March 1, 2012

උඹ දැන් යල් පැනලා


ඉස්සර උඹ නැතුව මිනිස්සු
සතුට රදව ගත්තේ නැති තරම්,
එත් දැන් උඹ මදී උන්ට,
හැරෙන හැරෙන පැත්තට
කොහොම ගන්නද උඹෙන්,
24න් 32න් සෑහෙන උන් නෑ දැන්,
ෆිල්ම් රෝල උඹ දැන් යල් පැනලා
දැන් ඉතිං MICRO SD
ඕන පැත්තකට ඕන තරමක්,
හිතේ හැටියට ගන්න පුළුවන් එයින්
හැබැයි ඉතිං ඒකටත්
උඹේ සෙතේම වෙයි කවදහරි,
තව එකෙක් ආදාට .....!

ප.ලි. අසනීපවෙලා ඊයේ බට්ටි විවේක සුවෙන් ගෙදර ඉදිද්දී උණ විකාරෙන් ලිව්ව නිසදැසක් වගේ එකක්. :D

40 comments:

  1. ඇත්ත ඇත්ත... උණ විකාරෙන් තමයි ලියලා තියෙන්නේ! මොනවා උනත් කතාව නම් සහතික ඇත්ත!

    …//උඹේ සෙතේම වෙයි කවදහරි,
    තව එකෙක් ආදාට .....!

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං උණක්ම හැදෙන්න ඕන මේවගේ දෙයක් මතක් වෙන්න නේද අයියේ?

      Delete
  2. යල් පැනපු බවනං හැබෑව..
    ඒත් ඉතින් මෙයා මොනව හරි හිතේ ලියා ගත්තොත් ආයෙ කවදාවත් මැකෙන්නෙ නෑ.කාටවත් මකන්නත් බෑ....
    ඒකට දැන් තියන තියන මෙමරි කාඩ්...:D

    ReplyDelete
    Replies
    1. ඒත් ලකියෝ බෙල්ල නැතුව ගත්තොත් කොහොම අයින් කරන්නද එයින්?

      Delete
  3. කතාව නම් ඇත්ත් .. එත් ඒ කාලෙ ගත්ත ෆොටො තම තියෙනවා .. ඒත් දැන් අලුත් එව්වගෙන් ගන්න ෆොටො කොම්පියුටරේ එක්කම නැතිවෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි කෙලින්ම හාඩ් එකේ සේව් කලත් ඉතිං මොන කැස්පටවත් අහුවෙන්නෙ නැති වයිරස් එකක් ආවොත් සුම්මා තමයි.

      Delete
  4. හ්ක්ක්‌ ඇත්තමයි එයා යල්පැනලා තමයි :(

    ReplyDelete
  5. ඒකනම් ඇත්ත. අපේ තාත්තගෙ යාලුවන්ගෙ ෆිල්ම් රෝල් කැමරා ගොඩක් අපේ තාත්තට නිකන්ම දීලා තියා ගනින් කියලා.විකුනන්නත් බෑ දැන් ඒවා.

    ReplyDelete
    Replies
    1. දැන් ෆිල්ම් රෝල් දාන කැමරාවක් හොයා ගන්න එකත් හරිම අමාරුයි අක්කේ.

      Delete
  6. කතාවට 100%ක්ම එකගයි.. කාලෙකට උඩදි පාවිච්චි කරපු ෆිල්ම් රෝලක් තියෙනවා තාම සුද්ද නොකරපු..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉතිං මැෂින් එකේ දාගෙනවත් එව්වා බලබල ඉන්න පුළුවන්නේ නේද ?

      Delete
  7. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වීම. මිනිස්සුන්ගෙ හැටිනෙ. ඔය කිව්වට මටත් අඟ තමා ලොකු වෙලා තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. හේ හේ කැත පුරුදු අතඇර ගන්න වෙයි මලයෝ. මොකද ඔය අග හැම තැනම පැටලෙන්න බලනවා. වෙලාවකට ලෝක ලෙඩක්.

      Delete
  8. උණට ලියවෙන විකාර... නරකමත් නෑ :)

    ReplyDelete
  9. හෑමෝටම මේ දවස්වල උණ නේද ? කොහොම උනත් විකාරෙන් කියල තියෙන්නෙනම් ඇත්ත .

    ReplyDelete
    Replies
    1. මේ හිටී ගමන් හැදුනේ. යසට වැඩකර කර ඉදලා ගෙදර ගියා. මෙන්න උදේ පාන්දර ගිණිමැලේට උණ.

