April 2, 2012

එන්නෝ අයිස්ක්‍රීම් කන්න එන්නෝ......


අයිස් ක්‍රීම් ලීටර් 4ක් සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය
රත්ති පිටි ග්‍රෑම් 400
සුදු සීනි ග්‍රෑම් 400
ජෙලටින් මධ්‍යසාර මූඩියෙන් 3 ½
වැනිලා
එග් යෙලෝ (වෙළදපොලෙන් මිලදී ගත හැක)

සාදා ගන්නා ආකාරය
සීනි සහ පිටි එකට කවලම් කර ගන්න. උණුවතුර කෝප්ප 2ක් ඒ මිශ්‍රණයට දමා කවලම් කර ගන්න.ඉන් පසු ඇල්වතුර කොප්ප 6ක් එයට දමා නැවත හොදින් කවලම් කරන්න. කවලම් කිරීමේදී එකම අතට මෙය කල යුතුය. ජෙලටින් ටික පීරිසිකොප්පයකට වතුර දමා එහි දියකරගන්න. එයද මුලින් සාදාගත් පිටි සහ සීනි මිශ්‍රනයට දමා දිය කරගන්න. කවලම් කිරීමේදී කැට නැතිවිය යුතුය. ඊටපසු එම මිශ්‍රනය පෙරන්න. ඉන්පසු වැනිලා සහ එල්යෙලෝ සල්පය බැගින් දමා කවලම් කරන්න.
ඉන්පසු සාදාගත් මිශ්‍රනය අධි ශිතකරණයේ පැය 7ක් පමණ තබන්න. ඉන්පසු එය ශිතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 15ක් බීට් කර ටික වෙලාවක් තබා නැවත විනාඩි 15ක් බීට් කර ගන්න. බීට් කරද්දී මැෂින් එකේ උපරිම වේගයෙන් කරන්න මතක තියා ගන්න. ඉන්පසු නැවත පැය 4ක් ශිතකරණයේ තබා නැවත විනාඩි 30ක් බීට් කර ගන්න. ඉන්පසු පැය 7ක් ශිතරකණයේ තිබෙන්නට හරින්න. භාජනය ටිකවෙලාවක් එළියේ තියෙන්න ඇරලා නැවත විනාඩි 30 බීට් කරන්න. ඊට පස්සේ මිශ්‍රනය අල්ලලා බලන්න අතට දැනෙන්නේ පුළුන් වගේද කියලා.එහෙනම් හරියට බීට් වෙලා. දැන් ඉතිං තියෙන්නේ ආයෙම හයි වෙන්න ශිතකරණයේ දාලා කැමති වෙලාවක අරන් කන්න තමයි.

ලග එන අවුරුද්දට ගෙදර එන අයට කන්න දෙන්න තමන්ගෙ අතින්ම අයිස් ක්‍රීම් හැදුවොත් කොයි තරම් ආඩම්බරයක් දැනේද ඒ අය කාලා රසයි කියද්දී. ඇයි නෑ ගම් යද්දී  අරනව් ගියොත් කියයී ඒ ඇන්ටි අපිට ගේන්නේ මේස උඩ තියන තෑගි නෙවෙයිනේ කියලා.

සැ.යු.බිට් කරන මැෂින් එක ඉතා උසස් තත්වයේ එකක් විය යුතුය. නැත්නම් බීට් කරන වෙලාව වැඩි නිසා මැෂින් එක පිච්චෙන්න පුළුවන්.

ප.ලි.මේ මෙනූ එක නම් ගිම්හානි අක්කා වෙනුවෙන්මයි ටයිප් කලේ .ඒත් දන්නැති තව අය ඇති කියලා හිතලා හිතුනා පොස්ටුවක් විදියටම දාන්න.
මෙනූ එකේ ගැටළුවක් තියෙනවනම් පහත අංකය අමතන්න. සොරි සොරි පහත කමෙන්ට් බොක්ස් එකේ ලියන්න.

58 comments:

  1. මේකට රත්තිම ගන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. රත්ති හුගක්ම ගැලපෙනවා. මොකද රත්ති පිටි කැටි ගැසෙනවා අඩුයිනේ.අනිත් ඒවට වඩා සාර්ථකයි.

      Delete
  2. බොහොම ස්තූතියි බට්ටී නගා . ඔයා පොරොන්දු උන විදියටම රෙසිපි එක අම්මගෙන් ඉල්ලගෙන නේද ? හදල බලන්නම්කො . නැවතත් ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. මම අක්කිය පොරොන්දු වුනානේ. පමාවුනේ වැඩ වැඩී අක්කේ මේ දවස් වල ඒකයි.
      මොකටද දැන් ස්තූති කරන්නේ. අපි හොද යාළුවොනේ

      Delete
  3. නුවණක්කාර අය ගන්නෙම රත්ති

    ReplyDelete
    Replies
    1. ඇයි රත්ති උකුයි වැඩි‍ කෝප්ප ගානක් හදා ගන්නත් පුළුවන්

      Delete
  4. ඔන්න මේ කාලේ තමයි අක්කේ අපිටත් අයිස්ක්‍රීම් කන්න තියෙන්නේ.. සිත කාලෙට ඕවා නෑනේ.. අපේ අංකලුත් අයිස්ක්‍රීම් හදන්න හොදට දන්නවා.. කියලා බලන්න ඕන.. තැන්කූ අක්කේ මේ ගැන ලිවුවට..

