Loading...

February 13, 2012

රතු රෝස මලේ කතාව .....



‘‘දුමක් නගින්නට හේතුව ගින්දර             
එළියක් සොයන්නට හේතුව කලුවර          ය”
කාලය සෙමෙන් සෙමෙන් ගෙවෙයි.සිහින් පොද සහිත වැස්ස සුළං හා මුසුව හමා ආයේය. හිරු එළියේ සැදෑ දීප්තිය ඒ සිහින් වැස්ස හා මුසුවී තිබිණ. මම බොහෝ දිනවල ඒ සිහින් වැස්සට උවමනාවෙන් තෙමුනෙමි. මගේ සිතට සතුටක් දැනිණ.සොබාදහම සමග අත්වැල් බැදගත් මා කරා අධ්‍යාත්මික සුවය ළගාවූයේ මටද නොදැනුවත්වමය. මගේ සිතෙහි  සිරකාරියක කල ඒ යුගය අවසන් විය. මගේ මිදුලෙහි වඩ වඩාත් පිපුණේ වර්ණවත් රෝස මල්ය. මගේ පාත්තියේ ලේ රතු පාටින් පිපුණු රෝසමලේ කතාව මට අසන්නට ලැබුණේ දේවිගෙනි.
‘‘ඔය ලස්සන රතු රෝස මලේ හරි දුක්මුසු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒක පුංචි කෙවිලියක් ගැන කියපු කතාවක්. පරිසරය වගේම ඒ පරිසරයට ආදරය කරපු අහිංසක සත්තු කොයිතරම් අපේ ජීවිත වලට ලංවෙලා තියෙනවද.... ඒත් අපි ලස්සන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නරකයි.’
සුගත් සහ වින්ධ්‍යා කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්.
‘‘හෙට මං පුෂ්පගෙ වෙඩින් එකට අදින්නෙ රතුපාට සාරියක්. ඔයා මට කොහොම හරි රතුම රතු ලස්සන රෝසමලක් ගෙනත් දෙන්න ඕන’’ වින්ධ්‍යා සුගත්ට කිව්ව
‘‘මං කොහොමද ඒ වගේ මල් හොයන්නේ”
‘‘මං ඒක දන්නෙ නැහැ. ඔයාට මට එහෙම දෙයක්වත් හොයලා දෙන්න බැරිනම් මං මොකටද ආදරය කරන්නෙ...?’’
‘‘මං බලන්නම් ......?”
‘‘බලන්නම් කියල බැහැ. ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න පුළුවනි.....”
‘‘හරි හරි ගෙනත් දෙන්නම්කො ....”
සුගත් රතුරෝසමලක් හොයන්න හුගක් මහන්සි වුනා... එත් එයා‍ට කොහෙන්වත් හොයාගන්න බැරි වුනා. හැම තැනම පිපිල තිබුණෙ කහපාට රෝසමල්... අන්තිමේදි, එයා මහන්සිවෙලා මහන්සිවෙලා හිස් අතින් ගෙදර එන කොට පුංචි ගගක් අද්දර කහපාට රෝසමලක් පිපිල තියෙනවා දැක්ක ... ඒත් වින්ධ්‍යට ඕනකලේ රතුම රතු රෝස මලක් .... මොනවා කරන්නද? සුගත් ඒ අසල තිබුණු ගහක් යට වාඩිවෙලා ඒ රෝසමල දිහා බලාගෙන දුක් වුනා.
මං කොහොමද හෙට රෝසමල වින්ධ්‍යය දෙන්නේ...? එහෙම නොදුන්නොත් අනේ දෙවියනේ! එයා මාත් එක්ක තරහවේවි.මගෙන් සදහටම ඈත්වේවි. එයා නැතිව මං කොහොමද ජීවත් වෙන්නේ ....මේ කතාව ඒ අසල සිටි පුංචි කෙවිලියක් අහන් හිටිය. එයා සුගත්ට කතා කලා...
‘‘ නැහැ එයා ඔයා එක්ක තරහ වෙන්නෙ නැහැ. ඔයාට මං දෙන්ම්නම් ලස්සන රතු රෝසමලක්....”
‘‘ඒ කොහොමද ....?”
