July 30, 2012

ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ?



හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන් අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට.  ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔ‍ක්කොම අක්කිලත් දැන් ‍බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්. 

මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ? හේ හේ තව අයත් වැටිලනේ. ‍ ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර ළිදේ වැටුන අනිත් අය ගැන.....:P 

ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ. මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ, බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.  

කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින් අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්.... 

ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ. ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි  කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත් බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක් නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි තුන් දෙනා මෙයාව බේර ගෙන.  ඇදුම් සේරම තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල් කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D

83 comments:

  1. Replies
    1. :D
      මෙන්න ඔයාට 1 වුනාට බට්ටිගෙන් පුංචි තෑග්ගක්...(තෑගි සදහා ප්‍රධාන අනුග්‍රහය හි‍ටිගමන් අතුරුදහන්වුනු සදගෙන්...මම දන්නවා එයා ඇවිත් බලලා යනවා කියලා.ස්තූතියි මගේ යාළුවේ.ඔයා නිසානේ බට්ටි තෑගි දෙන්නේ)
      [im]http://www.p-wholesale.com/upimg/24/136a1/fancy-keychain-12.jpg[/im]

      Delete
  2. haneee mehemath gon aliyek abayak wenuwen lidata paninawada mole thiyene ekiyak ayyo salli hik hik

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි දෙක වෙනියට තෑග්ගක් තියෙනවා තැනක කැමතිනම් පැනලා ගන්න....

      Delete
    2. හේ හේ මට විතරද බස් එකේ හැමෝම ඔයාට කියන්නේ ලොකු මැට්ටි කියලා..ඉතිං අමුතුවෙන් වෙන්න දෙයක් නෑ.....හිකිස්..

      Delete
  3. සිංහල ටයිප් නොකල දඩිබිඩියෙ සින්ග්ලිශ් වලින්ම දැම්මා එක වෙයි කියලා හිතාගෙන බලමුකො මොකො වෙලා තියෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. අයියෝ මගේ සුදු අක්කියා අද දෙකනේ....

      Delete
  4. මේ පුංචි කෙල්ල = බට්ටි කෙල්ල
    හරිද මන්දා...

    ReplyDelete
  5. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය...
    හික්ස් :)
    අපෝ බලාගෙන ගියහම බට්ටි කියන්නේ පෙරේත කෙල්ලෙක් නේ. තාමත් ඔය පෙරේතකම තියෙනවද කියලා දන්නේ නෑ නේ. :)

    අර අක්කට ගොඩක් ස්තුතියි මෙහෙම කතා මතක් කරලා දුන්නට. එතකොට අපට කිය කියා හිනා වෙන්ඩ පුලුවන් නෙ .:)

    ReplyDelete
    Replies
    1. හා දැන් කවුද කිව්වේ මේ බට්ටි කියලා. බලන්න මධූ මාමේ මේ මං බට්ටි මෙහෙම වැඩ කරනවද ?

      කියව කියව හිනා වුනාටකමක් නෑ අලී කියෝ කියෝ හිනා වෙන්නෑ අලිද?

      Delete
  6. අපි මේවා කාටවත් කියන්නේ නෑලු......:DDD
    හැබැයි ඉතින් පෙරේත කමේ තරම දැන් උනත් පේනවාලු......:DDD

    ReplyDelete
    Replies
    1. අන්න හොද අයියලා...:DDD
      වැඩක් නෑනේ ඔයා චොකෝ කේක් දුන්නේ නෑ නේ..මං බට්ටි දුකෙන් ඉන්නේ...:DDD

      Delete
  7. මට මේ කතාව බැලුවම හිතෙනවා අර ප්‍රසා ඔයාට කියන නම හොදටම ගැලපෙනවා කියලා :D

    ReplyDelete
    Replies
    1. අලි දැන් උයා මගේ අක්කද? නැත්නම් ප්‍රසාගෙ අක්කද? සේරටම කලින් මට‍ ඒක කියන්න ...:D

      Delete
  8. මෙහෙමත් පෙරෙත කමක්..
    ඔච්චර පෙරේත කමට කන එව්ව කොහෙට යනවද මන්දා

    ReplyDelete
    Replies
    1. උණ පුරුකක්ලූ....හිකිස්...

      Delete
  9. මේ බටු ඇටේ මී මැස්සියක් වගේ එහෙ මෙහෙ පැන පැන වැඩ කරන හැටි දැන ගන්න ඕන නම් මගෙන් අහන්න හොඳඳ? ඔය කොයි තරම් කනවා කිව්වත් අනේ මන්ද ඒ කන ඒව කොහේ යනවද කියල... පිටින් තියල ඇලෙව්වනම් වඩා හොඳයි මයෙ හිතේ... ඉස්සර මේ ළමයා බදා ගෙන කෑවට දැන් නම් බෙදා ගෙන කන හොඳ ළමයෙක්..

