කොහොමද මගේ යාළුවනේ..බට්ටි නම් මේ දවස් වල
ටිකක් අවුල් වෙලා ඉන්නේ. පෙරේදා පෝස්ට් එකක් දාන්න හිතන් දුක් ගීයක් ලියන්න පටන්
ගත්තා. ඒත් අන්තිමේදී ඒක කතාවක් වුනා. භාගයක් ලියද්දි තව අඩන්න බැරි නිසා නතර කලා.
ඉතුරු ටික හෙමින් ලියන්නයි හිටියේ ඒත් මගේ යාළුවා ෆාතිමාට ලියලා ඉවර කලටික යැව්වා
කියවන්න. ඉතිං එයා කිව්වේ එපා බට්ටි ඕනෙ නෑ ඉතුරු ටික ලියන්න ඒකෙන් වෙන්නේ හිතේ
තියෙන දුක වැඩි වෙන එක විතරයි කියලා. ඉතිං ලියපු ටික බට්ටි ඩිලීට් කරලා
දැම්මා.හ්ම්....ඉතිං මේ ආදරණීය යාළුවා කියලා එහෙම කලාට පස්සෙ බට්ටිගේ හිත දිව්වා
පුංචිම කාලෙට. ඒ බට්ටි එක්ක හෙවණැල්ලක් තරම්ම ලගින් හිටිය යාළුවා ලගට..
මම
බට්ටි එයා මිහිරි.ඒ කාලේ අපි දෙන්නට හැමෝම කිව්වේ ඉදිකටුවයි නූල් බෝලෙයි කියලා.
බට්ටි කොතැනද මිහිරි එතැන. අපි දෙන්නා හැමදාම ඉස්කෝලෙ යන්නේ එකට. කලින් ලෑස්තිවෙන
කෙනා අනිත් කෙනාගෙ ගෙදරට යනවා ගිහින් එයත් එක්ක තමයි නැලවි නැලවි පැද්දි පැද්දි
රටේම තියෙන ගස්වලින් මල් කඩ කඩ ඉස්කෝලෙට යන්නේ. ගෙදර ලග ඉදන් ඉස්කෝලෙට වැඩි
දුරක් නැති නිසා ඕන තරම් නැලවෙන්න පැද්දෙන්න වෙලා තිබුණා. මේ දවස් වල අපි දෙන්නම
ගෝනි බිල්ලන්ට හරිට බයිය. නිදා ගත්තත් පේන්නෙම ගෝනිබිල්ලො ඉන්න හීන. ගෝනි බිල්ලෝ
ඇවිත් බඩේ තෙල් ගාලා අපිව ගිලී කියලා නැත්නම් ගෝනියක දාලා අරන් යයි කියලා අපි
දෙන්නම හිටියේ මාරම බයකින්. ඉස්කෝලෙ ඇරිලා එද්දි කෙච්චර පැද්දි පැද්දි ආවත් නිකන්
පාරෙ යන වාහනයක් වේගෙ බාල කලත් දෙන්නා පණ කඩාගෙන දුවනවා. අම්මෝ.. දැන් නම් මතක්
වෙද්දිත් හිනා.
දවල්ටත්
ඉතිං ඉස්කෝලේ ඇරිලා ඇවිත් එක්කෝ මම බත් එකත් බෙදාගෙන මිහිරිලගෙ ගෙදර යනවා. නැත්නම්
මිහිරි අපේ ගෙදර එනවා. වැඩි පුරම යන්නෙ මම තමයි. මොකද මිහිරිලගෙ ගෙදර නාන්න ෂෝක්
ළිදක් තියෙනවා. වතුර අයිස්කැට වගේ. ළිදට ඉස්සරහින් තියෙන්නෙ කුඹුරක්. දෙන්නම ඉතිං
කුඹුරේ තියෙන ලස්සන ලස්සන පුංචි ගස් ජාති ගලව ගලව ඇවිදලා, නාගෙන තමයි කන්න පටන්
ගන්නේ. දෙන්නම යන නිසා ළිදට යන්න අවසර ලැබිලා තිබුණා.
