November 6, 2011

කොහෙමද කියලා කියන්නකෝ මගේ බෝනික්කා.....

සෙනසුරාදා කියන්නේ මට ලැබෙන එකම නිවාඩු දවස. එදාට තමයි කරන්න තියෙන හැම වැඩක්ම කරලා මගේ පන්තියටත් යන්නේ. ඉතිං මේ සතියේ නිවාඩු දවසේ ටිකක් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතලා කරන්න තිබුණු හැම වැඩක්ම සිකුරාදා රෑ කරලා ඉවර කරලයි නින්දට ගියේ. 
බට්ටිට ඉතිං නිකන් ඉන්න බැරි පොඩි පහේ ලෙඩක් තියෙනවා. පන්ති ගිහින් එද්දී බිත්ති සැරසිල්ලක් හදන්න බඩු අරගෙන ආවා. 
6ට විතර පටන් ගත්තා බිත්ති සැරසිල්ල හදන්න. කළු රෙද්දේ රෝස මල් ඉත්තක් ඇදලා ඒකෙ එම්බෝස් ප්ලේන්ට් ගෑවා. ඒත් ඉතිං එම්බෝස් කරලා පැය 24 ක් වේලෙන්න තියන්න ඕනනේ.දැන් ඉතිං මෙනවද කරන්නේ. 
කරන්න දෙයක් නැතුව හිත හිත ඉදිද්දී මීටරේට ආවා ‍වැඩක්. මං දවසක් දැකපු එකක්. හදන්න ඕන කියලා හිතන් හිටියට හදන්න වුනේ නෑ.
පුංචි බෝනික්කෙක්. හැදුවේ A4 කොළ විතරක්ම යොදා ගෙන. කීටැක් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ. 
හදලා ඉවර වුනාට පස්සේ ආසාවට මගේ පෝන් එකෙන්  පොටෝ ටිකකුත් ගත්තා. හැබැයි පොටෝ නම් හුගක් පැහැදිලි නෑ. 
ඔයාලා බලලා කියන්නකෝ ලස්සනද කියලා. එහෙම වුනොත් ඉතිං මං වැඩි පුර ටිකක් හදන්න තමයි හිතාන ඉන්නේ.






26 comments:

  1. මරු බෝනික්කෙක් !!
    ඒක නෙමේ ඔයා පංතිත් යනවද ?

    ReplyDelete
  2. ෂා නියමයි...
    එළ එළස්....

    ReplyDelete
  3. දැන් කීයකට විතරද ඕක මාකට් කරන්න හිතන් ඉන්නේ...
    (ඇහැකිනම් හදන හැටිත් එකින් එකට විස්තර කොලානම් ...)

    ReplyDelete
  4. අනේ ලස්සනයි අපිටත් හදන හැටි කියල දෙන්නකො.අපේ බබාටත් එකක් හදල දෙන්න

    ReplyDelete
  5. නදී අක්කා කිව්වා වගේ මටත් කියා දෙන්න ඒක හදන හැටි. මාත් ආසයි ස්වයං රැකියාවක් විදිහට කරන්න. :)

    ReplyDelete
  6. @ මධූ
    ස්තූතියි මධූ. ඔව් මේ ලගදී ඉදන් කම්පියුටර් කේෂ්ත්‍රය ගැන තව ඉගෙන ගන්න කියලා යනවා.

    ReplyDelete
  7. @ නෝටියා
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  8. @ නාකියා
    හිතන් ඉන්නේ නම් 40කට විතර දෙන්න තමා.

    ReplyDelete
  9. @ නදී
    මටත් ඕක හදලා ඉවර වුනාට පස්සේ තමයි මතක් වුනේ. මං පින්තූරත් එක්කම ඉඩක් ලැබුණු ගමන් දාන්නම්කෝ.

    ReplyDelete
  10. @ මධු
    ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන් ගොඩක් අත්කම් මම දන්නාවා. හැකි ඉක්මනින්ම ඒ හැම දෙයක්ම මං ඔය ගොල්ලන්ට කියලා දෙන්නම් කෝ.

    ReplyDelete
  11. අන්න නියම වැඩක්....හිත සමාධි කරගෙන මේ වගේ සියුම් වැඩ කරන්න දිල් හරිම ආසයි...ඉස්සර නිවාඩු තියෙද්දී අහක දාන A4 කොළ නවලා හන්සයෝ හදනවා...නියම වැඩක් බට්ටියෙ...