    එදා මට දුන්න මැලිබන් ලෙමන් පෆ් එකේ රස තාම දැනෙනවා... පුංචි බෝනික්කා ඒකත් බට්ටි වගේම තමයි... මොනා උණත් බට්ටි හොඳ කෙල්ල... මේ ලියල තියෙන්නෙ නම් එයා ගැන නෙවෙයි...

    අනේ බට්ටියො මේ ලස්සන ගමට අපිවත් එක්කරගෙන යන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හේ හේ මෙන්න මෙයා අදත් මාව අර අත්ත උඩින් තිබ්බනේ. මම වැටෙයි ළමයෝ....
      ආ මට කියන්න අමතක වුනානේ ඔයාට දුන්න ලෙමන් පෆ් එකට ආද‍රේ කිලෝ 2ක් දැම්මා. ඒකයි ඒක ඒ තරම් රස...ඒ මම හදපු ඩොල් පලිත්තමින් තියා ගන්න. එයාටත් මට වගේමවිසේ ඇති..

      අක්කි ඉතිං කෝමත් එන්න ඕන..හැබැයි දැන් ගම කාෂ්ටක වෙලා. වතුර නෑ අක්කේ ඉස්සරවගේ. ඒ තරම් ලස්සනක් පෙන්නෙත් නෑ මට නම් දැන්...

      Delete
  10. හෙහ්..හෙහ්..පොඩි ඈයො ඔහොමනෙ අප්පා...!

    ReplyDelete
  11. බට්ටි කන්න අසයි තමා. එත් ඉතින් හිතේ හැටියට කන්න බට්ටිගේ බඩේ ඉඩ නෑ නේ...
    ඊයේ කන්න අරන් දුන්නම කාපු හැටි දැක්කේ මං විතර නේ... :P
    හූ... හූ... හූ... හූ...

    ReplyDelete
    Replies
    1. හරි නාකයි අප්පා උයා නම් මෙව්වා මෙහෙමත් ප්‍රසිද්ධියේ කීනවද මං අහන්නේ..
      ඉන්නවකෝ මමත් කීන්න එහෙනම් අනිත් ඒවත්..
      කවුද දන්නෑ දෙවෙනි පාරටත් බිල් කරලා කෑම අරන් කාපු කෙනා නේද? මට ඕනෙනම් කනෙන් පෙන්නන්න පුළුවන්.
      හූ හූ හූ.......

      Delete
  12. පෙරේත බට්ටියෙක්!සෝක් කතා පොඩ්ඩ ඈ! :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පෙරේත බටු ඇටේ.මං නෙවෙයි...ස්තූතියි යාළු

      Delete
  13. හික් හික් මට මගෙ පොඩි එකී කරන වැඩ පේන හන්දා කතාව හිතාගත්තෑකි

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. එයත් දගයිද ලොකුජෝන් මේ පුංචි කෙල්ල වගේ ....

      Delete
  14. මමත් මේක කියෙව්වලු ඉතින්. හරි ෂෝක් කතාවලූ :D

    ReplyDelete
    Replies
    1. හසිත් හැමදාම එනවනේ ඉතිං ලියන කතා කියවන්න..ස්තූතියි යාළු....

      Delete
  15. අම්මපා මෙහෙමත් පෙරෙත කෙලි පැටික්කියක් ඔන්න බට්ටිට එහේම නෙමෙලු මෙහෙම කියන්නේ ...එකයෑ බට්ටියේ මාත් පොඩි කාලේ ලිඳක වැටිලනේව පොඩිකාලේ ලිඳක වැටුන් නැත්නම් කිසි ගතියක් නෑ වගේ නේද හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කිසිම ගතියක් නෑ.......
      ලියන්නකෝ රාජ් අයියත් ලිදේ වැටුන හැටි.....

      Delete
    2. එහෙනම් පොඩි කාලේ මතක් කර ගෙන මමත් පයිනව ළිඳේ
      කොහෙද මේ අපේ අම්මලට පොඩි කාලේ අපිව ළිඳකට දාන්න උවමනාවක් තිබ්බේ නෑනේ :p

      Delete
  16. නියම කතාව අක්කියෝ.... :D

    ReplyDelete
  17. බ‍ටු ඇටේ තමා හරිම නම.....හික්හික් ....

    ReplyDelete
    Replies
    1. හේ හේ තව නම් කෝටියක් විතර තියෙනවා.අම්බෝ ඒවනම් කීන්නෑ....

