeleteඒ කලේ නම් තනිකරම පිස්සු කාලයක් තමයි නේද අක්කේ?
Deleteදත නේ කඩාගෙන තියෙන්නේ ඒක නිසා අවුලක් නෑ.....
ReplyDeleteහිකිස් .....
Deleteදතක් කැඩුවා මදිවට බට්ටිව පුටුවෙනුත් බිමට දාල තියෙන්නේ
ReplyDeleteඇත්තටම යාළුවෙක්ද එයා :(
එයා හොද කෙල්ල අනේ. පුංචිම කාලේ නිසා මෙහෙම කලාට ලොකු වුනහමි හුගාක් හොද කෙනෙක්.
Deleteපැනියි පානුයි..මාත් ආසාවෙන් කාපු කෑමක් තමයි..අපොයි බට්ටිගේ දතට උන දේ..
ReplyDeleteමම නම් තාමත් ආසයි. පැණියි පානුයි කොතනද බට්ටි එතන.
DeleteDidn't read, will come back
ReplyDeleteමේ දවස් වල පෙට්‍රලුත් හරි ගනන් එකේ ඔබා මාමට දෙතුන් පාර එන්න වුනහම වියදම් වැඩි වෙයි නේද? :D
Deleteෂැහ්... ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ පුටුවත් ඇදලා නේ. ඔන්න ඔයාට එහෙම නෙවෙයි ඔන්න ගොනා කිව්වේ!!!!!!!! පුංචි කාලේ දාගන්න වලි නම් මාරයි තමයි, මතක්වෙද්දිත් හිනායනවා, ඒත් ලොකු වුණා ම වැටෙන වලි නම් එහෙම නෑ!
ReplyDeleteහරි හරි මම තමයි මිනිහා නදී තමයි නේද ගොනා.:D
Deleteපාසල් ජීවිතෙ නම් සුන්දරයි තමයි.ඒත් මටනම් දැන් ඒක වහ්කදුරු වගේ.ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි.අපේ මන්ඩුකපිනා නිසා.නොකිව්වට මොකද බට්ට කියන්න ඇත්තෙත් ඕක ගැන තමයි
ReplyDeleteනදිගෙන් කාපු පාන් කෑල්ලයි පැණියි ආපහු දෙන්නම බැරි උනානෙ! එහෙනම්, අදටත් ඔයා නදිට නයගතියි :D
ReplyDelete