ඔන්න
ඉතිං එක දවසක් බට්ටිට ඉස්කෝලෙ ඉවර වෙලා පොරොන්දු වුන විදියට මිහිරිලාගෙ ගෙදරට යන්න
බැරුව ගියා. යද්දි ටිකක් පමාවුනා. යද්දි මිහිරි මූණ දෙක කර ගෙන අඩ අඩ ඉන්නවා. ඇගත්
සේරම තෙමිලා. ඇයි කියලා අහන්න හැදුවා විතරයි මෙන්න පරමාණු බෝම්බයක් වගේ මගේ ඇගට
කඩන් පැන්නා. ඔයා නිසා තමයි මේ සේරම වුනේ කියලා මිහිරි මට බනිනවා. ඇයි වදේ මොන
වරදක් කලාටද මෙයා මේ මට බනින්නේ. මමත් ඉතිං සද්ද නැතුව හිටියේ නෑ එයාටත් බැන ගෙන
බැන ගෙන ගියා. එහෙම බනින අතරේ මම හොරෙන් එයා දිහා බැලුවා. බලද්දි එයාගේ මුළු ඇගම
හීරිලා. දැන්නම් ඉතිං මට කේන්ති නෑ හෙමින් ඇහුවා මොකද වුනේ කියලා. එපාර එයත් කූල්
ඩවුන් වෙලා සිද්ධිය කිව්වා. මම එන්න පමාවුන නිසා සීයත් කුඹුරෙ හිටිය නිසා එයා ළිදට
ගිහින්. ඒ ළිදේ වතුර පිටාර යනවා අපි හැමදාම කරන්නේ එතන රෙදි තියලා පොකුණක් වගේ
වතුර එකතු කරන එක. මෙයා එහෙම කර කර ඉදලා. මම ඒත් නැති නිසා මෙයා නාන්න පටන් ගෙන.
වතුර එකක් ගන්න පහත් වෙද්දිම මිහිරි ළිදට වැටිලා. ළිද එච්චර ගැඹුරු නැති වුනාට අපි
එතකොට හුගක් පුංචි නිසා අපිට වඩා අඩි දෙක තුනක් වතුර තිබුණා. මිහිරිගෙ වෙලාවට එක
අතකින් ළිදේ ගැට්ට අල්ල ගන්න පුළුවන් වෙලා. අමාරුවෙන් එල්ලිලා හිටියත් කෑගහ ගන්න
බෑලු බය වැඩි නිසා. හොද වෙලාවට වතුර බොන ළිදට ඒ වෙලාවේ නැන්දා කෙනෙක් ඇවිත් වතුර
ගෙනියන්න. එයා තමයි මිහිරිව අරන් තියන්නේ. මම අල්ලලා බලද්දි මිහිරිගේ අත හොදටම
තුවාල වෙලා තිබුණා. ඊට පස්සෙ මම මිහිරිගෙන් සමාව ගත්තා පමාවුනාට. මොකද මම ආවනම්
එහෙම වෙන්නෙ නැති නිසා.මේ සිද්ධිය නිසා අපි කවුරුත් නැතුව ළිදට යන්න බය වුනා වගේම
ගෙවල්වලිනුත් තහනම් වුනා.
ඔය
විදියට ඉදිකටුවයි නූල් බොලෙයි වගේ හිටිය අපි දෙන්නට හතර වසරේ අන්තිම වාරෙදී වෙන්
වෙන්න වුනා. මිහිරි ඉස්කෝලෙන් අයින් වුනා.එයාලා කොළඹ පදිංචියට ආවා. අපේ යාළුකම
චුට්ටක් නෙවෙයි මහ හුගක් ඈත් වුනා. මිහිරිලා මාස ගානකට පාරක් ගමේ ආවහම ඉන්න දවස්
දෙක තුන විතරයි අපිට සෙල්ලන් කරන්න වුනේ. එයාලා ගමේ එන කාලේ ලොකු වෙද්දි අමතර
පන්ති නිසා එන්න එන්නම අඩු වුනා.බට්ටිගේ අඹ යාළුවා ඈත් වුනා හෙමින් හෙමින්. එයා
ගියාට පස්සෙ බට්ටි කවමදාවත් යාළුවෙක් ජීවිතේට ලං කර ගත්තේ නෑ. යාළුවෝ හිටියෙ නැතුව
නෙවෙයි. ඒත් එයා තරම්ම සමීප වුන යාළුවෙක් හොයා ගන්න බට්ටිට ඕන වුනෙත් නෑ. සමහර විට
ඒ අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බෑ කියලා හිතුනද මන්දා. ගමේ ආවොත් අපි මුණ ගැහෙනවා.
