July 6, 2012

බස් (වල) රේඩියෝ

 ඔන්න අද මේ බට්ටි කියන්න හදන්නෙ ගිම්හානි අක්කයි ,ප්‍රියන්ත අයියයි නිශාන්තය කරන බස් රේඩියෝ ගැන නම් නෙවෙයි. මම දන්නවනේ ඉතිං කස්ටිය සුට්ටක් විතර රැවටිලා තමයි ආවේ කියලා. මම ඉතිං එහෙම කියන එකේ වරදක් නෑනේ.මොකද 'හා..මූ ද?'ගැන ලිව්වහමි මූද බලන්නත් කට්ටිය ආවනේ..:D ඒකත් ඉතිං සුට්ටක් විතර මරු.

බ්ලොග් කියවන හැමෝම ඉතිං බස් වල යන අය හරි කවද හරි ගිහින් තියන අයනේ. සමහරු නම් ඇති කවමදාවත් බස් එකක ගිහින් නැති. අම්මා ...ඒක නම් මාරම පිනක් තමයි. සමහරු බස්වල යන්නෙ නෑ දාඩිය ගදයි කියලා. බස්වල යද්දි හුස්ම ගන්න බෑලු දාඩිය ගද නිසා. අනේ ඉතිං අපිනම් දාඩිය මහන්සියෙන් වැඩ කරන අයනේ . බස් නැත්නම් ඉතිං ගමනක් යන්නෙ දෙපයින් තමයි. 

අද වැඩි හරියක්ම පාරෙ තියෙන්නේ පෞද්ගලික බස්. මිනිස්සු යන්නත් කැමති එව්වගෙම තමයි. මොකද සමහර සී.ටී.බී බස් එකක සුදු ඇදුමක් ඇදන් ගියොත් බහිද්දි ඒක කළු එකක් වෙනවනේ. දැන් නම් ඉස්සරට වඩා මේ තත්ත්වෙ හුගක්ම අඩුයි. 


ඉතිං මේ අපි යන බස් වල හැම එකකම වගේ තියෙනව රේඩියෝ එකක්. මොනවද මේවගෙ දාන සිංදු , කවුරු කැමති ඒවද මේවගෙ දාන්නෙ.. ?
සමහර බස් වල උදේට දානවා රේඩියෝ චැනල්. ඒහෙම චැනල් එකක් දාද්දි නම් හුගක් දුරට ලංකාවේ තියෙන බොහෝ ගුවන් විදුලි සේවා වල උදේට ගැලපෙන වැඩ සටහන් ඒවගෙ යන නිසා ගැටළුවක් නෑ. 

එත් බස් වල වැඩිපුරම යන්නේ එයාල ලග තියෙන පීස් වල සිංදු .සමහර බස් වල දානවා අහගෙන යන්න ආස හිතෙන සිංදු..එත් සමහර ඒවගේ..අ‍පොයි දෙයියනේ කන් දෙකේ ඇගිලි ගහ ගන්න හිතෙන ඒව තමයි දාන්නේ....

පහුවෙච්ච දවසක වැඩ ඇරිලා මාත් සුපුරුදු විදියට ගෙදර යන්න නැග්ග බස් එකට. ඉස්සරහ දොරෙන් නැග්ගෙ. සෙනග හිටියා හොදටම. යාන්තම් ඉතිං ඇතුලට රිංග ගත්තා. ඒ බස් එකේ දාලා තිබුණා සිංදු දාන්න පුළුවන් උපරිම සද්දෙ දාලා. මොනවද දන්නවද දාලා තිබුනේ.මේ ලොකෙ මනුස්සයෙක් අහන්න අකමැති විකාර නන්ස්ටොප් එකක්. අනේ ඉතිං අනුන්ගෙ බස් වල යද්දි අපි ඉතිං අහන් ඉන්න බැරි වුනත් ඔහේ පාඩුවෙ යනවා. වෙන මොනවා කරන්නද?

ඒත් ඉතිං එහෙම පාඩුවේ කට පියාගෙන යන්නෙ නැති ඇන්ටි කෙනෙකුත් හිටියා මේ බස් එකේ. ඇන්ටි බනිනවා බනිනවා ඉවරයක් නෑ. ''මගේ නම් ඔළුව පැලෙන්න වගේ.මේ මොන ජරාවක්ද දාලා තියෙන්නේ. මොකක් දැම්මත් මනුස්සයෙක්ගෙ කණට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකින් දාන්න මෙයාලට මොළයක් නැද්ද" ඔය විදියට කියව කියව ගියා. ඒත් ඕක අපිට ඇහුනට ට්‍රයිවර්ටයි, කොන්දොස්තර මහත්තයටයි නම් ඇහුන්නෑ. ඇහෙන්නෙ කොහොමද රේඩියෝ එකේ සද්දෙට එතන ලග කෙනෙක් කියන දෙයක් වත් ඇහෙන්නෙ නැති තරම්....

හැබැයි ඉතිං ඇහෙන්නෑ කියලා ඇන්ටි නෙවෙයි විරෝධ දැක්වීම නතර කලේ. කොන්දොස්තර එතනින් යනකල් ඉදලා කිව්වා මෙච්චර වෙලා කිය කිය හිටිය එක. ඒ ගමන කොන්දොස්තර මහත්ත‍යා කියපි '' මේ මිස් මිස්ට අහන් ඉන්න බැරිනම් මිස් බැහැලා ඊලග බස් එකේ එන්න. මේකෙ දාන්නෙ අපිට ඕන සිංදු අපිට ඕන විදියට". දැන් ඉතිං ඇන්ටි තව මොනවා කියන්නද ? ඇන්ටිගෙ සටනට කවුරුවත් හෙල්ප් එකක් දුන්නෙත් නැති නිසා ඇන්ටි වීදුරුව පැත්ත බලාගෙන පාඩුවේ වාඩිවෙලා ගියා......

