November 24, 2011

කොහොමද හැබෑට මොහෙම වුණේ..............

අද ඉතිං වැඩ අඩු දවසක් නිසා බට්ටිට හිතුනා නිකං ඉන්න එකේ බට්ටිට වෙච්ච දෙයක් ලියන්න ඕන කියලා. මේක මට වුනේ හරියටම 9 වසරේ ඉගෙන ගනිද්දී. බට්ටි ඉතිං පුංචි කාලේ ඉදලම හරිම කැමතියි ස්වාධීන පුද්ගලයෙක් වෙන්න. ඒක නිසා හැම වියදමකටම අම්මට කරදර නොකර බට්ටි පුළුවන් විදියට ඒ කාලේ ඉදලම පුංචි මුදලක් හොයා ගත්තා. 

අම්මා ඒ දවස් වල ගෙදර එන්නේ මාස 2කට සැරයක් වගේ. ඉතිං අම්මා ඇවිත් ගිහින් ගොඩක් දවස් යද්දී ටිකක් අමාරුයී වියදම් එහෙමෙහෙ කර ගන්න. මට සිකුරාදා පන්ති. යන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉදිද්දී උඩහ  ගෙදර අත්තම්මා ඇවිත් කිව්වා අපේ තේ ගස්ටික මට්ටම් කැපුවනේ පැත්තේ අතුවල දළු පිරිලා තියෙනවා. කවුද අනේ ඔව කඩන්න ඉන්නේ අපරාදේ මොරලා යනවා කියලා. දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියන්නේ ඉතිං ඕවට තමයි. මම ඉතිං අත්තම්මා එහෙම කිව්ව ගමන් ඇහුවා එහෙනම් මම කඩා ගන්නද අත්තම්මේ කියලා. අනේ හා බට්ටි දුවේ. නිකන් මොරලා යන එකේ කඩලා කීයක් හරි හොයා ගන්න කියලා. 

ඊට පස්සෙන්දම ඉස්කෝලෙ ගිහින් ආපු ගමන්ම පෝර කවරෙකුත් ඉනේ ගැටගහ ගෙන ගියා දළු ටික කඩන්න. මට්ටම් කපපු නිසා හොදටම කැලේ වැවිලා. ඒ දවස්වල ඉතිං මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයත් හරියට හිටියා. එව්වට නම් මම කලින්ම ලෑස්ති වෙලා තමයි ගියේ. ලෙමන් ගෙඩියක් කකුල් දෙකේ ගාගෙන ගියහම ඒ  උදවිය අපිව මනින්න එන්නේ නෑ.


පැනගෙන ආවට මොකද මෝරපු දළු කඩන එක නම් ලේසී නෑ. දබර ඇගිල්ල ඉවරයී. තුවාල වෙනවා, කහට ගෑවිලා කළු පාට වෙනවා. ඒ වුනත් ඉතිං ඔය සේරම ගැන හිතන්න බෑනේ. 

කොහොම හරි දළුටික කඩාගෙන උළුව උඩ තියාගෙන හන්දියේ තියෙනවා දළු ගන්න තැනක් එතනට අරගෙන ගියා. දළු කිලෝ එකක‍ට රුපියල් 25ක් දෙනවා.  මම ගෙනියපු දළු ටික කිරලා බැලුවහම කිලෝ 4ක් තිබුනා. ඒ කියන්නේ රුපියල් 100 ක් නේ. එතන දළු ගන්න තැන ඉන්නේ නැන්දා කෙනෙක්. එයා ඉතිං සල්ලී අරන් එන්නම් කියලා ගේ ඇතුලට ගිහින් ආවා. මෙන්න බොලේ වැඩක්. එයා බිල් කෑල්ලකුත් එක්ක මගේ අතට රුපියල් 25ක් දුන්නා. මමත් ඉතිං බැලුවා මොනවද අප්පා ගෙනාපු දළු ටිකට වුනේ කියලා. 

දළු කිලේ              04 
කිලෝවක මිල      25
මුළු මුදල             100
වතුරට                 -25
කවරෙට             -25
මොරපු නිසා       -25
ඉතිරිය             = 25

දැන් ඉතිං මොනවා කරන්නද? බිල දිහා ඇස්දෙකේ කදුළු පුරව ගෙන බලන් ඉදලා බැරිම තැන මම ඒ නැනදගෙන් ඇහුවා ''එතකොට නැනදේ මං දළු ගෙනාවෙම නෑ?'' එයා සද්දයක් නෑ. 

මම රුපියල් 25ත් අරගෙන එන්න ආවා. රුපියල් 25න් මොනවා කරන්නද? මම එකෙන් මාරි පැකට් දෙකක් ගෙනැත් දුකයි කේනතියයි දෙකම යන්න ඔක්කොම කාලා රෑටත් නොකා නිදිය ගත්තා......

13 comments:

  1. සියඹල ගැනත් තියෙනව ඔහෙම කතාවක්... එල එල... වෙලාවට රු 25ක් වත් හම්බුවුනේ...