ඒත් ඉස්සර තරම්ම අපේ යාළුකම දැන් නෑ කියාල දැනෙනවා. එයාටත් වෙන යාළුවෝ ඉන්නවා. ගිය
අවුරුද්දෙ මිහිරි බැදලා දුර රටක පදිංචියට ගියා. ඔන්න එයා අන්තිමට මුණ ගැහුන දවසේ
කියලා ගියේ දැන් බට්ටිගේ ෆයිල් එකත් උඩ ඇවිත් තියෙන්නේ දැන්ම ඉතිං මොනවා හරි කර
ගන්න කියලා. පුංචි කාලේ අඹ යාළුවා බැදන්දා කියලා එහෙම වැඩ මෙහෙම කලබලේට කරන්න
පුළුවන්ද නේද? බට්ටිට හීන ගොඩයි. එව්වා එළිකර ගෙන තමයි ඉතිං අනිත් වැඩ ගැන
හිතන්නේ. එහෙම හොදයි නේද මගේ යාළුවනේ...:D
mma 1 nemeyida manda :(
ReplyDeleteමම එක හුරේ. මට තමයි තෑග්ග , ටිකකි ටිකිරියා @ 250000 සන්ග්ලාස් දෙකට කෙල හලමින්
Deleteඅනේ මට හිටියේ නැහැනේ ඔහොම වෙලේ ඉපනැල්ලේ නටන යාළුවො :/ අපි ඉතින් නගරබද මෝඩයෝ :(
Deleteආ අද වර්ණා නංගි එක..ඔන්න සුදු වෑන් වෙලට බයේ කමෙන්‍ට් එක පබ්ලිෂ් කලා. ඒත් ඉල්ලපු තෑග්ග දැක්කහම සුදු වෑන් එකක් එව්වනම් එක්ක කියලා හිතෙනවා....:(
Deleteගමේ හැදිච්ච අපිට වගේම ඔයාලටත් ලස්සන සිද්ධි ඇතිනේ..
ඔයාට වගේම ගමේ , ගඟේ , ඇලේ දොලේ ගතකල සුන්දර කාලයක් මටත් තියෙනවා. පොඩි කාලේ යාලුවන්නම් දැන් සොයාගන්නත් නෑ . ඒත් උසස් පෙල පන්ති වල හිටි යාලුවන් සමග තාමත් සම්බන්ධකම් පවත් වනවා .
Deleteබට්ටි කල බල වෙන්න එපා යාලුව බැන්ද කියල . ඔයා, ඔයාගෙ සිහින ටික සැබෑ කරගෙන ඉවර උනාම ඒව හිතන්න හොදේ .
ඒ කාලෙනම් මතක් කරද්දිත් ආයෙම යන්න ඇත්නම් කියලා හිතෙනවා නේද අක්කේ. අපේ ගම හුගක් ලස්සනයි. ඉතිං ඇති වෙන්න නටනවා පුංචි කාලේ...
Deleteඅපෝ අපෝ එහෙම කලබලයක් නැතෝ නැතෝ....
(සිතමින් ...ගිම් අක්කා මොකද අද මේ පෝලිම කඩන් ඇවිත්)
@ වර්ණා
Deleteඔන්න මාස දෙකක පඩියෙන් ගත්තේ...
[im]http://www.raybanstore-uk.com/images/versace-2054-sunglasses-versace-sunglasses-uk-3248.jpg[/im]
ටැංකු ටැංකු උම්මා
Deleteඅනේ ඉතින් ඔයාට වගේ හොදම යාලුවත් එක්ක ඔය වගෙ ලස්සන ගමක ඔහොම සවාරි ගහන්නනම් මටනම් වාසනාවක් තිබුනේ නෑ,අප්පොච්චියෝ අර ළිඳට වැටුන හරිය කියවද්දී මටනම් බය හිතුනා.මට හොදම යාලුවෝ හත් දෙනෙක්ම හිටියා මාත් එක්ක අටයි අපේ කල්ලියේ.ඒ සේරමලා එකම ඉස්කෝලෙ එකම පංතියේ අය.දැන්නම් එයාලගෙන් දෙන්නයි ඉස්සර වගේම තාමත් ඉන්නේ. අනිත් අය ගොඩක් දුරස් වෙලා
ReplyDeleteමමත් ලොකු පන්ති වලදී හිටියේ තව 4 දෙනෙක් එක්ක. ඒත් මෙයා එක්ක තරම්ම ලොකු බැදීමක් තිබුනේ නෑ. දැනටත් කතා බහ කරනවා ඒ අයගෙන් 3න් දෙනෙක්ම. කාලය පුදුමයි කාව්‍යා අක්කේ....
Deletemeka asadaranai halima me kapati kella warnaa kiyawala newei 1 wela thiyenne ihi ihi mamanam akurak nara kiyawala comment kale
ReplyDeleteහැක හැක හැක හොකිස් හොකිස් :පි
Deleteඔන්න බට්ටි තීරණය කලා එක වෙච්ච වරණාට සහ කියවලා එක වෙච්ච කාව්‍යා අක්කටයි දෙන්නටම තෑගි දෙන්න...
