January 4, 2012

ඇයි මටම මෙහෙම වෙන්නේ...?



අද මම වැඩට ආවේ කදුළු ටිකක් හලලා හිතිනුත් හොදටම අඩ අඩ. ඇයි මේ වගේ දේවල් මටම වෙන්නේ. බට්ටි අවුරුද්දට ඇදුමක් ගන්නම නෙවෙයී හිටියේ. ඒත් පළවෙනිදා අලුතින් එකක් ඇන්දහම  හුගක් හොද වෙනව කියලා යාළුවෝ කිව්ව නිසා ටී එකක් විතරක්වත් ගන්න හිතාගෙන මම සෙනසුරාදා පන්ති ඉවර වෙලා ගියා සාප්පු සවාරි. සවාරි කිව්වට ගියේ කඩවල් දෙකකට විතරයී. ඒක මගේ පුරුද්දක් ගිය කඩෙන් කොහොම හරි හොයා ගෙන එනවා. හැබැයී ටී එකක් ගන්න විතරක් හිතන් හිටියට අවුරුදු නිසා ඩෙනිම් වල මිල හුගක් අඩුකරලා තිබුණා. කොච්චර අඩුයීද කියනව නම් බට්ටිත් එයින් 2ක් ම ගත්තා. දවස් දෙකක් වැඩට ඇදලා ගෙරදට ඇන්දත් පාඩු නෑ. කිසිම ඩැමේජ් එකක් නැති වෙන සයිස් නැති නිසා අඩු කරපූ කලිසම් වගයක්.
ගනිපු ඇදුමනම් සිරාවටම ගතියට තිබුණා. මම නෙවෙයී අනේ එහෙම කියන්නේ දැකපූ අය තමයී කිව්වේ. බට්ටි ඉතිං සෙරෙප්පු ගන්න යන්න නම් හරිම කම්මැලියී. අම්මා තමයී අරන් දෙන්නේ. වැඩිය ඉතිං බට්ටි හැඩ බලන කෙනෙක් නෙවෙයී නිසා එව්වා බට්ටිට නම් හොදයී. යාළුවොන්ට නම් එව්වා එච්චර හැඩ නෑ. බට්ටි ඉතිං දවසට කිලෝමීටර් දෙකක් විතර පයින් යනවනේ. අම්මා කියන්නේ සෙරෙප්පු කැඩෙන එක අහන්න දෙයක්ද කියලා. කොහොම හරි බට්ටිට අම්මා අරන් දුන්න සෙරෙප්පු ‍කූට්ටමත් දාලා දාලා චාර්ටර් වෙලා තිබුණේ. ඒත් ඉතිං අවුරුදු ආවා කියලා හැම දෙයක්ම අලුතින් ගන්න පුළුවන් තරම් සුපිරි ජොබ් එකක් නෙවෙයිනේ බට්ටි කරන්නේ. 

අලුත් අවුරුද්දේ බට්ටිගේ යාළුවෙක්ට තෑග්ගක් හම්බවෙලා තිබුණා සෙරෙප්පු දෙකක්. එයාට ඒක මදිලූ. එයා ඉතිං තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඒක මට විකුණුවා. සල්ලිත් මේ මාසේ පඩි ගත්තහම දුන්නහම ඇති කියලා තමයී කිව්වේ. මම ඉතිං දෙවෙනිදා මේ සෙරෙප්පු දෙක ගත්තා.