‘‘ඔයා හෙට උදේම මෙතනට එන්නකො ...” පුංචි කෙවිලිය කිව්ව. එයාට සුගත් ගැන හරි දුකයි. ඒ දෙන්නගෙ ආදරේ වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න තරම් ඒ පුංචි කෙවිලි උදාර වුනා. ඒ ලස්සන රාත්‍රියේ හැම දෙයක්ම නිසල වුනා.
තුෂාරය අභිබවා සද එළිය ගලාගෙන එන්න පටන් ගත්ත. ඒ සද එළියේ සෞම්‍ය රැස් කහපාට රෝසමලේ පෙති අතරට වැටුන. ඒ ලස්සන පෙති සිහින් පින්නෙන් නෑවෙන්න පටන් ගත්ත.පුංචි කෙවිලිය ඒ රෝසමලේ සමීපම කටුව ලගට කිට්ටු වුනා.
‘‘ආදරය වෙනුවෙන් ඒ උදාර මෙහෙය ඉටුකරන්න.” කෙවිලිය රහසින් රෝසමලට කෙදුරුව ....”
‘‘ මං කොහොමද එහෙම කරන්නෙ ...මට රතුපාට නැහැ...”
‘‘මං දෙන්නම් රතුපාට ....”කෙවිලිය ගී ගයන්න පටන් ගත්ත. ඒ මිහිරි ගී රාවය ඈත සුළගේ , නිංසල රාත්‍රියේ , පාවෙන්න පටන් ගත්ත. ඒ අතර ටිකෙන් ටික ඒ පුංචි හදවත උල්කටුවට තද වුනා.ඒ විස කටුව පුංචි හදවත සිදුරු කරගෙන ලේ සොයාගෙන ගමන් කලා......
පහුවෙන්ද හිමිදිරියේ සුගත් මල සොයාගෙන දුවගෙන ආව.... එයා ඈතදිම දැක්ක රතුම රතු ලස්සන රෝසමලක්. ඒ අසලම පුංචි කෙවිලිය හදවත පසාරු කරගෙන මැරිල හිටිය.
‘‘ අනේ දිවියනේ !” සුගත්ට ඉබේටම කියවුනා. එයාට හරි දුකක්, වේදනාවක් හිතට ආව. ඒ එක්කම රතුමල අතට ගත්තම ඔක්කොම එයාට මතක නැතිවුනා. එයා නොඉවසිල්ලෙන්, විශාල ජයග්‍රහණයක් ලැබුව වගේ වින්ධ්‍යා සො‍යාගෙන ගියා.
ඒත් රෝසමල දැක්කම වින්ධ්‍යගෙ මුහුණ වෙනස් වුනා.....
‘‘රතුමලක් මට එපා. මට ඕනෙ කහමලක් මං අද අදින්න හිතුවෙ කහපාට ඇදුමක්.” වින්ධ්‍යා තරහෙන් වගේ කිව්ව.
සුගත්ට කරකියා ගන්න දෙයක් නැතිවුනා. එයා මල විසිකරල දැම්ම.ආපහු දුවගෙන ගියා ඒ සිගිති සතාගෙ පුංචි සිරුර ලගට...එතකොට ඒ පුංචි සිරුර ඩැහැගෙන කූඹි වටවෙලා හිටිය. සුගත් ආදරයෙන් ඒ සිරුර අතට අරගත්ත. පුංචි වලක් හාරල ඒ සිරුර තැන්පත් කරල ලස්සන මලක් ඒ පස්ගොඩට උඩින් ගැහැව්ව.
ආදර කෙවිලියේ ...උඹ තරම් අපි උදාර නැහැ...... උඹේ ජීවිතයට වඩා අපේ ආදරය උඹට ලොකු වුනා. ඒත් පුංචි කෙවිලියේ , ඒ ටික තේරුම්ගන්න මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද? සුගත් ආයේ කවදාවත් වින්ධ්‍ය හමුවෙන්න ගියේ නැහැ. එයා තවත් කාලයක් ඒ පුංචි කෙවිලිය වෙනුවෙන් පසුතැවුනා, දුක්වුනා.....
උපුටා ගැනීම . සුනිල් රෝහණ තුමන්ගේ ‘හොද ළමයෙක් වෙන්න දුවේ’ කෘතියේ පිටු අංක 73-77 නි.(ගුණසේන ප්‍රකාශනයක්)  
එම පොතෙහි සටහන්ව ඇති ගැහැණු ළමයෙකුට ඉතාම වැදගත් කරුණු ඔබ වෙනුවෙන් මෙහි සටහන් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

