කාලය මිනිස්සුන්ගේ හැමදේම වෙනස් කරනවා.කවමදාවත් මිනිස්සු එක තැනක එක විදියට නතර වෙලා ඉන්නෙ නෑ. ඉන්න ඕන වුනත් ඉන්න වෙන්නෙත් නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපි අකමැති වුනත් අපිට ඒ දේවල් වලට හැඩ ගැහෙන්න වෙනවා.
අද ඉන්න මිනිස්සු අපි ලග හෙට නෑ. හෙට ඉන්න අය තව ටික කාලයකින් නෑ. ඔය විදියට හොදට නරකට දෙකටම හේතු වෙන මිනිස්සු අපේ ජීවිත වලට ඇවිත් යනවා. සමහරු ගියත් දැනෙන්නෙ නෑ. ඒත් සමහරු යද්දි යන්නේ සදකඩ පහණක නෙලනවා වගේ අමතක නොවෙන රටා අපේ හදවතේ තියලා.
ඉස්කොලෙ යද්දි ගුරුවරු යාළුවෝ තමයි හැමදේම වෙන්නේ.හැම වෙලාවෙම හිතේ තියෙන්නේ ඒ දේවල්. ඒත් ලොකු වෙද්දි සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඉස්කෝලෙ යන කාලේ හිටිය අය නෙවෙයි ඊට පස්සෙ වෙනස් පිරිසක් ජීවිතේට එකතුවෙනවා. ඒපාර රැකියා. ජීවිතේ තවත් පාරකට ඇදල දාලනවා.
සමහරු බලාපොරොත්තු වෙන රැකියාවම ලැබෙනවා. තවත් සමරු තමන්ට ඕන රැකියාව කොහොම හරි ලබා ගන්න හොයා ගෙන යනවා. තවත් සමහරු ලැබෙන රැකියාව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි භාරගෙන කරගෙන යනවා. ඒක තමයි ජීවිතේ හැටි.
කියන්න හිතාගෙන ආවේ වෙන දෙයක් අප්පා. ලියන්න අරන් තියෙන්නේ වෙන දෙයක්. හලි හලි දැන් බට්ටි කියන්න ආපු දේ කියන්නම්කෝ..
බට්ටිගෙ ජීවිතේ හුගක් උදව්වුන හුගාරියක් තනියට ලගින් හිටිය අයව අත ඇරලා බට්ටිට එන්න වුනා. බොහෝ පොස්ට් වල ලියවුනු ඉන්න ගෙදර අක්කලව දාලා බට්ටි ඇවිත් අදට සති දෙකක්. ආදරය රැකවරණය දුක සතුට හැමදේම ඒ වහල යටදි බට්ටිට ලැබුනා. හුගක් වෙලාවට බට්ටිගෙ හැමදේම අහන් ඉන්න තරම් හිටිය ගෙදර අක්කා කාරුණික වුනා. දුක කියා ගන්න බෙදා ගන්න බට්ටිට කෙනෙක් හිටියා. මාස ගානකට උඩදි සයිබරය නිසාම හිත තුවාල කර ගෙන කෑගහල අඩපු මගේ හිත එයා හැමවෙලේම හැදුවා. විසදුම් දෙන්න බැරි වුනත් උපදෙස් දුන්නා, ඒ වගේම කියන දේ අහන් හිටියා. ඒකාලේ අක්කා බට්ටිට එක මහ ලොකු අස්වැසිල්ලක් වුනා. අද ඒ විදියට අහන් ඉන්න එයා ලග නෑ. අද වෙන අය ජීවිතේට එකතුවෙලා. ඒ හිස්තැනට වෙන අය ඇවිත්. හ්ම් පුදුමයි ජීවිතේ නම්.
