May 2, 2012

අවුරුද්ද , බූරුව ගැහිල්ල සහ බෝතලය


ඔන්න කාලෙකින් පොස්ටුවක් කොටන්නයි හදන්නේ. ගිය මාසේ බට්ටි කොයිතරම් කම්මැලි වුනාද කියනව සෑහෙන්න දවස් ගානක් ගිහිල්ලත් පොස්ටුවක් දාලා නෑ. කම්මැලි වුනාද නැත්නම් ප්‍රියයන්ගේ අමනාපකම් වලට නිහඩවුනාද කියලවත් තාම හිතා ගන්න බෑ. කොහොම වුනත් දැන් හරි. සුපුරුදු විදියට ඈලි මෑලි කොටු කෑලි විසිකරලා ඔන්න බට්ටි ලියනවා.
ඒකෙන් මේකෙන් වුනේ බට්ටිගේ ගමේ විස්තර කියන්න බැරි වුන එක. ඔන්න අවුරුදු විස්තර ලියන්න හදන්නේ මැයි මාසෙත් ලැබුවට පස්සේ. අවුලක් නෑ මයේ හිතේ තවමත් අවුරුදු උත්සව එහෙම තියෙනවනේ. අවුරුද්දට නගරේ පාළුවෙලා සේරමල්ල ගමේ යනවනේ. අවුරුදු තියෙන්නේ ගමේ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වුනාට මට නම් මේ පාර ගමේ ගියහම හිතුනේ දැන් ගමෙත් අවුරුදු නෑ කියලයි. සයුරි අක්කා කියලා දුන්නු පංචි කෙලි දැන් නෑ. කැටගහන තැන් හොයා ගන්නත් නෑ. හැමදේම නැතිවෙලා ගිහින්.
ලොකුම ලොකු ඔංචිල්ලා වල පුළුවන් තරම් රුකුල් අරන් උඩ ගිහින් ආපස්සට එද්දී පපුවට දැනෙන පුංචි බයට ඇස් දෙක තදකරලා පියාගත්තත් කොයි තරම් ආසාවෙන්ද අපි ඔංචිලි පැද්දේ. ඒත් දැන් ඔංචිල්ලාවක් තිබුණත් තියෙන්නේ එහෙමත් ගෙදරක විතරයි. ඒකත් පෙර පාසල් යන දරුවාගෙන් බේරෙන්න බැරි නිසා හදල දෙන පුංචිම පුංචි එකක්. 