Deleteඔන්න කාව්‍යා අකුරක් නෑර කියවලා දෙක ගත්තට බට්ටිගෙන් පුංචි තෑග්ගක්..වර්ණගේ තෑග්ගට හුගක් සල්ලි ගියා පුංචි එකක් කමක් නෑනේ...
Delete[im]http://www.susankramer.com/dolls619.jpg[/im]
ශා මරු මරු මම ආසයි මෙයාට..... මෙයාව මම තියා ගන්නවා පස්සෙ කාලෙක මගේ දුවට දෙන්න හොදේ
Deleteචිත්‍රෙට අඳින්න තිබ්බෙ මිහිරි ලිඳට වැටිල ඉන්න සීන් එකනේ,,........
ReplyDeleteඉතිං මම ඒක දැක්කෙ නෑනේ...
Deleteමගෙත් හිටිය හොදම හොද යාලුවෙක් ..පුංචි කාලෙ..එයත් මම ගමේ ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ හම්බුනේ ම නැහැ.දුකයි මතක් වෙද්දී..
ReplyDeleteජීවිතේ හරිම පුදුමයි රෙහානි. කාලයත් එක්ක ජීවිතේ ඉන්න සමහරු යනවා සමහරු එනවා. ඒත් සමහර අය යද්දි යන්නේ පපුව මැද්දෙ අඩි සලකුණු තියලා.කවදාවත් නොමැකෙන විදියට.
Deleteමට හොදම යාළුවෝ එක්කෙනෙක් කියලා හිටියේ නෑනේ....
ReplyDeleteඅපරාදේ එකෙක් තියාගන්න තිබ්බේ.. :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හේ හේ රජාට එහෙම එක යාළුවෙක් තියාගෙන බෑනේ. ඔයාට මිහිරි තරම් හිතවත් අය හුගාක් ඇති. ඒ අතින් නම් ඔයාට බොහෝ රජ සැප තමයි...
Deleteබට්ටිට කියන්ඩ මාත් නාන ලිඳට වැටිලා තියෙනව පොඩි කාලේ...බට්ටියේ දිගෙක යනවනම් හොඳට හිතලා බලලා යන එකයි ඇත්තේ
ReplyDeleteෂා මරු. මිහිරි ගැන කිව්වට මොකෝ මේ බට්ටිත් වැටුනා පෙරේතකම් කරන්න ගිහින්. පස්සෙ කියන්නම්කෝ ඒක.
Deleteඔව් අයියේ එක පාරක් නෙවෙයි සිය දහස්පාරක් හිතනවා. මොකද ජීවිතකාලෙම දුක් විදින්න බැරි නිසා.
හයියෝ..බට්ටියේ..ඕවා ගැන ලියන්න එපා අනේ..මටත් ඇඩෙනවා.... ;(
ReplyDeleteනාඩ ඉන්න නාඩියෝ...
Deleteඅද බට්ටිගේ මතක ගොඩේ සැරි සරද්දි මමත් වෙනමම ලෝකෙකට ඇදිලා ගියා..මටත් ඉතින් දුකට සැපට හිටපු මගේ අඹ යාලුවා මතක්වුනා..ඇත්තටම ලගින් ඉන්න කෙනෙක් ඈත්වුනාම හුගක් දුකයි..කාලයටත් ඉතින් වැඩ නෑ වගේ අපේ ජිවිත වෙනස් කරන එකමනේ වැඩේ....
ReplyDeleteඔයාට පිං හදවතින්ම පෝස්ටුව වැලද ගත්තට.. ආ මාර වැඩේනේ ඔයාගේ පොටෝවෙන්ම මට මූණු පොතේ රික්වෙස්ට් එකක් ආවා. මම හිතුවෙම ඔයා කියලා. බැලින් නම් වෙන කෙනෙක්...
Deleteඇත්ත නේන්නම් බට්ටි අක්කේ පොඩි කාලේ තමා අපිට රියල් යාලුවෝ හම්බ වෙන්නේ දැන් ඉන්නේ යාලුවො නෙවේ මාලුවෝ
ReplyDeleteඑහෙම කියන්නත් අමාරුයි අවතාර්. ඒකාලේ මිහිරිගෙ අඩුව පුරවන්න කෙනෙක් නොහිටියට මම ලග එහෙම කෙනෙක් දැන් ඉන්නවා කියලා මට දැනෙනවා. ඒත් දන්නෑ ඒ මගේ හිතේ ඉන්න අඹ යාළුවමද කියන්න.