බට්ටි හීන මැව්වෙ කොළඹ ඉන්න කල් අක්කලා එක්ක එකට ඉන්න. ඒත් දෛවය ඒක වෙනස් කලා. අපිට ඕන වුනත් අපිට ඕන තැන්වල නතර වෙන්න බෑ. ඉතිං අක්කලා ගෙවල් මාරු කලා. එහේ ඉදන් බට්ටිට වැඩ කරන තැනට හුගාක් දුරයි ඉතිං බට්ටිට ඒ ගෙදරට ආයුබෝවන් කියන්න වුනා. කොළඹට එද්දි යාන්තම් ඇදුම් කෑලි දෙක්ක බෑග් එකට දාන් ආපු බට්ටි, අක්කලා ඒ ගෙදර ඉදන් වෙන එකකට යද්දි කාඩ් බොඩ් පෙට්ටියක් පිරෙන්න බඩු දාන් ගිය බට්ටි, වෑන් එකක් අරන් ගිහින් අල්මාරියක් පුරවලා බඩු අරන් අලුත් තැනක කූඩු වුනා. දෝනා, අත්තම්මා ඒ හැමෝම දාලා බට්ටි ඈතට ආවා. හැමදාම රෑට කකුල් දෙක අල්ලලා වදින අත්තම්මගෙයි අක්කගෙයි කකුල් දෙක අල්ලලා ඒ අය අඩද්දි වැදලා බට්ටි හැමදේමත් අරන් එන්න ආවා. එයාල නැති පාලුව තනිකම මෙච්චරයි කියන්න බෑ.කාගෙන් හරි ඈත් වුනහම මයෙ පපුවට කවම දාවත් මේ තරම් දුකක් දැනිලා නෑ. සති දෙකක් ගියත් ඒ දුක තවම අඩු වෙලත්නෑ. බ්ලොග් කියවන්න කමෙන්ට් කරන්න තරම්වත් හිත එකලාස නෑ. ඒ තරම්ම ඒ දුරස් වීම තවම හිතට දැනෙනවා.
අලුත් තැන මහ හුගක් හොදයි. ආරක්ෂාවයි. කාලයත් එක්ක එතනට හුරුවෙයි. අක්කලගෙ මතකය හැමදාම හිතේ පැලපදියන් වෙලා තියෙයී. සිංදු කියකියා පිස්සු නටන බට්ටි ඉන්න නිසා අක්කලා කිව්වේ එයාලා රේඩියෝ ගේන්නෙ නෑ, බට්ටි ඉන්න නිසා කියලා. ඒත් අද බට්ටගෙ සිංදු පෙට්ටිය වැහිලා. අලුත් ජීවිතේ නිදහස් නිස්කලංකයි. ඒත් පිස්සු නටපු කටකාරකම් කරපු ඒ ජීවිතේ ලග බට්ටිගෙ හිත තවමත් නතර වෙලා...
මූණුපොතේ තිබුන මේ පොටෝව නිසා තමයි කම්මැලි වෙලා හිටිය බට්ටිට පොස්ටුවක් ලියන්න හිතුනේ. හිටිය ගෙදර අත්තම්මගෙ බත් කටක් කාල එන්න හෙට බට්ටි යනවා.අවුරුදු දෙකක් දුන්න රැකවරණයට ආදරයට මම ඒ අයට මහ හුගක් ණයගැතියි. ජීවිතේ තියෙන තුරාවටම....
මූණුපොතේ තිබුන මේ පොටෝව නිසා තමයි කම්මැලි වෙලා හිටිය බට්ටිට පොස්ටුවක් ලියන්න හිතුනේ. හිටිය ගෙදර අත්තම්මගෙ බත් කටක් කාල එන්න හෙට බට්ටි යනවා.අවුරුදු දෙකක් දුන්න රැකවරණයට ආදරයට මම ඒ අයට මහ හුගක් ණයගැතියි. ජීවිතේ තියෙන තුරාවටම....