ලෝ‍කෙ වෙනස් වෙලා. අවුරුද්ද වෙනස් වෙලා. අරක්කු බෝතලේට , බූරුව කූට්ටමට අවුරුද්ද යටවෙලා ගිහින්. බීගෙන බාල් නටන එක අලුත් විලාසිතාව වෙලා. අවුරුදු චාරිත්‍රයට ගනුදෙනු කරන්න පුරුදු වෙලා හිටිය මිනිස්සු අලුත් අවුරුද්ද ලබද්දිත් ගෙවල් වලවත් නොයිද බූරු පිටි වල ඉදගෙන එක පැරදි පහ පැරදි කියනවා. දැන් ඉතිං කියන්න එපා බට්ටිත් බූරුව ගහන තැනක බලන් ඉදලා බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි කියලා. මං මේ කියන්නේ හිටී ටිකට මුණ ගැහුන අයගෙන අහන්න ලැබුණ දේවල් හොදද? විනෝදෙට අවුරුද්දකට සැරයක් මෙහෙම කරන එක නම් කමක් නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැති එකයි. අවුරුද්දට ගමේ කෙනෙක් බූරුව ගහලා එක්ලක්ෂ අසූදාහක් පරාදයිලූ. ණය වෙලාලු එහෙම කරලා තියෙන්නේ. දැන් ඉතිං ඒ ණය ගෙවා ගන්න බැරි වුනොත් එයාට වෙන්නේ ජීවිතේන වන්දි ගෙවන්න. ඉතිං ඔන්න ඕකයි දැන් අවුරුද්දට වෙච්ච විනාසේ.
අවුරුදු විස්තර ගමේ ඔහොම වුනාට බට්ටියි ගෙදර අයයි එකතුවෙලා අවුරුදු හොදට සැමරුවා. බට්ටිගේ අම්මයි බට්ටියි එකතුවෙලා කැවිලි වර්ග හැදුවා. බට්ටි සුදු අලුවා කන්න හුගක් ආසයි. හැමපාරම බට්ටියි අම්මයි මේ පාරවත් හිච්චි අම්මා හදනවා වගේ රසම රසට කටේදිම දියවෙලා යන විදියට හදනවා කියලා තමයි පටන් ‍ගන්නේ. මොන මේ පාරත් වැඩේ චාටර් වුනා. ගල් බෝරයක් ගැහුවත් කඩන්න බැරි තරම් හයිවුනා. අර වර්ණා හදපු කිරි ටොපි වලටත් වඩා හයියද මන්දා ? :D  යන්තම් ආයෙම ලිපේ තියලා පන දාගෙන හැන්දෙන් පොඩි කරලා  චුට්ටක් විතර වැඩේ ශේප් කර ගත්තා. ආ අපේ දූ පැටියගේ උපන්දිනේ තිබුණනේ. ඉතිං ස්වාමීන් වහන්සේලාට දානයක් දීලා ගිහි පිරිතක් කිව්වා. වෙන පාටි නම් ගත්තේ නෑ. අවුරුද්දට  අම්මගෙන් බට්ටිට මහත් වෙන්න විටමිනුයි, තාත්තගෙන් ඇදුමක් ගන්න සල්ලියි හම්බවුනා. දැන් බට්ටි ජොබ් කරන නිසා නෑයොනම් ඉතිං මුකුත් දුන්නෑ. දුකේ බෑ අනේ. එක  අතකට ලොකු වෙන එකයි ජොබ් කරන එකයි හරිම අවාසියි. :D අම්මෝ අවුරුද්ද දවස්වල තිබුණ වැස්ස නිසා යන්න කියලා හිතන් ලියාගෙන ගිය තැන් වලින් භාගයක්වත් යන්න බැරි වුනා. අන්තිමේදී කොළඹත් ආවට පස්සේ කෝල් කරලා සමාව ගත්තා.
ඔන්න ඉතිං ඔය විදියට ගෙවපු අවුරුද්ද ඉවර වෙලා දැන් ඉතිං සුපුරුදු විදියට වැඩ. ආයෙම ඉතිං දිග නිවාඩුවක් ගන්න අප්‍රේල් මාසේ ඉක්මනින්ම එන්න කියලා පතමින් ඉන්නවා. අලේ හැබැයි ඒක ඉක්මනින් එනවා කියන්නේ ඉක්මනින් වයසටත් යනවා කියන එක තමයි. :P

44 comments:

  1. Replies
    1. ඉක්මනින්ම හදලා අලුවා කෑල්ලක් දෙන්නම්කෝ....

      Delete
  2. අනේ මට මඩ ගහන තරමක් :( හිතේ දුකට මම මොනා කොරන්නද මෙහෙවත් බැනලා හිත හදාගන්න ඕනා #@$%@%#^&$*&

    ReplyDelete
    Replies
    1. අනේ කවුරුත් නැද්දෝ මේ ටික පරිවර්තනය කරලා දෙන්න.....

      Delete
    2. ආ ඒ කියලා තියෙන්නේ #%$%!#@@^%*&)^& කි‍යලා

      Delete
    3. අලි අලි ඒතකොට ඒ කියන්නේ මේක නේ...(&^$###^&(^##&^&%$#

      Delete
  3. අවුරුද්දට ලක්ෂ 6ක් පැරදිච්ච කොනෙක් මම දන්නව. ඒ ගැන මතක් වෙනකොට නං පවු කියල හිතෙනව.
    අවුරුද්දට අම්මගෙන් බට්ටිට මහත් වෙන්න විටමිනුයි,
    එච්චර කෙට්ටුද?

