Loading...

November 11, 2011

තුටු පඩුරක් නොව.....හදවත පමණමයි................

ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. කවදාවත් මං හිතුවේ නෑ මගේ ජීවිතේ මේ විදියට දේවල් සිද්ධවෙයි කියලා. කොහොමින් කොහොම හරි බට්ටි කොළඹ ආවා. ඒ එද්දී පරිඝනකය කියන්නේ මොකද්ද කියන්නේ කියලා දැන ගෙන හිටියා වගේම උඩහ ගෙදර අයියා රට ඉදන් එවපු කම්පියුටර් එකෙන් මූණ බලාගෙන තා කරන්න පුළුවන් ක්‍රම තියෙන බව නම් යාන්තම් දැනගෙන හිටියා. 

ඔයවගේ හිටිය බට්ටි කොළඹ ඇවිත් රාජකාරී වෙලාවේ පරිඝනකය අතපත ගාලා තනියම දේවල් හොයාගෙනඉගෙන ගන්න පටන් ගත්තා. අන්තර් ජාලයේ සීමිත අඩවි ප්‍රමාණයක් විතරක් දැනගෙන ඉදිද්දී යාළුවෙක් ගිය සිංහලෙන් අකුරැ තිබුණ අඩවියක් අහම්බෙන් ඇහැ ගැටුණා. මොකමොකද්ද මේ අඩවිය කියලා ගිහින් බලන්න නිකමට හිතුන නිසා බට්ටි මුල්වතාවට ගොඩ වැදුණා සිංහල ‍බ්ලොග් අඩවියට. 

ඉංග්‍රීසි දැනුම අල්ප නිසාමත් සිංහලෙන් තියෙන වෙන මුකුත් බට්ටි දන්නෙත් නැති නිසාම නිකන් ඉන්න හැම වෙලාවකදිම බ්ලොග් අඩවිය පැත්තේ ඇවිත් ගියා. 

ඔය විදියට එකින් එක දවසින් දවස බ්ලොග් පිටු කියවගෙන යද්දී හදිසියේම බට්ටි ගොඩවුණා පුදුමාකාර බ්ලොග් පිටුවකට. එක ලිපියක් කියවලා ඉවර වෙද්දී මට ඕන වුනා තව මොනවද තියෙන්නේ කියලා හොයා ගෙන කියවන්න.  

තමන්ගේ මතකය එකින් එක අමුණන කතාවේ  මැදකොටසක් මුලින් කියව්වේ. ඊට පස්සේ ක්ලික් කරලා කරලා යාන්මත් පළවෙනි කොටස හොයා ගත්තා. එක දවසින් මතකය අහුලපු හැම කොටසක්ම  ඇස්දෙකේ කදුළු පුරෝගෙන මූණට අත්දෙක තියාගෙන මං ඒ හැම කොටසක්ම කියෙව්වේ කෙල ගිලින්නවත් බැරි තරම් උගුර හිරවෙලා යද්දී.
මගේ ජීවිතයට දැණුනු සැබෑම වීර වරිය. ඒ කො‍ටස් කියෙව්වට පස්සේ මං ජීවිතේ අලුත් ඇහැකින් දකින්න ගත්තා. මට නෑ නෑ කිය හිතපු මං මට මුකුත් නැත්තේ නෑ කියලා තියෙන ටික ඇති කියලා හිත හදාගෙන ජීවත් වෙන්න පුරැදු වුණේ මේ කතාව කියෙව්වට පස්සෙයි. ජීවිතට පුරාවටම දුක පිරිලා ඉතිරිලා තිබුණු මට ඒ ජීවිතය පුදුමාකාර විදියට දැනෙන්න ගත්තා.
හැම ලිපියක්ම කියවද්දී මට දැනෙන දේවල් ඇයට කියන්න ඕන වුනා. මං ඒකට ක්‍රමයක් දහඅතේ හෙව්වා. අන්තිමේදී කමෙන්ටි එකක් දාන ක්‍රමය හොයා ගනිපු මං හිතට ආපු හැමදෙයක්ම ඒ කමෙන්ට් එකේ ලිව්වා. ඒක ලියලා ඉවර වෙලා post  කරාට පස්සේ එක පාරටම නැතිවෙලා ගියහම මට හොදටම ඇඩුනා. මතක විදියට තුන් හතර පාරක් මම කමෙන්ට් කලා.
ඔය විදියට මතකය කමෙන්ට් එකක් කරන්න ආපු මටත් ආස හිතුනා ලියන්න ලොකු හැකියාවක් නැති වුනාට මගේ ජීවිතයත් අකුරැ වලට පෙරලන්න.බට්ටි බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඔය විදියට. 