    ReplyDelete
  12. @ අක්කා (දිල්)
    අක්කා දන්නවනේ දැන් බට්ටි පුදුමා කාර විදියට නිවිලා ඉන්නේ. ඇත්තම කියනව නම් ගමෙන් එද්දී බට්ටි හරිම බොලද පොඩි ළමයෙක් වගේ හිතන අහිංසකියක්. මං විශ්වාස කරනවා දැන් ඉන්නෙත් ඒ එදා ගමෙන් ආපු බට්ටිමයි කියලා.
    පුංචි පුංචි නිර්මාණ මට එක පාරක් දැක්කත් හදන්න පුළුවන්. අක්කා එන්නකෝ දවසක් මට එනවා කියලා කලින් කියලම. මං ඔයාටත් මොකක් හරි ලස්සනම දෙයක් හදලා දෙන්නම්. මගේ හදවතේ රැදිලා ඉන්න අයට මං දෙන ලොකුම තෑග්ග තමයි ඒ.

    ReplyDelete
  13. හරිම ලස්සනයි අක්කේ.. අක්කා ගොඩක් දේවල් දන්නවනේ..

    ReplyDelete
  14. @ Dinesh
    ස්තූතියි මල්ලීයෝ. ලොකුවට නෙවෙයි ටිකක් ටිකක්.

    ReplyDelete
  15. මං නං එල්ලයි ඔය වගෙ කී ටැග් එකක්

    (බට්ටි තරහ වුනත් ඔන්න කිව්වෙ නං ඇත්ත)

    ReplyDelete
  16. අනේ ෂෝක් නෙ මෙයාලා... මටත් එක්කෙනෙක් ඕනේ.. :D

    ReplyDelete
  17. batti ට හොඳ හැකියාවක් තියෙනවනේ....
    හරි ලස්සන බෝනික්කෙක්.
    ඔය වගේ දේවල් ටිකක් හදලා කොළඹ ලොකු ලොකු කඩවල් ටිකකුත් අල්ල ගත්තනම් බට්ටිටත් හොඳ බිස්නස් එකක් කර ගන්න බැරි වෙන එකක් නැහැ.

    ReplyDelete
  18. @ Observer
    ‍මෙන්න වැඩක් කව්ද දැන් ඔයාට ඕක එල්ලන්න කිව්වේ.(හැබැයි ඉතිං මොනවා කිව්වත් මේ බට්ටි තරහ වෙනවනම් බොරැ)

    ReplyDelete
  19. @ Ice
    සාදරයෙන් පිළිගන්නවා ඔයාව බට්ටි ලොවට. මං හදන හැටි කියල දුන්නහම ඔයා එකක් හදා ගන්නකෝ.

    ReplyDelete
  20. @ ලොකු පුතා.
    බට්ටිට ඉතිං බිස්නස් හීන ගොඩක් තමයි තියෙන්නේ.බලමුකෝ ලොකූ මගේ පුංචි සැලසුම් ටිකක් තියෙනවා.

    ReplyDelete
  21. ඕක හදන හැටිත් කියන්නකො නංගි අපිටත් හදලා බලන්න.

    ReplyDelete
  22. @ නිසුපා අක්කා
    පුළුවන් තරම් ඉක්මනින් දානවා අක්කේ. මොකද පියවරෙන් පියවර පින්තූර එක්කම දාන්න හිත. මගේ ෆොන් එකේ පින්තූර ඒ තරම් පැහැදිලි නෑ. පින්තූර නැතත් මම ලගදිම මං දන්න දේවල් සේරම අනිත් අයටත් කියල දෙන්න පටන් ගන්නවා.

    ReplyDelete
  23. බට්ටි, ඔය ෆෝටෝ එක ගන්නකොට කැමරාවෙ තියෙන මැක්‍රෝ බට්න් එක ඔබලා ගත්තා නම් හරි. අර මල් පැලයක් වගෙ සිම්බල් එකක් තියෙන්නෙ. සමහර කැමරා වල මැක්‍රෝ සුපර් කියල ඊටත් වැඩිය ලඟ ගන්න ඔප්ෂන් එකක් තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  24. ඔයාට වඩා පොඩ්ඩයි පොඩි...:D

    ReplyDelete
  25. @ Dude
    ඔයාව සාදරයෙන් පිළිගන්නව බට්ටි ලොවට. පොඩි ෆෝන් එකක් තියෙන්නේ මං හිතන්නේ ඒකයි පැහැදිලි නැත්තේ.

    ReplyDelete
  26. @ අයියා (මාර)
    ටැප් එකට යන්න තියෙනඉඩ පෙන්නුවහම එතන අගල් ගාන මනිද්දී මං දැන ගත්තා ඔය ටික නම් කියයි කියලා.

    ReplyDelete