ඇත්තටම බලද්දි ඇන්ටි වැරදිත් නෑ. මොකද ඉතිං ඔය වෙලාවට මිනිස්සු මහන්සිවෙලා වැඩකරලනේ ගෙදර යන්න බස් එකට නගින්නේ. සමහරුන්ට ඔය බස් ‍එකේ යන ටිකේ තමයි නිදහසේ යන්න පුළුවන්. ආයෙම ගෙදර ගිහිල්ලා යුද්ධෙ වගේ වැඩ කරන්න වෙනවා. නිදහසේ ඇස් දෙක පියාගෙන පාඩුවෙ යන්න තමයි මම වුනත් කැමති. 

මගේ පෞද්ගලික මතය වෙන්නේ බස් වල දාන රේඩියෝ එක යම් හරයක් තිබිය යුතුමයි කියලා. මොකද ගෙදරක දාන දෙයක් නෙවෙයි. පොදු මහජනතාවටම අහන්න දාන දෙයක්. මිනිස්සුන්ගෙ රුචිකත්වය එකිනෙකට වෙනස්. හැමෝටම රුචි සිංදු හොයන්න බෑ තමයි. සමහරෙක් කැමති එකකට තවත් කෙනෙක් කැමති නෑ. ඒත් හුගක් සිංදු තියෙනවා මනුස්සයන්ට අහන් ඉන්න ප්‍රිය කනට අමිහිරි නැති ඒවා. එහෙම තමයි ගැලපෙන්නේ...

ඒත් ඉතිං තමන් ගැන විතරක් හිතලා වැඩකරන මිනිස්සු ඉන්න‍ ලෝකෙක, අනිත් කෙනා පාගලා බිමට ඇදලා දාලා තමන්ගෙ අරමුණු ඉටුකර ගන්න මිනිස්සු ඉන්න ලෝකෙක හැම දෙනෙක්ටම රසවිදින්න පුළුවන් රේඩියෝ එක්ක බස් වල දාවිද.......................? 

ප.ලි. 
ටරාං ටරාං ...... 
ඔන්න බට්ටි අද ඉදන් තෑගි දෙනවා...
තෑගි ඇනවුම් කලේ හද අල්ලපු රටින්...එත් කෝ ඒක කර ගන්න බැරි වුනා. ඒත් ඉතිං බට්ටි නෙවෙයි සැලුනේ. බට්ටි තෑගි ‍ගෙන්නුවා කෙලින්ම සදෙන්ම....

110 comments:

  1. හ්ම්.... බස් වල රේඩියෝනම් වෙලාවකට කන් කරච්චලයක් හරයක් විතරක් නෙවෙයි ශබ්දය ගැන පවා සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා තමා මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න පොරොන්දුව...බට්ටිගෙ මුල්ම තෑග්ග කාව්‍යා අක්කට...

      [im]http://blackg-shcok.com/bigpic/Longchamp_hand_bag_my_g_shock_20110921025420.jpg[/im]

      Delete
    2. වා....ව්.... මම කැමතිම පාටින් කැමතිම බෑග් එකක්... සෝයි සෝයි...... උම්ම්ම ඔයාට

      Delete
    3. හලේ...ඔය බට්ටි ෂෝයි එකට තෑගී දීලා තියෙන්නේ...බෑ කිව්වට :)

      Delete
    4. @ කාව්‍යා අක්කා....
      මට පුළුවන්නේ හිත කියවන්න...ඒකයි ආසම දේ ‍දුන්නේ...උම්ම දුන්නට කමක් නෑ කෙල ගාන්න නම් බෑ අලී...

      Delete
    5. @ සයුරි අක්කා
      අරක කියව ගන්න බැරි වුනානේ ඉතිං සද ගෙන්නුවා...දැන් හරි...

      Delete
  2. Replies
    1. අයියෝ තෑග්ග.Just miss by the කෙස් ගස්.

      Delete
    2. මේක නම් කෙස් ගස් මිසින්ම තමයි..ලබන පාර බලමුකෝ...

      Delete
  3. //මේ මිස් මිස්ට අහන් ඉන්න බැරිනම් මිස් බැහැලා ඊලග බස් එකේ එන්න. මේකෙ දාන්නෙ අපිට ඕන සිංදු අපිට ඕන විදියට//
    ඕක තමයි අද කාලෙ බස්වල තියන ප්‍රමිතිය. ඩීසල් මිල පොඩ්ඩක් වැඩිකල ගමන් කෑගහන ගැමුනුලට මේව පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පේන්නෑ නෙවෙයි අයියේ ගනන් ගන්නෑ...

      Delete
  4. මම බස් වල ගිහින්නැති නිසා ඔය ගැන දන්නෙ නෑ..

    ReplyDelete
  5. මොනව කොරන්නද බට්ටියො ඇහුනත් නෑහුනා වගේ තමයි බස් එකේ යන්න වෙන්නෙ......මොනා වුනත් මේ වගේ පෝස්ට් 1ක් දාපු 1ත් හොදයි...මොකද අපිට කොයින්ද බට්ටියො කාර්...පාරෙ යන බ්ස් තමා ඉතින්...ආයෙත් අහලා..............:)

    ජයෙන් ජය:)

    ReplyDelete
    Replies
    1. ඇවිද්ද පය දහස් වටී කියනවනේ අයියේ....මම නම් වැඩි හරිය යන්නේ පයින්මයි. හැබැයි අම්මා නම් බනිනවා පයින් ගිහිල්ලම තවත් කෙට්ටු වෙනවා කියලා...
      උයා මේ .ට්ටිගේ බ්ලොග් එකට ආවට හුගාක් ස්තූතියි. පිලිගන්නවා බට්ටි ලොවට ආදරයෙන්...