හරිම ලස්සනයී. සිල්වර් කලර්. ඊයේ ඉතිං මම ඒකටම ගැලපෙන්න ඇදුමක් ඇදගෙන ලස්සට ආවා. හැමෝම කිව්වා සෙරෙප්පු දෙක හරි හැඩයී කියලා. ආ අමතක වුනානේ දාපු කකුල් දෙක ලස්සන නිසා හොදද? කකුල් ටිකක් පිට් කලිසමකට තමයී ඒ සෙරෙප්පු දෙකේ ලස්සන හොදටම පේන්නේ.
ඒක නිසා මම අදත් ඒ විදියටම ඇදගෙන එන්න ප්ලෑන් කරගෙන තමයී හිටියේ. 6.30 වෙද්දී එන්න ලේස්තිවෙලා එළියට බැස්සා. අනේ මගේ ලස්සන සෙරෙප්පු දෙකෙන් එක කකුලයී එතන තිබුණේ. කොයීතරන් නම් බය වුනාද කියනව නම් ‘අනේ අක්කේ මගේ අනිත් සෙරෙප්පුව නැතෝ’ කියලා කෑ ගැහුවා. එතන සෙරෙප්පු කූට්ටම් 14ක් 15ක් විතර තිබුණා. ඒ හැම එකක්ම හරියට තිබුණා. මම මිදුලට බැස්සා අනිත් සෙරෙප්පුව හොයන්න. අනේ දෙයියනේ මගේ ලස්සන සෙරෙප්පු දෙක ආයේ කවදාවත්ම දාන්න බැරි වෙන්න ජරා බල්ලෙක් කාලා ගිහින්. ඇයි දෙයියනේ ඌ මටම මේ අපරාදේ කලේ. ඌට කන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද?බූරු බල්ලා අම්මපා ඌ ලබන ආත්මේ රබර් සෙරෙප්පුවක්ම වෙන්න ඕන. 

මම වැඩ කරන තැනට ඇවිත් කාර් එකෙන් බහිද්දී අක්කා බට්ටෝ මේකෙන් ආයෙත් යාළුවට කියලා සෙරෙප්පු දෙකක් ගෙන්න ගන්න කියලා සල්ලි දුන්නා. මගේ ඇස්දෙකේ තිබුණ කදුළු තවත් වැඩි වුනා අක්කා එහෙම කරහම. බල්ල කරපු වැඩේට අක්කා මොනවා කරන්නද? මම එපා කියලා ආවා.

තාමත් දුකයී. හුගක්ම. මේක ටයිප් කරද්දීත් මට ඇඩෙනවා. අනේ සමහරු හිතයී මේවත්  පෝස්ට් කරන්න දේවල්ද කියලා. ඒත් මට හුගක් දුකයී. මේක කාට කියන්නද. දුක තුනී කර ගන්න ලියනවා ඇරෙන්න.

71 comments:

  1. බොරු කියන්නෙ මොකටද?.. මට නම් හිනා.... බල්ලන්ට කන්න එලියෙන් තිබ්බෙ මොකටද බන්..

    බල්ලද මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන අපිද?... අපේ ගෙදරත් ඔහොමමයි.. මොකක් හරි ගොන් වැඩක් කරල පූසව මරන් කන්න හදනව හැමදාම.. ;)

    ReplyDelete
  2. අනිච්චං දුක්කං.... :(

    ReplyDelete
  3. ඔය කිව්වේ කතාවක්. බොට බැරිවුනානේ මගේ හිත හැදෙන්න එක වචනයක් කියන්න. බල්ලගේ පැත්ත ගත්ත නේ. මදෑ මගේ යාළුවගේ හැටී.
    ගේ ඇතුලේ ෂූ රැක් 2ක්ම තියෙනවා. ඒත් හැමදාම තියන්නේ එතන. ඇයි හත්තිලව්වේ කව්ද දන්නේ කවදාවත් එතන තිබුණ සෙරෙප්පු නොකා එකේ මගේ අලුත් සෙරෙප්පු දෙකට ඉරිසියා කරන බල්ලෙක් ඇවිත් මේක කයී කියලා.

    ReplyDelete
  4. @ Shani
    අනේද කියන්නේ

    ReplyDelete
  5. හූහූ.......................ඌ......................... හොඳවැඩේ.... ඔයා මට කිසි වැරද්දක් කරලා නෑ තමයි ඒ උණාට හොඳ වැඩේ..

    ReplyDelete
  6. @ නරකයා
    කාපිය දෙයියනේ හෙට වෙන්න කලින් උඹේ සෙරෙප්පු ටිකත් වදුරෝ හරි කාපිය

    ReplyDelete
  7. බල්ලො කෑවනම් හිතාගන්න පුලුවන් සෙරෙප්පුවේ තත්වෙ හික් හික් දැන් කරන්න තියෙන්නෙ ඉතිරි එකත් බල්ලටම කන්න දාන්න වෙන මොනවා කරන්නද ?