තමන්ට පුරුදු පරිසරයෙන්, දන්න අයගෙන් ඇත් උනාම පුදුම දුකක් දැනෙනවා තමයි . ඒත් අපි මෙ හැමදේමට පුරුදු වෙන්න ඕන. මටත් මෙ වගෙ අත්දැකීම් තියනවා .
ReplyDeleteකල් යනකොට පුරුදු වෙනවා .
බට්ටි කැම ගැන ටිකක් සැලකිලිමත් වෙනවානම් හොදයි කියල මට හිතෙනවා .
හෙට ගිහින් එන්නකො එහෙනම් අත්තම්ම බලල .
අක්කගෙ අත්දැකීම් ගැන අක්කා කියලා තියෙනවනේ මට. හිටිය ගෙදර අයගෙන් ඈත් වුනාට පස්සෙ ඒ පාළුව තනිකම මාත් එක්ක බෙදා ගන්න හැමවෙලාවෙම මගේ ලගින් ඉන්නවට අක්කට හුගාක් පිං.
Deleteකෑමට නම් ඔන්න බනින් එපා. මගේ කෑම ලිපටත් වඩා ඔයා දන්නවනේ.හැබැයි දැන්නම් මහත් වෙන්නම ඕන කියලා හිතිලා තියෙන්නේ.අද ගිහින් හවසම එනවා. 8.30ට නිශාන්තය අහන්න ඕන නිසා.
අක්කා අද එකනේ..මෙන්න බට්ටිගෙන් පුංචි තෑග්ගක්...
[im]http://www.comparestoreprices.co.uk/images/ri/ripcurl-girl-rip-curl-girl-ocean-shell-watch.jpg[/im]
ඔන්න මම ආවා බට්ටිගෙ තැග්ග ගන්න . බට්ටි නගාට බොහොම ස්තුතියි .
Deleteහුරේ...
Deleteකෝමද අක්කි බට්ටිගේ සිලෙක්ෂන්..උයා ආසයි නේද?
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
ReplyDeleteතේරුමත් දැම්මනම් නේද හොඳ..!
Deleteඔව් මම දන්නෙත් නෑ තේරුම නම්.
Deleteකියල දෙන්නකෝ හසිත
@ වීපොකුර, බට්ටි
Deleteසිතූ දෙය එලෙසටම සිදු නොවේ. නොසිතූ දෙය සිදුවේ.........
හිතට අල්ලපු බත් කටේ රහ කවදාවත් අමතක කරන්නේ නැති එක හරිම හොඳ දෙයක්.... :)
ReplyDeleteහ්ම්..එනකොට අල්ලන් ආපු තුත්තිරිගහ යනකොට අමතක නම් අපිට පැවැත්මක් නැතුව යනවා නාඩි
Deleteප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් !!
ReplyDeleteඒත් සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා. මේ ලෝකේ තියෙන්නේ හමු වීම් වෙන් වීම් විතරයි.
අළුත් තැන හිතට අල්ලයි. පොඩ්ඩක් ඉවසලා ඉඳින් දූ !!!
හ්ම්...අලුත් තැන හොදයි..හුගක්ම..බොඩිමක කූඩුවෙලා දුක් විදින්නෙ නැතුව ඉන්න බට්ටි පිං කරලා තියෙනවා මාමේ...දැනුත් සතුටින් ඒත් පරන මතකය හිතේ අරක්ගෙන තවමත්.
Deleteනෝටි ටික කාලෙකට කලින් ලියපු එකක් මතක් උනා මේ පොස්ට් එක දැකලා..
ReplyDeleteබලන්නකෝ මේ පොස්ට් එක
හ්ම් නිවාඩුවේ කියවන්නම්කෝ
Deleteපරණ තැනින් අලුත් තැනට
ReplyDeleteජිවිතේ වෙනස් වෙනවා, අපිත් එක්ක ඉන්න මිනිස්සුත් වෙනස් වෙනවා. ඒත් අතීතේ අමතක නොකරන එක ගොඩක් හොද දෙයක්.