      Delete
  6. :) ... ඇත්ත කතාව...
    ඔන්න මං කමෙන්ට් කළා.. මේකත් ගිනි නරිය කෑවා කියන්න නම් එපා හොදේ

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද? හිකිස්..
      මේ කෙල්ල ඉන්නෙම මාත් එක්ක එල්ලිච්ච ගමන්මනේ.මේක ගිනි නරියා කන්නයි හැදුවේ මම එයාට කේජු කෑල්ලක් දීලා ෂේප් කර ගත්තා...

      Delete
  7. බස් වල සිංදු දාන්නේ කොට කොටා යන්න ඕනි උනාමලු. ඕක මට කීවේ බස් අයිතිකාරයෙක්මයි. එහෙම දැම්මාම මිනිස්සු කැමතිනම් සිංදු අහනවා. අකමැතිනම් බනින්න තියා ගන්නවා. බස් එක කොටමින් යන බව අමතක වෙනවා.
    ඔන්න බස් රේඩියෝ නිශාන්තයෙන් නම් අහන් ඉන්න ආස සිංදු විතරයි අපි දෙන්නේ හොඳද....:DDD

    ReplyDelete
    Replies
    1. බස් අයිතිකා‍රයෝ බලන් යද්දි සෑහෙන්න බුද්ධමත් අයනේ...:D
      එකනේ අයියා අපි අනිවා ඒක අහන්නේ..අපිට නම් ඉතිං නිශාන්තයම තමයි..:D

      Delete
  8. සහතික ඇත්ත බට්ටි...:( මාත් හෙන විරුද්ධයි ඔකට නම්. අර ආන්ටිත් එක්ක එකඟයි. මොකද රස්සාවට කියලා මං ගමන් කරන්නෙ දුර ගමනක් මාවනෙල්ලෙ ඉඳන් කොළඹ දක්වා ඒ කියන්නෙ කි.මී. 75 ක් විතර දුරයි. පැය 21/2 ටත් වැඩි කාලයක්. එහෙම යන හැම අවස්ථාවකදීම මාත් විඳිනවා ඔය වධය. බැරිද අපි හැමෝම එකතුවෙලා ඕකට එරෙහිව නැගී සිටින්න​...... :);)

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්න ඕනේ නෑ නුවර ඉඳන් කොළඹ එන බස්වල නම් හරිම මිහිරි ගීත දාන්නේ... කෝච්චියේ එද්දි හෙඩ් සෙට් එක දාගෙන සිංදු අහ අහ ආවත් බස්වල යන් සිංදු මාර ලස්සන නිසා එහෙම ඕනෙ වෙන්නේ නෑ... හැබැයි මම කියන්නෙ ප්‍රයිවට් බස් වල විතරයි.සී ටී බී එව්වගෙ නගින්නෙ නැත්තේ තේ බොන්නවත් නවත්තන්නෙ නැති නිසා....

      Delete
    2. @ Fathima Reeza
      වැඩක් නෑ ෆාතී මොක කලත්..හැමෝම ගැන හිතලා වැඩ කරන අය දැන් හුගක් අඩුයි...

      Delete
    3. @ ගැමියාගේ පත් ඉරුව
      මමත් ගාලු යද්දි නම් හෙඩ් සෙට් එක දාගෙන සිංදු අහ ගෙන යනවා.ඒනම් වැඩි පුරම නින්ද ගියොත් කියලා බයට...

      Delete
  9. බස් කියන්නේ දවසේ වැඩිපුරම ඉන්න තැනක්නේ. ඇත්තම කියුවොත් මම දවසේ පැය 24 න් පැය 8 ක් ම ඉන්නේ බස් එකේ ..නෑ නෑ කොන්දොස්තර රැකියාව නෙමෙයි කරන්නේ හිහි
    මම අමදාම යන්නේත් එන්නෙත් බස් දෙකක. ඒ බස් දෙකේ උදේට යන බස් එකේ ඇහෙන්නේ අමරදේව මහතා, වික්ටර් රත්නායක මහතාගේ, අමරසිරි පීරිස් මහතාගේ, නන්දාමලිනි මහත්මියගේ නිවිච්ච සින්දු.. අහන්න ඉන්නන ආසාවේ බෑ. එද්දී එන බස් එකේ යන්නේ නව පරපුරේ ගීත. එත් එච්චර කලබල ගීත නෙමෙයි. ඒ නිසා දැනටනම් මට කිසිම අපහසුවක් දැනිලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව් ඔව්ව් :)

      Delete
    2. @ වර්ණා
      පැය 8 ක් කියන්නේ දවසෙන් 1/3 ...නරකද වර්ණා පාට්ටයිම් (කොන්)දොස්තරකෙනෙක් වුනා නම්...

      @ අසරණයා
      ඒක තමයි මට‍ත් එය ඇසුමෙන් ඇය පිං කල බව සිතුනා...

      Delete
  10. ලංකාවෙ බස් හින්දම ජනප්‍රිය වුන ගායකයොත් ඉන්නවනෙ.දන්නවනෙ බස් අජිත්.

    ReplyDelete
    Replies
    1. බස් අජිත්..අනේ මට ඔය මනුස්ස‍යගෙ සිංදු මතක නෑනේ....