    ReplyDelete
  8. දරුව සෙරෙප්පුවද නැසෙන සුලුයි..එනිසා දුක් නොවන්න..

    ReplyDelete
  9. @ මන්තරකාරි
    හුරේ බල්ලට බැන්නෝ

    ReplyDelete
  10. @ ලකී
    මෙයා මේ පාරවත් මගේ පැත්ත ගත්තා. ඒකට නම් බල්ලට ස්තූති කරන්න ඕන.

    ReplyDelete
  11. @ Loku John
    හිතුවද මේ රබර් දෙකක් කියලා. හරි වටින දෙකක්. මයේ හිතේ පේමන්ට් එකටත් එංගලන්තෙන් ගෙන්නපු සෙරෙප්පු වගයක්.
    හරි ඉතුරු එක බල්ලට කන්න දාන්නම්.නැත්නම් ඉතිං ඒක තියන් ඉදලා මට කන්නෙයී. හැබැයී බල්ලා හොයලා ගේන්න වෙයී. ඒත් ඔයා එක ඇහැකුත් වහගෙන ඕවා කොහොම කරන්නද?

    ReplyDelete
  12. @ amila chathuranga
    එසේය උතුමාණනි.ඔය බසමයි නොවැ කෙනෙකුත් කිව්වේ.බිදුණු කලට අමතක කල නොහැකි නම් සිතින් බිදෙන බදුන් කුමකර සුරකින්ද ආදරෙන්.
    ඕක පිළිපදින්න ගියොත් ව්‍යාපාර කීයක් වහන්න වෙයිද උතුමාණෙනි.

    ReplyDelete
  13. අනේ පව්..අසරන බට්ටි...ඔයාගෙ සෙරෙප්පු සයිස් එක කීයද කියන්න..මම ලංකාවට එන කෙනෙක් අතේ එවන්නම් සෙරෙප්පු ගෝනියක්......!!

    ReplyDelete
  14. සයිස් එක නම් 4. එත් හැබැයී එක සෙරෙප්පුවක් පරිස්සන් කරන්න බැරි වුන බට්ටි කොහොම ද අප්පේ සෙරෙප්පු ගෝනියක් පරිස්සන් කරන්නේ?

    ReplyDelete
  15. පරණ ඒවා ඉතුරු කරලා අලුත් එකක්ම කාපු එකෙන් මට හිතෙන්නේ ඌ හොඳට ගඳ සුවඳ අඳුනන බල්ලෙක් කියල :)

    ReplyDelete
  16. අසරණ බල්ලා,
    බල්ලා තාම ජීවතුන් අතරද ?

    ReplyDelete
  17. @ ලොකූ
    ලොකූ බලු දොස්තර කෙනෙක්ද?

    ReplyDelete
  18. @ Isuru Liyanage
    ඔව් ඔව් මොකද ඌ තාම මට අහු වුනේ නෑ නේ.

    ReplyDelete
  19. අන්න බල්ලා වමනේ කරනවලු .. . සෙරෙප්පුවේ ගඳ උහුලන්න බරුව . . .හූ

    ReplyDelete
  20. ඔව් ඉතිං මෙච්චර කල් ජරා එව්ව කාලා පුරුදු වෙලා සුපිරි ගනේ සෙරෙප්පු බඩට දිරවන්නේ නෑ නේ. ඉතිං වමනේ නොයා තියෙයීද?

    ReplyDelete
  21. බලුම බලු බල්ලෙක්... අපරාදෙ බට්ටියගෙ සෙරෙප්පුව..

    ReplyDelete
  22. @ ඊ මේල් කවිකාරි
    ඇයි ඒ ?

    ReplyDelete
  23. @ හිතුවක්කාරි
    ඔව් හිතූ. බලු බල්ලා අහුවුනොත් එනවද ඌ‍ට ගේමක් දෙන්න.

    ReplyDelete
  24. බට්ටිගේ ගේ ඇතුලටම ඇවිල්ල බට්ටිගේම සෙරෙප්පුව තෝරාගෙන හාපුස් කරන්න ඇත්තේ බට්ටිත් එක්ක තියෙන ඉරිසියාවට වෙන්න ඇති එක නිසා මගේ නිගමනය සෙරෙප්පුව හාපුස් කරලා තියෙන්නේ බල්ලෙක් නෙමෙයි බැල්ලියෙක්.