Deleteමිහිරි කිව්වම මට මතක් වෙන්නෙම 'මිහිරි කෑම පාර්සල්' !!!
ReplyDeleteඑහෙම තමා. හොද යාළුවෝ වැඩි කල් රැදෙන්නේ නෑ.
කෑමම තමයි ඉතිං මධුට. අඩු ගානේ අර මිහිරි පත්තරේවත් මතක් වුනානම් මොකද?
Deleteමොන්ටිසෝරියෙ ඉඳන් හිටිය මගේ අඹ යාළුව නම් තාමත් ඉන්නවා... මම ශිෂ්ය.ත්ව විභාගෙට මගේ අඹ යහළුවා කියල රචනාවක් ලිව්වෙත් එයා ගැන තමයි.. එයාගේ පුතාට නම තිබ්බෙත් මමයි.. '' අනුහස් රශ්මිත''.. ජූලි 07 වෙනිදා එයාගෙ උපන්දිනේ.. මහත්තයටත් කළීන් එයාගෙ උපන් දිනේට සුබ පතන්නෙ මම...
ReplyDeleteකොළඹ ආවෙ මම.. එයා හැමදාම හිටියෙ ගමේ.. ඒත් බට්ටි අපේ යාළුකම තාමත් එහෙමමයි.. මම හිතන්නෙ දැන් ඒ යාළුකම වඩා ගැඹුරු බැඳීමක් වෙලා කියලයි.. ඒ කාලෙ අපි කළ දේවල් නම් එමටයි.. ඔන්න බට්ටි මටත් හිතුණා පුංචි කාලෙ යාළුකම් ගැන පෝස්ට් එකක් ලියන්න..
ඔයා පිංවන්තයි. යාළුකම පපුවෙන් එන බැදීමක්. අනේ මන්දා ඒත් එකපාර්ශවයකට විතරක් ඒක රැකගන්න බෑ....
Deleteනියමයි ඉක්මනින්ම ලියන්න තරුරසී අක්කියෝ.
හ්ම්ම්..හ්ම්ම්..එහෙම හොඳයි තමා..:)
ReplyDeleteකොහොමද අනේ හොද?
Deleteහප්පේ දැන් තෑගිත් දෙනවනේ. ඉදිකටු නූල්බෝල ගැන කිව්වම මම හිතුවෙ බට්ටිගෙ මෙව්ව එකක් ගැන කියන්න හදනව කියල.
ReplyDeleteමම උයාගේ එකට ඇවිත් එක වෙන්නෙත් තෑගි ගන්න තමයි. කෝ අර මාළු 250 දුන්නා විතරයිනේ...හී හී
Deleteඅනේ මන්දා මේ රාජ් අයියා අර රාජ් අයියගෙ පොස්ටුවෙත් මෙව්වා එකක් ගැන කියල තිබුණා. මෙව්වා එකක් කියන්නේ කොව්වා එකක් ද අයියේ?
ලස්සන කාලයක්, ප්‍රියයන්ගෙන් වෙන වීම දුකක් කියන්නේ එකනේ
ReplyDeleteහරි දැන් කොල්ලෙක් එක උනොත් ඔයා මොනවද දෙන්නේ :ප
පුංචිකාලේ අපි හැමෝගෙම හරිම ලස්සනයි නේද පුබුදු.
Deleteකොල්ලෙක් එක වෙලා පෙන්නන්නකෝ. එතකොට බට්ටි තෑග්ග දෙන්නම්.
හෆෝයි...එත් ළිද මතක වෙද්දී මටත් පැනලා නාන්න හිතෙනවා...හී හී
ReplyDeleteහොද වෙලාවට පැනලා නාන්න හිතනේනේ...හිකිස්....