44 comments:

  1. හ්ම්. මතක නෑ කතාව කාගෙද කියල ඒත් හොදයි. බට්ටිගෙ වැඩේ හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.

      Delete
  2. මමත් මේ කතාව කියවලා තියෙනවා වගේ... හරිම දැනෙන කතාවක්... නියමයි බට්ටියෝ...

    //ආදර කෙවිලියේ ...උඹ තරම් අපි උදාර නැහැ...... උඹේ ජීවිතයට වඩා අපේ ආදරය උඹට ලොකු වුනා. ඒත් පුංචි කෙවිලියේ , ඒ ටික තේරුම්ගන්න මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද?//

    ලොකු අදහසක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන අදහස මට පැහැදිලි කරන්න තේරෙන්නේ නැති නිසාමයි ඒ කොටසම ලියන්න හිතුවේ.

      Delete
  3. මේ කතාවනම් කියෙවුවා වගේ මතකයක් නෑ.. කොහොම උනත් අක්කා වැදගත්ම දෙයක් උපුටලා අරන් අපිටත් කියවන්න දාලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ යාළුවෝ බට්ටි මැට්ටි කියන්නේ බොරුවටනේ නේද මල්ලී?

      Delete
  4. ඕක කෙටි කතා පොතක් වගේ එකක්දැ බට්ටි අක්කේ?

    ReplyDelete
    Replies
    1. නෑ නවකතාවක්. ඒකේ එක තැනක තිබුණ ටිකක්.
      (ගානින් ගාන මං බට්ටිට අක්කා කිව්වා නේ)

      Delete
    2. ගානින් ගාන කියන්න දෙයක් නෑ නෙව. මම මල්ලී තමා.

      Delete
    3. බට්ටො බට්ටියො ඔක්කොම ඉන්නවනේ මේකෙ ;-)

      Delete
    4. බලන්න රාජ් අයියේ මෙයා මේ බොරු බට්ටෙක් මම තමයි හැම අතින්ම බට්ටි. තව මට අක්කා කියලත් කියනවා. එයා විතරයි බට්ටා. මට නම් ඇත්තමයි ඇඩෙනවා.

      Delete
  5. මේ පොතනම් මාත් කියවලා නෑ . හොඳ අදහස් ටික . බට්ටීට තුති .

    ReplyDelete
    Replies
    1. ඔව් එකේ හොද අදහස් ගොඩක් තියෙනවා. නිවාඩු වෙලාවට මම ලියන්නම් කෝ. ස්තූති කරන්න දෙයක් නෑ මිතුරියේ කියවන්න එන ඔයාලට හොදම දේ දෙන එක අපේ යුතුකමනේ.
      හැබැයි මම ඔයාට ස්තූතියි කරනවා බට්ටිව බලන්න ආවට.

      Delete
    2. //ස්තූති කරන්න දෙයක් නෑ මිතුරියේ කියවන්න එන ඔයාලට හොදම දේ දෙන එක අපේ යුතුකමනේ.//

      අගේ ඇති කියමනක් .

      Delete
  6. බට්ටි අක්කටත් මාර පොත්නෙ හම්බෙන්නෙ....එළ ඈ...

    ReplyDelete
    Replies
    1. මම ටිකක් වෙනස් විදියට හිතන වෙනස්ම කෙනෙක්. කියවන්නෙත් ඒ විදිය පොත්. පඩි ගත්තහම හැම මාසෙම පොතක් ගන්නවා.මේ එහෙම ගනිපු පොතක්.
      අගය කිරීමට තෑන්ක්ස් ඈ...

      Delete
  7. ලස්සන කතාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුකියි යාළුවේ. ඔබේ පැමිණීම ලොකු සතුටක් මට.

      Delete
  8. මේ කතාවම දවසක් ඉරිදා ලක්බිම පත්තරේ කෙටිකතාවක තිබුණා...නම් විතරමයි වෙනස්.. ඉංග්‍රීසි නම් තිබුණේ... හැමෝම පත්තර බලන්නෙත් නෑනේ... පොත් කියවන්නෙත් නෑනේ.. කතාව දාපු එක හොඳයි අක්කා.......

    ReplyDelete
    Replies
    1. කලින් අහලා තිබුනේ නැහැ. පොත කියවපු ගමන් හුගක් හිතට වැදුනා. මම ඒ පොත මේ වෙනකොට දහතුන්පාරක් කියවලා තියෙනවා.