    ReplyDelete
  25. අලුත් අවුරුද්දට අලුත් වැඩක් කරන්න හිතාගෙන බව්වා අලුත් ම සෙරෙප්පුවක් කන්න ඇති , උගෙත් ඉතින් ආසාවනේ. කවදා කියලා අළුත් සෙරෙප්පු කන්න ද! හික් හික්! ඕවා ගණන් ගන්න එපා!

    ReplyDelete
  26. යකී මගේ අවුරුදු පහේ කොල්ලත් දාන්නෙ සයිස් හතර. කවිකාරි කියන්නැහෙ මේ නං බට්ටියෙක්ම තමා. මේ බල්ලට බෙහෙත් අරං දුන්නද?

    ReplyDelete
  27. බල්ලට බඩ පිරෙන්න කන්න දෙන්න අනිත් දවසෙ, එතකොට ඔව කන එකක් නෑ. සමහර විට ඌ හිතුවද දන්නෙ නෑ පරන කරවල කෑල්ලක් කියලා. ඉව කරල බැලුවම. හික් හික් හික්....

    ReplyDelete
  28. ඔවුවා ගනන් ගන්න එපා අක්කේ.. හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිත හදා ගන්න..

    ReplyDelete
  29. අනේ පව් ඔයා..දැන් ඉතින් මොනා කරන්නද..අනිත් සෙරෙප්පුවත් බල්ලටම දීල යාලුවට සල්ලි දෙන්න බල්ලටම කියමුද..

    ReplyDelete
  30. පව් අසරණ බල්ලා...

    ReplyDelete
  31. අප්පටසිරි !!!
    අඩේ පොඩි සෙරෙප්පු කුට්ටමක් නේ බට්ටියා දාන්නේ. අපරාදෙඋ. දුක තමා නංගි.

    ReplyDelete
  32. මාත් අදනෙ මේ බට්ටිට කට්ටියම බට්ටි කියන එකේ ඇත්ත මොකක්ද කියලා හොයා ගත්තේ. හික්.. හික්..
    ඒ විතරක්යැ රස්සාවත් ටිකක් මීටර් වුනා..

    ඔය බලු වැඩේ මටත් තුන් හතර පාරක්ම වෙලා තියෙනවා බට්ටියේ.. සෙරෙප්පු විතරක් නම් මදෑ, වැලේ තියෙන රෙදි පෙරදි වලටත් ඔහොම වෙලා තියනවා.මම නම් ඒ වෙලාවට සන්තෝෂෙ ඉහවහා ගිහින් ඉහේ කෙහුරු ටිකත් කෙලින් කරගෙන මටම බැන ගන්න එක තමා කරන්නේ.වැරද්ද අපේමනේ.ඒකයි.

    ReplyDelete
  33. ඉස්සර අපේ ගෙදරත් හිටිය සෙරෙප්පු කන බල්ලෙක්. හැබැයි ඌ නම් කන්නෙ නිකන් රබර් කටු නෙමෙයි. හම් වලින් හදපු හොඳ වටින සෙරෙප්පු. ඌ මගේ සෙරෙප්පුව කාපු දවසෙනම් මට හොඳටම කේන්ති ගියා. ඒත් සතානෙ කියල මම ගහන්න බනින්න ගියේ නෑ. ඒත් හොඳ මොලේ ඇති වැඩක් කළා. ඌ බාගෙට කාපු සෙරෙප්පුව මම ඌටම දුන්න කකා ඉන්න. සති ගානක් තිස්සෙ ඌ ඒක කකා හිටිය. හැබැයි වෙන එක සෙරෙප්පුවක් දිහාවත් ඇහැක් ඇරළ බැලුවෙ නෑ.

    ReplyDelete
  34. මේකනේ බට්ටි, බල්ලෝ අතරෙත් විස්වාසයක් ඇති අලුත් අවුරුද්දේ අලුත් සෙරෙප්පුවකින් වැඩ ඇල්ලුවොත් මුළු අවුරුද්දම හොඳ වෙනවා කියලා...:) ඒකයි ඌ එහෙම කරන්න ඇත්තේ..

