January 23, 2012

මොහොතක් සිතන්න


මේ පහන නිවෙන්න  පුළුවන් ක්‍රම කීයක් තියෙනවද?
ඒ මොනවාද?

(ප.ලි. විකාරයක් වගේ පෙනුනට ලොකු දෙයක් මේ පහනින් අපිට කියල දෙනවා. කියන්න බලන්න මම අහපු ප්‍රශ්න වලට උත්තර.මම හිතන විදිය ඔයාලට හෙට කියනවා)

31 comments:

  1. සුළඟට...
    තෙල් ඉවර උනාම...
    කවුරු හරි බලෙන් නිව්වොත්...

    ReplyDelete
    Replies
    1. බලෙන් නිව්වොත් අපි ආපහු පත්තු කරමු

      Delete
  2. ඔය පහන නිවෙන්න පුලුවන් ක්‍රම අනන්තයි අප්‍රමාණයි..

    අපේ ජීවිතෙත් ඒ වගේ..

    ReplyDelete
  3. මටනම් හිතෙන්නේ ක්‍රම තුනක් විතරයි තියෙන්නේ කියලා.
    එකක් ඉන්ධන (තෙල්) ඉවත් කරන්න ඕන.
    අනෙක අම්ලකර (ඔක්සිජන්) ඉවත් කරන්න ඕන.
    අන්තිම එක උෂ්නත්වය (තාපය)ඉවත් කරන්න ඕන.

    මොකද දැල්ලක් ඇතිවෙන්න/පවතින්න ඔය කාරණා 3 ම අත්‍යවශ්‍ය නිසා ඕක නිමන්න හැකියාව ලැබෙන්නෙත් එයින් එකක් ඉවත් කිරීමෙන්ම විතරයි. මේක ටිකක් විද්‍යාත්මක වැඩියි කියලා හිතෙනවානම්,
    හේතුව ඉවත් කරාම ඵලය නැසෙනවාය කියලා හිතමු

    ReplyDelete
    Replies
    1. පෙදරේරුවා එක්ක එකගයි!

      Delete
    2. ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ගිනි ත්‍රිකෝණය මතක් වුනා මේසන් බාස්. ඒකෙ කියන්නෙත් ඔය ටික තමයි ගින්නකට බලපාන්නේ..ඒක උගන්නන්නෙ හමුදාවෙ ගිනිනිවීමේදී..ගින්නක් නිවද්දි ඔය කාරණා තුනෙන් එකක් ඉවත් කරන්න කියලයි කියන්නෙ...

      ඒත් මෙතනදි මම විද්‍යාත්මක චින්තනයෙන් බැහැර වෙලා දාර්ශනිකව උත්තර දෙන්න තමා බැලුවේ.. :P

      Delete
  4. එකම ක්‍රමයක් වත් නෑ... ඕන් නම් මේ දාල තියෙන පොටෝව මකන්න හරි පෝස්ට් එකෙන් අයින් කරන්න හරි පුළුවන්... ඊට වඩා දෙයක් නම් කරන්න බෑ.. මොකෝ දැන් ඔය පහන ලොවෙත් නෑ.. :)

    හැබැයි අහන්නෙ පත්තු වෙන පහනක් නිවෙන්න පුළුවන් ක්‍රම කීයක්ද කියල නම් පහනක් නිවෙන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නෙ... ඒක අවස්ථාවෙන් අවස්තාවට වෙනස් වෙනව...

    ReplyDelete
    Replies
    1. ඔයානම් අයියේ ලග හිටිය නම් මගෙන් ගුටි කනවා හම්බානට.
      මේ පහනද ?ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හැබැයී ඇඹිලිපිටියේ පොළේ තියෙනවා. හා මම කියනවා බොරු නම් ගිහින් බලනවකෝ.

      Delete
    2. මම ලියන එක නවත්තල අදහස් රෙකෝඩ් කරල දාන්න ක්‍රමයක් හොයාගන්න ඕන... මම ලියන එව්ව මිනිස්සුන්ට තේරෙන්නෙම නෑනෙ... :( ඔහොම ප්‍රශ්න අහල සමහරු කියනව මේක පොටෝ එකක්නෙ කියල... ඒ වගේ අහපු ප්‍රශ්නයක් නම් කියල තමයි පළවෙනි ටික දැම්මෙ..

