Loading...

November 15, 2011

මෙන්න වැඩක් මම යයි හෙමින් ................

මං ඉතිං මගේ පාඩුවේ වැඩ කරලා කඩියා වගේ තමයි හවසට ගෙදර දුවන්නේ. 6ට වැඩ ඇරිලා බස් එකට කලබලේන් යනවා. විනාඩියක් හරි එහෙමෙහෙ වුනොත් ඉතිං හිට ගෙන ඉන්න වෙනවා වෙන බස් එකක් එනකල් හුගක් වෙලා. ඒ වෙලාවට නම් ඉතිං සල්ලි තියෙනව නම් කොහොම හරි හෙටම ගිහින් අර එක පාරක් උඩින් ගිහින් වැටුණ ජාතියේ බයිසිකල් එකක් ගේනවා. ඒකටත් ඉතිං තව අවුරුද්දක්වත් ඉවසන්න වෙනවා. මොනවා කරන්නද? 

බස් එකට යන්නේ මහන්සි වෙලා නිසා ඉතිං නින්ද යන්න ඉඩ තියෙන ඉඩ හුගක් වැඩී. ඉතිං මං සිංදුවකුත් අහගෙන ඔහේ යනවා. එක සිංදුවක් හිතට වැදුනහම ඉතිං බස් එකේ යන කල් ඒ පැයේම අහන්නේ ඒකමයි. ඒ  මගේ හැටියක්. අන්තිමට සිංදුවේ රොඩ්ඩවත් ඉතුරු වෙන්නේ නැති තරමටම අහනවා.

කොහොම හරි ඊයෙත් බස් එකෙන් බහිද්දී කළුවර වැටිලා. මම කළුවරට නම් බය නෑ. ඒත් ඉතිං නොදන්න පැතිවල නිසා ඇගට ගුණයි  කකුල ඉක්මන් කරලා යන එක. මම ඉතිං ඉක්මනට යද්දී කවුද කෙනෙක් එක පාරටම ‘නංගී නංගී ඔයා කොහේටද යන්නේ’ කියලා ඇහුවා. මාත් පිටි පස්ස හැරිලා බැලුවා කවුද බොලේ මේ අක්කා කියලා. බැලින්නං අවු.60 ක 65 ක විතර අක්කා කෙනෙක්. ඕක ඉතිං කොළඹ හැමෝටම තියෙන ලොකු ලෙඩක්නේ. දූලා පුතාලා මෙහේ නෑ. හැමෝම නංගිලා මල්ලිලා. මෙහේ ආපු අලුත නම් මට ඔහොම කියද්දී කන පැලෙන්න දෙකක් දෙන්න හිතුනා. දැන් නම් ඉතිං අනේ ඇගේ ඇලෙන එකක්යැ කියලා හිත හදා ගන්නවා. ඒ අයගෙත් ආසාවනේ.

මං ඉතිං පස්ස හැරිලා ‘දිගටම යනවා’ කියලා මං හැමදාම යන වේගෙටම තමයි ගියේ. ඒ පාර කවුරු හරි පස්සෙන් දුවනවා වගේ ඇහුණා. මං හැරිලා බලද්දී අර අක්කා සාරියත් උස්සන් දුවනවා. මං නතරවෙලා පොඩ්ඩක් ඉදලා ඇහුවා ‘හරි දැන් මොකද ඔයා ඔය දුවන්නේ’ කියලා. ‘අනේ ඔයා හරි වේගෙන් යනවනේ ඒකයි දුවන්නේ’ කියලා. මේක හරි මගුලක්නේ මං යන්නේ අපේ ගෙදර නේ.එයා කොහේ යනවද කියලා මං කොහොමද දන්නේ. ඇරත් ඉතිං මං මොකටද හිමින් යන්නේ.

වැඩේට මට හොදටම හිනා. ගෙදරට යන්න හැරෙන තැනදී මං හැරිලා බැලුවා. එයා ඈත එනවා. මම ඉතිං මේක මෙහෙම ලියන්න හිතුවේ මේ පළාතේ මිනිස්සු හරි වෙනස් ඒක නිසා. මොකද කොළඹ කියන්නේ අපිට හුරුපුරුදු පරිසරයක් නෙවෙයි. ඒකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. ඉතිං අපි දැන ගන්න ඕන පරිස්සමින් ජීවත් වෙන්න. අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ. සමහර මිනිස්සු රස්සාවට චේන් කඩනවා. මනුස්සයෙක් කොයිතරම් නම් දුක් විදලද චේන්පොටක් කරට දාගන්නේ. මම නම් හිතන්නේ ඒ වගේ අයට ලබන ආත්මයක් නම් නැතිවෙයි. මම නම් ඉතිං වේගෙන් ආවේ චේන් එක කඩා ගනී කියලා බයේ නම් නෙවෙයි. මොකද එහෙම කඩා ගන්න චේන් එකක් දාලා තියෙන්න එපැයි. ඒත් මං අදුරන්නේ නැති අය කතා කරද්දී හුගක් පරිස්සම්. කොහොමින් කොහොම හරි ඊයේ වෙච්ච සිද්ධයෙන් මං තිරණය කළ තව ටිකක් වේගෙන් යන්න.