    ReplyDelete
  35. බ්ට්ටී ඉන්ජෙක්ශන් ගහලා නේද ඉන්නේ....නැත්තං අර බල්ලට පිස්සු හැදෙයි.....

    ReplyDelete
  36. හපොයි! බට්ටි අක්කට උනු දේ! දැන් ඉතින් දාපල්ලකො කැත සෙරෙප්පු ආයෙමත්. හක්!

    ReplyDelete
  37. @ තනිකඩයා.s
    ඔයා නම් මගේ සෙරෙප්පුව කනවා බලන් ඉදලා වගේ.

    ReplyDelete
  38. @ ලහිරු
    ගනන් ගන්න එපා. ඔයා නම් කියයී. අඩු ගානේ සතියක් දැම්ම නම් දුක නෑ.

    ReplyDelete
  39. @ ඉන්දික උපශාන්ත
    ඉක්මනට ඔය අවුරුදු පහේ කොල්ලව ඉස්පිරිතාලෙකට ගෙනිච්ච නම්. දැම්ම බෙහෙතක්වත් විදින්න වෙයී. ඔය විදියට කකුල් දිග් වුනොත් මයේ හිතේ තව අවුරුදු 25 ක් 30 ක් යද්දී සයීස් 25 වත් හදන්න වෙයී. ඒ කොල්ලා බදින දවසට කකුල් හොදන එකාට පන යයී.

    ReplyDelete
  40. @ Shaggy
    නිකන් කරවල නෙවෙයී මොර කරවල

    ReplyDelete
  41. @ Dinesh
    හ්ම්...එහෙමවත් හිතමුකෝ

    ReplyDelete
  42. @ සිත්රූ සිහින
    ෂා නියම දෙයක් තමයී ඔයා කිව්වේ නම්. බලමූ කියලා. වැඩේ හරි ගියොත් ඉතුරු වෙච්ච සෙරෙප්පුව බල්ලට නෙදී මං ගානේ ඔයාට එවනවා.

    ReplyDelete
  43. @ ``` Outsider```
    ඇයි ඔයා ඌගේ අසල්වැසියෙක්ද ? නෑයෙක්ද?

    ReplyDelete
  44. @ මධුරංග
    පොඩි මොන පොඩිද? ඇගේ ගානටනේ අනේ කකුල් තියෙන්නේ.

    ReplyDelete
  45. @ නාකියා
    කේන්ති ගන්න එපා. මොකද තව යන්න කියලා ඔයාට වයසක් තියෙන එකක්යෑ

    ReplyDelete
  46. @ තරිදු - ඇසූ පිරූ තැන්
    මම ඉන්න ගෙදර බල්ලෝ නෑ අනේ. තාම ගෙදර ‍තාප්පේ දාලා විතරයී තියෙන්නේ ගේට් එක දැම්මේ නෑ. ඒකයී මේ බලු කරදර?

    ReplyDelete
  47. @ සයුරි
    හරි හරි දැනුයී මට තේරුනේ. මම ඌට ලබන අවුරුද්දේ අල්ලවන්නම්කෝ වැඩ.

    ReplyDelete
  48. @ඔබ නොදු‍ටු ලොවක්
    බොට මම කිව්ව කියලා හිතාගන්.

    ReplyDelete
  49. @ බට්ටා
    හරි කියනවා බලන්න බට්ටා වෙච්ච පලියට මං බට්ටිට අක්කා කියන්නේ මොකද කියලා. :D
    පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට සාදරයෙන්.

    ReplyDelete
  50. අනේ සයිස් 4 කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැහැ.....අපි පටන් ගන්නෙ විසිගනන් වලින්...මම 38....ඔයාගේ සපත්තුවක දිග කියන්න සෙන්ටි මීටර් වලින්.....

    ReplyDelete
  51. බට්ටි නගේ,

    ඔය තියරියට අනුව ඒකගෙ පතුල් විතරක් දික්වෙලා නැවතුනොත් ඇති හැබැයි. :DD
    මං හාමිනේට කියල බලන්නං...කොහොමටත් ඊඩිපස් උන්දැ කියල තීන විදියට පුත්තු අම්මලගෙ නොවැ!