පුංචි දෙයක් ගැන වුනත් මං මහ ලොකුවට හිතනවා. ඉතිං මං දවසට කතාකරන වචන වලින් වැඩි හරියක්ම කිව්වේ මගේ ජීවිතේට අලුතින් ආපු වීරවරිය ගැන. ගෙදර අයටත් මේ හැම දෙයක්ම සුපුරැදු දේවල් වුණා. කොටින්ම එයාලගේ කන් පිරෙනකල් මං ඒ ගැන කතා කළා. 
හීනෙන් ඕන තරම් මං ඒ රෑපේ දැකලා තිබුණට හිතුවේ නෑ ඒ කටහඩවත්  කවදාවත් අහන්න ලැබෙයි කියලා. මගේ බ්ලෝග් රැජිණ  ම‍ට දුරකතන ඇමතුමක් දුන්න වෙලාවේමට දැණුන සතුට එදා දවසෙම අඩ අඩ හිටිය මට ඒ හැම දෙයක්ම අමතක කරලා දාන්න පුළුවන් තරම් හයියක් වුණා. 

ඉතිං ඊට පස්සේ හැමදාම උදේ හවසට මං පුංචිම පුංචි කෙටි පණිවුඩයක් කොහොම හරි තියන්න අමතක කළේම නෑ. මොකද කොළඹ තනියම ඉන්න මට ඒවගේ කෙනෙක්ගේ හොවණැල්ල හුගක් අස්වැසිල්ලක් නිසා. ඊයේ පෝය දවසේ අක්කිට විවේකයක් තියෙනව නම්  මගේ බ්ලොග් එක හැඩ කරල දෙන්න කියලා මං එකම එක කෙටි පණිවිඩයක් යැව්වා. එයා ඊයේ මං වෙනුවෙන් ගොඩක් වෙලාව කැපකරලා බට්ටිගේ බ්ලොග් එක ලස්සන කළා. 

ස්තූතිය වචන වලින් ලියන්න බෑ මගේ අක්කියෝ. මගේ අක්කියෝ මේ පුංචි කෙල්ල පුදුමාකාර විදියට ඔයාට ගරැකරනවා, ආදරේ කරනවා ඔයා වගේ හිත හයිය කරගෙන ජීවිතේ දිනන්න මහන්සි වෙනවා කියලා විතරයි මට කියන්න තියෙන්නේ.


ඔබේ දෙනෙතට කිසිම දිනක
කදුළැලක් නොම ඒවා ..........
සතුටින් පිරි දිවියක් මිස
කිසිම දුකක් නොම වේවා...........
සිතන පතන හැම දෙයක්ම
ඒලෙසටම ඉටුවේවා.............
වෙන්ඩ මහත්තයත් සමග
සතුටින් ඔබෙ කල්යත්වා .................



11 comments:

  1. ගොඩක් සතුටුයි . ඉදිරියටත් ධෛර්යයෙන් මුහුණ දෙන්න බට්ටි. දිල් ගෙ කතාවෙන් ඔයා වගේම අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බට්ටි නංගි.

    දිල් නගාටත් ගොඩක් පින්.

    ReplyDelete
  2. අද නංගි ඉන්න තැන දකින දිලුත් සතුටු වෙනවා ඇති.අපේ දුක දුකක් නොවෙන වගෙ තේරෙන්න ඔයාලාගෙ කතා අහන්න ඕනෙ.

    ReplyDelete
  3. මට මතකයි දවසක් අක්කා දිල් අක්කගේ බ්ලොග් එකට කමෙන්ට් කරන්න බෑ උදව් කරන්න කියලා මට මැසේජ් එකක් දාලා තිබුනා.. එදා මට තේරුනා අක්කට දිල් අක්කා කොච්චර වටිනවද කියන එක.. දිල් අක්කා ඇත්තටම මමත් ගොඩක් ගරු කරන අක්කා කෙනෙක්..

