May 8, 2012

අජ්ජාපචාවක් ගියෙමි


පුංචි කාලේ සිද්ධි කාලෙකින් මතක් වුනා. ආ මතක් වුනා නෙවෙයි තාත්තා මේ ලගදී ඔන්න කොල් කරලා මේක මතක් කරලා මට විහිළු කලා.අනේ ඉතිං මේක නම් වුනේ බට්ටි බටුම කාලේ. නැත්නම් ඉතිං මේ වගේ මැටි  කතාවක් කියාවිද? මම එහෙම හිතන් හිටියට හැබැයි ඉතිං අදටත් අපේ අසේල පොඩ්ඩි නම් කියන්‍නේ මට BM.ඔන්න ඉතිං තේරුම එහෙම අහනවා එහෙම නෙවෙයි හොදේ.
ඔන්න ඉතිං මේ සිද්ධිය වෙනකොට මම ඊට කලින් කවදාවත් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින් තිබුණේ නෑ. ඉතිං පන්ති භාර මිස් ඇවිත් හැමෝටම කිව්වා අධ්‍යාපන චාරිකාවක් යනවා කියලා.යනවා කිව්වේ ග්‍රහලෝකාගාරේ බලන්න. ඉතිං මිස් කිව්වා යන්න කැමති කට්ටිය ගෙදරින් ලියුමක් අරන් එන්න සල්ලි එක්ක කියලා. මම නම් ඒ වෙද්දී ඔය ග්‍රහලෝකාගාරේ කියන්නේ මොකද්ද කියලා හරියටම දැන ගෙන හිටියේ නෑ. කොහොම හරි ලොකු අක්කා කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිව්වේ අහසක් තියෙනවා.හෙන කළුවරයි. අපිට තියෙන්නේ උඩ බලාගෙන ඉන්න විතරයි කියලා.

එදා ඉතිං ඉස්කෝලේ ඉවර වෙලා මම පිම්මේ දිව්වා ගෙදර. හරියටම ඉස්කෝලේ ලග ඉදලා ගෙදරට තියෙන්නේ මීටර් 400යි. ආ දුර හරියටම දන්නේ ක්‍රීඩා උත්සව කාලෙට මීටර් 400 පටන් ගන්නේ අපේ ගේ ඉස්සරහයින් නිසා. ඉතිං ඔය තරම් පුංචිම පුංචි දුරක් තිබුණට ඉස්කොලෙදි මිස් කිව්ව අර නොතේරෙන වචන ටික ගෙදරට එද්දී බට්ටිට අමතකයි. දැන් ඉතිං මොනවා කරන්නද? 
මතක විදියට මම තාත්තට කිව්වා “අනේ තාත්තේ මටත් අජ්ජාපචාවට යන්න ඕන’’ කියලා.මේක ඇහුව ගමන් තාත්තා පුදුම වෙලා මම දිහා බලලා කියපි
“ඒ කොහේද බට්ටෝ ඒ. කොයි දීපංකරේ තියෙන තැනක්ද ඒ”.
“නෑ අනේ ..මිස් කිව්වා අජ්ජාපචාව කැමති ළමයි සල්ලියි ගෙදරින් ලියුමකුයි ගේන්න කියලා”
ඒක කියපු ගමන් ගෙදර කට්ටිය බඩ අල්ලාන් හිනා. සල්ලි තියා ලිව්වවත් දෙන්නම් නොකියා තාත්තත් හිනා වෙද්දී මට ඉතිං හොදටම කේන්ති ගියා. ඇයි අනේ මොන වරදක් කලාට ද මෙයාලා මේ තරම් මට හිනා වෙන්නේ.
“ ඔව් ඉතිං මම විතරනේ කොහේවත් යවන් නැත්තේ. අනිත් දෙන්නා කිව්වොත් ඕන තැනක යවනවා.”
මෙන්න බොලේ ඒ ගමන අක්කා කියපි
“ හා කියනවා බලන්න කවදද මම ඔය කියන එකේ ගියේ කියලා”
“යනවා යන්න බොරු නොකිය. ඇයි ඉස්කෝලෙන් දහම් පා‍සලෙන් කිය කිය කී පාරක් ගියාද?”
“අයියෝ මෝඩයෝ ඒ අධ්‍යාපන චාරිකානේ”
චිකේ මෙහෙමත් චා  වීමක්. දැන් ඉතිං මොනවා කරන්නද? චා වෙලා හරි කමක් නෑ ගමන යන්න තියෙනව නම්.
“හරි දැන් මොකක් බලන්නද යන්නේ” ඒ ගමන තාත්තා ඇහුවා. කාලා වරෙන්කෝ. මට දැන් යනවා කිව්ව තැනේ නමත් මතක නෑ.  
“මේකයි නිලූ අක්කගෙන් මම විස්තරත් අහන් ආවේ. කළුවරම කළුවරයිලු. අහස තමයිලූ පෙන්නන්නේ. අනේ බෙල්ල ටිකක් බලන් ඉද්දී රිදෙනවා කිව්වා.ඒත් මම ආසයිනේ තරු දිහා බලන් ඉන්න.”
ඒ ගමන නම් කට්ටියටම යන තැන මීටර් වුනා. කොහොම හරිනොදන්න භාෂාවෙන් කියලා වැඩේ යාන්තම් ගොඩ දාගත්තා. එක දවසේ ට්‍රිප් එකකට අපි කොළඹ ආවා. ඒත් මගේ හොදම යාළුවට මගදී කාපු කෑමක් නිසා වමනයක් හැදුනා. වෙන ළමයෙකුගේ අම්මෙක් හිටියත් එයා එක්ක ඉන්න බෑම කිව්ව නිසා මම බස් එකේ නතර වුනා. ග්‍රහලෝකාගාරේ බලන්න ගියේ නැති වුනාට එද්දී ගෝල් ‍ෆේස් නම් ගියා. හැබැයි ඉතිං බට්ටි අදටත් ග්‍රහලෝකාගාරේ නම් බලලා නෑ.
ඔන්න ඉතිං ඕක තමයි බට්ටි ගියපු පළවෙනි අජ්ජාපචාවට වුනේ.:D