    ReplyDelete
  52. අනේ මගේ පාත්තුත් බව්වෝ කෑවා. ඒ වෙලාවට මම උට හොදටම ගහනවා. :)))

    අක්කි. බව්වට හොදක් නම් වෙන්න එපා :/

    ReplyDelete
  53. අද තමා ඉස්සෙල්ලෝම අවේ මේ පැත්තට....:)
    ඒ බල්ලා නම් පව් කියලත් හිතෙනවා...මෙලහකටත් මැරිලද දන්නෙ නෑ...හිකිස්

    ReplyDelete
  54. හැමදේම වෙන්නේ මටමයි කියලා හිතුවොත් නං ජීවිතේම හෙන ලෙඩක් වෙයි බට්ටියෝ..

    ඒ හින්දා ඔන්න ඕක අමතක කරලා දාන්න.

    සෙරෙප්පුවට වෙච්චි දේට මගේ ශෝකය‍.!

    ReplyDelete
  55. @ ඉන්දික උපශාන්ත
    අම්මෝ කියන කතා.:D

    ReplyDelete
  56. @ වර්ණා
    එසේම වේවා!

    ReplyDelete
  57. @ කුබුවි
    පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට සාදරයෙන්

    ReplyDelete
  58. @ සංජීව මලයා
    එහෙම හිතන්නේ නෑ. ඒත් ඉතිං මලයෝ තව කූට්ටම් 14ක් 15ක් ඉතුරුකරලා මේ බූරු බල්ලා මගේ එකම තෝරන් කෑවනේ. ඉතිං නොකිය කොහොමද?

    ReplyDelete
  59. බල්ලොත් එක්ක බෑ! I don't feed stray dogs.....
    http://myideasgordoniaceylanica.blogspot.com/2011/11/i-dont-feed-stray-dogs-02.html

    ReplyDelete
  60. පොඩි හිංදනෙ සයිස් 4. අනෙක ඔච්චර අඬන්නෙ සපත්තුවකට. මෝරපු අය අනිත්‍ය මෙනෙහි කරලා ඕක අමතක කරල දානවා.

    ReplyDelete
  61. එක්කෝ කනවා නම් දෙකම කාපියකෝ... එක සෙරෙප්පුවකින් මක් කොරන්නද?
    උගේ නැට්ටේ රතිඥ්ඥා වැලක් ගැට ගහන්න වටිනවා...
    පිස්සු බල්ලා.. :@

    ReplyDelete
  62. "ඒත් පළවෙනිදා අලුතින් එකක් ඇන්දහම හුගක් හොද වෙනව කියලා යාළුවෝ කිව්ව නිසා"

    ඇත්ත ඇත්ත... ඒ කතාවනං සහතික ඇත්ත හොඳ වෙනවා නේන්නං කඩ සාප්පු කාරයින්ට..අනේ මේ බට්ටිගේ උකුනු මොලේ...:D:D:D

    දැකපු මංනේ දන්නේ බට්ටිගේ බටු සයිස් එක... කොටින්ම මේකි ළග පාතකනං අපි හුස්ම ගන්න ඕනත් හෙමිහිට..නැත්තං කෙල්ලව හොයන්න යන්න වෙනවා තව හැතැම්මක් ඉස්සරහට..යන්තං හුළං පාරක් වැදුනත් ගහගෙන යන සයිස්...

    ReplyDelete
  63. @ Gordonia ceylanica
    ස්තූතියී මේ පැත්තේ ආවට

    ReplyDelete
  64. @ ඊ මේල් කවිකාරි
    ඒකනේ තාම බැරිවුනානේ අනිත්‍ය මෙනෙහි කරන්න.

    ReplyDelete
  65. @ Ice (අයේෂා කුලතුංග)
    ඔයා රතිඥ්ඥා වැලක් ගැට ගහන්න. මම පත්තු කරන්නම්.

    ReplyDelete
  66. @ අයියා
    මෙයාගේ උසත් මයේ හිතේ යාන්තම් දොඩම් ගෙඩි දෙකයී. එනවා මෙතන මට පිඹින්න. :D:D:D

    ReplyDelete