February 26, 2012

සිහිනයක් දෝ ..........?



ඔබේ නෙත් දෙක
නොදැක මං අද
කෙසේ පියමං
කලා‍දෝ ..........?

නොදැක්කා මෙන්
මෙමට පිටුපා
කෙලෙස ඔබ අද
ගියාදෝ ..........?  

වෙනදා කහ ඉර
මාරුවී එන
මාව සුරතින් ගත්තේ
නැද්දෝ ..........?  

මාස හයකට පස්සේ
දුටු විට
කෙලෙස ඒ ලෙස
නුඹ ගියාදෝ ..........?

හැඩැති ඇදුමක්
ඇදන් නොගියෙන්
අදත් කැතටම
පෙනුනවත්දෝ ..........?

උපන් කැත බෑ
උනාලන්නට
එයත් නුඹහට
නොවැටහුනාදෝ ..........?

එහෙම පිටුපා
මගෙන් ගිය නුඹ
යළිත් මාවතේ
මුණ ගැසේදෝ ..........?

මගේ ඇස් දෙක
නොදැක ගිය නුඹ
යළිත් ආවත්
වැඩක්වේදෝ ..........?

39 comments:

  1. මේකනම් සත්‍ය සිදුවීමක් වෙන්න ඕන..සමහරවිට කතා නොකර ගියේ කතා කලොත් ඔයාගෙ හිතට දුකක් ඇති වෙයි කියල වෙන්නත් පුලුවන්නෙ..ඒ නිසා තාමත් එයා ඔයා ගැන චුට්ටක් හරි හිතනව කියල හිතල හිත හදාගන්න බට්ටි.. :(

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තමයි! අර පින්තූරෙ අඬ අඬ ඉන්නෙ බට්ටි අක්ක නේද බොල? මං හිතුව මේක නිකං ලිව්වයි කියල.

      Delete
    2. ඔව් අ‍ක්කේ බට්ටි මේකේ ලියන 90% ක්ම බට්ටිගේ සැබෑම ජීවිතේ.ඇයිද මන්දා මම මේක ලිව්වේ. එදා ගෙදර ගිය ගමන් ඇදුමවත් මාරු නොකර මේක ලිව්වේ. පල කරන්න නෙවෙයි හිටියේ. ඒත් ඇපේ ආදරේ ගැන හැමදේම දන්න නිලංකා අක්කා බලකලා පේස්ටුවක් විදියට දානන් කියලා. ඒත් කහඉර ගැන ලිව්ව කවියට පස්සේ ලිව්ව එක නම් මම මේකේ දැම්මේ නෑ. ඒක ඕනේ නෑ කියලා හිතුනා.

      @ බට්ටා
      අයියෝ බට්ටි මලාට අඩන්නේ නම් නෑ

      Delete
  2. "හැඩැති ඇදුමක්
    ඇදන් නොගියෙන්
    අදත් කැතටම
    පෙනුනවත්දෝ ..........?"

    මං හිතන්නේ එහෙ ම වෙන්නැති! :D

    ReplyDelete
  3. උපන් කැත බෑ
    උනාලන්නට
    එයත් නුඹහට
    නොවැටහුනාදෝ


    නෑ, වැටහෙලා වෙන්න ඇති!

    ReplyDelete
  4. කෙලස නුඹ එලෙස ගියා දෝ ..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හූල්ලනවා ඇරෙන්න මොනවා කියන්නද නේද යාළු

      Delete
  5. ගිය කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න එපා අක්කේ..

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය වෙනකල් මම දැනන් හිටියෙත් නෑ මල්ලී මම බලන් ඉදලා කියලා.

      Delete
  6. ලස්සන කවි ටික බට්ටි... දාපු පින්තූරෙ නම් ජාති.... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට. පින්තූරේ හොයා ගන්න පුදුම මහන්සියක් ගත්තේ. එඩිට් කරලා හදන්නවත් වෙලාවක් තිබුනේ නෑ. ගූගල් දෙයියා තමයි වැඩේ ගොඩදාලා දුන්නේ.

      Delete
  7. මගේ ඇස් දෙක
    නොදැක ගිය නුඹ
    යළිත් ආවත්
    වැඩක්වේදෝ ..........?

    නෑ..නෑ කිසිම වැඩක් නෑ..ඒ නිසා ගිය එකා ආයෙත් ලං කරගන්න නම් එපා...

    ReplyDelete
    Replies
    1. එකවරක් ඔබට මා එපානම් සිය දහස්වාරයක් මට එපා කියලා තමයි මම හිටියෙත් මොන කරුමෙකටද මන්දා හිතා ගන්න බැරි විදියට මේක ලියව්නා.

      Delete
  8. "මගේ ඇස් දෙක
    නොදැක ගිය නුඹ
    යළිත් ආවත්
    වැඩක්වේදෝ"
    හොඳ ප්‍රශ්නයක්....