මේ බට්ටි මට අදවත් දෙනවයි තෑගි?
එක නොවුනට අද අන්තිම නෙමෙයිනේ :D
හ්ම්ම් ඒක ඇත්ත යාළු.කොහොම වුනත් ජීවිතේ වෙනස් වීම වලට මුහුණ දෙන්න වෙනවා හැමදාම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි...
Deleteබෑ බෑ තෑගි දෙන්නේ පළවෙනියට විතරයි අලිද?
ඕනෙනම් එනපාර එක වෙන්න.....
උයා පොස්ට් එක පබ්ලිෂ් කරන්න කලින් මට කියන්න එහෙනම් අහ්
Deleteහා හා බලාගෙන ඉන්න අලී....
Deleteඅලී අලී.... :P
Deleteහප්පේ බට්ටියො ජීවිතෙ කියන්නෙ ඔහොම තමයි .....
ReplyDeleteඔව් ලොකු අයියේ.
Deleteජිවිතේ සුන්දරයි
ReplyDeleteවිටෙක ....
Deleteජීවිතේ ගොඩ නැගිල තියෙන්නෙ හමුවීම් වලිනුයි වෙන් වීම වලිනුයිනෙ නේද බට්ටි!
ReplyDeleteඅලුත් තැන අයත් ඔයාට ගොඩක් ආදරේ වේවි, ඔයාට ලෝකෙ හොඳම තැත කියල හිතේවි. ඒත් එතැනත් හැමදාම ඉන්න පුලුවන්ද? බැඳීම් ඇති කර ගන්න ඕනෙ ඒවා කවද හරි බිඳල දාල යන්න වෙනව කියල දැනගෙන. එතකොට දුක අඩුයි.
ඉතිං අලුත් තැන ගොඩාක් හොඳ තැනක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඉන්න තැනක් සතුටින් ඉන්න!
ස්තූතියි යාළු..හුගාක් ස්තූතියි
Deleteසමහර වෙලාවට ජීවිතේ වෙන වෙනස් වීම් දරාගන්න අමාරුය් තමයි..!
ReplyDeleteඔව් වීපොකුර...
Deleteයාළුවෙක් මගේ ඔටෝ එකේ ලියලා තිබුණා මෙහෙම
''හමුවීමක් තුල රැදි සුන්දරත්ව
වෙන්වීමක් තුල වියකීයා හැක '' කියලා..
ම්ම්ම්ම්ම්ම්ම්.......... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකද ඔයා නිහඩ අද?
Deleteහ්ම්ම්ම්ම්මම්....හැබෑව තමයි...
ReplyDeleteහ්ම්ම්ම්..
Deleteකොහෙන් මොන රහට කෑවත් අම්මගේ අතින් හැදෙන කෑම එක තරම් නෑ
ReplyDeleteබත් පත දැක්කම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර ...
Deleteජීවිතය ගමනක් බට්ටි. නැවතුම්පොලක් එහෙම නෙමෙයි.
ReplyDeleteඒත් මම පෙරේතයි පොඩ්ඩි අක්කියෝ.. ආදරේ ලග ජීවිතේ නතර කර ගන්න උත්සාහ කරනවා. ඒත් බෑ ඒ ගමන කාදාවත් නතර කර ගන්න....හ්ම්...
Deleteතව දෙයක් ඔයා මට ලොකු හයියක්....
කාලෙත් එක්ක ජීවිත වෙනස් වෙනවා බට්ටි අක්කෙ.. මොන වෙනස් වීම වුනත්, ජීවිතේ හයියෙන් අල්ලගෙන, අතෑරලා නොදා දිගටම ජීවත් වෙන්න පුලුවන් නම්, අන්න ඒක තමා ජයග්‍රහනය.. ඔයා කොහොමහරි දිනුම් කණුවට යන්න.. වෙන්වීම්, අතෑරීම් ගැන හිතන්න එපා.. තමන් හොදක් කලානම්, කවදාහරි හොදක් වෙයි!!!