      Delete
  11. කතාවක් කියන්නම්...
    මමත් පුන්චි කාලෙ ඉදල හැම දේටම බඩ ගැවෙ බස් එකේ.ඒත් ටික කාලෙකට රටින් බැහැර වෙලා, ගිය අවුරුද්දෙ ලංකාවට ආපු වෙලාවෙ පුරුදු විදියට නැග්ග බස් එකට, පැය බාගයක් විතර යනකම් මටම හිතා ගන්න බැරිවුනා මොකක්ද වෙන්නෙ කියල.ඒතරමට ගෝසාව.ඒ අතින් බැලුවම ලංකාව ශබ්ද දූෂණය අතින් ඉහලින්ම ඉන්න රටක්.දාඩිය ගඳ එක්ක බැලුවොත් ලංකාව හොඳයි.මෙහෙ ඉන්න වැඩි හරියක් ඔසියො හත් අවුරුද්දකින් නාපු එවුන් නෙමේ.හප්පේ ගඳ.

    ReplyDelete
    Replies
    1. අයියෝ මම හිතාගෙන හිටියේ ඔසියෝ හොදට ඇපල් කන නිසා වතුර ඇගට වැටෙනවා වැඩීනේ එයාලගෙ දාඩිය එච්චර ගද නැතුව ඇති කියලා... බලන් යද්දි හඩු ඔසියොනේ....

      Delete
  12. හ්ම්ම්.. ඇත්ත තමා..

    ReplyDelete
    Replies
    1. බට්ටි බොරු කියන්නේ නෑ...

      Delete
  13. මම නම් කොහොම හරි බලල වාඩි වෙන්නේ ඉස්පිකර් එක යටම තමා . එතන තමයි අඩුවෙන්ම සද්ද ඇහෙන තැන. :D

    ReplyDelete
    Replies
    1. මම වැඩි පුරම වාඩි වෙන්නේ අර ජනෙල් දෙක්ක අතරෙ තියෙන්නෙ පටියක් වගේ එකක් අන්න එතන තියෙන ෂීට් එකකට. එතන වාඩි වුනාහම නියමට ඔළුව තියන් යන්න පුළුවන්.අයියෝ සෙට් වෙන්නෙම ඉස්පීකර් එක ලගම තමා...

      Delete
  14. හප්පා බට්ටි.. තෑගි දෙන්නත් පටන් ගත්තද.. හප්පේ.. අදින් පස්සෙ එන්න හොද නෑ.. එතකොට තෑගි ගන්න ආවා වෙනවනේ... :-D

    ReplyDelete
    Replies
    1. අනේ පසන් අයියේ එහෙම කරන්න නම් එපා. බට්ටි ඉතිං පළවෙනියට තෑගි දෙන්නෙ සතුටින්නේ..
      ඇවිත් යන එක තමයි බට්ටිට තියෙන සතුට... ඔන්න නෑවිත් ඉන්න බෑ අලී.....

      Delete
  15. මට නම් බස් එකේ රේඩියෝ එකක් නෙවෙයි 10 ක් දැම්මත් දෙයියනේ කියලා කන සාකුවේ දාගෙන දොයිය ගන්න පුළුවන්! ;)

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා බෝතල් කීයක් බීලද බස් එකට නගින්නේ....හිකිස්...

      Delete
  16. මගෙත් අදුරන කෙල්ලෙක් ඉන්නව බස් එකේ ගිහින් නැති. ඒකට අපි, කාර් එකක ගිහින් නෑ...

    තෑගී දෙනවා කිව්‍ව්‍,, අපිටත් එක්කද,,

    ReplyDelete
    Replies
    1. හේ හේ අපිට කොයින්ද මාළු අපි මුහුදු යනවැයි..

      තෑගි දෙන්නේ 1 වෙනියට විතරෝ....

      Delete
  17. කියන දේ ලග ඉන්න කෙනාටවත් ඇහෙන්නේ නෑ කිවුවට දෙන්නෙකුටම ඇහිලා නොවැ.
    එයාලගේ නූගත්කම බට්ටියේ, රාජ් කියන්නා වගේ මේවා ගැන හොයන බලන කෙනෙක් නැති එකේ අඩුව මේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අපේ අක්කා කියන්නේ මට තියෙන්නේ සුපිරි ගනයේ කණ් දෙක්ක කියලා..කොච්චර හෙමින් කිව්වත් මට ඇහෙනවනේ...
      වෙන රටවල මට හිතෙන්නේ මීට වඩා සාර්ථක ක්‍රම ඇති‍ මේ සම්බන්ධව...

      Delete
  18. මේ අක්කේ...ඔන්න ඔහේ මටත් තෑග්ගක් දෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අලේ එහෙම දෙන්න ගියොත් මට තව ජොබ් දෙක්කවත් කරන්නවෙයි...ගූගල් දෙයිය වුනත් හැමදාම නිකන් දේවිද එච්චර ගනිද්දි...

      Delete
  19. ඔය කරදරේනම් මමත් ඇති පදමට විඳිනව. විඳින්න පුලුවන් රසයක් නැති සින්දුත් කන පැලෙන්න දානකොටනම් ඉතිO කනට දැනෙන (අ)සනීපෙ ගැනනම් කියල වැඩක් නෑ.