    ReplyDelete
  4. ලැජ්ජාවේ බැරුවා..බ්ලොග් එක හදලත් ඉවර නෑ තාම...කමක් නෑ කමක් නෑ...කොහොම හරි බට්ටියා ජීවිතේ හරියටජීවත් වෙනවා නම් දිල්ට ඒ ඇති...දිල්ටත් නංගි කෙනෙක් ඉන්න නිසා කෙල්ලෙක්ගෙ ජීවිතේ අගය දිල් හොඳටෝම දන්නවා...

    දැනට නොදැක කතා බහ කලාට බට්ටිට ලඟදිම දවසක දිල් ඉන්න දිහාටත් එන්න වේවි....අර හදන බෝනික්කෙක් එහෙම අරගෙන...හොඳද

    ReplyDelete
  5. මටත් දැන් හිත රිදෙන දෙයක් උනාම මං මතක් කරගන්නෙත් දිල්ව... දිල් වගේ පුංචි කෙල්ලෙකුට එච්චර දේවල් උහුලන්න හිත ශක්තිමත් කරගන්න පුලුවන් නම් මේ පුංචි දේකට හිත හදාගන්න මට බැරි ඇයි කියලා එහෙම වෙලාවට හිතනවා... දිල් කියන්නෙ හරිම හොඳ කෙනෙක්...
    බට්ටියගෙ බ්ලොග් වැඩේට ජය...!!

    ReplyDelete
  6. මේ කවුරු ගැනද කියන්නෙ කියලා තේරුනේ කොමෙන්ට් කියෙව්වට පස්සෙ. බලාගෙන ගියාම දිල් මාර inspiration එකක්නෙ. මම තවත් බ්ලොග් එකක දැක්කා එයා අලුත් බ්ලොග් වලට ගිහිල්ලා ඒ අය දිරි ගන්වනවයි කියලා. දෙන්නටම සුභ අනාගතයක්!
    henryblogwalker the Dude

    ReplyDelete
  7. හම්මේ මට කියන්න ඔළුවට එන දේවල් මෙහෙම කියලා බැහැ..මං ඒවා දිල් එක්ක බේරගඤ්ඤංකො...
    දිලෝ ඔන්න කිව්වා... ඔරලෝසු..මාළු ටැංකි..පසුබිම් සංගීත.. මීයන්ට කුචු කැවිලි.. තරු වරුසා වගේ එව්වා එහෙම මේකේ එල්ලනවා එහෙම නෙවෙයි...අපි තාමත් දුප්පත් විදියට කිලෝ බයිට් ගැන ගැන බ්ලොග් බලන එවුවෝ.. ලස්සනත් ඕන පටස් ගාලා ලෝඩ් වෙන්නත් ඕන හරිනේ..නෝනට හරියන්න පාට තිබ්බටම මදි...:D:D:D

    මේ පාටටනං මං බොහේම කැමතියි..ඇහැට පහසුයි..දන්නවනේ මං අඳුරට කැමතියි නෙව.. ඒත් පළල වැඩියි ඒක අඩු කරලා දෙන්න 1024 ට හරියටම කිව්වොත් 1022ට තිබ්බොත් හුගක්ම පහසුයි මටනං...දැන් මට එක තීරුවක් පෙන්නේ නැහැ...

    හුටා කියලා යට බලනකොටම මාළු පීනනවා..ඔන්න මට තද වෙනවා...

    ReplyDelete
  8. අම්මෝ ඔය දිල් අක්කා නම් හොද අක්කෙක් මම් දන්න විදිහට. මාත් ඔය අක්කෑ පෝස්ට් කියවනවා.

    ReplyDelete
  9. බට්ටියේ ඔහොම ටික ටික ඉස්සරහට යමු, උඹට වරදින එකක් නැහැ.

    බට්ටි කියන මේ අහුලන මතකය මගේ හිතටත් බොහොම බලපාපු කතාවක් තමයි. ඇත්තටම කියනවනම් මගෙත් වීර චරිතයක්.

    ඔන්න බට්ටි, දැන්නම් නිකන් ඉඳල බැරි වෙයි අර බෝනික්කවත් අරගෙන ඒ අක්කව බලන්න යන්න වෙයි වගේ :)

    ReplyDelete
  10. දිල් ගෙ බ්ලොග් එක ඉතින් මම හැමදාම බලන බ්ලොග් එකක්....

    ReplyDelete
  11. දිල් අකාගේ කතාවෙන් ගොඩාක් දෙනෙක්ට ජීවිතේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්..

    ReplyDelete