November 2, 2011

හිතන්නෙපා කවී කියලා....ඔබ රැවටේවී......

 
උදේට ටික දුරක් එනවා පයින් මම...
එහෙම එද්දී හරි වැඩකුයි උදේ උනේ...
ලයිසන් තියෙන එක මිනිහෙක් ගියා උඩින්....
අයියෝ දෙවෙනි පාරටත් මං නාගත්තා....

දැන් හැම තැනම හරි වැස්සක් නොවැ ඇත්තේ...
පාරේ තියෙන තඩි වළවල් උතුරන්නේ....
වාහන වල යන උදවිය නැද්දෝ දන්නේ .....
පයින් යන මිනිසුන් ඇයි මේ ලෙස නාවන්නේ .....
අනේ ඉතිං පහත් වෙලා ගල් ගෙඩියක් ගන්න නොහිතුනාම නොවෙයි.ආයෙ ඉතිං මොකටද බොරුවට පොලීසි ගානෙ යන්නෙ කියලා හිතලා ගිහින් මොකක් හරි කොටලා තරහා නිවා ගන්න හිතන් මං ආවා.

11 comments:

  1. අනේ අප්පේ බට්ටියා උදේම නාගෙන...එච්චර හිතන්නෙ එපා....මේක සිරි ලංකාවනෙ....සිරි ලංකාවේ රියදුරු මහත් හොරු ඔය වගේ තමා :P

    ReplyDelete
  2. දිව්‍ය රථේ යනකොට, පාරෙ වතුර වලවල් උඩින් පැන පැන පයින් ලොටන මනුසත්තු මතක් වෙන්නෙ නෑ නොවැ සමහරුන්ට....වහින දාට කුඩේ වැඩිපුර අල්ලන්නෙ වතුර වලවල් වලින් ඉහෙන වතුර වලක්වන්න.... වැහි වතුර නම් ඉතින් නෑවත් කමක් නෑ කියලා....

    ලංකාවෙ විතරක් නෙමෙයි දිල්, මෙහෙත් ඔහොම තමයි... අඩි දන්න එකා එහාට මෙහාට පැනලා බේරෙනව... හැබැයි ඕනකමින් වතුර වලවල්වලට අල්ලන්නෙ නෑ, අර ලංකාවෙ සමහර නරුමයො කරනව වගේ...

    ReplyDelete
  3. @ අක්කා (දිල්)
    එච්චර හිතන්නේ නෑ එක වැරදීමක් වුනා නම්. ඌ මේ පාර මැද ඇවිත් වතුර වළට කපලා මං නාවලා ගියා.

    ReplyDelete
  4. @ Miyuru
    එක තමයි. තමන් ගැන විතරක් හිතන එක තමා මේකට හේතුව. මෙහේ සමහරින්ගේ ආකල්ප වෙනස් කරන්නන මැකුවත් බෑ.

    @ පිස්සු පූසා
    කිවිසුමක් ගියාද පූසෝ

    ReplyDelete
  5. කවි නෙවෙයි තමයි.... :))

    ReplyDelete
  6. බට්ටි අක්කගේ කවියක් මේ බැළුවමයි..
    එක නම් ඇත්ත් අක්කේ වැස්ස දවසට පාරේ යන්න හෙනම ගේමක් දෙන්න ඕන...

    ReplyDelete
  7. අපෝ මේ දවස්වල වැස්ස නිසා එපාවෙනවා. බස් එක නවත්වන්නෙම මඩගොඩවල් වතුර වලවල් උඩින්මනේ. මම් ඉතින් සබත්තුවල වතුර පුරෝගෙනම බස් එකෙන් බැහැගන්නවා.

    නංගි උදෙන්ම නාගෙන !!!

    ReplyDelete
  8. @ නිසුපා අක්කා
    ඔව් අක්කේ කවුරැ හරි මේකෙ තාල අල්ලන්න ගියෝත් කියලා බයේ මුලින්ම කිව්වේ කවි නෙවෙයි කියලා.

    ReplyDelete
  9. @ දිනේෂ්
    ඔව් මල්ලී.

    ReplyDelete
  10. @ මධුරංග
    ඒකනේ. එයා හිතලා මං නාලා ආවේ නෑ කියලා.

    ReplyDelete