    සින්දුනම් ඔහෙ විරවගෙන හරි අහගෙන ගියයි කියමුකො බට්ටි. ඒත් දාන සමහර රේඩියෝ චැනල් වල නිවේදකයෝ( යයි කියාගන්නා) කට්ටිය කියන දේවල්, කරන වැඩසටහන් ඇහෙනකොට ඇඟේ මාලු නටනව. බැරි වෙලාවකවත් ගෙදර කෙනෙක් එක්ක බස් එකේ ගියොත් බස් එක යන අපිට ලැජ්ජ හිතෙනව කියන සමහර දේවල් වලට. කතිකාවතකට හොඳ මාතෘකාවක් බට්ටි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒකනම් ඇත්ත සමහර වැඩ සටහන් තියෙනවා යාළුවෙක් එකක්වත් එකට ඉදගෙන අහන්න බැරි තරම් පහත් ඒවා. සමාජය පිරිහෙන්න මූලික‍ හේතුවක් තමයි ඒකත්...

      අනේ මන්දා කමෙන්ට් එකට රිප්ලයි දාන්නත් කලින් ඇයි අහස අමාවක වුනේ...:'(

      Delete
  20. මම බස්වල යන්න ගත්තේ මට මතක විදියට 6 වසරෙනුත් පස්සේ.... එතකන්ම මම පයින් තමයි ගමන බිමන.ඇවිද්ද පය දහස් වටී ඈ...

    හැබැයි බස් එකේ යන්න ගත්තු මුල්ම දවසේ පිළියන්දලින් බස්සන්න කියපු මාව බැස්සුවේ කැස්බෑවෙන්.... මට බහින තැන හොයාගන්න බැරිව ඔල්මොරොන්දම් වෙලා හිටියේ.

    එදා ඉඳන් බස් එකේ යන්නේ සෑහෙන පරිස්සමෙන්.දැන් කතා කරමු මේ සිංදු දාන කෙලිය ගැන.දුර ගමන් සේවා බස්වල මම සෑහෙන්න යන කෙනෙක්.හැබැයි ඒ නුවර ඉඳන් කොළඹට සහ කොළඹ ඉඳන් නුවරට.දැන් අවුරුදු හතරක් පහක් තිස්සෙම මම ඒ බස්වල යනවා එනවා ඒත් කිසිම ගෝෂාවක් නම් ඇහිලා නෑ....

    හැබැයි ළඟ පාත බස්වල යනකොට නම් මේ කන පැලෙන සද්ද තියෙනවා බස් එකම දෙදරන්න.එච්චරම සංගීතයට ආසයි නම් ඒ හැමෝටම හෙඩ් සෙට් දුන්නනම් හරිනේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මහරජාටවත් කියලා බැරි වෙයිද අඩුගානේ ෂීට් ගානට හරියන්නවත් හෙඩ් සෙට් ටිකක් ගන්න...

      Delete
  21. හෑෆූ කටා කලල වැඩක් නෑ අක්කියෝ......:/

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කීන්න එපා නංගෝ..මෙව්වා කතා නොකල බෑ...

      Delete
  22. මම නම් කියන්නේ මේකයි බට්ටි කීවා වගේ එක එක්කෙනාට වෙනස් රුචිකත්වනේ තියෙන්නේ ඒක නිසා දාන සිංදුවක් (නන්ස්ටොප් උනත්) සද්දේ අඩුවෙන් දැම්මනම් හරිනේ.... එතකොට නිදහසේ මනෝ පාර ගහන කෙනෙක්ට උනට ඒක ලොකූවට භාදාවක් වෙන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව් කනියා සෙනග තෙරපිලා යන බස් එකක සද්දෙ වැඩියෙන් දාලා තියෙද්දි ඒක මිනිස්සුන්ට දරා ගන්න බෑ.

      Delete
  23. බස් නම් ඉතින් එපා වෙන දේ..බට්ටිවුනත් අර අන්තිම‍ට කියපු කතාව නම් ඇත්තම ඇත්ත..දැන් හැම මනුස්සයම වැඩ කරන්නේ තමන් ගැනම හිතලා තමයි..අනුන් ගැන හිතන කෙනෙක් හොයන එක අද කාලේ හරියට කලුනික හොයනවා වගේ....

    ReplyDelete
    Replies
    1. හේ හේ මෙහෙම හිටියට බට්ටි හෙනට පැහිලනේ.....
      ඊටත් වඩා අමාරියි සිතූ අනුන් ගැන හිතන කෙනෙක් හොයා ගන්න...

      Delete
  24. happo wadak na kiyala .habei wasanawa moka dammath avatharta podda athnam ahapiyawenawa.

    ReplyDelete
    Replies
    1. මෙයානම් අවතාරයක්ම තමයි..:P

      Delete
  25. මේක නම් දවසක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. හැමදාම මට ඔලුව කැක්කුම හැදෙනවා. ඒත් එක දවසක් මට හිතුනා මට හුස්ම ගන්න බැරි වෙලා මැරෙයි කියල. කඩමන්ඩියේ දොල අයිනේ ගීතය කියනව ගායකයෙක්. ඒක කිවුව විඩියට මට මොකද්ද වුණා. සින්දුව නාස්ති කළ එක ගැන දුකක් වත් තරහක්වත් නෙමේ. ඒත් අහල පුරුදු සින්දුවක් වෙනස්ම විදියකට කියද්දි කියාගන්න බැරි තරම් අපහසුතාවයක් දැනුන.ඇත්තමයි හුස්ම හිර වෙනව වගේ දැනුන.
    මම නම් කැමතිම සී ටී බී වල යන්න. ඇඳුම් කිලු‍ටු වෙනවද. අනේ මන්දා මට කවදාවත් එහෙම හිතිල නෑනෙ

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ තරම් ආදරෙන් කියපු සිංදු සම(හරක්) විහිළුවට අරන් කවි කරනවා. කවි කරනව විතරයි නම් ඉවසන්න පුළුවන් එවාගෙ තියෙන සුන්දරත්වය සේරම නැතිකරලා කනවා...