38 comments:

  1. අයියෝ අපරාදෙ ග්‍රහලෝකාගාරේ බලන්න බැරි වුන එක බට්ටියේ.මං අපේ අම්මත් එක්ක තුන් පාරක් විතර ගිහින් ඇති.ඒත් ආයෙත් යන්න ආසයි.අම්මට කිව්ව ආයෙත් යං ගෙදර කට්ටිය කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ. එහෙනම් මාත් එනවා.මට නිවාඩු තිබුනොත්...

      Delete
    2. නිසු ග්‍රහලෝක නෙවේ කේන්දරේ බලව ගන්ට.. ;_

      Delete
  2. ඔන්න මං එක අද : D
    …මරු අජ්ජාපචාව හැබැයි ඉතින් කලුවරේ අහස බලන්න ග්‍රහලෝකාගාරේ නොගිය එක නම් අපරදේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ නූලෙන් මිස් වෙලා. නගා 2...
      හ්ම්...දැන් නම් දුකායි...

      Delete
  3. අජ්ජාපචාව ? හික්ස්ස්...:D

    අහ්හ් ග්‍රහලෝකාගාරෙ මමත් එකසැරයක් බලලා තියෙනවා.. :D බට්ටි අක්කාත් කොහොමහරි බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං හිනාවෙන කැත.
      යන්න ඕන නංගියෝ. දැන් නම් මේ රස්සාව එක්ක හෙල වෙනවා බොරු. තියෙන නිවාඩුවත් පන්තියට ඉවරයි.දුක තමයි අනේ....

      Delete
  4. චික් ඔක ගිහින් බලන්ඩම ඔන ඔන්න බට්ටියේ කොයි වෙලේක හරි යන එකයි ඇත්තේ..ඇයි තරු විතරක් පංසල් කඳු පල්ලි අරව මේව්වත් ඔකේ තියෙනව ගොහිල්ලම බලන්ඩකො....ආ මරු අච්චාපචාව...නැනෑ...අජ්ජාපචාව

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ යන්න ආසයි.මොනවා හරි වෙලා මට ඕක බලන්න යන්න වෙන්නෙම නෑ.