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 6ක්. අයියෝ සල්ලි. ඇත්තටම එච්චර සල්ලි තියෙනව නම් ‍‍මොකටද අනේ ඔව්වා කරන්නේ.
      කොට්ටුයි කියන්නේ එච්චරම නෑ. මෙහෙමයි ඉගසුග ගත හැකි මිටින තමයි.:D

      Delete
    2. ලක්ෂ 6ක් නෙවෙයි... මම දන්න දෙල්කඳ පැත්තෙ මනුස්සයෙක් කාර් එක විකුණලා ගත්ත ලක්ෂ 16ක මුදලින් එනගමන් රබර් සෙරප්පු දෙකක් අරගෙන එහෙම්මම ආවේ රේස් දාන්න ..... (මීගොඩය කාලයක් ඔය සූදු ඔට්ටු පොළක වැඩ කලානේ) අන්තිමට අරමනුස්සයට ඉතුරු උනේ අර රබර් සෙරප්පු දෙක විතරයි.... ගෙදර යන්න ත්‍රී වීලර් එකට සල්ලි දුන්නෙත් මීගොඩය තමයි....
      සල්ලි භගේ තියන මනුස්ස්යෙක් .. පහුවදාම මීගොඩයට රුපියල් 1000ක් ම ගෙනත් දුන්න .....

      ඔන්න ඕකයි සූදුවෙ තත්වේ

      Delete
    3. අම්මෝ වෙලා තියෙන දෙයක්. ඔය අශ්වයොන් නම් මට පේන්න බෑ. ඒ මාතෘකාව මම ජීවිතේ ආසම නෑ.
      බලන් ගියහම මෙයා ගොඩයෙක් නෙවෙයිනේ...:D

      Delete
  4. මමත් මේ අප්‍රේල් මාසෙම පොස්ට් මුකුත් දැම්මෙ නෑ බට්ටිගෙ හේතුවම තමා. මම හිතන්නෙ මහ ජරා මාසයක් ඔය අප්‍රේල් . ඉක්මනට පඩියත් ඉවර වෙනවා

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් හොදයි නිවාඩු ලැබෙන නිසා. මං හිතන්නේ දවස් 10ක් විතර ඒ මාසේ නිකන් ඉන්න නිසා වෙන්න ඇති කම්මැලි වෙන්නේ.මම නම් පඩියෙන් භාගයක් ඉන්න ගෙදර අක්කට දීලා ගියා. අරන් තියන්න කියලා. නැත්නම් ඉතිං ගමේ ගියහම සේරම ඉවර වෙනවනේ.ඒක නිසා ඒ ප්‍රශ්නේ නම් නෑ.

      Delete
  5. ඔය බූරුවා ගැහිල්ලනම් අපේ සියලගේ කාලේ ඉඳන් තියෙනවනේ..ඔකෙ වෙනසකට දැන් තියෙන්නේ..ඒකාලේ සීල් අරක්කු බිපු ඈයො දැන් ඉට වැඩිය ඇඩ්වාන්ස් අරක්කු බොන එක විතරයි...හැබැ බට්ටි වගේම අලූව කන්ඩ මාත් හේන පෙරෙතයි...ඔව ඔහොම තමා බට්ටියේ අපි හැමොම වයසට යනව..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියෝ. හැබැයි අර සුදු පාර එව්වා කොයිතරම් තහනම් කලත් ගම් වල නම් තියෙනවා.
      එන සිහින උළෙලට බට්ටි අනිවා එනවමනේ ඔන්න එදාට ගමේ ඉදන් ආවොත් කවදාවත් කාල නැති තරම් රස අලුවා අපේ හිච්චි අම්මට කියලම හදන් එන්නම්කෝ.....

      Delete
  6. අලුවා කියන්නෙ පදම වැරදුනොත් සොරිම වෙන කෑමක් තමයි... :D
    මගේ යාලුවෙකුත් එක පාරක් අලුව වගයක් අරන් ආවා, අපි ට්‍රේනිං එකකට රට ගියපු වෙලාවක... ලංකාවෙ කෑමක් කියල පිඟානක එහෙම දාල තිබ්බා කෑම මේසෙන්... ටික වෙලාවකින් සුද්දෙක් අපිට කතා කරල ඇහුව කොහොමද මේක කන්නෙ කියල... එහෙම කියන ගමන් පොර ඒ අලුව කෑල්ලෙන් මේසෙට ගහල පෙන්නුව... ලොකු සද්දයක් ආවට, අලුව කෑල්ල නෙවෙයි පොඩ්ඩක්වත් කැඩුනෙ... :P

    ReplyDelete
    Replies
    1. ඉතිං විසිකරාද? අපරාදේ....