      Delete
  26. ඔහොම හයියෙන් රේඩියෝ දාන බස් වල අයිතිකාරයින්ට නඩු දාන්න පුළුවන් කියල අහල තියනවා. එහෙම යට දඩ ගහනවා පත්තරේ දැකල තියනවා. මොකද නිදහසේ ගමන් කිරීම බස් මගීන්ගේ අයිතියක් නිසා. මොකද පිනට යනවා නෙමෙයිනේ. සල්ලි ගෙවලානේ යන්නේ. හැබැයි පුද්ගලිකව මටනම් සින්දුවක්වත් දානේ නැති බස් වල නම් යන ඒක එපා වෙනවා. බැබලි බැබලි රේඩියෝ ඒක තියනවා. එත් දාන්නේ නෑ..ඔය වෙලාවට මට පිහිටට එන්නේ මගේ ජන්ගමේ හැන්ඩ්ස්ෆ්රී ඒක. මොන බස් එකේ සද්දෙට ඒක හරියට ඇහෙන්නෙත් නෑනේ. .

    ReplyDelete
    Replies
    1. බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගේ කිව්වලුනේ පැතුම්..නීතියත් හරියට මකුණු දැලක්වගේ නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නේ....

      Delete
  27. මම දවසක බස් එකක එනකොට ඔයවගේ සද්දෙට සින්දු දාලා තිබුනා. ලස්සන සිංදුනම් කමක් නැ චාටර්ම චාටර් සිංදු. මිනිස්සු හැමෝම අකමැත්තෙන් හිටියත් ඒ බවක් පෙන්වුවෙ නෑ. මම උන්නෙ කන්ද උඩ ආසනයෙ ඊට ඉස්සරහ ආසනය යට තමා ඉස්පීකර් පෙට්ටිය තිබුනෙ මට දැන් එනවා බැබලි බැබලි තියන වයර් ඇමුනුම් දෙක. මගෙ බෑග් එකෙ තිබුනා network wire tester එකක් ගැලෙව්වා බැටරිය ඇල්ලුවා වයර දෙකට ........ පොහ් ෆ් ෆ් . එච්චරයි. මම නිදි වගෙ උන්නා . හැමෝම කනක් ඇහිලා සතුටින් ගමනාන්තය බලා ගියා

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ජෝන ඉතින් කලොත් කරන්නේ ඔහොම වැඩක්‌ තමා . ජෝන්ට නිදාගන්න ඕන වෙලා කල වැඩක්‌ මේ :D

      Delete
    2. ජෝන් ව උල තියමු

      Delete
    3. @ ලොකු ජෝන්...
      අම්මෝ ලොකු ජෝන් කරපු දේවල්.. මොකටද හැබෑට බෑග් එකේ network wire tester දාගෙන යන්නේ.සද්දෙ නැතර වුන එක ගැන කොන්දයි ට්‍රයිවරුයි හෙව්වෙ නැද්ද? හෙව්වෙ නෑත්නම් බලන් යද්දි දාන්නන්වාලේ දාගෙන ගිය එක්ක තමයි ඒක.ඒ දෙන්නවත් අහලා නෑනේ...

      Delete
    4. @ ගිම් අක්කා
      ජොන් නම අයින් කරලා අක්කෙ මෙයාට වෙන නමක් දාමුද?

      @ වර්ණා
      අපෝ මෙයා උල තිබ්බොත් අන්තිමේදි අපිට උලේ ඉන්න වෙයි....මේ කරන වැඩ ඇහුවහම මට නම් බෑ ඔව්වට නම් දායක වෙන්න...

      Delete
  28. කලින් දැනුම් දෙන්න එපැයි තෑගි දෙනවා කියලා..ෂික්..
    හෆොයි ...ඔය බස් ගැනනම් කතා කරලා වැඩක් නැහැ..
    හැබැයි අපේ ගමේ බස් එකනම් එහෙම නැහැ... :)

    ReplyDelete
    Replies
    1. හරි හරි මේ පාර බැරි වුනාට එනපාර ට්‍රයි කරන්නම්කෝ..
      ඔයාගෙ ගමේ බස් එක නම් හරි හොදයි නේද?

      Delete
  29. අම්මෝ මට ත් නම් පිස්සු හැදෙනවා..උදෙන්ම බස් එකට නැග්ගාම දවසම එපා වෙනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ කලින් ඉදන් නිම්ශාට පිත්තු කියලනේ.(විහිළු හොදේ..)

      Delete
  30. බස්ද, බස් ඉතින් අෙප් කන් කම්බස් කරනවා. හැබැයි මැතක ඉන් ඒ් අයත් දැන් දැන් ෙහාද සිංදු දානවා.ඒ් ෙවලාවට නම් බහින තැනත් අමතක ෙවනවා

    ReplyDelete
    Replies
    1. බහින තැන අමතක වෙලා ගිහින් ආයෙ එද්දි ඒ අහන් ගිය සිංදුවට වෙනස් චාටර් සිංදුවක් ආපහු එන බස් එකේ තිබ්බොත් ෂුවර් එකටම කලින් බස් එකටත් බනින්න හිතෙයි මට නම්....