ReplyDeleteඔව් හිතූ.. වැටෙන්න පුළුවන් උපරිමේටම වැටිලා හෙමින් නැගිටින නිසා දැන් බයක් නෑ..
Deleteඒත් ඈත්වීම් මගේ හිතට ලොකු බරක් හිතූ.. මම මිනිස්සු පුදුමාකාර විදියට පපුව මැද්දාවෙන් තියා ගන්නවා. හැමදාම දුකට හේතුව වුනේ ඒක..ඒහෙම දැන දැනත් තවමත් අත අරින්න බැරි වුනෙත් ඒ පුරුද්දමයි...
හ්ම්ම්..දුකයි තමා යාළු බට්ටියෝ..මොනා කරන්නද..හිත හදාගෙන ඉමුකො..:)
ReplyDeleteඔව්.. හීන පිරිලා...ඒ වෙනුවෙන් හැම දේම කැප කරන්න වෙනවා..
Deleteබට්ටි..
ReplyDeleteඇයි පැටියෝ....?
Deleteසමහර දේවල් , වගේම හිතේ ගුලිවෙලා ඉන්න අය වෙන්වෙන වෙලාවට වඩාත් ළංවෙනවා. ඉන්පස්සේ හැමදාම හිත යට හැංගිලා ඉන්නවා. ඒ තමයි ජීවිතවල හැටි.
ReplyDeleteහ්ම්.වෙලාවකට ඒක ලොකු දුකක්. තනියම ඉන්න වෙලාවට කෑගහලා අඩන්න හිතෙනවා.
Deleteනිකන් ඉන්න වෙලාවට සිංදුවක් නොකිය ඉදලා නැති මම අද සිංදුවක් කියන්නෙ නැති ගානටම ඇවිත්..මූණු පොතට ඇවිත් යාළුවො එක්ක විහිළු කරලා යාන්තම් දුක තුනීකර ගන්නවා..
බ්ලොග් එකකට දමන මුල්ම කොමෙන්ටුව සංවේදී පෝස්ටුවකට දමන්න ලැබීම සතුටක්.
ReplyDeleteඅපිට මේ ලෝකයත් තාවකාලික නවාතැනක් විතරයි. එහෙව් අපි ජීවිතය පුරාම එක එක තැන වල රැඳෙනවා...ආයෙමත් එතැනින් යනවා...අන්තීමට මේ ලෝකයෙන් යනකල්ම....
ලොකු සතුටක් යාළු.. ඔයාගෙ පලවෙනි කමෙන්ටුව මගේ බ්ලොග් එකට වැටුන එක..
Deleteපුළුවන් හැම වෙලාවෙම එන්න බට්ටිව බලන්න.
ඔයාව ආදරයෙන් පිලිගන්නවා බට්ටි ලොවට...
ස්තූතියි නංගා...ඉඩක් වෙතොත් මේ පැත්තටත් එන්න. හැමදාම පැත්තකට වෙලා බ්ලොග් කියවාපු මම... ලියන්න පටන් ගත්තා.
Deletehttp://lihinigejeevithaya.blogspot.com/
සතුටුයි අක්කියෝ..ලියමු දිගටම බට්ටි එනවා හැමදාම...
Deleteසතුටුයි අඳුනාගන්න ලැබුණාට බට්ටි අක්කාව.මම අදමයි මේ පැත්තේ ආවේ. ලස්සනයි මේ බ්ලොග් එක.මේක වටිනවා අපි හැමෝටම. සුභපතනවා ඔයාට !!
ReplyDelete:)
හුගාක් ස්තූතියි යාළු..පිලිගන්නවා බට්ටි ලොවට ආදරයෙන්..
Deleteහැබෑට ආවගමන් කොමෙයි දැන ගත්තෙ මං බට්ටි උයාගෙ අක්කා කීලා.. කීනන් බලන්න මට ඒක...
