May 14, 2012

ලොවම හඩයි ...ඔබ නිසලයි....


ඉපදුනොත් කවුරුත් මැරෙනවා. ඒක කාටත් පොදු දෙයක්. එත් ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් මෙහෙම එක පාරට අපිව දාල ගියහම අපි ඒදේ කොහොම උහුලන්නද? ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ලෝකෙ මවලා තියෙන්නේ හරිම අසාධාරණ විදියට. එච්චර හොද හදවතක් තිබුණ ඔබා මාමා අපෙන් සදහටම ඈත් කරන්න ලෝකෙ කුරිරු වෙලා. කොහොමද ඔබා මාමේ මෙච්චර ඉක්මනට ඔයාට නිවන් සුව පතලා බට්ටි පොස්ට් එකක් ලියන්නේ.
ඔබා මාමා මගේ බ්ලොග් ලෝකෙ ඉන්න පතාක යොදයන් තුන් දෙනාගෙන් කෙනක්. මාමා මගේ බ්ලොග් එකට ආපු දවසේ මට කොච්චර සතුටක් දැනුනද..මගේ බ්ලොග් එකේ, වෙන අයගෙ බ්ලොග් වල මාම දාන කමෙන්ට් වලට මම හුගක් වෙලාවට මොනව හරි විහිළුවක් කරලා කමෙන්ට් කරලා එනවා. ඒ මාමා කවමදාවත් කේන්ති ගන්නේ නැති කරන විහිළුවට මාමත් විහිළුවක් කරන බව හොදටම දන්න නිසා.
ඇස් දෙකෙන් එකම එක පාරක්වත් මාමව ‍නොදැක්කට නුඹේ ලෙංගතුකම හැමදාම හිතේ පැල පදියන් වෙලා තියෙයි මාමේ.
ඔබා මාමේ උපදින හැම ආත්මයකම ඔබ අප අතරම ඉපදේවා. නුඹ වැනි තාත්තෙකුගේ දුවෙක් වන්නට මතු උපදින අත්මෙකදිවත් බට්ටි හැකි වේවා! 

22 comments:

  1. ඹබා මාමා/ අයියා ඹබට නිවන්සුව.....!

    ReplyDelete
  2. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  3. ආදරනීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  4. ඔබා මාමා ට නිවන් සුව!!

    ReplyDelete
  5. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  6. මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතන??:-/

    ReplyDelete
  7. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  8. ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  9. ඔබා මාමේ ඔබට මොක් සුව!!!

    ReplyDelete
  10. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  11. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  12. ඔබා මාමට සුභ ගමන්!

    ReplyDelete
  13. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  14. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  15. ඔබට නිවන් සුව ඔබා මාමේ :( බට්ටි කිව්වා වගේ ඔහු පතාක යෝධයෙක්ම තමයි...හදවතිනුත්...

    ReplyDelete
  16. මමත් හිතේ කැකෑරුන වේදනාව යන්න ඊයෙම දැම්මා පෝස්ටුවක්..

    ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  17. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ReplyDelete
  18. සෑහෙන්න දුකයි බට්ටි අක්කේ වෙන කියාගන්න දෙයක් නෑ මේ වෙනකොට වේදනාව සෑහෙන්න වැඩි වෙලා තියෙන්නේ.අපේ ඔබා මාමා ගැන හැමදේම කියවන්න මම හැම බ්ලොග් එකකටම යන්නේ ආයේ කවදාවත් ඔබා මාමගේ කතා අහන්න ලැබෙන්නැති නිසා...කොයිතරම් විහිළු කරත් තරහ නොගන්න ඔබා මාමා නොහිතපු විදියට අපිව දාලා ගිහින් ආයේ අපෙ බ්ලොග් වලට එන්නැ කියලා දැනෙද්දි....... ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  19. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  20. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!

    ReplyDelete
  21. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  22. ආදරනීය ඔබාමාමේ ඔබට නිවන් සුව අත්වේවා.....!!!

    ReplyDelete