      Delete
  5. අලේ බට්ටි මැට්ටි (MB) පව් අප්පා.... පොඩිකාලෙ ඉදන්ම ඇදගෙන නාල තියෙන්නේ... ආ තව අර යාළුවන්ගේ අහක යන ඒවත් පැනල බදාගන්න ගතිය පොඩිකාලේ ඉදන් තිබිච්ච එකක් නේද? අපරාදේ ග්‍රහලෝකාගාරේ බලන්න බැරි උන එකනම් පව්... ( මෙච්චර ලඟ තිබිලත් මමත් හ්=ගිහින් නෑ අප්පා )

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයා නම් අපේ සුදු අයිය නෙවෙයි. ගොඩයම තමයි. නිකං ගොඩයා නෙවෙයි මී ගොඩයා. චිකේ මෙච්චර සෙනගක් මැද්දේ නගාගේ කාඩ් එකේ තේරුම දිග ඇරියනේ.හිටුකෝ මම අල්ල ගන්න....

      Delete
  6. පොඩිකාලෙ ඔයලෙඩේ ගොඩක්අයට තියනව ඉස්සර
    දැන්නම් පෙරසුදානමකින් යන්න ටැබ්ලට් තියෙනවනෙ..කොහොමඋනත් පව්බට්ටි

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔය කතාව මුළු ඉස්කොලෙම දැන ගත්තා අනේ. ඒ මදිවට ගෙදර අයට තවමත් අමතක නෑ...මට ඒකාලේ තිබුණ අමතක වෙන ලෙඩේ එයාලට තිබුණනම් මරු.

      Delete
  7. හිකිස්.. අනේ මෙහෙම බට්ටියෙක්.
    මට තාම අජ්ජාපචාව බලන්න යන්න බැරි වුණානේ.. ඇඩෙනවා අප්පා!

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා අනේ.ඔයත් යන්න අජ්ජාපචාවක්.

      Delete
  8. අහා ... මී ගොඩය කිව්වම තමයි මීටර් වුනේ..MB කියන්නෙ මැටි බට්ටි ද ...?

    ReplyDelete
    Replies
    1. කුමාරයෙක් වුනත් ඔයත් මැට්ටෙක් අලී. එකනේ එකම කමෙන්ට් එක මට තුන්පාරක් ආවේ.හූ හූ...

      Delete
  9. BM කියන්නේ බටු මෝජු කියලවත්ද ඈ?

    ReplyDelete
    Replies
    1. අලේ ඒ තේරුම නම් නියමයි. මොකද මම ඔව්වට හරිම පෙරේතයි...

      Delete
  10. හයියෝ.. අච්චර අමාරුවෙන් යන තැන කියලා ගිහිල්ලත් බලා ගන්න බැරි උනාද? ගෙදර ගිහින් මොනද කිවුවේ බලන්න බැරි උනාට?

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද ඉතිං ඇත්තම කිවා. අම්බානට බැනුම්.

      Delete
    2. මොනා කියන්නද ඉතිං ඇත්තම කිවා. අම්බානට බැනුම්.

      Delete
  11. බට්ටිට වෙන වැඩ. ග්‍රහලෝකාගාරේ බලන්න යන්නම එපැයි. එක මාර ගති. මම 4 වසරේදී ගිහින් තියනවා. එදා දැකපු දේවල් මට ඒ දවස්වල පුංචි මොලේට කාටවත් තෙරුන් කරලා දෙන්න තේරෙන්නේ නෑ. අමුතුම ලෝකයක්

    ReplyDelete
  12. හනේ...යන්තම් ගැට ගහලා කියලා ගොඩ දාගෙනත් බට්ටිට බැරි උනානේ ග්‍රහලෝකාගාරේ බලන්න. දැන්වත් යන්න බට්ටියෝ

    ReplyDelete
  13. අම්මපා බට්ටියෙ ඕක ඉතින් මේ කාලෙත් තියෙනවනේ නෙද්......