      Delete
  9. ලස්සන කතාවක්... හැබැයි කොල්ල ගොන් වස්සෙක්(පහුවෙලා මොලේ පෑදුනාට)...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ. මේකේ කොල්ලත් ඔයා වගේමයිනේ?හැබැයි වෙනස තාම ඔයාට මොලේ පෑදිලා නෑ නේ? :D

      Delete
  10. සෑහෙන්න වටින අදහසක් අක්කේ.... වැලන්ටයින් කියන නමට මුවාවෙලා තරුණ ගෑනු පිරිමි ලමයින්ගේ ආත්මය හූරාකන්න දඟලන බිස්නස්කාරයිනුත් මේ වගේ කියලයි හිතුනේ... ආදරේ කියන්නේ ඇත්තටම තෑගි බෝග වලින් මැනිය හැකි දෙයක්ද

    ReplyDelete
    Replies
    1. අදරය දැන් එන්න එන්නම මුදලට විකිනෙනවා. මිනිස්සු ඒක වෙනස් කරන්න යන්නෑ. අන්තිමේදී ඉතුරුවෙන්නේ බිදුණු හදවත් විතරමයි.

      Delete
  11. Replies
    1. ස්තූතියි යාළුවේ.

      Delete
  12. ඔය කතාව මම අහල තියනව ඒත් ඔය විදියටම නෙවේ.....ඒත් හරියටම දැන් මතක නැහැ........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් කල්පනා ශක්තිය හොදටම අඩුවේගෙන එන්න මයේ හිතේ මේ ළමයගේ.

      Delete
  13. මාත් මීට කලින් මේ කතාව අහල තියෙනවා..ඒත් අර පුංචි කිර්‍රිල්ලිත් වින්ධ්‍යත් දෙන්නම වැරදියි කියල ඇයි මට හිතෙන්නෙ..මට හිතෙන හැටියට ආදරේ නොතේරෙන කෙනෙක් වෙනුවෙන් ජීවිතේම දෙන එකත් වැරදියි..ආදරේ මුලට දාගෙන මිනිහෙක්ගෙන් මිනිහෙක්ට දෙන්න බැරි තරම් දේවල් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.. :S

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නේ පරිත්‍යාගය. කිසිවක් බලාපොරොත්තු නොවෙන එක.

      Delete
  14. ශක්තිමත් සිතක් සුගත් සතුව තිබුනේනම් සොබාදහමට ඔහු වෙනුවෙන් එතරම් කැපකිරීමක් කිරීමට සිදු නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. ආදරය හරි බොලදයිලු නේ අයියේ.

      Delete
  15. ලස්සන කතාවටත් හොඳ පොතක් ගැන දුන්න ඔත්තුවටත් තැන්කූ බට්ටි.
    රෝස මලක් කිව්වම මතක් වුනේ මමත් දවසක් උපන් දිනේකට මොනවද ඕනේ ඇහුවම රෝස මලක් ගෙනත් දෙන්න කිව්වා. එච්චරමයි ඉල්ලුවේ. හා කියල ගිහින් අනේ මෙන්න ගෙනත් දෙනවා 'මලක් විතරක් වැඩක් නැහැනේ පරවෙලා යනවනේ' කියල, රෝස ගහකුත් එක්ක තඩි මල් පෝච්චියක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මල් කඩනව ඇති නේ එක ලෙසකට...:D

      Delete
  16. හෙම්..ඇත්ත වැඩේ හොඳා

    ReplyDelete
    Replies
    1. මොන වැඩේද අයියා?

      Delete
  17. Replies
    1. ෂෝට් වුනත් කමෙන්ට් එක ස්වීට්. ස්තූතියි යාළුවේ.

      Delete
  18. හයේ හතේ පන්තිවලදි ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු කතාවක්.... මට ඒක කියවපු දවස්වල හරියට නින්ද ගියෙත් නෑ.... නිතරම මතක් උනේ ඒ කිරිල්ලිව.... ඒ තරමට හිතට වැදුනු කතාවක්....බොහොම ස්තුතියි හැමෝමත් එක්ක බෙදා ගත්තට....

    ReplyDelete
  19. හිතට ගොඩාක් දැනෙන කතාවක්..

    ReplyDelete
  20. කතාව අහලා තිබුණෙ නෑ අක්කේ.. ගොඩක් ස්තූතියි.. ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා මේ වගෙ කතා.. :)

    මට මතක් වුණේ.. "ප්‍රේමය ලොව හැම තැනම ඇති" ගීතය.. :)

    ReplyDelete
  21. // ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න පුළුවනි..... //

    ඕකට දෙන්ඩ ඕන සුදුසුම උත්තරය වෙච්ච " එහෙනම් කරගන්නවකො " කියන එක නොදුන්න නිසා අහිංසක කිරිල්ලියෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා..

    ReplyDelete