      Delete
  10. මම හිතුවෙ වෙනදෙයක්.......:)

    ReplyDelete
    Replies
    1. කුතුහල ඇති කරන්න එපා අයියා. හිතුන එක කියල දාන්නකෝ.

      Delete
  11. හයියෝ... බට්ටි අක්කෙ දැන් උණ හොඳද ????

    ReplyDelete
  12. අමූලික ඇත්ත අක්කේ... ගෙට් වෙල් සූන් ඈ...

    ReplyDelete
  13. උණ විකාරෙන් උනත් සිහියෙන් ලියලා! ඇත්ත කතාව! දැන් ෆිල්ම් රෝල් නම් දකින්නවත් නෑ! ඒකට ඒ කාලේ! පට්ට පරිස්සමින් ෆොටෝ එකක් ගහන්නෙ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට යාළුවේ.

      Delete
  14. ඉස්සර කොයි තරම් ප්‍රයෝජනවත් උනත් දැන් හැමෝටම මෙයාව අමතක වෙලා :(

    දැන් බට්ටිට සනීපයිද?

    ReplyDelete
    Replies
    1. කොකටත් වෙන්නේ ඔය දේනේ.
      දැන් සනීපයි.

      Delete
  15. අයියෝ ඔයාගේ උණ තවම හොඳ උනේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඊයේ තමයි යන්තන් වැඩට ආවේ. අද නම් හොදටම හොදයි අක්කේ. අත්තම්මා බනිනවා යාන්තම් මස් චුට්ටක් දාගෙන එන කොට මොකක් හරි ලෙඩක් හදා ගන්නවා කියලා. මම මොනවා කරන්නද නේද අක්කේ?

      Delete
  16. ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා කිව්ව ඕං......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.දැන් සනීපෙන්.

      Delete
  17. බට්ටි දන්නවද?





    ඩෙංගු මාරාන්තිකයි!!!!!!!!!!!!!
    :) :) :)

    ReplyDelete
    Replies
    1. ඇත්තද අයියා.








      (සිතමින් දැන් කාටද බොලේ ඩෙංගු හැදිලා තියෙන්නේ.මයේ හිතේ මේ මනුස්සයගේ වයසේ වැරැද්ද වෙන්න ඇති)

      Delete
    2. අයියෝ ඩෙංගු නෙමේද හැදුනේ... :(






      අපරාදේ.... :)

      Delete
  18. ඇත්ත අක්කෙ දැන් ඔව්ව හොයා ගන්නත් අඩුයි.දැන් අලුත් වෙලා...:|

    බට්ටි අක්කට දැන් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. සනීපයි මලයෝ. මට නම් උඹ එක්ක මාර තරහයි. බ්ලොග් එකට කර ගෙන තියෙන විනාසේ දැක්කහම.

      Delete
  19. මගේ kodak kb10 එක තාමත් මට වටිනො, ඒක තමයි මගේ පළවෙනි කැමරාව.

    ReplyDelete
  20. මට 11 වසරේදී තාත්ත ෆිල්ම් රෝල් කැමරාවක් අරන් දුන්න. අපි අලුත් වෙලා, දැන් එක ආයිමත් තාත්ත ළඟ. තාම පාවිච්චි කරනවා. තැන්කු බට්ටි, පරණ මතකයන් අලුත් වුණා

    ReplyDelete
  21. කිව්වත් වගෙ උණ විකාරෙන් ලිව්වත් කතාව ඇත්ත. ඔය වෙනසට අකැමැති අය වැඩිය නෑ වගෙ. මම කොමෙන්ට් ඔක්කොම කියවලා බැලුවෙත් මොන දේත් විවේචනය කරන අය මොකද කියන්නෙ කියලා බලන්න. මම නම් මෙමරි කාඩ් වලට. මෙමරි කාඩ් නිසා තමයි සල්ලි කාරයන්ට විතරක්, ඒ වගෙම ප්‍රොෆෙෂනල්ස්ලට විතරක් සීමාවුණු ශිල්පයක් ඕනෑම කෙනෙකුට අත්හදා බැලීම් කරන පුලුවන් ශිල්පයක් බවට පත්වුනේ.
    SD, XD. MS MS Pro MMS ජයවේවා!
    henryblogwalker the Dude

    ReplyDelete
  22. අවසන් වතාවට පාවිච්චි කලේ 2003 දි....

    ReplyDelete