Deleteඅනේ ස්තුතියි බට්ටියෙ මගෙ කීමට ගරු කරාට ඒ වගෙම ඒ ගැන මෙතන සඳහන් කරාටත්. ඔයා ඉතිං කීකරු ළමයෙක් නෙ නේද.... අඹ යාළුවො දෙන්නාගෙ යාළුකම නම් මාරයි ඒත් අර ළිඳට වැටුන හරිය කියවද්දී මටනම් බය හිතුනා. වෙන්වෙලා ගියාට ඉතින් මිහිරි මතක සටහන් නිතරම මතක් වෙන සුන්දර ළමා කාලය අප කාටත් අමතක කරන්න බැරි තරම් නේද බට්ටියෙ. ඔයාගෙ සිහින ඔක්කොම සැබැ වෙලා යාළුවාගෙ තනතුරට ඔයාත් ඉක්මණටම යන්න මාත් සුබ පතනවා බට්ටිට...:))::) ) :: :))
ReplyDeleteඅම්මෝ මෙයා කියන පච. හැම වෙලාවෙම බනින්වා ඉවරයක් නෑ. කියන දෙයක් අහන්නෙ නෑ කියලා. යාන්තම් ඇහුවේ මේකම විතරයි. දැන් කියනවා මම කීකරු ළමයෙක් ලූ... :D
Deleteඅර තනතුර ඉක්මනට නම් එපෝ. සුභ පැතුම මම තව අවුරුදු 5කින් හෝ 6කින් භාර ගන්නම්. එහෙම හොදයිනේ....))::) ) :: :))
ගමේ කතානම් කොච්චර තියෙනවද නේද ..බට්ටි..
ReplyDelete//දැන් බට්ටිගේ ෆයිල් එකත් උඩ ඇවිත් තියෙන්නේ දැන්ම ඉතිං මොනවා හරි කර ගන්න // හා...හා එකත් හිතල බලන්න බ්ලොග් ලියලිය විතරක් ඉන්නෙ නැතිව..! :)))
අම්මෝ ඔව් ගමේ කතා නම් එමටයි.
Deleteහ්ම් හිතලා බලන්න ඕනේ. ඒත් ඉතිං එහෙම වැඩ දැම්ම අනේ හරි නෑනේ...
මගෙ හොඳම යාළුවෝ තුන්දෙනා මට හම්බුවෙන්නේ මොන්ටිසෝරියෙදි... දැන් එක්කෙනෙක් හම්බුවෙන්නේ නෑ.අනිත් දෙන්නා තාම හම්බුවෙනවා.ඊට පස්සේ 1 වසරේ හම්බුවෙච්චි යාළුවෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ වෙනකන්ම හිටියා.... තාමත් පාරට බැස්සම හම්බුවෙනවා.ගොඩක් අය ලංකාවේ නෑ වගේම ගොඩක් අය මේ ලෝකෙනුත් ගියා....
ReplyDeleteමගේ එහා පැත්තේ පුටුවේ වාඩි වුනු හොඳම යාළුවා තාප්පෙකින් වැටිලා නැතිවුනා...
පිළියන්දල බෝම්බෙදි මගෙ යාළුවෙක් නැතිවුනා...
මේ වගේ පෝස්ටුවක් කියවද්දි ඒ යාළුවෝ මතක් වෙනකොට සෑහෙන්න දුකයි...
පුංචි හරි සතුටකට තියෙන්නේ මම පුංචි කාලේ සෙල්ලම් කරපු මගෙ මිතුරිය මගේ ආදරී වෙලා ඉන්න එක.නුවර ඉන්න එයාව නොදැක අවුරුදු 5ක් මම කොළඹ හිටියා.අහම්බෙන් ආයෙම මුණ ගැහුණු අපි දෙන්නගේ යාළුකම ආදරේකට පෙරළුණේ නොහිතු විදියකට....
සෑහෙන්න ලස්සනට ලියලා තියෙනවා අක්කේ එල ඈ...
දුක් වෙන්න එපා ගැමි.අපි ආදරේ කරන අය කවද හරි අපිව දාලා යනවා නොයෙන්නම. නැත්නම් අපි යනවා එයාලව දාලා නොයෙන්නම. ඒක තමයි ලෝක ස්වභාවය. නැතිවෙච්ච ඔයාගෙ යාළුවෝ දෙන්නා ගැන දුකයි. පුළුවන් හැමවෙලාවෙම පිං දෙන්න ගැමී. අයෙම එන ආත්මෙක යාළුවෙක් වෙලා හරි සහෝදරයෙක් වෙලා හරි ආයෙම ජීවිතේට එන්න කියලා.
Deleteවැලිකෙලියේ ඉදන්ම හිටිය මිතුරිය පෙම්බරී කර ගන්නවා කියන්නේ ගැමීගේ ජීවිතේ හුගක් සාර්ථක වෙනවා කියන එකනේ. මොකද ඔයා දෙන්නට දෙන්නා ඕනවටත් වඩා දෙන්නම ගැන දන්නව ඇතිනේ. ඒක ජීවිතේ අමාරු තැන් වලදී නොවැටී යන්න හයියක් වෙයිත සුභ පැතුම් ගැමී......