    ReplyDelete
  2. සල්ලි ගන්නෙම නැතුව ඒකත් දීලා දාන්ඩයි තිබ්බෙ....... ඔය වගේ මිනිස්සුන්ට කරන්ඩ ඕනෙ එහෙම........

    ReplyDelete
  3. මමත් දලු කඩලා තියෙනවා පොඩිකාලේ මාතර ඉන්දැද්දි....කහට සීන් එක තමයි නියපොත්තේ යවන්න අමාරු..කූඩැල්ලන්ට නිල් සබන් කකුල් දෙකේ ගාගෙන ගියාම හරි....

    ReplyDelete
  4. @ සාතන්
    කොහොද අප්පේ මෙච්චර දවසක් ගිහින් හිටියේ. මම ඒත් බැරිම තැනයී ඒ පැත්තේ ගිහින් බැලුවේ. ස්තූතියී ඇවිත් යන්න ආවට. ආපු දවසෙ ඉදන්ම මාව දිරිමත් කලාවගේම ඉදිරියටත් ඉන්න. ඒක් මට ලොකු ශක්තියක් යාළුවේ.

    ReplyDelete
  5. කොහොම වුනත් ස්වාධීන වෙන එක නම් ගොඩාක්ම හොඳයි,. රු 25ක් හරි ලැබුනේ තමන්ගේ මහන්සියටනේ,. ඒ නිසා ඒකත් වටිනවා,.

    ReplyDelete
  6. අක්කටත් හරි වැඩ තමයි වෙලා තියෙන්නෙ බලාගෙන යද්දි.. කමක් නෑ මාරි පැකට් දෙකක් හරි ගත්තේ මහන්සි වෙලා හම්බුන සල්ලි වලින්නේ.. මේ අර කවරෙට කියලා 25 අඩු කලේ මොකටද??

    ReplyDelete
  7. බට්ටි අක්කා විදපු දුක් ගොඩාක්.. :(((

    ReplyDelete
  8. මාරි බිස්කට් පැකට් දෙකක් කෑවම ආයේ ඉතින් රෑට කොහාට්ට කන්න කියලද ? මාරි කාලා කිරි තේ එකක් බිව්වම ඉතින් බඩ පුල් !!!

    ඒ උනාට අර ගෑනි කරලා තියෙන්නේ මහම මහ කැත වැඩේ !!!

    ReplyDelete
  9. ඒකෙන් මේකෙන් කේන්තියටත් එක්ක කාලා නැතෑ මාරි පැකට් දෙකක්ම....

    ReplyDelete
  10. ඒ කඩේ නැන්දා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නෑයෙක් වෙන්න ඇති...ඔයා ඕවා ගණන් ගන්න එපා අනේ...මෝරපු කතාව සාධාරණයි කියමුකෝ...වතුරට, කවරේට? මේවා නම් මට තේරුනේ නෑ...

    ReplyDelete
  11. පහුගිය දවස්වල බ්ලොග් කියෙව්වෙම නැති තරම් බන්... නැතුව මේ පැත්තෙ විතරක් එන්නෙ නැතුව හිටිය නෙමේ :)

    කොහොමත් තව සතියක් දෙකක් යනකම් ඉස්සර වගේ බ්ලොග් කියවන්න වෙන්නෙ නෑ..

    ReplyDelete
  12. සහ ගහන අපරාදයක්නෙ, ඕකුන්ට තමා සීනි දාල වෙඩි තියන්න ඕනෙ කුඹි කාල මැරෙන්න

    ReplyDelete
  13. @ ප්‍රාර්ථනා
    ඒකනම් ඇත්ත.කොහොමත් මට හුගක් නැතුවට තියෙන ටික ඇති කියලා හිත හදාගන්න පුළුවන්.

    @ දිනේෂ්
    ඇයි කවරෙත් චුට්ටක් බරයිනේ ඒකයී.

    @වර්ණා
    හ්ම් ...........

    @මධුරංග
    අයියෝ මාරි පැකට් දෙකක් කියන්නේ මොකද්ද? :D

    @ අක්කා (දිල් )
    හේ හේ................

    @ සයුරි
    මේකනේ නංගී.තමන් කරන දේවල් වල පල විපාක මේ අත්මෙදිම සමහර විට විපාක දෙනවා. ඔය කතාවේ කිව්ව නැන්දලාට කඩ තිබ්බ වාහන සේරම නැතිවෙලා දැන් එයත් දළු කඩන්න යනවා. මිනිස්සුන්ට වැරදෙද්දී හිනා වෙනවා නෙවෙයී. ඒත් බුදු හාමුදුරැවෝ කියපු දේවල් හරියටම හරි. ‍අපි වපුරන විදියටයි නෙලා ගන්නේ.

    @ සාතන්
    හරි හරි.වැඩ තමයි එක.පුළුවන් වෙලාවක එන්නකෝ.

    @Observer
    නියම අදහස. අත්හදා බලලා තියෙනවද?

    ReplyDelete