      දෙවනි ටික ගත්තොත් ඇත්තටම පත්තු වෙන එක පහනක් නිවෙන්න තියෙන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි... පහන් ගොඩක් නම් ක්‍රම ගොඩයි...

      පහන ලොවෙත් නෑ කිව්වෙ දෙයක් අපි දකින මොහොත වෙනකොටම ඒ දෙය උප්පාද ථිති භංග කියන අවස්තා තුනම පහු කරල නිසා. ඒ කිව්වෙ අපි දකින මොහොත වෙනකොට ඕනම දෙයක් ඇතිවෙලා, පැවතිලා නැතිවෙලත් ඉවර හින්ද...

      උඹ බලාපොරොත්තු වුනේ හිතන විදිහ ගැන උත්තරයක් ගන්න හින්ද තමයි මෙහෙම එකක් දැම්මෙ... දැන් මේකෙ මොන ටික හින්දද නංගියෙ මම ගුටිකන්න ඕන :)

      Delete
  5. මේ පහන අපි බලාපොරොත්තු නොවෙන වෙලාවක නිවෙන්න පුළුවන්..

    මොකද අක්කේ එකපාරම මෙහෙම දේවල් හිතුනේ...

    ReplyDelete
  6. ඔව් ඔව් ...ඔය පහන නිවෙන්නේ නෑ! හැබැයි ලේසියෙන් ම පුළුවන් ෆොටෝෂොප් වලින්! හා නැද්ද??????

    ReplyDelete
  7. ඔයා අහල තීන්නෙ..''නිවෙන්න'' කියලනෙ?...එහෙනම් ඉතින් එකපාරම ලොකු හුලන්පාරක් ආවාම ඇති.............

    ReplyDelete
  8. අනේ මන්ද අක්කේ... ඔයාම කියන්න අෆ්ෆා....

    ReplyDelete
  9. ලේසිම "පුග්" ගාලා පිඹලා දාන එක....

    ReplyDelete
  10. මන් දන්නවා හැබැයි කියන්නෙ නෑ,,,

    ReplyDelete
  11. මේසන් බාස් හරි :)

    ReplyDelete
  12. පහන් වැටිය ඉවර වීමෙන්
    තෙල් ඉවර වීමෙන්
    හුළඟින්

    මට හිතුණෙත් ජීවිතෙත් හරියට මේ දැල්වෙන පහන වගේ කියලා.. :)

    ReplyDelete
  13. ඔය පහන නම් නිවෙන්න බෑ මොකද ඕක ඡායාරූපයක් නිසා

    ReplyDelete
  14. පැනයට පිළිතුර
    පොත් පත් හා බණ දේශනාවකට ඇහුම්කම් දීමෙන් පස්සේ තමයී මට මේ ගැන නිවැරදිව අවබෝධ කර ගන්න පුළුවන් වුනේ. ආ ප්‍රශ්නය ඉදිරිපත් කරපු විදියේ පොඩ්ඩක් ගැටළුවක් මතුවුනා. ඒකට නම් මට සමා වෙන්න ඕන. මේ පහන නෙවෙයී අපි කියමුකෝ එහෙනම් පොල්තෙල් පහනක් කියලා.
    පහනක් නිවෙන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා.
    1.තිරේ තියෙද්දී තෙල් ඉවරවෙලා පහන නිවෙන්න පුළුවන්.
    2.තෙල් තියෙද්දී තිරේ ඉවරවෙලා පහන නිවෙන්න පුළුවන්.
    3.තෙලුයී තිරෙයී දෙකම ඉවර වුන නිසා පහන නිවෙන්න පුළුවන්.
    4. තෙලුත් තියෙද්දී තිරෙත් තියෙද්දී සුළං පාරක් නිසා පහන නිවෙන්නත් පුළුවන්. ( ඔය ක්‍රමේ නම් ඉතිං කටින් පිඹලා, ඇතින් ගහලා,ඉඹේ සුළගක් ඇවිත් වෙන්න පුළුවන්)