    ReplyDelete
  14. මමත් දෙපාරක් විතර බලලා තියනවා.... ඒ උනත් ආයේ යන්න ආසයි....

    BM කිවේ බට්ටි මැට්ටි කියන එකද බ‍ටු මැස්සි ද? අපිට නම් බ්‍රාන්ච් මැනේජර් කියන එක තමා...

    කට්ටිය සෙට් වෙලා යමුකෝ බට්ටියේ

    ReplyDelete
  15. මම ගිහිල්ලත් නෑ බට්ටි අක්කේ.... හැබැයි අජ්ජාපචා නම් තුනක් විතර ගිහින් තියෙනවා ඉක්කෝලේ කාලේ

    ReplyDelete
  16. මාත් අජ්ජාපචාවකින් ඕක බලන්න ආව මතකයි. ඉස්සර එන්නෙම ‍කැවුතුකාගාරෙයි ගුවන් තොටුපොලයි සත්තුවත්තයි බලන්නනෙ. බටිටියේ දැන්ම ඕක බලන්න. මොකද තව ටිකක් කල් යනකොට ඕකෙ තියන හද තරු එහෙම උස්සලා කියල ආරංචිවෙයි ආරක්ෂිත කැමරා ඕෆ්කල වෙලාවක.

    ReplyDelete
  17. අජ්ජාපචාව.. හෙක් හෙක්.. මරු වචනේ.. මම නම් දෙතුන් පාරක් අර කියපු අහස නම් බලලා තියෙනවා.. වෙලාවක ගිහින් බලන්න.. බලන්න ම වටින දෙයක්..

    ReplyDelete
  18. අපි යන්නේ වන්දනා ගමන් නොවැ..

    ජය !

    ReplyDelete
  19. චික් අද වෙනකම් මම ගිහින් නැහැනේ ඕක බලන්න.

    ReplyDelete
  20. අපිත් අජ්ජාපචාවක් ගියා ඕක බලන්න 7 වසරේදී. BMICH එකේ තිබ්බ මොකද්ද ලොකු ප්‍රදර්ශනයක් බලන්නත් එක්කන් ගියා.
    BM ගොඩක් ඒවා හිතෙනවා.

    ReplyDelete
  21. මාවත් එකක් යන්නකො ඔය අජ්ජාපචාවට ..... හී හී...

    ReplyDelete
  22. වින්නෝදචාවක් ගියේ නෑ ?

    ReplyDelete
  23. BM කියලා දැක්කම මතක් වුනේ බටු මෝජු මම මාර ආසයි :D අපිත් ඔය අජ්ජපචාව ගියා හැබැයි කලින්ම ලේසර් එහෙම ලෑස්ති කොරන් ගිහිල්ලා දේශනේ දීපු ම්ස්වත් ෆුල් හොල්මං කරලා අම්බානක බැනුමුත් අහගෙන ආවේ.කටුගෙටයි කාලගුණේ බලන්නයිත් ගියා වගේ මතකයි..

    ඕං බට්ටි අක්කව අර පින්තූරෙන් හොයාගත්තා.ඔය පොටෝව මැද්දේ බෝලේ වගේ ඉන්නේ අක්කනේ.දෙපැත්තේ ඉන්න ඩබල අල්ලන් නොහිටින්න වතුරට පනින්න බලාගෙන වගේ ඉන්නේ.(පොඩි කාලේ බෝල වී සිටින්නට ඇතැයි උපකල්පනය කලෙමි)

    ReplyDelete
    Replies
    1. (පොඩි කාලේ වගේ තාමත් බෝලයි නේද බට්ටි.......)

      Delete
  24. මාත් එක්ක යමු බට්ටි............

    ReplyDelete
  25. දෙව්රම් වෙහෙර ගාව ඉඳලා බණ ඇහුවෙ නෑ වගේ මාත් බලලා නෑ ඕක.දස දහස් වාරයක් වහලෙ දිහා බලන් ඉන්න නම් ඇති

    ReplyDelete