      Delete
  18. අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද :P
    අදනම් සෑහෙන පරක්කුයි
    කෝ ඔය මට කලින් කිව්වේ නෑනේ දානවා කියලා

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා පෙරේතම නෑ....:P
      එහෙම කියන්නෑ....

      Delete
  19. මෙහෙමත් පෙරේත කමක් හි හී..

    ReplyDelete
    Replies
    1. හේ හේ ...
      හංසයාව බට්ටි ලොවට පිලිගන්නවා හදවතින්ම....

      Delete
  20. හයියෝ කොහෙද බටු ඇටේ මෙච්චර කල් ගිහින් හිටියේ.

    කතාව නම් නියමයි. ඉතින් අර අඹ ගෙඩිය තනියම කෑවද එදා ?

    ReplyDelete
    Replies
    1. කොයිවත් ගියේ නෑ අක්කියෝ....
      ස්තූතියි අක්කේ...
      කෑවද කියලත් අහනවා..ලෙලි ටික කටින්ම ගලවන් කාලලු..

      Delete
  21. හි හි..ෂෝයි..උඩ තියන සපත්තුවත් ෂෝයි බට්ටියෝ,,..:)

    ReplyDelete
    Replies
    1. හී හී ස්තූතියි යාළු.
      ඔයා 1 වුන දාකට දෙන්නම් මේ විදිය එකක්..

      Delete
  22. ළිහිණි නම් ඔන්න පෙරේත කෙල්ලට හිනා වෙන්නෙ නෑලු.( මොකද ළිහිණි ඊටත් වඩා පට්ට පෙරේත හන්දලු ;) ) බට්ටි ඔළු පලා ගත්තා වගේම ළිහිණි පෙරේත කම හන්දා අත කඩා ගත්තලු

    ReplyDelete
    Replies
    1. අදහන්නත් බෑලු.මේ සුට්ටි කෙල්ලටත් වඩා පට්ට පෙරේත කෙනෙක් ඉන්නවා කිව්වහම...

      Delete
  23. ළිඳේ වැටුන බට්ටිට අඹේ අමතක වුනේ නැතිලු

    ReplyDelete
    Replies
    1. බට්ටි හා දැන් කිව්වද මේ බට්ටි කියලා...

      Delete
  24. දගකාර පුංචි උන්ට මමත් හරි ආසයි. මට මගේ දෝනිගේ වැඩ මතක් උනා.

    හැම වෙලාවෙම මම නංගි බබාටත් කියන්නේ. මෙයා මෙහෙමම ඉන්නවානම් කියලා.

    බට්ටිට ජය...!

    ReplyDelete
    Replies
    1. හේ හේ දගවැඩ හොද නෑ බලාගෙනයි කීන එකට මාත් ආස නෑ..
      ස්තූතියි යාළු

      Delete
  25. බට්ටි අක්කා පෙරේතියක්!!! හූ..හූ..( තරහා නෑනෙ?? විහිලු හොදේ)

    ReplyDelete
    Replies
    1. බෑ බෑ මම තරහයි..ඒක කිව්වේ විහිළුවටලුනේ ඒක නිසා..

      Delete
  26. අපෝ.. අඬන්න තිබුනේ "අනේ මගේ අඹගඩිය වැටුණා ඒකත් අරන් දෙන්නකෝ කියලා" එහෙම වුණානම් කැදර කම අඩු බව පෙන්න්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හී හී දැන් නම් මතක් වෙද්දි හිනා..කෝමද අප්පා මේ තරම්ම පෙරේත වුනේ කියලා..

      Delete
  27. මගේ වලි අක්කා හලි පෙරෙතයිනේ බලන් යද්දි.. චොකෝ නැවක් ගේන්න වෙයිද මන්ද මට මේ විදිහට... :)

    ReplyDelete
    Replies
    1. මගේ මල්ලියා චොකෝ නැවක් ගේන්න ඒනෙ නෑ ලොකුම තඩිම තඩි සයිස් එකක් ගෙනාවහම හොදටෝම ඇති...

      Delete
  28. අපි දන්නවලු පෙරේතකමට ඔය වගෙ වැඩක් කරලා තියන්නෙ, මෙ අපෙ බට්ටිම තමයි කියලා....ඒ උනාට ඉතින් බට්ටි හොඳ කීකරු ළමයෙක් නිසා, අපි කාටවත් කියන්නැලු අපෙ ආදරනීය බට්ටි මැට්ටියෙක් කියලා. පෝස්ට් එක ලස්සනට අකුරු කොටලා තියනවා බට්ටියෙ....:))

    ReplyDelete
    Replies
    1. අනේ මෙච්චර කීලත් මේක මගේ එකවුන්ට් එකට දානවනේ..කෝම වුනත් කාටවත් කීන්නෙ නැති නිසා ෂෝයි..මගේ අක්කා බට්ටි ලියන ඒවට හැමදාම ආසයිනේ..ඒක මං බට්ටිට ලොකු සතුටක්...