    ඔය දේම තමයී අපේ ජීවිතේට වෙන්නෙත්.
    1.පළවෙනි ක්‍රමේට පහන නිවෙනව වගේ අපේ කර්ම ශක්තිය තියෙද්දී අපේ ආයු ශක්තිය ඉවර වෙලා මරණයට පත්වෙන්න පුළුවන්.
    2.දෙවෙනි ක්‍රමේට පහන නිවෙනවා වගේ අපේ ආයු ශක්තිය තියෙද්දී අපේ කර්ම ශක්තිය ඉවර වීම හේතුකොට ගෙන මරණයට පත්වෙන්න පුළුවන්.
    3. තුන්වෙනි ක්‍රමයට පහන නිවෙනවා වගේ අපේ ආයු ශක්තියත් කර්ම ශක්තියත් දෙකම ඉවරවීම නිසා මරණයට පත්වෙන්න පුළුවන්.
    4.බාහිර උවදුරකට මුහුණ පෑම නිසා පහන් සිල නිවී යනවා වගේ කර්ම ශක්තියත් තියෙද්දී ආයු ශක්තියත් තියෙද්දී ඒ දෙකටම උහුල ගන්න බැරි වලක්වා ගන්න බැරි බාහිර උවදුරක් නිසා මරණයට පත්වෙන්න පුළුවන්.(උදා. රිය අනතුරක් හේතුවෙන් මරණයට පත්වීම)

    මට ඔයාලට කියන්න ඕන වුනේ මේක. අපේ ජීවිතයත් හරියට දැල්වෙන පහන් සිලක් වගේ කියලා. අනේ අපි මොනවා කරත් කොහොමත් මැරෙනවානේ කියලා හිතලා උපන්නාට මේලොව වැ‍නිවැනී ඉන්න කියලා මම කියන්නෑ. බුදු හාමුදුරුවෝ කවදාවත් කිසිම තැනක කියලා නෑ ඒ විදියට වැඩ කරන්න කියලා.හැබැයී උන්වහන්සේ දේශනා කලේ මැරෙන බව දැනගෙන වැඩ කරන්න කියලා. පුළුවන් තරම් එකිනෙකා සමග සහයෝගයෙන් කුසල් කටයුතු වල නියැලෙමින් ධර්මය තුල ජීවත් වෙන්න එවිට ඔබ ධර්මය විසින්ම ආරක්ෂා කරාවී.
    හැමෝටම බුදු සරණයී !

    ReplyDelete
    Replies
    1. ක්‍රම හතරද?
      ඇයි බළලෙක් පෙරලුවොත්..බල්ලෙක් පෙරලුවොත්...කාගෙ හරි ඇඟේ හැප්පිලා බිම වැටුනොත්...

      Delete
    2. ලඟදී ඉඳම් ඔයාගේ ලිපි කියවන්න ගත්තේ. තාම දෙකයි කියෙව්වේ. හරවත් ලිපි කියන කෙනෙක්. බොහොම අගෙයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සතුටුයී ඔබගේ පැමිණීම ගැන. මහ වෙදනගේ පොස්ට් වලට ඔබ ලියන අර්ථවත් කමෙන්ට් හුගක් වෙලාවට මම කියවලා තියෙනවා.

      Delete
    5. මේ චතුස්කෝටික දර්ශනය නේද? ඒක ඕනෑම දේකට ඇප්ලයි කරන්න පුළුවන්. ගොඩක් සතුටුයි ඒ වගේ ගැඹුරින් හිතන කෙනෙක් දැක්ක‍ම.

      Delete
  15. කටින් පිම්බම පු කියලා නිමේනවානේ බන් අක්කේ

    ReplyDelete
  16. හෆ්ෆා... මම හිතපු උත්තර ඔක්කොම මේකෙ තියෙනවනෙ බට්ටි අක්කියෝ!!!!:D :D මම හරි හප්නෙක්

    ReplyDelete
  17. මං කියන්න හදද්දිම ඔයා උත්තරටික කියලනේ.අපරාදේ.

    ReplyDelete
  18. ජීවිතයත් පහන් දැල්ල වගේ...

    ReplyDelete
  19. අනේ.. මම අද පරක්කු වෙලානෙ...දැන් වැඩක් නැහැවගේ...උත්තරේ දීල ඉවරයිනේ....

    ReplyDelete