එහෙන් මෙහෙන් බල්ටියක් ගහනව ඇරෙන්න මගෙ ජීවිතේනම් ඒකාකාරියි
ReplyDeleteඒ දැන්නේ සමීරටත් මට වගේම පිස්සු නටපු පුංචි කාලයක් ඇතිනේ.
Deleteම්ම්ම්ම්ම්ම්ම්...මරුනේ....
ReplyDeleteමරු නෙවෙයි මරේ මරු....
Deleteජිවිතේ පුරා ගොඩාක් යාලුවො නම් මටත් ඉන්නවා, එත් හිතට දුකයි ලගම ලගම යලුවා කියලා කියන්න කෙනෙක් නෑත් එකට නම්. ඔලෙවල් කලේ ඒ අය ඒලෙවල් කාලේ ඒ අය දෑන් රෑකියාවේ අය වගේම බ්ලොග් වල යාලුවොඅ තමයි ඉන්නේ ලග.
ReplyDeleteඅර යාලුවා කියපු දේ ගෑනත් හිතුවොත් හොද නෑද්ද ඉතින්
කාලය සමහරුන්ට නපුරු වෙනවා දේවා. බ්ලොග් එකෙත් ඉන්නවා අපිට හදවතින්ම ආදරේ කරන්න පුළුවන් අඹ යාළුවෝ. ඒත් ඒක හොයා ගන්න ලේසි නෑ. හැබැයි උත්සාහ කලොත් බැරි වෙන්නෙත් නෑ.
Deleteහිතලා බලමු තව කල් ගිහින්.
බොලෙයි නෙවේ බොල 'බෝලෙයි'
ReplyDeleteස්තූතියි සෑම්..බොල කියනකල් දැක්කෙම නෑනේ.දැන් හරි.
Deleteම්ම්...මටත් ගමේ යාළුවව මතක් උනා. අපිත් ඉස්සර මෙහෙමයි. ඒත් මට ඒ ගමෙන් එන්න උනා නේ.
ReplyDeleteඒක නෙමෙයි අවුල් වෙන්නේ නැතුව සතුටින් ඉන්න හොඳේ..
මටත් ගමෙන් එන්න වුනානේ අක්කේ. ගමේ යන්න වෙන්නෙ මාස ගානකින්. ගියත් කෝ යාළුවෝ නෑ..
Deleteනෑ නෑ අක්කෙ මේ ස්ථානමාරුවක්.. කාලයත් එක්ක හුරු වෙද්දි හරියයී...
යාළුවෝ කියන අය ජීවිතේට ලං උනාම ඔහොම තමා.. කවදාවත් අමතක වෙන්නේ නෑ.. කොච්චර දුර උනත්..
ReplyDeleteමේ මට තෑග්ගක් නැද්දෝ??
හ්ම්. හතර වසරේ හිටියේ දැනට අවුරුදු කීයකට කලින්ද? ඒත් ඒ මතක එහෙමමයි...
Deleteමෙන්න වැඩක්. මෙච්චර පමාවෙලා ඇවිත් තෑගි ඉල්ලනවා...
හොඳ යාලුවෝ හොයාගන්ට අමාරුයි. ඒත් ඉන්න ටික දෙනා හැමදාම යාලුයි.
ReplyDeleteඅනේ මටත් තෑග්ගක් ඕනි. ඒ තෑගි හරිම ලස්සනයි. :)
හ්ම්.. අඹ යාළුවෝ හොයා ගන්න හුගක් අමාරුයි අක්කේ...
Deleteඅනේ තෑගි දෙන්නෙ එකට. මේ කාව්‍ය අක්කා මට සුදු වෑන් එවනවා කිව්වා ඉතිං එයාටත් අද දුන්නා.
ස්තූතියි පොඩ්ඩි අක්කේ බට්ටි ලස්සනට තෝරන්න දන්නවා කියලා යාළුවෝ හැමෝම කියනවා.
බට්ටිත් එදා ලිඳ ලඟ හිටියනම් දෙන්නම ලිඳ ඇතුලේ. ඕක තමයි වැඩිහිටියෝ හැමතිස්සෙම කියන්නෙ පුංචි එවුන්ට ළිඳ ගාවට යන්න එපා කියලා. කෝ ඉතිං බට්ටිගේ යාලුවා මිහිරි ඒක පිලිපැදලා නැහැනේ.
ReplyDeleteබට්ටිගේ බලාපොරොත්තු සියල්ලම ඉටුවුනු දවසට ඒ සියල්ලත් ඉටුවේවි.
බට්ටි හිටියනම් බට්ටි ලිදට පැනලා මිහිරිව ගන්නවා...
Deleteස්තූතියි ඔබතුමන්ට කමෙන්ටුවට වගේම ප්‍රාර්ථනාවට....