ලියලා තීන දේවල් කියෝලා පොඩි ගෙස් පාරක් දාලා.
Deleteඔයා දැන් ඉට්ටෝලෙ ගීන් ඉවල ඇති නේ. මම තාම ඉක්කොලේ යන තූති බත්තෙක් :P
ඒකයි අක්කි පැතියෝ...හැබැයි මේ වකාට වැලදීමක් ඒම වුණානම් තොරි හොඳේ
කාලය ගැනනම් ගොඩක් දේ කියන්න පුළුවන් අක්කේ..
ReplyDeleteඔව්.. විටෙක සුන්දරයි..තවත් වෙලාවට දුකයි...
Deleteකාලය හැමදේම වෙනස් කරනවා බට්ටියේ..... ජිවිතේ අපි හිතන හැමදේම අපිට ඕන විදිහටම වෙන්නේ නැහෑනේ කියලා හිතලා ජිවත් වෙන්න..
ReplyDeleteදුකයි කියලා දන්නවා ඒත් කාලය හැම දේකටම විසදුමක් දේවි බට්ටි අක්කා
ඔව් දේවා..බලමු..බට්ටිගෙ දුකත් ඉවර වෙන දවසක් එයි..
Deleteඔය ආව ගිය අය අතරෙ අළුතින්ම ජීවිතේ ළග නැවතුණු අක්කා කෙනෙක් නේද මම? අවු 12 ක්ම මමත් ඉන්නෙ ගෙදරින් පිටනෙ.. ඉතින් ඒ දැනෙන හැගීම් මටත් හොදටම දැනෙනවා.. ගිම් කියන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ... මීට වඩා කෑම සහ නින්ද ගැන සැලකිලිමත් වෙන්න ඕන... අනිවාර්යයෙන්ම... බට්ටී හොදද? මේ අක්ක නම් ටිකක් වසයි හොදේ.
ReplyDeleteඔව් අක්කියෝ...ඒ ලංවුන අය ගෙන් උඩින්ම ඉන්නේ
Deleteගිම් අක්කයි ෆාතිමා අක්කයි...කියන්න දන්නෑ .. හැම වෙලාවෙම ඒ දෙන්නෑ පුදුමාකාර විදියට මං ගැන හොයනවා. අනිත් අය තමයි ඔයා,රොසෑන්,හිරූ, කාව්‍යා අක්කි...ඔයා වගේ අක්කෙක්ගෙ නංගෙක් වෙන්න ලැබුන එක ලොකු සතුටක් බට්ටිට...
අනේ තා කන්න කීන්නේ මොකද අප්පා.. මම මහතයිනේ? ඔයා ඒක දැක්කනේ.. ඇයි තව අර බත් ගෙඩියත් සේරම කෑවෙ ...ෂා ඒ වගේ බත් නම් ෂෝයී...අම්මගෙ බත් කටක් කෑව වගේ දැනුනේ ඔයාගෙ බත් එක කද්දි..
දැන් වේලාසන දෝ ගන්නවා ඒත් නින්ද යන්නෑ අප්පා. ආ ඊයෙ එකටත් විසදුමක් ගෙනාවා. දැන් මම තනියම නෙවෙයි දොයියන්නේ...තා එක්කෙනෙක් ඉන්නවා මගේ ලගින්ම තනියට...
ම්ම් බට්ටි දුකින් ලියපු පෝස්ට් එකක් වගේ.ප්‍රියයන්ගෙන් වෙන්වීම මොන තරම් හිතට දුකක්ද කියලා දන්නේ ඒ අද්දැකීම විඳපු අයම තමා.කාලය විසින් බට්ට්ගේ හිතේ දුක තුනීවෙලා යාවි.අනික මේක තාවකාලික වෙන්වීමක්නේ ඒ නිසා හිත හදා ගන්න බලන්න
ReplyDeleteඅමාරුවෙන් වුනත් මේ දවස් වල ඒක කරනවා.. නොකර බැරි නිසාම..