      Delete
  29. :O ඒ බටු කෙල්ලට තිබිල තියෙන්නෙත් බට්ටිගෙ මොළේමයි හැබැයි! :D

    ReplyDelete
    Replies
    1. ඔයා විතරයි අප්පා මට මොලේ තියෙනවා කිව්වේ..ඒකනිසා මුකූත් කියන්නෑ වෙන...:D:D:D:D

      Delete
  30. හපෝ මේ කෙල්ලගෙ පෙරේත කමේ තරම.... :))

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බලන්න නේද අක්කේ.හරිම කැතයි...:))

      Delete
  31. හ්ම්...සමාවෙන්න ඕනි මුලින්ම පෝස්ටුව බලන්න පරක්කු උනාට...
    රෙහානිට පුංචිම පුංචි කරදරයක් උනාලු...බ්ලොගිය පැත්තේ එන්න බැරිඋනා..
    ඒකයි...
    අඹ කන්න අපිත් ඉතින් ආසයි...හැබැයි ලිදේ වැටුණු එක ගන්න ගිය එක තමයි වැඩේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකද රෙහානි වුනේ..?
      මට හොයල බලන්නත් බැරුව ගියා මේල් එකකින්වත් සොරි වෙන් ඕන..
      පමා වුනාටකාරි නෑ පමා වෙලා හරි ආවනේ....

      Delete
  32. චිකේ.. චිකේ.. මෙහෙමත් පෙරේතකමක්.ඔන්න මම නම් කෙළින්ම ඔයාගෙ ඔපොසිට්.ගෙදර මිනිස්සු මට කතා කරන්නෙ ශ්‍රී ලංකා නිරාහාර සංගමයේ සභාපති කියලා.

    ReplyDelete
    Replies
    1. ඒනම් වැඩක් නෑ...ඒකට අපි..

      Delete
  33. බට්ටි පෙරේතී........ :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෝ මේ ..
      එක්කො ඕනෙ නෑ....

      Delete
  34. මාත් ආවලු. කලින් ඇවිත් නැතිලු. ආයෙත් එයි ලු. FB වල දැකල තියනව ලු. හිකිස් ලු.

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා බට්ටි ලොවට ආදරයෙන්..මූණුපොතේ ඉන්නවා ඉන්නවා...

      Delete
  35. ඔහ්..මෙච්චරම පෙරේතද...

    ReplyDelete
    Replies
    1. මේ මං බට්ටි නම් ඔන්න එහෙම නෑ සදලි අක්කේ...

      Delete
  36. එතකොට අර බටු ඇටේ වගේ බටු කෙල්ල කොහේ හරි සෙල්ලමට හැංගුනාම හොයන්නත් බැරුව ඇති නේද බට්ටි අක්කේ...

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඔව්...ඇයි ඉතිං ටික්කා වගේලුනේ එයා...

      Delete
  37. ඒ ඉතින් බට්ටිම තමයි. වෙන කවුද අඹ පෙරේතයො ඉන්නෙ. ඒක නෙවෙයි බට්ටි. මට කියන්න අර උඩම කමෙන්ට් එකේ තියෙන සපත්තුව කමෙන්ට් එකට දාන්න ඔයා මොකද කලේ?
    ඔයා ටෙම්ප්ලේට් එකට ගිහින් වෙනසක් කලාද, නැත්නම් නිකම්ම කෝඩ් එකක් තියෙනවද ඉමේජ් එක දාන්න, එතකොට ඔය ඉමේජ් එක තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකේම වෙන්න ඕනැ නේ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒ සපත්තු දාන එක මට හදල දුන්නේ සද.එයා දැන් නෑනේ අනේ.මගේ මැෂිමෙන් හදද්දි මම බලන් හිටියා.ඒත් කියල දෙන්න තේරෙන්නෑ.එයා කෝඩ් වගයක් වෙනස් කලා.ඒ වගේම එක්ක කරන්න යන එක ලොකු රිකිස් එකක් කියලත් කිව්වා.එහෙම කරන්න ගිහින් වැරදුනොත් හදන්න බ්ලොග් එක අවුල් වෙනවා කිව්වා. මගේ එක හැදුවෙත් බයෙන්ලූ.මොනවා හරි වෙයි කියලා.ඒත් වැඩේ ගොඩ ගියා....

      Delete