අමතක කරන්න බැරි යාලුවෝ ගොඩයි මට...
ReplyDeleteහ්ම්..මට සුට්ටයි..මිහිරි තරම් පපුවෙ බැදුන පුංචි කාලෙ යාළුවෝ වෙන නෑ.
Deleteඔයාට වගේ ලස්සන අතීතයක් මටත් තිබුණා බට්ටියේ, ඒ සුන්දර සිද්ධි එකින් එක මතක් වෙන්න ගත්තා... ජය !
ReplyDeleteඑහෙනම් අක්කේ ඔයා ඒ අතීතෙ කවි කරන්න ඕන ඔයාගේ බ්ලොග් එකේ. අර අඹ ගහේ නැග්ග වගේ...ඔන්න මම බලන් ඉන්නවා ඔයා ලියනකල්.
Deleteඅපූරු යාළුකමක් නොවැ! හැබැයි ඉතිං යාලුවට තිබ්බ බට්ටිගෙ ෆයිල් එකත් ගොඩදාල පිලිවෙලක් කරලම රට යන්න!
ReplyDeleteමම මේ ලඟදී තමා බ්ලොග් ලියන්න කියල ආවේ. බට්ටිල ඉතිං ගොඩක් කල් ඉදන් බ්ලොග් ලියන පලපුරුදු අයනෙ. ඒ හින්ද ඉඩ තියන වෙලාවක ඇවිත් 'ගිමන්හල' පොඩ්ඩක් බලල උපදේශයක් දෙකක් දීල යන්න පුලුවන් නම් ලොකූ උදව්වක්!
එයාගෙ ෆයිල් එකත් එයාලගේ අම්මලා තමයි ගොඩ දාලා තියෙන්නේ. එහෙම එකේ ඉතිං එයා මාව කොහේ ගොඩ දාන්නද?
Deleteඔන්න මම ගිමන් නිවන්න ගියෝ.......
මටත් තෑග්ගත් දෙයියද දන්නෙ නැහැ...
ReplyDeleteමම හොඳ යාලුවො කියල හදවතට ගන්න හුගක් අය මුලු හදවතම අළු දූවිලි කරල යන්නෙ..ඒක නිසා මම කාවවත් දැන් හදවත ඇතුළට ගන්නෙ නැහැ...
හැබැයි පුංචි කාලෙ හෙවනැල්ල වගේ ඉදිය යාලුවො අද මඟ ඇරිල..දුර රටවල ජිවත්වෙන නිසා....
තෑගිදෙන්නේ පළවෙනියට විතරයි අක්කේ. අද මේ දෙවෙනියටත් දුන්නා සුදු වෑන් එකකට බය වෙලා. හිකිස්...
Deleteකාලයත් එක්ක ජීවිතේට එය අය යන අය වෙනස් වෙනවා අක්කේ. ඒක තමයි ලෝක ස්වභාවය.මටත් ඉස්කෝලෙ ඉවර වෙනකන්වත් මිහිරිගෙ තැනට වෙන කෙනෙක් හොයා ගන්න බැරි වුනා. ඒත් දැන් මට එහෙම අය නැතුවම නෙවෙයි....
අන්තිමට හරි කියෙව්වට අපිට තෑගී නැතෙයි
ReplyDeleteඋයා කොහොමද හරියටම කියන්නේ උයා අන්තිම කියලා. ඒත් අන්තිමට නම් බට්ටි තෑගි දෙන්නෙ නෑ...මොකද එපාර කට්ටියම අන්තිම වෙන්න බලන් ඉදී...හිකිස්
Delete(සිතමින් ...උයාගේ මූණ නම් අප්පා හොදට දැකල පුරුදු පාටයි.නෑ නෑ මම මේ විහිළුවක් කලේ.)
දැකලා පුරුදුයි කිව්වේ? දැකල ඇති ඉතින් අපිත් ලංකාවෙනෙ :පි
Deleteහේ හේ ඒහෙම කොහොමද වෙන්නේ ලංකාවේ හැමොම උයා දැකලා තියෙනවද? හිකිස්....
Deleteඉතින් ලංකාවේ නිසා දැකපු හුරු කමක් ඇති :)
Deleteහේ හේ වැඩිය හිතන්න එපා.මමත් හිතන්නෑ.
Deleteපුංචි රටේ කොතැනකදී හෝ පෙර දවසකදී අපි හමු වෙන්න ඇති
හා හා කමක් නෑ ඉතින්. :පි
Deleteඑහෙම වෙන්න ඇති