      Delete
  7. මෙදාපාර අවුරුදු නිවාඩුව ගැන නම් කථාකරල වැඩක් නෑ.. දවස් හතරක් ගෙදර ඉදල ආයෙත් සුපුරුදු විදිහට වැඩට ආව.. ලොකු ‍ජෝන් කිව්ව වගේ මාස දෙකක පඩිත් එකපාර ඉවරයි.. කොහොම උනත් අම්ම තාත්තා එක්ක දවසක්වත් ඉන්න තියෙනවානම් ආයෙ ඉතින් වෙන මොන කාථාද... :)
    කොහොම හරි බට්ටිටනම් අවුරුදු සරුයි වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්...හුගක් දෙනෙක්ට මේ පාර නිවාඩු අඩුයි තමයි...
      බට්ටිට ඉතිං අම්මා එක්ක ගිහින් ගෙදර ඉන්න තියෙනව නම් ඊට වඩා සතුටක් තියෙනවද...

      Delete
  8. ඔක්කෝටම කලින් පිටි මුට්ටයක් තරම් පුෂ්ටිමත් ශරීරයක් මේ අවුරුද්දේ ලැබේවා කියලා ඉන්නම්කෝ අක්කෝ.... මම මේ කෙට්ටු වෙන්න විදියක් හොයනවා පුළුවන්නම් අක්කගේ පිඟාන තැපෑලෙන් එවන්න හොඳේ.අවුරුද්දට ණය වෙලා මෙහෙම වැඩ කරන එකේ මම නම් කිසිම හොඳක් දකින්නේ නෑ අවුරුද්ද තියෙන්නේ පරණ තරහ මරහ අමතක කරලා සුහදතාවය වර්ධනය කරගන්නනේ... අක්කගේ ගල්බෝර අළුවා කොහොම ඇතිද කියලා මම මේ කංපනා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මට නම් එච්චර දේහයක් නම් එපෝ..එහෙම වුනොත් නම් මම පාන් ගෙඩියක් බැදන් ඇලේ පනිනවා ඒක ඊට සැපයි.
      ගල්බෝර කියලා නෑ මම එද්දී කන්න කෑල්ලක් හොයා ගන්නවත් තිබුනේ නෑ....

      Delete
  9. මහත් වෙන්න කියල ඔය නානාප්‍රකාර විටමින් බොනවට වඩා හොදයි හොදවයින් ලොකු කොස් ගෙඩියක් තම්බගෙන කන්න..

    ReplyDelete
    Replies
    1. කොස් නම් ගමේ ඉන්න කන් කෑවා අනේ....කෝ ප්‍රගතියක් නෑනේ...

      Delete
  10. ඉතාලියට අවුරුදු නැතත් එදාට අපේ උදවිය එකතු වෙලා බූරූවෝ නම් ගහනවා.. කොහොමද යූරෝ වලින් පරදිද්දි.. සංතෝසේ බෑ..

    අර කටේදිම දිය වෙන සයිස් එකේ අළුවා හැදුවොතින් මටත් ඕනේ...

    ReplyDelete
    Replies
    1. සන්තෝසෙ තමයි.අම්මෝ මට එහෙම වුනොත් නම් කලන්තෙ දාලා වැටේ.
      ආ එහෙනම් මල්ලි ආපු දවසට ඉල්ලපු ලිස්ට් එකට දෙවනි ජාතියත් එකතුවුනා නේද?

      Delete
  11. අර සුදු අළුවා තව තියෙනවනම් කියන්ඩ. මගේ තරහා කාරයෙක්ගේ ගේකට හරි ගහලා වීදුරුවක් දෙකක් කුඩු කරන්ඩ බැරුව යෑ.

    පිටි ගෝනියක් වගේ මහත් වෙන සුබ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අයියෝ එයාලට එව්වගෙන් ගැහුවොත් ඔයාට පින්දිදී රසට කයි....

      ඇයි පිටි ගෝනියක් වෙන්න කියන්නේ. පිටි මිල නිසාද?