    ReplyDelete
    Replies
    1. හදලා බට්ටි අක්කත් මතක් කර කර කන්නකෝ

      Delete
  5. අක්කි හැදුවාද?
    බලමුකෝ මමත් හදන්නම්කො. අර මුලින් එක දිගට එක අතකට මිශ්‍ර කරන්න කියන්නේ බිටරෙකින් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අම්මා තමයි මෙව්වා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි

      Delete
    2. නෑ මුලින් හැන්දකින් ශිතකරණයෙන් ගත්තට පස්සේ තමයි බීටරෙන් කරන්නේ

      Delete
  6. මරු නේ...වෙලාවක හදලා බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. හරි අක්කේ හදලා බලන්නකෝ.

      Delete
  7. bohoma sthuti podi prasnayak> elakiri mekata ganna puluwanda pramanaya kohomada

    ReplyDelete
    Replies
    1. එළකිරි දාන්න පුළුවන්ද කියලා මම අම්මගෙන් අහලා බලන්නම්.

      Delete
  8. ඔයා හදල කාල බැලුව නේද ...? කට කහන්නෙ නෑ කියල ෂුවර් නේද ...?
    මොකද මම සිකුරාදට හදල බලන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් හැදුවේ නෑ බොරු කියන්න ඕනේ නෑ නේ.
      ඈ කුමාරයෝ මම මේකේ මෙනූ එකට කහඹිලියා දාන්න කිව්වේ නෑනේ.

      Delete
  9. බට්ටි අක්කේ... උසස් වර්ගයේ මැෂින් එකක් හොයාගන්නේ කොහොමද? කන්න නම් ආසයි !!!

    ReplyDelete
    Replies
    1. මේකයි නගෝ මම මේ කිව්වේ අර 1500ට විතර තියෙන මැෂින් හරි යන්නේ නෑ කියලා. ටිකක් හොද තත්වයේ එකක් ඕන.

      Delete
  10. මං කැමති චොකලට් සහ ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රිම් වලට.... ගාන බැලුවොත් නම් කඩෙන් කන එක ලාබායි වගේ ඒක නෙමේ අක්කේ බීට් මැෂිමක් මම ඇහැටවත් දැකලා නෑ බ්ලෙන්ඩරෙන් වැඩේ ගොඩදාගන්න බැරිවෙයිද?? එහෙම පුළුවන්නම් අයිස්ක්‍රිම් චොකලට් රහ කරන හැටිත් කියන්නෝ....වැඩේ හරිගියොත් ගෙදර තියෙන පිටි පැකට් එකකට වැඩේ දෙන්න මග බලාගෙන සිටිමි...උදව් කරන්ඩෝ

    ReplyDelete
    Replies
    1. බ්ලෙන්ඩරෙන් ටිකක් අමාරු වෙයි මල්ලි.අපි බීට් කරන එකෙන් කරන්නෙ අයිස්ක්‍රීම් එකට වාතය එකතු කරන එකයි.නැති වුනොත් අයිස්ක්‍රීම් රස නැහැ.දිය වුන අයිස්ක්‍රීම් එකක් ආයෙත් ෆ්‍රීස් කලාට රස නෑනෙ.
      බ්ලෙන්ඩරෙන් වැඩිය වාතනය වෙන්නෙ නෑ නෙ.

      Delete
    2. ඔව් ගැමී අක්කි කිව්ව වගේ බෙන්ඩර් එක නම් හරි යන්නේ නෑ.හදලා බලන්නකෝ.

      Delete
    3. හපෝයි මේක හරිම විද්‍යාත්මකයිනේ

      Delete
  11. ස්තූතියි හදලා බලන්නං....

    ReplyDelete
    Replies
    1. හදලා බලලා රස කියන්නකෝ

      Delete
  12. අනේ මේවා දැක්කම මට දුකයි.මට හෙම්බිලිසාවනේ.

    ReplyDelete
    Replies
    1. ඔය තෙමෙන විදියට නිව්මොනියාවත් හැදෙයි.

      Delete
  13. පැය7 + විනාඩි15 + විනාඩි15 + පැය4 + විනාඩි30 + පැය7 + විනාඩි30
    බුදු අම්මෝ මේකට ගතවෙන වෙලාව! කඩෙන් ගත්තනං ලේසියි.