17 comments:

  1. කොලඹ වෙන දේවල් ගැන ඉතින් සිරීස් එකක් උනත් ලියන්න පුලුවන්.පරිස්සමින් බට්ටි...

    ReplyDelete
  2. තැනට සුදුසු නුවණ තියෙනවා වගේ. කතා නොකරපු එක ගොඩක් හොඳයි. :D

    ReplyDelete
  3. ඒක හොදයි අක්කේ.. අපේ පරිස්සම ගැන අපි හිතන්න ඕන.. සමහර විට ඒ කෙනා කරුවලේ තනියම යන්න බය නිසා අක්කා එක්කම යන්න ආවද දන්නේ නෑ.. ඒත් ඉතින් දැන් කාවවත් විශ්වාස කරන්න බෑනේ..

    ReplyDelete
  4. සිංදුවක් තියෙනවනම් ඔහේ අහගෙන යන එක මගේත් පුරුද්දක් !!!

    ReplyDelete
  5. ඒ මනුස්සයා මොන අරමුණකින් එහෙම කළත් බට්ටි කළ වැඩේ හරියටම හරි කියලයි මට හිතෙන්නෙ.... අද කාලෙ අහන්න වෙන දේවල්වල හැටියට කවුරු කවුරුත් පරෙස්සම් වෙන එක හොඳයිනෙ.... කෝකටත් පුළුවන් නම් ටොර්ච් එකක් වගේ බර දෙයක් බෑග් එකේ දාගෙන යන්න එනකොට කළුවර වැටෙනවා නම්.... එළිය සඳහාම විතරක් නෙවේ....අවශ්‍ය උනොත් ආයුධයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්නෙ....

    පරෙස්සමෙන් බට්ටියේ....

    ReplyDelete
  6. @ පිස්සු පූසා
    ඒක නම් ඇත්ත. ලියනව නම් ඉතිං වෙනම බ්ලොග් එකක් හදා ගෙන ලියන්න වෙනවා. ඒතරම් දේවල්.

    ReplyDelete
  7. @ සීතල අයියා
    අනිවාර්යයෙන්ම. එහෙම නැතුව මෙහේ කොහොමටවත් වසන්න බෑ. පොඩ්ඩක් කපටි වෙන්නත් ඕන කියලා මගේ මිස් කිව්වා.

    ReplyDelete
  8. @ Dinesh
    ඔව් මල්ලී ඒක ඇත්ත. සමහර විට එයා හොද මනුස්සයෙක් වෙන්න ඇති. ඒත් අද කාලේ කො‍හොම විශ්වාස කරන්නද?

    ReplyDelete
  9. @ මධූ
    සිංදු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ.සිංදුවක් කියලා මං ඕනම දෙයකදී දුක තුනී කරගන්න පුළුව මකාගන්න පුරැදුවෙලා ඉන්නේ.

    ReplyDelete
  10. @ Miyuru
    ඔයා ටෝච් එකක් බෑග් එකේ දාන් යන්න කියනවා. මාර අයියා කියනවා ලොකු ගඩොල් භාගයක්වත් දාගෙන යන්න කියලා. ඒත් ඉතිං හැන්ඩ් බෑග් එක පුංචි එකක් එක තමයි තියෙන අවුල.

    ReplyDelete
  11. අන්න ඔහොම තමයි ඉන්න ඕනේ...බට්ටිය දැන් හුඟාක් හිතනවා...කාටද ආඩම්බර ඉතින්.... :D

    ReplyDelete
  12. @ අක්කා (දිල්)
    ඒකනේ කවුරැ හින්දද ඉතිං බට්ටිගේ මොළේ පෑදුණේ.පිං පිං ඔය දෙන්නටම.

    ReplyDelete
  13. කොළඹ නෙමෙයි අද කාලේ කොහේ උනත් බොහොම පරිස්සමට ඉන්න ඕනි

    ReplyDelete
  14. ඒ ගෑණු කෙනත් බයේද දන්නෙ නෑ තනියම යන්න. මොනවා වුනත් ඔයා කරපු වැඩේනම් හොදයි.කාටද විස්වාස ඕවා.

    ReplyDelete
  15. හෑන්ඩ් බෑග් එක පුංචි උනාට ප්‍රශ්නයක් නෑ. දැන් පැෂන් එක එක එක සයිස් බෑග් කීපයක් එල්ලාගෙන යන එකනෙ. එයින් එකකට ඔය ටෝච් එක / ගඩොල් බාගය දා ගන්න පුලුවන්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් ! හදිසියට කොයි බෑග් එකද කියලා හොයා ගන්න බැරිවුනොත් හෙන අවුලක් !

    ReplyDelete
  16. සුදු සාරියක්ද ඇදන් හිටියේ...ෂුවර් එකටම ...එක්කෝ ඕනේ නෑ මොකටද නිකං බය කරන්නේ.....හික් හික් ...

    ReplyDelete
  17. ෂා.. බට්ටිගෙ නම් හෙන මොළේ...අක්කා මොකාටද දන්නෑනෙ එන්න හැදුවෙ!

    ReplyDelete