      Delete
  12. ආණ්ඩුවේ ඔෆිස්වල මාර්තු වැටුපත් ගෙවලා අප්‍රේල් වැටුපත් දුන්නලු අවුරුදු කන්න . දැන් ඉතිං මැයි අන්තිම වෙනකං රජයේ සේවකයෝ රිම් එකේ දුවනවා.
    මටහිතෙන්නේ බූරු පොලේ බෝතලේ තියෙන්නෙ බොන්න නෙවෙයි අර කට්ටිය එකතුවෙලා "තෝන්" දාන ඒවා එකතුකරන්න වෙන්න ඇති.

    මම අදයි ඉස්සර වෙලාම මේ පැත්තට ආවේ...

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයෝ අප්‍රේල් වල නාහෙන් අඩනවා. අපේ මිනිස්සු ඉතිං සල්ලි අතට හම්බවුන ගමන් හෙට ගැන නොහිතා සුද්දෝ වගේනේ වැඩ කරන්නේ.

      ස්තූතියි මේ පැත්තට ආවට. පිළිගන්නවා සාදරයෙන්.....

      Delete
  13. හපොයි දෙවියනේ එච්චර පරාද උනොත් ඉතින් සොරිම තමා. මමත් මේ බලාගෙන හිටියේ බට්ටි ගමේ අවුරුදු විස්තර කියනකන්. හැබැයි ඉතින් ඒවා ඇහුවට පස්සේ දුකත් හිතුනා. අවුරුදු සිරිය කියලා දෙයක් දැන් නැත්තටම නෑ වගේ. වෙසක් එකටත් බලන්නකෝ අපේ කට්ටිය දන්සල් දීලා හවසට දන්සලේම තියාගෙන සුරා මේරයත් කරලා ඔලු බක්කෝ නටන හැටි :) ඔව්වා ඔහොම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. අක්කා කිව්වහම තමයි මට අවුරුදු විස්තර ලියන්න ඕන කියලා හිතුනේ. ඒකනේ අක්කේ හැමදේම වෙනස්වෙලා.

      Delete
  14. //බට්ටිගේ අම්මයි බට්ටියි එකතුවෙලා කැවිලි වර්ග හැදුවා. බට්ටි සුදු අලුවා කන්න හුගක් ආසයි\\ බට්ටි විතරක් නෙමේ අපිත් ආසයි.

    අවුරැදු සරැ පාටයි අක්කට.සුභ වේවා අවුරැද්දම ඕං

    මාත් මේ පැත්තෙ ආවෙ සෑහෙන කාලෙකින්.අමතක වෙලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. නරකම නෑ මල්ලි. නිවාඩු ලැබුනා. ගමේ ගියා. ඉතිං සතුටුයි...
      ඒකනේ මොකද වෙලා තිබුනේ. එහෙම අමතක වෙනවද අනේ? අපි අපි වගේනේ...

      Delete
  15. අපෝ ඔහොම ලොකු ගණන් වලට ගහන්නෙ හෙන මෝඩයො මේ අපි වගේ උපරිම රුපියල් 5ට ගැහුව නම් ඉවරනෙ......මම 80ක් දින්න 5න් පටන් අරගෙන....අවුරුද්දට විතරයි හැබැයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මාත් ඉතිං 5ට දහයට නම් ගහලා තියෙනවා. හැබැයි එහා ගෙදර මල්ලිලා ටිකත් එකක් තමයි...

      Delete
  16. බට්ටි අක්කියෝ ,අපේ අත්තම්ම නම් හදනවා ඔයා කිවුව විදියේ අලුවා.. ම්.... මතක් වෙද්දීත් කටට කෙල උනනවා.. අනේ කොහොම හදනවද මන්දා.. බලා ගන්න ඕනි අනේ.. කෝ ඉති අපි දන්නේ හදල දුන්නම වැඩේ දෙන්න විතරනේ..මම නම් අවුරුද්දට විතරක් නෙමේ, හිතුන ඕන වේලාවකදී අත්තම්ම ගාව පොඩ්ඩක් හුරතල් වෙලා ඉල්ලුව ගමන් හදල දෙනවා . එයා අලුවා හදන්න කලින් පිටි තුන් පාරක්ද කොහෙද හලනවා කියල අපේ අම්ම දවසක් කිවුව මට මතකයි.ඔයත් ට්‍රයි කරලා බලන්න.දවසක කොහොමද හදන්නේ කියල අහල කියන්නම්කො :)

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් අලුව කන්න ආස නැතෝ... අපේ අම්ම නම් හදනවා... කජුත් දාල... මම කන්නේ නෑ... :((

      අන්තිමට අපි අවුරුදු කෑවද? අවුරුද්ද අපිව කෑවද?