      Delete
  31. මම බස්වල යන්න ආසම නැත්තේ ඔය සින්දු නිසා තමයි. බස් එක එයාලගේ උනාට මිනිස්සු ඒවායේ යන්නේ සල්ලි දීලා නේ. පාරිභෝගිකයන්ට උවමනා විදියට සේවාව සපයන එක තමයි එයාලගේ වගකීම. අනේ ඉතින් මේවා කාට කියන්නද

    ඇත්තටම සී ටි බී බස් වල යන්න මම කැමතියි. ඉස්සර ටියුෂන් යන කාලේ මගේ යාළුවො ටික හොඳටම පැක් වෙච්ච ප්‍රයිවට් බස් වල ගියාට මම සී ටි බී වල ගියා වැඩි අමාරුවක් නැතුව :)

    ReplyDelete
    Replies
    1. බස්කාරයෝ හරි ගනන් අක්කේ...මිනිස්සුන්ට නොගිහින් බැරි නිසා අනිවාර්යයෙන්ම එව්වගෙ යන බව දන්නවනේ...ඒකයි ඒ...

      Delete
  32. ඒක නම් ඇත්ත අක්කේ මිනිස්සු බස් වල නිකන් යන්නේ නෑ නේ ටිකට් එකක් ගන්නවානේ
    මගීන්ට තමයි මුල්තැන දෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අම්මෝ බස් එකට නැග්ග වෙලේ ඉදන් එයාලගෙ තියෙන නීති ගොඩ..මාරු කාසි දෙන්න.ඉස්සරහට යන්න කියයි පස්සට යන් කියයී. බැග් ගලව ගන්න කියයි. අපිත් ඉතිං එහෙයි කියලා වැඩ ටික කරන්න වෙනවා..

      Delete
  33. ජිවිතේ දැනට ගෙවපු කාලෙන් වැඩි හරියක්ම ගමන් ගියේ නම් බස් එකේ තමයි. දැන් නම් රෝද දෙකක් තියන නිසා යැවෙනවා ගොඩාක් අඩුයි.. ඒත් ඉතින් නොයා ඉන්නේම නැ.. මම නම් බස් එකේ යනකොට කරන්නේ කවුරු මොනවා දැම්මත් මම අහන්න කැමති ෆොන් එකේ තියන සොන්ග් හැන්ඩ්ස් ෆ්‍රි වලින් අහගෙන යන එක තමයි. සමහර වෙලාවට ඒක ශො එකක් වගේ පේනවත් ඇති.. ඒත් මගේ කන බේරිලානේ... ඒ නිසා අවුලක් නැ.

    ඒක නෙමේ බට්ටියේ මේ ෆොටො ගත්තේ බට්ටිමද?

    ReplyDelete
    Replies
    1. දේවට ඉක්මනින්ම ඇලියන් එකක යන්න වාසනාව ලැබේවා...

      අම්මෝ මෙව්වා ගන්න ගිහින් මට ගුටි කන්න තමයි වෙන්නේ...

      Delete
  34. බස්වල යද්දී දාන සිංදු ජාති කාණ්ඩ තුනකට දන්න පුලුවන්
    …ඇහෙන සිංදු
    …අහන සිංදු
    …අහන්න වෙන සිංදු

    ReplyDelete
    Replies
    1. හරියටම හරි..වැඩිය තියෙන්නෙ බලෙන් අස්සවන සිංදු...

      Delete
  35. මට නම් කවදාවත් බට්ටිගෙන් තෑග්ගක් ගන්න බැරි වෙයි !!!
    කම්කරු ජනතාව වෙච්ච අපිව බට්ටි අමතක කරලා. අඩුම තරමේ රෑ 10ට කලින් කමෙන්ට් කරන කට්ටියගෙන් එක්කෙනෙක්ට තෑග්ගක් දෙන්ඩ වටිනවා. හික්ස් :)
    (කියලා තෑගි ඉල්ලගන්න ඕනැන්නේ නෑ. හික්ස් :) )

    අර කිව්වත් වගේ එක වෙලාවකට බස් වල රේඩියෝ එක පුදුම වදයක්. ඒත් සමහර වෙලාවට නම් අවුලක් නෑ. පාළුවක් නෑ. ඔහේ අහගෙන යනවා.
    මට නම් එපා වෙන්නේ බස් අජිත්ගේ සිංදු යනකොට. අම්බෝ නාහෙන් ඇඬීමක් නෙව !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම හැමොටම සාධාරණ විදියට පොස්ටු දාන්නම්කෝ..එතකොට වැඩේ හරිනේ...හැබැයි යක්කු ගස් නගින වෙලාවට නම් බෑ...

      Delete
  36. Bus Sindu vindinna wenawata wada windawanna wena awastha thamai wedi... lassana sinduwak ahagena nivi sanasille enna labunama bahiddi kondosthara Mahatha hari Riyaduru mahatha hari langa pathaka hitiyoth

    " sthuthi....... lassna sindu tikak ahuwa..." kiyanawa mama... punchi dirimathkirimakne..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම මිනිස්සු අපි අගය කල යුතුමයි...

      Delete
  37. මමත් ඇති තරම් වලි දාගෙන ඇති ඕනතරම් ඒවගේම නෝන්ඩිත් වෙලා ඇති.. දැන් බස්වල යන්නෙ බොහොම කලාතුරකින්..කොලඹ දිහාවෙ යනවනම්තමා..!

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතිං වලි නම් දාගන්නෑ. තියෙන කෙස් ගස් දෙක තුනවත් පරිස්සම් කර ගන්න ඕන නිසා...

      Delete
  38. මමනං ඒ බස් සින්දු වලට ආසයි.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා බස් වල සිංදු අහල තියෙනවද එහෙම කියන්න.
      ඔයාගෙ ගමන් ඉතිං දෝලාවෙන්නේ...?

      Delete
  39. Replies
    1. ආ 138 බස් එකටත් සිංදුවක් තියෙනවානේ...