Deleteඔය මොනවා කිව්වත් තව ටික දවසකින් බට්ටි කියයි
ReplyDeleteරොසෑන් මේ ගෙදර අය මගේ පවූලේ අය වගේ... මං ගොඩක් ආදරෙයි... මගේම අය වගේ....
මං නොදන්නා බට්ටි :P :P
<< පොඩ්ඩක් කේන්ති ගස්සන්නත් එක්ක කිව්වේ >>
<< කාපිය යකාම කියල කියන්න එපා. මං යක්කුන්ට බයයි >>
මට කේන්ති යන්නෙ නෑ අලී..එනවා විතරයි...
Deleteඉන්නවකො මම උදේ කීව එක කරන්න...press shift + delete ගහලා format කරනවා හදවත ..අලිද?
හරියට බලල ඩ්‍රයිවර් සි.ඩී ඉන්ස්ටෝල් කරගන්න. නැත්නම් ආයිත් අපිටමයි කරදරේ...
Deleteනෑ මම format කරලා පොලොවෙ ගහනවා. එතකොට උයාලට වදයකුත් නෑනේ...ඇරත් හැමෝමලග තියෙන්නේ ට්‍රයල් වර්ශන්..එව්වා දැම්මොත් නිතර නිතර රීස්ටාටට් වෙන්න පටන් ගනී...ඒව්වා කරදර වැඩ අප්පා...
Deleteපුරුදු පරිසරයෙන් ඇත් උනාම පුදුම දුකක් දැනෙනවා තමයි මටත් තියනවා ඔය අත්දැකිම...ඒත් ඉතින් මොනා කරන්නද බට්ටියෙ ජීවිතෙ හැටි ඔහොම නම් අපි පුරුදු වෙන්න ඕන යතාර්ථයට මූණ දෙන්න!
ReplyDeleteයතාර්ථය කටුක වුනත් ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒත් මගේ අක්කියෝ දන්නවනේ මගේ හිත ගැන. අනේ මන්දා මට තේරෙන්නෑ වෙලාවකට කේන්තියි . පුංචි නියපොතු තුඩක් වැදුනත් මගේ හිත හීරෙන එකට...
Deleteකඩෙන් හැමදාම කන වඳුරු දත් හාලේ බත් කනකොට අම්ම උයල දීපු හීල් බතුයි සම්බෝලෙයි මතක් වෙලා කොච්චර නම් මම හුල්ලලා ඇත්ද.
ReplyDeleteහෑ ''වඳුරු දත් හාලේ බත් '' මම තාම ඔව්වා කාල නෑනේ අප්පා.. කොයි තියෙන්නේ ඔය ජාතිය බත්..?
Deleteසෑහෙන්න සංවේදි හදවතක් තියෙන බට්ටියෙක්...
ReplyDeleteමට ඕක නෑනේ අප්පා මාසයක් ගෙදරින් පිට හිටියත් කවුරු හැදුවද කියලා බලන්නෑ අහුවෙන හැම දෙයක්ම දීලා ඇද්දා බුරිය උල් වෙන්න... කොහෙන් කෑවත් කෑමනේ කියලා හිතාගෙන හිටියේ.අනික කෑම දැක්කම මට ටිකක් සිහිමද ගතියක් එනවා.තියෙන සේරම කාලා ඉවරකරනකන් ප්‍රකෘති තත්වයට එන්නේ නෑ...
හැබැයි අවුරුදු දෙකක් කියන්නේ ගොඩාක් ලොකු කාලයක්....
ඔන්න මග හැරුන පොස්ටුව කියෙව්වා ... හිතට දුකයි තමයි ගොඩක් ආදරණීය යෝ වෙන් උනාම.....බට්ටි ගෙවල් මාරු කරපු බව මන් දන්නේ අදනේ...
ReplyDelete