    ReplyDelete
  14. ෂාහ්!!! මරු මරු අවුරුද්දට කඩෙන් ගේන්න ඕනෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කඩෙන් ගේන්න ලේසියි. ඒත් හැදුවහම රස වැඩී

      Delete
  15. එළකිරිම දාලා හදන විදිහත් අහගත්තානම් තවත් හොදයි නගේ.ම්..... හැබැයි පොඩි කැල්කියුලේසන් පාරක් දැම්මොත් ප්‍රමාණෙ හදා ගන්නත් පුලුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අම්මා දන්නේ නෑ. මගේ යාළුවෙක් ඉන්නවා යෝගට් එහෙම හදලා විකුණන එයාගෙන අහලා බලන්නම්.

      Delete
    2. පිටිකිරි වෙනුවට එලකිරි දාල පුළුවන්ද කියන ප්‍රශ්නෙ අහන්නෙ ටීවී එකේ කුකරි ප්‍රෝග්‍රෑම් වලදි තමයි. :)

      Delete
  16. අයිස්ක්‍රීම්......මගේ ප්‍රියතම කෑමක්.මාත් හදලා බලන්න ඕනි :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයිස් ක්‍රීම් කිව්වොත් බට්ටිට බත් ඕනෙනෑ

      Delete
  17. හපොයි බඩු ටික ගෙනාවෙ දවල්ට කාලා කන්න හදන්න කියලා...

    පැය ගානක් යන වැඩක්නෙ...

    ReplyDelete
    Replies
    1. හරියටම දවස් දෙකක් විතර යනවා

      Delete
  18. අයියෝ මං කන්නෙ නෑනෙ අයිස්ක්‍රීම්..නැත්තම් හදන්න තිබුනා.. :(

    ReplyDelete
    Replies
    1. බොරු බොරු ඔය නම් පොළොව ඇද සීන් එකක් තමයි

      Delete
    2. ඒ මොකෝ ඒ? මතක ඇති කාලෙ ඉදන් අයිස් ක්‍රීම් කන්නෙ නෑතෝ...

      Delete
  19. ලීටර් 4 ක් හදන්න කියලා අන්තිමට වතුර කෝප්ප 8 යි ඔක්කොමටම දැම්මේ ..... අන්තිමට පිටි ග්රෑම් 400 න් ලීටර් භාගයක්වත් අයිස්ක්‍රිම් නැති වෙයි ද ? අනිත් එක බීට් කරන පිළිවෙලත් පොඩ්ඩක් විතර අවුල් වගේ ....

    ReplyDelete
    Replies
    1. හරියටම අන්තිම බීට් එකේදී ලීටර් හතරේ කප් එකකට දාලා බලන්න ගින්දර වගේ කට කපලා එකක් ඇති.
      දෙතුන් පාරක් බීට්ර් කරන්න ඕන නිසයී එහෙම පැටලෙනව ඇත්තේ.

      Delete
  20. මගෙත් පෙරේතම කෑම බට්ටියෙ..තැන්කිවු කිවුවා....

    ReplyDelete
    Replies
    1. අලි අලි අපි දෙන්නම එකම බොට්ටුවේ.

      Delete
  21. ඔය මුඩිය හොයන්න බොන්නම වෙනවා :පි, අති විශේෂ බෝතල් මුඩියක් හරි යය් නේ....

    ReplyDelete
    Replies
    1. මීට කලින් බලාපොරොත්තු වුන ප්‍රශ්නයක්. මම කිව්වා මේ මූඩිය නැතුව මේස හැන්දක් ගන්න බෑද කියලා.හරියටම හරි යන්නේ මේකලූ. මම ඒත් කිව්වා මේක ලියලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බොතලයක් බොන්න වෙයි කියලා.

      Delete
  22. අම්මෝ දෙන්න හිතෙනව වොන්ඩර් බාර් එකක්......

    ReplyDelete
  23. මුඩියක් හොයාගන්න ලේසි අවුරුදු කාලේ කිට්ටුය්නේ

    ReplyDelete
    Replies
    1. බොන උදවිය නම් ඔය අවුරුද්ද එනකම්ම ඉන්නඋ අයියේ. දුක සතුට කිය කිය බොනවනේ

      Delete
  24. අයිස් ක්‍රීම් කන්න නම් ආසයි..ඒත් හදන්න නම් වෙලාවක් තමයි නැත්තෙ... :S

    ReplyDelete
    Replies
    1. ඔයා ජොබ් කරනවද අක්කේ?

      Delete
  25. අයිස් ක්‍රීම් කෑමව දත් දිරාන්වා ඒ නිසා මං ආස නැහැ.

    ReplyDelete
  26. අහා..මන් ආසම කැමක්..
    බට්ටි මගේ කොමේ න්ට් බොක්ස් එක අරක දැම්මෝ...

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. දුක තමයි..ආයේ ජිවිත කාලෙටම ලංකාවේ සැර කෑම බිම අයිස් ක්‍රීම් කිසිම දෙයක් කන්ට ලැබෙන්නේ නැත..එත් අල්ලපුගෙදර සුද්දෝ පැටවුන්ට නම් අව්රුරුදුය..

    ReplyDelete