    කවි ටික නම් හරිම ලස්සනයි බට්ටි :)

    ReplyDelete
  9. //මගේ ඇස් දෙක
    නොදැක ගිය නුඹ
    යළිත් ආවත්
    වැඩක්වේදෝ ..........?/

    ලස්සනයි බට්ටි අක්කියෝ!! ඒත් දාලා ගිය අය එනකම් ඉන්න එපා..:/

    ReplyDelete
  10. //මගේ ඇස් දෙක
    නොදැක ගිය නුඹ
    යළිත් ආවත්
    වැඩක්වේදෝ ..........?//

    වැඩක් නැති උණත් බලන් ඉන්නම හිතෙනවා නේද??? ආදරේ හැටි...

    ReplyDelete
    Replies
    1. @ Chams , හිතූ,Shani
      ස්තූතියි අගය කිරීමට. මේක වෙනදවසට කලින් දවසේ ජීවිතේටම මම කොල්ලෙක්ට දෙන්න කියලා ගනිපු තෑග්ග මගේ අල්මරියෙම කල් ඉකුත් වුනා. ඉතිං මම ඒ ගැනත් හිතහිත හිටියේ. මොනවා කරන්නද? මොනදේ වුනත් ආයේ ඕනේ නෑ. දැන් ජීවිතේට බට්ටි ආසයි.

      Delete
  11. ගිය එකා ගියා..ඒක ගැන හිතන්න එපා...

    ReplyDelete
  12. ඇත්තක්මද මේ ??

    මේ ටිකේම දුක දැනුන කතා අහන්න ලැබුනෙ :( දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව්. හීනයක් වුනානම් කොයිතරම් හොදයිද?

      Delete
  13. මේක සත්‍ය සිදුවීමක්ද අක්කෙ?

    ReplyDelete
  14. සා..බට්ටිගේ කවි ටික නියමයි නේ...හොඳ කවි කාරියෙක් වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අක්කියෝ මම දන්නෙත් නෑ බැලින්නම් හිත කවියක් වෙලා. ආ නිංලකා ගමේනේ ඉන්නේ ඉතිං එයාට ෆෝන් එකෙන් තමයි කවිය කියෙව්වේ. එයත් කිව්වා අනේ අනේ මයේ නංගිට හරිගිය තරමක් කියලා. ඊට පස්සේ ඉතිං සද්ද නොකර ඉන්න ගෙදර අත්තම්මට කියෙව්වා. ආත්තම්මා මටත් හොරා ඉන්න ගෙදර අක්කට පෙන්නලා. එයා කියනවා කවි ටික හොදයි. බැලින්නම් තාම මෙයා එයා ගැන හිතනවා නේ? එක තමයි හොද නැත්තේ කියලා.

      Delete
    2. :) ඒකනේ..අක්කා කියපු කතාව ඇත්ත..

      Delete
  15. ගිය අයට යන්න දෙන්න අක්කේ... :)

    ReplyDelete
  16. Replies
    1. මොනව හරි කියන්නකෝ ....

      Delete
  17. "ප.ලි. හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් කර ගන්න වචනයකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම මහ හුගක් පිං. ඔන්න ආයෙම බට්ටි සුපුරුදු ප්‍රීතියෙන්. හැම දේම වෙන්නේ හොදට කියනවනේ. මේ පාර නම් අහිමි වුන දේවල් වලට සිය දහස් ගුණයක් වැඩි දේවල් බට්ටිට ලැබුනා. ඒ තමයි මානසිකව හොදටම වැටිල හිටිය මාව අපේ ‍පවුලේ අය තුරුළු කරන් නැගිට්ටුවා. අපි පස් දෙනාගේ බැදීම කිසිම දාකටත් වඩා ශක්තිමත් වුනා. ඉතිං දැන් බට්ටිට වෙන මොනවා නැතත් මොකද නේද?"

    ඇත්ත කියපන් බට්ටියේ.. උඹ අපිව ගිය පෝස්ට් එකේදි ගොනාට ඇන්දුවා නේ? :(
    නැත්තන් මේකෙදි ඇන්දුවා නේ? :)

    ReplyDelete
    Replies
    1. නෑ අනේ එක ලියනකොට මේක වෙලා තිබුනේ නෑ බං. ඒකයි එක ලිව්වේ. ඇරත් මේක ලිව්වා කියලා බට්ටි දුකෙන් නෙවෙයි ඉන්නේ. මේ එවෙලෙ හිතට ආපු එක කවි කලා විතරයි. බට්ටි සුපුරුදු ප්‍රීතියෙන්.

      Delete
    2. ඒ කියන්නේ මම නම් "ඇදගෙන".. මම හිතුවේ ආපහු බට්ටි දුකින්වත්ද කියලා.. කමක් නෑ සතුටින්නම් එච්චරයි.. වෙන්න ඕනෙත් එච්චරයි.. :)

      Delete
  18. සමාවෙන්න බට්ටි අක්කේ, කලිං පෝස්ට් එකේ හැටියට මම හිතුවෙ මේක හිතට ආපු අදහසක් විතරයි කියලා

    ReplyDelete