      Delete
  40. කාලයක් මල් සිංදු කැසට් පට අපිට බලෙන් ඇස්සෙව්වනෙ ඔය බස් මාමල. අප්පේ ඒව අහල බහින්න කිට්‍ටුවෙන කොට හොඳටම ඔළුව කැක්කුමයි. තව කාලයක් ගියා රේඩියෝවක වැඩසටහනක් "කනාමැදිරි රාත්‍රිය" ද කොහෙද නම. සති අන්තෙට ගෙදරයද්දි බස් එකේ ඇහෙන්නෙම ඕක. සමහර වෙලාවට ඒකෙ ඇහෙන දේවල් වලට අපිට්ම ලැජ්ජ හිතෙනව. අපිට ඉතින් ඕවට දොස් කියන්නත් බෑ,මොකද බස්වල රේඩියෝ හා කැස්ට්පට දමන්නෙ බස් එක පදවනායගෙ රසාඥාතාවය අනුවනෙ

    ReplyDelete
    Replies
    1. මමත් ආසම නැති වැඩසටහනක් තමයි කනාමැදිරි රාත්‍රිය. සමහරු නම් පැල් බැදගෙන ඕක අහනවා..

      Delete
  41. තෑගි දෙන්ට පටන් ගෙනනේ. දැන් කොහොමද එක දාගන්නේ කියලා කල්පනා කරන්නේ. ඒ හන්දා සින්දු ඇහෙන්නෙත් නෑ.:)

    සංවාදයට හොඳ මාතෘකාවක් උනත්, කොච්චර දේ කතා කලත්, එයාලගේ සින්දුම තමයි අන්තිමට අහන්ට වෙන්නේ.

    ඔයා අන්තිමට කියලා තියන කතාව තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හද අපේ ගෙදරට ආවනේ.ඒ වෙලාවෙ තමයි තෑගි ගත්තේ..හිකිස්.සද බැහැල ගිහින්නේ.අක්කා හද අල්ලපු රටෙන් සුට්ටක් අහන්න . එයා කියලා දෙයි....හැබැයි අක්කා තෑගි දුන්නොත් ප්‍රියන්ත අයියා සේරම ගනී.අපිට තමා ගන්න වෙන්නෙ නැත්තේ....
      අන්තිමට කිව්ව කතාව හරිම අමාරුවෙන් කෙටි කලේ. ඒක ලිව්ව නම් මෙතන පොස්ට් දෙකක් වෙනවා.

      Delete
  42. අද කාලේ වෙන අකටයුතුකම් එක්ක බලද්දි ඕකනම් හරිම පුන්චි දෙයක් කියලමයි මට හිතෙන්නෙ බට්ටියෝ...

    අනේ වාසනාවට මටනම් ඔය ප්‍රශ්න නෑ.. පොඩිකාලේ ඉදන්ම ඔය ලඟකට යනවනම් තාත්තගේ අවුඩිය අරන් යනවා.. ටිකක් විතර දුර ගමනක් නම් අය්යගේ හයිබිරිඩ් එකෙන් තමයි යන්නේ... දවස් දෙක තුනක ගමනක්නම් මගේ අලුත්ම රතුපාට ෆෙරාරි එකේ යන්නේ... ඉක්මනට ම යන්න ඕනෙ දුර ගමනක්නම් තාත්තට කාර් එකේ ඔෆිස් යන්න කියල මම හෙලි කොට්ටරේ ඉල්ලගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. හෑ!...මෙන්න නයියෙක්...!!

      Delete
    2. @ මීගොඩ
      වැඩක් නෑ සුදු අයියට මොක තිබුණත් පුස් සයිකලයක් නෑනේ...

      Delete
  43. බස් ගැන නම් ඉතින් මොනා කියන්නද... 138 ඇති වෙන්න රවුම් ගහපු අයනේ අපි.. ඔක්කොමත් හරි බස් අජිත්ගේ සිංදු ඇහෙද්දි තමා ඉන්න අමාරු... :)

    ReplyDelete
    Replies
    1. අනේ මේ හැමෝම කියනවා බස් අජිත් ගැන. මම සමහර විට එයාගෙ සිංදු අහල ඇති ඒත් නමින් දන්නෙ නෑ‍නේ...

      Delete
  44. බස් වලනම් ඔය ප්‍රශ්නෙ තියෙනවා තමා...:/

    ReplyDelete
  45. ඒකත් එහෙමයි ,., ,., මොනා කරන්නද,.,

    ReplyDelete
    Replies
    1. කරන්න නම් දේවල් හුගක් තියෙනවා ඒත් කරන්න පුළුවන් අය මුකුත් කරන්නෙ නෑනේ...

      Delete
  46. අපොයි ඔව් නංගී ලදරම් සින්දු...එපා වෙනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. හ්ම්..එපා වුනත් අපිට බස්වල නොගිහින් කොහොමද නේද අක්කේ?

      Delete
  47. මට මතක විදියට නිතියාක්‌ ආවනේ ඒ සම්භන්දව.

    ReplyDelete
    Replies
    1. පොතට විතරක් ඇති අසරණයෝ....

      Delete
  48. batti, attatama bus wala danne e sindu tamai.... haabai godak bus wala sindu hariyata torala berala danawa... udeta danne pirit. tawatikak ude wenna danne normal sindu..e wage dan inna aya sindu danawa... e kese wetat anunge wahana wala yanakota e ayata yatatwela yanna oni.. eka biyagulu kama newei nuwanati kama.. (meka sinhalen danna nohaki weema gana balawat kanagatuwa)

    ReplyDelete