      Delete
    2. නෙතුකි....
      පිලිගන්නවා ඔයාව බට්ටි ලොවට සාදරයෙන්...අනේ කියලා දෙන්නකෝ. හැබැයි හිච්චි අම්මගෙන් හැමදාම අහගන්නවා.කෝ ඒත් බෑ. ඔන්න අලුවා හදන හැටි කියද්දි නම් සිංහලෙන් කොටන්න හොදද? නැත්නම් මම අලුවා වෙනුවට මොනවා හදාවිද දන්නෑ.....

      @ අනූ නගා
      ඔයා එව්වගේ රස දන්නා. අම්මා කද්දී තියෙන රස..ෂා දැනුත් කටට කෙල එනවා...යම් යම්....:D
      මේකනේ අපේ අය කොතන ගියත් කනවනේ ඉතිං අවුරුද්දට කේන්ති ගිහින් අපිව කාලා...:P

      Delete
  17. ම්ම්ම්ම්ම් බට්ටි අක්කේ...... අපේ අම්මත් රසට හදනවා සුදු අලුවා... කජු දාලා.......හැබැයි මම නම් ආස හයිය නම් තමා.. නැත්නම් වැඩක් නෑ...

    ඒත් ඉතින් මම පැණිරස කන්න මාර අකමැති... චුට්ටක් කයි... එහෙම කියල බෑ නේ... ආස අයට හදල දෙන්න එපැයි..වහාම ඉගෙන ගන්න වෙනවා.. :)))

    (අපි බට්ටි අක්කව මූණු පොතේ දැක්කෝ...........)

    ReplyDelete
    Replies
    1. අම්මෝ එකට මම සීනි ඇර පැණි රස දෙයියා.....
      (කෑ ගහන්න එපා එනේ කට්ටියට ඇහේ..කට්ටියම වෙස්මූණු ගැලෙව්ව එකේ ඔන්න ඔහේ මමත් එහෙම කලා.ඇයි මගේ අම්මායි, තාත්තයි, අයියගේ නොනත් ඒකෙ ඉන්නවනේ දැක්කේ නැද්ද)

      Delete
  18. රටේ අනාගතය නියෝජනය කරන ඔයාලට පුලුවන් මේ දේවල් වෙනස් කරන්න.මහා ලොකු දේවල් කරන්න,සංවිධාන හදන්න නෙමේ මම කියන්නේ ඔයාලගේ ගෙවල් වලට මේ නරක ගති සිරිත් වලට රිංගන්න තියෙන ඉඩකඩ අහුරලා දාන්න.හැමෝම තමන්ගේ තැන පිරිසිදුව තියාගන්න කොට රටම පිරිසිදු වේවි.අපි දැකපු අවුරුද්ද අපේ දරුවන්ට පෙන්නන්න ඊට වඩා පහසු ක්‍රමයක් ඇති කියලා මට හිතෙන්නේ නෑ. ජය..!

    ReplyDelete
  19. බට්ටියා එහෙනම් කැවිලි හදලා කෑවා...හා..හා...

    ReplyDelete
  20. කතාව ඇත්ත සුදුවට ගියොත් නම් ගැලවීමක් නෑ.

    ReplyDelete
  21. හයියෝ සල්ලි....

    ReplyDelete
  22. බට්ටි අක්කගේ බ්ලොග් එක දැක්කේ අදනේ කොහොම උනත් පුරාණ පඩිවරු කියලාතියනවා සුදු අලුවා කන්න කැමති සුදු බට්ටිලා කියලා :)) මගේ බ්ලොග් එකටත් එන්න
    බට්ටි අක්කට සුබ වෙසගක් වේවා.

    ReplyDelete